Main Logo

Tuesday 31 October 2023

හමාස් ඊශ්‍රායල් ප්‍රශ්නය හා පඬි නැට්ටෝ

 

හමාස්  ඊශ්‍රායල් ප්‍රශ්නය හා පඬි නැට්ටෝ

 

ඇමරිකානු හා පොදුවේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘති අද යම් අරබුදයකට පත් වෙලා. මාක්ස්ගෙ කසිකබල් කතන්දරවලට අනුව නො වෙයි. එය ඇති වී තිබෙන්නේ හමාස් ඊශ්‍රායල් ප්‍රශ්නය නිසා. අද ඇමරිකාවේ ඇතැම් විශ්වවිද්‍යාලවල යුදෙවු විරෝධය (antisemitic) ඉස්මතු වෙලා. තවත් තැන්වල මුස්ලිම් විරෝධයක් ඇති වෙලා.

 

හාවඩ් විශ්වවිද්‍යාලයෙන් තමයි මුල් වෙඩි උණ්ඩය පත්තු වුණේ. එහි සංවිධාන තිස්එකක් හමාස් ප්‍රහාරය අනුමත කරන ප්‍රකාශයක් නිකුත් කළා. තවත් විශ්වවිද්‍යාල කිහිපයක් එවැනි ප්‍රකාශ නිකුත් කළා. ඇතැම් විශ්වවිද්‍යාලවලට ආධාර කරන දායක කාරකාදීන් ප්‍රකාශ හේතුවෙන් තම ආධාර නතක කරන බව ප්‍රකාශ කළා. අතර ඇතැම් විශ්වවිද්‍යාලවල යුදෙවු ශිෂ්‍යයන් කාමරවල දොරගුළු ලා ගෙන හිටියා. එමෙන් අනෙක් පැත්තටත් හමාස් විරෝධී ප්‍රකාශත් නිකුත් කෙරුණා.

 

ඇමරිකාව ඇතුළු බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය අද දළ වශයෙන් කොටස් තුනකට බෙදිලා. බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය මූලික වශයෙන් යුදෙවු විරෝධීයි. බටහිරයන් මෙන් අද මුස්ලිම් වී සිටින රාජ්‍ය ආර්යයන් බවයි පැවසෙන්නේ. අපටත් ආර්ය සංස්කෘතියක් ලැබිලා සිංහලයනුත් ආර්යයන් වෙලා. ඇතැම් පඬි  නැට්ටන් කියන විධියට ධර්මපාලතුමා ඇති කළ දෙයක් නො වෙයි. ආර්ය කියන වචනය අපේ වංසකතාවල නැති වුවත් එහි කියැවෙන්නේ ආර්ය සංස්කෘතිය මෙරට ස්ථාපිත වූ ආකාරයයි.

 

ආර්යයන්ගේ යුදෙවු විරෝධයක් තියෙනවා. ෂේක්ස්පියර්  නාට්‍යවලත් යුදෙවු විරෝධය දකින්න පුළුවන්. යුදෙවුවන් තම රට අහිමි වූ ජනකොටසක්. ඔවුන් බුද්ධිමත් පිරිසක්. ඔවුන් තමයි වියුක්ත චින්තනයේ පියවරු. ඔවුන් තමයි ඒකත්ව දෙවියකු ලොවට දුන්නෙ. එමෙන් ඔවුන් නිර්දය වෙළෙන්දන්. ඩේරියස් රජුගේ කාලයේත් ඔවුන් යටත් සිටි රාජ්‍යයක්. තම නිජභූමිය අත්හැර වෙනත් රටවලට යෑමට ඔවුන්ට සිිදු වුණා.

 

ඔවුන් නිසා තමයි ඩයස්පෝරා කියන වචනයත් ඇති වුණා. එහි තේරුම නිජභූමියෙන් පිට වී සිටින ජනයා යන්නයි. පිටරට සිටින මෙරට දෙමළ කතාකරන ජනතාව ඩයස්පෝරා යන නමින් හැඳින්වීම වැරදියි. මෙරට දෙමළ කතා කරන ජනයාගේ නිජභූමිය ලංකාව නො වෙයි. කොහොමටවත් 1889 දී බිරිතානින් ඇති කළ උතුරු හා නැගෙනහිර පළාත් නො වෙයි. එහෙත් පඬි නැට්ටන්ට බටහිර අනුග්‍රහයෙන් සිංහලයන් අතරත් බුද්ධිමය නායකත්වය හිමි වී ඇති බැවින් මෝඩ සිංහලයන් තම මෝඩ උගත්කම (බොරු ෂෝක්)  ප්‍රදර්ශනය කරමින් කටපුරා ඩයස්පෝරා ගැන කියවනවා.

 

බටහිර ආසියාවෙන් පිට වු යුදෙවුවන් ඊජිප්තුවේත් පසුව නැගෙනහිර යුරෝපයේත් බටහිර යුරෝපයේත් යුදෙවු ඩයස්පෝරා තනා ගත්තා. යුදෙවුවන් ඉන්දියාව දක්වා සංක්‍රමණය වී තියෙනවා. කේරළයේ යුදෙවු දේවස්ථාන තියෙනවා. බටහිර යුරෝපයේ දී යුදෙවුවන් බටහිර ක්‍රිස්තියානි කතෝලික සභ්‍යත්ව විසින් පිළිකුල් කෙරුණා කියා කියන්න පූළුවන්. හිට්ලර් මගින් යුදෙවු විරෝධය ප්‍රකාශ වුණා. එහෙත් කතෝලික ඉතාලියටත් ජර්මනියටත් බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය විරුද්ධ වුණා. බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය සෝවියට් දේශයේ නැගෙනහිර ග්‍රීක ඔතොඩොක්ස් සභ්‍යත්වයත් සමග හිට්ලර් හා මුසෝලිනි පරාජය කළා. එහෙත් බටහිර යුදෙවු විරෝධයක් ඇතැම් තැන්වල ඉතුරු වුණා.

