Main Logo

Sunday 15 October 2023

විද්‍යා පරගල කතා හා රනිල්ගේ අවශ්‍යතාව

 

විද්‍යා පරගල කතා හා රනිල්ගේ අවශ්‍යතාව

 

මෙරට ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන්ට අනුව විද්‍යාත්මක විධික්‍රමය යනු පරීක්‍ෂණ නිරීක්‍ෂණ හා නිගමනයි. ඉන් කියැවෙන්නේ බටහිර විද්‍යාව විද්‍යාත්මක විධික්‍රමය අනුගමනය කරන බවයි. මේ පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කතාව පාසල් පොත්වල තියෙන බව කියනවා. ඒ් ගැන මට කිසිවක් කියන්න බැහැ. මා කාලයකින් පාසල් පොතක් ඊනියා ශාස්ත්‍රීය පොතක් අල්ලලා නැහැ.

 

පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන නැති ක්‍ෂෙත්‍ර විද්‍යා නො වන්නේ ? එයට පැහැදිලි පිළිතුරක් නැහැ. කෙසේ වෙතත් තාරකා විද්‍යාවේ නම් පරීක්‍ෂණ නැහැ. ඇත්තේ නිරීක්‍ෂණ පමණයි. බොහෝ සමාජයීය විද්‍යාවන්ගේත් පරීක්‍ෂණ නැහැ. සමාජ විිද්‍යාවේ නම් පරීක්‍ෂණ නැහැ. සමාජයේ පරීක්‍ෂණ කරන්නේ කොහොම ? ආර්ථික විද්‍යාවේ නම් පරීක්‍ෂණ තියෙනවා. ආණ්ඩුව බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමෙන් ආනයන සීමා පැනවීමෙන් ඉවත් කිරීමෙන් කරන්නේ එක්තරා පරීක්‍ෂණයක්.

 

එහෙත් මේ පරීක්‍ෂණවලින් නිගමනවලට එළඹෙන්නේ නැහැ. කිසිම ක්‍ෂෙත්‍රයක පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිසා නිගමනවලට එළඹෙන්නේ නැහැ. නිරීක්‍ෂණ විස්තර කිරීම සඳහා, අවශ්‍ය නම් තේරුම් ගැනීම සඳහා හිතළු ඉදිරිපත් කරනවා. හිතළු වැඩ කරනවා නම් පිළිගන්නවා. එය නිගමනයක් නො වෙයි. නිගමනවලට එළඹෙන්නේ යම් ප්‍රස්තුතයකින් පටන් අරගෙන ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ තර්ක කිරීමෙන්. ඒත් එහි දී කෙරෙන්නේ එක්තරා ආකාරයකට ප්‍රස්තුතය වැඩ කරන්නේ දැයි සොයා බැලීමක්.

 

ගිය සතියේත් කලින් සතියේත් මෙවර නොබෙල් ත්‍යාගලාභීන් නම් කෙරුණා. සාම ත්‍යාගය සාහිත්‍ය ත්‍යාගය පමණක් නොව ආර්ථික විද්‍යා ත්‍යාගය වැඩ කරන හිතළු සඳහා ප්‍රදානය කෙරුණා නො වේ. බංග්ලා දේශයේ එක සාම ත්‍යාගලාභියා සමග එරට ආණ්ඩුවට සාමයක් නැහැ. සාම ත්‍යාගලාභියාගේ සාමය බටහිර සමගයි. ලංකාවේ පඬි නැට්ටන්ට බටහිරට කඩේ යෑමට නොබෙල් තෑගි අවශ්‍ය නැහැ. ඔය පොඩි ශිෂ්‍යත්වයක්  ඇති.

 

ආර්ථික විද්‍යා හිතළු කීයක් වැඩ කරනවා ?   වැඩ කරන ආර්ථික විද්‍යා හිතළු වේ නම් ලෝකයේ ආර්ථිකය හදා ගන්න එක අමාරු වෙන්න බැහැ. බදු වැඩි කිරීමෙන් අඩු කිරීමෙන් තිරසාර ප්‍රතිපත්තියක් මත පිහිටලා කටයුතු කරන්න බැහැ. එය හිසේ ඇම්මට කොට්ට මාරු කිරීමක් වගේ වැඩක්.