 

බටහිර ආසියාවේ ආර්යයන් මුස්ලිම් වීමෙන් පසු ඉන්දු ආර්ය සභ්‍යත්වය වෙනස් වුනා. ක්‍රිස්තියානි සභ්‍යත්වය මුස්ලිමුන්ට විරුද්ධයි. බටහිරයන් මුස්ලිම් මටොමාන් අධිරාජ්‍යය බිඳ දැම්මා. වහාබ්වාදයත් එහි දී බටහිරයන්ගේ මැදිහත් වීමෙන් ඔටොමාන් අධිරාජ්‍යයට එරෙහි ඇති කරන ලද්දක්. ඔටොමාන් අධිරාජ්‍යය බිඳ දැමීමෙන් පසු බිරිතානිය යටතට පත් වූ පලස්තීනයේ  බටහිරයන් යුදෙවුවන් තම නිජභූමිය ඇතුළත් ප්‍රදේශයක පදිංචි කිරීමට  කටයුතු කළා. අද ඊශ්‍රායලය (පොරොන්දු දේශය)  නමින් හැඳින්වෙන්නේ ප්‍රදේශයයි. යුදෙවුවන්ට පොරොන්දු දේශයට යෑමට අවශ්‍ය තිබුණේ මෝසෙස්ගේ කාලයේ සිට. කෙසේ නමුත් අද ඊශ්‍රායලය එදා ජුදා රාජ්‍යයට වඩා විශාලයි. ඊශ්‍රායලයට අද අවශ්‍ය ගාසා තීරයත් ඊශ්‍රායලයේ කොටසක් බවට පත් කර ගන්න. එයට බටහිරයන්ගේ සහාය ලැබෙනවා.   කළ හැකි නම් කළ යුත්තේ කුඩා ඊශ්‍රායල රාජ්‍යයක් හා පලස්තීන රාජ්‍යයක් ඇති කිරිමයි.  

 

බටහිර ක්‍රිස්තියානි රටවල තවමත් යුදෙවු විරෝධී සුන්බුන් තියෙනවා. එමෙන් එහි ගොස් සිටින මුස්ලිම් ජනයාත් යුදෙවු විරෝධීයි. අද බටහිර ක්‍රිස්තියානි රටවල වැඩි පිරිස යුදෙවුවන්ට පක්‍ෂයි. ඔවුන්ගේ රටවල බුද්ධිමය වශයෙන් නව දැනුම් අභිසංස්කරණය වන්නේ යුදෙවුවන් අතින්. යුදෙවුවන්ට පක්‍ෂ පිරිස් මුස්ලිමුන්ට විරුද්ධයි. තවත් පිරිසක් ඉන්නවා යුදෙවු විරෝධී. ඔවුන් සුළු පිරිසක් එහෙත් ඔවුන්ට හඬක් තියෙනවා. ඔවුන්ගෙන් සමහරු මුස්ලිමුන්ටත් විරුද්ධයි. එහෙත් කොටසක් ඉන්නවා ඊශ්‍රායලයට බටහිර ආසියාවේ රාජ්‍යයක් හිමි කර දීම ගැනත් විරුද්ධ. ඔවුන්ගේ යුදෙවු විරෝධය එතරම් දැඩියි.

 

අද හමාස් ඊශ්‍රායල යුද්ධය නිසා ඇමරිකන් ක්‍රිස්තියානි සභ්‍යත්වයේ ඉරි තැලීමක් වෙලා තියෙනවා. ඇමරිකාව එය කළමනාකරණය කර නොගත්තෙත් ඉදිරියේ දී ප්‍රශ්න ඇති වේවි. ඉන්දු ආර්ය සභ්‍යත්වයක් කලක් තිබුණා. අද එය නැහැ. එය කැඩී ගොස්. බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයක් තියෙනවා. බටහිර ආසියාවේ මුස්ලිම් සභ්‍යත්වයක් ඇති වෙලා. ඉන්දියාවේ හින්දු සභ්‍යත්වයක් තියෙනවා. හින්දුන් හා මුස්ලිමුන් අතරත් බටහිර ක්‍රිස්තියානින් හා මුස්ලිමුන් අතරත් ගැටුම්. අප ඉන්දු ආර්ය සභ්‍යත්ව ආධිපත්‍යයේ සිට බටහිර ක්‍රිස්තියානි ආර්ය සභ්‍යත්ව ආධිපත්‍යයට මාරුවෙලා.

 

මෙරට පඬි නැට්ටන් බුද්ධිමය ආධිපත්‍යය දරන්නේ ඔවුන්ගේ සුවිශේෂ බුද්ධිමය හැකියාවකින් නො වෙයි. බොහෝ විට බුද්ධිමය හැකියාව අතින් ඔවුන් ඉතා දුර්වලයි. බටහිර පොතක්පතක් තමන්ට තේරෙන විධියට කියව ගෙන සිංහලෙන් කීම පමණයි ඔවුන් කරන්නේ. එක් අතකින් ඔවුන් මාර්ටින් වික්‍රමසිංහගේ දරුවන්. ඔවුන් මෙරට බුද්ධිමය ආධිපත්‍යය දරන්නේ බටහිර අනුග්‍රහයෙන්. ඔවුන් මෙටාවෙත් මොටාවෙත් දකින්න පුළුවන්. ඔවුන් අර බටහිර සමාජයේ යුදෙවු විරෝධී කොටස් දෙකෙන් එකක අනුගාමිකයන්.