 

අද මෙරට පවතින්නේ ජාමූල ප්‍රතිපත්ති නිසාවත් ඔවුන්ගේ ණය දීම නිසාවත් නො වෙයි. බටහිර ආසියාව දකුණු කොරියාව සහ වෙනත් එවැනි රටවල බැළ මෙහෙවර කරන්නන් විශේෂයෙන් කාන්තාවන් එවන මුදලින් තමයි අපි භාණ්ඩ ආනයනය කරන්නේ. හෙට අනිද්දා සුඛෝපභෝගී මෝටර රථ ආනයනය කරන්නෙත්.  රුසියාවෙන්  ඉන්දියාවෙන් යුක්‍රේනයෙන් එන සංචාරකයන් යම් මුදලක් ගෙනෙනවා. එමෙන් නිමි ඇඳුම් අපනයනයෙන් මුදලක් ලැබෙනවා. එහෙත් පසුව කී අවස්ථා දෙකේ අවශ්‍ය ආනයන කටයුතු සඳහා මුදල් යම් ප්‍රමාණයක් වැය කරන්න වෙනවා. අද අප කන්නේ බොන්නේ තම දරුවන් ගෙදර දමා පිටරට ගොස් දුක් විදින කතුන් එවන මුදලින් බව අමතක නොකළ යුතුයි.

 

අපට උදේ හවස පඬි නැටි කතා කියන නිර්ප්‍රභූන් ගැන බයිලා කියන පඬි නැට්ටන්ට තම මධ්‍යම පාංතික ජීවිත ගෙන යෑම සඳහා අසරණයින් එවන මුදල් අවශ්‍ය වෙනවා. අපට ආර්ථික අර්බුදයක් පසුගිය වසරේ ඇති වීමට එක් ප්‍රධාන හේතුවක් වූයෙ මුදල් එවීම බලයෙන් නතර කිරීමයි. හොරා පොලිස් සෙල්ලමක් පටන් අරන් ශ්‍රමිකයන්ට බොරු කියා රජය මාර්ගයෙන් ලංකාවට විදේශීය මුදල් සම්ප්‍රේෂණය කිරීම නතර කිරීමට ජෙප්පන් සෙප්පන් හා තවත් අය කටයුතු කළා. අතර පරගලයට බිරියානි වටලප්පන් සැපයූ උන්ඩියල් වෙළෙන්දන් සිටියා.

 

අද රට පවත්වා ගෙන යන්නේ ප්‍රධාන වශයෙන් ශ්‍රමිකයන්ගේ මුදලින් මිස නන්දලාල් වීරසිංහගේ හරි රනිල්ගේ හරි දක්‍ෂතාවක් නිසා නො වෙයි. එහෙමත් නැත්නම් ජාමූල උපදෙස් නිසා නො වෙයි. අප අනවශ්‍ය මධ්‍යම පාංතික වියදම් තව කපා දමනවා නම් සුළු වශයෙන් හරි අපනයනවලට ආධාර දෙනවා නම් රට මේ තත්වයට වඩා ටිකක් හොඳින් පවත්වා ගෙන යන්න පුළුවන්. මා හිතන්නේ සඳහා රනිල් ජනාධිපතිවීම අනිවාර්ය නොවන බවයි.

 

රනිල්ට ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් ඇතැයි කියමින් රට ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට උපන් කුමරා ඔහු යැයි කියමින් ඔහු බලයට පත් කෙරුණේ බටහිරයන්ගේ වුවමනාවට. එහෙත් ඔහු එහෙම කුමරකු නොවන බව පැහැදිලියි. ඔහුටත් අද පැවැත්ම සඳහා ජාතිකත්වය අවශ්‍ය වී තියෙනවා.

 

රනිල් වෙනුවට ජාතිකත්වය ඇති අයකු බලයට පත් කර ගැනීම රටට හානියක් කියන එක ඊනියා විද්‍යාත්මක ක්‍රමයට අහුවෙන්නේ නැහැ. එහෙත් බටහිරයන්ට  වලිග වනන පඬි නැට්ටන් ජෙප්පන් සෙප්පන් ආධාර කර ගනිමින් නැවතත් ශ්‍රමිකයන් මුදල් එවීම වළක්වන්න පුළුවන්. එවිට ප්‍රකෝප වෙන මධ්‍යම පංතියට නැවතත් පරගලයක බිරියානි වටලප්පන් කන්න පුළුවන්