Main Logo

Thursday 19 October 2023

රොමේෂ් ද සිල්වාා වාර්තාව වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමක්

 

රොමේෂ් සිල්වාා වාර්තාව වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමක්

 

මට අද මිතුරකුගෙන් දැන ගන්න ලැබුණා ජාත්‍යන්තර ප්‍රජාවගේ නම්වලින් (ගිණුම්වලින්) ප්‍රතිචාර දක්වන කණ්ඩායම් සිටින බවත් ඔවුන්ට මුදල් ගෙවීමෙන් අවශ්‍ය පරිදි ප්‍රතිචාර දක්වා ගත හැකි බවත්. මගේ ලිපිවලට ජාත්‍යන්තර ප්‍රජාව "හා හා" දක්වන්නේ එසේ මුදල් ගෙවන අයකු විසින් කුලියට ගනු ලබන කණ්ඩායමක් බව ඉන් මට හැඟී ගියා. එයින් පැහැදිලි වන්නේ මගේ ලිපිවලටහා හා” දැක්වීමට කණ්ඩායමකට මුදල් ගෙවන දානපතියකු හරි දානපතියන් හරි මෙරට ඉන්නා බව.

 

එය වැදගත්. මෙරට විද්වතුන් දානපතියන් මා නොසළකා නොහරින බව දැනගැනීම වැදගත්. මෙටාවේ හා මොටාවේ නම් මට පිළිගැනීමක් නැහැ. මැදි වයසේ පඬි නැට්ටන් මට අගරුවට සීයා කියා කතා කිරීම හැරුණු විට කියැවෙන්නේ කුණු හරුප. කෙසේ වෙතත් මේ දානපතියන් ජෙප්පන් සෙප්පන් වෙන්න පුළුවන්. ඔවුන් කවුරුන් වුවත් යම් ආකාරයක සිංහල බෞද්ධ විරෝධී වමාලා වෙන්න ඕන.

 

එය දැනට පැත්තකින් තබමු. පසුගිය සතියේ රොමේෂ් සිල්වා කමිටුවේ වාර්තාව ප්‍රසිද්ධ කෙරුණා. මට එහි පිටපතක් ලැබුණා. වාර්තාව ප්‍රසිද්ධ නොකළා නම් හොඳය කියා හිතුනා. මා එයින් අදහස් කරන්නේ එහි සැඟවිය යුතු කරුණු තිබූ බවක් නො වෙයි. එහි වැදගත්කමක් නැති බවයි. කරුණු කිහිපයක් නිසා.

 

පළමුවෙන් කමිටුව පත් කෙළේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති. අද ඔහු ඉවත් කෙරිලා. බටහිරයන් හා ඉන්දියානුවන් විසින්. රනිල් පත් කෙරුණේ ගෝඨාභයගේ ධුර කාලය සම්පූර්ණ කිරීම සඳහා. එහෙත් ඔහු කරන්නේ වෙනත් දේ. ඔහුට මූලික වශයෙන් අවශ්‍ය බටහිරයන් සනසන්න. ඉන්දියාව ඔහු ගැන විශ්වාසයක් නැහැ. හම්බන්තොට වරාය දුන්නත් චීනයත් ඔහුට කැමති කියා හිතන්න බැහැ. කොහොමටත් රනිල් දක්‍ෂයකු නො වෙයි. ඔහු ගොරහැඩි නොවන බැසිල් කෙනකු පමණයි. රනිල් හදන්නේ සිංහලයන්ට විරුද්ධ කොටස් සනසන්න.

 

කමිටුව පළාත් සභා තියාගෙන. අහවල් දේකට ? එහි බලතල අඩු කරන්න හා නිලවරණය වෙනස් කරන්න යෝජනා කර තියෙනවා. ඉන් සිදු වන්නේ ප්‍රාදේශීය සභා හා නගර සභා පළාත් සභා ව්‍යුහයට යටත් වීම පමණයි. පළාත් සභා අහොසි කිරීමට කමිටුව සූදානම් නැහැ. ඉන්දියාවට බයේ ? ඉන්දියාව නොමග හැරීමට ? කමිටුව හිතනවා නම් ඉන්දියාව රවටන්න පුළුවන් කියා ඉන් කියැවෙන්නේ කමිටුවේ අපරිණත භාවයයි.

 

මගේ මෝඩකමට මා කමිටුවට ඉදිරියට ගියා. මහාචාර්ය ජී එච් පීරිස්ගේ ආරාධනයෙන්. මගේ සාක්‍ෂියෙන් සතපහක වැඩක් වෙලා නැහැ. මට අවශ්‍ය වූයේ පළාත් සභාවලට කිසිම අවශ්‍යතාවක් නැති බව පෙන්වා දීමට.  මා සඳහා වෙල්ලාලයන් මෙරටට ආනයන කිරීම තේසවලාම නීතිය පනවා ඔවුන් මෙහි රඳවා ගැනීම ආදිය සඳහන් කළා. මා දැන සිටියා පෘතුගීසීන් පැමිණෙන විටත් යාපනයේ බහුතරය සිංහලයන් කියා. ලන්දේසීන් වෙල්ලාලයන්ට යාපන සමාජයේ වැදගත් තැනක් දුන් බවත් එහි සිටි සිංහලයන් දෙමළ හින්දු සමාජයට අඩු කුල වැසියන් ලෙස අවශෝෂණය කෙරුණු බවත් මා දැන සිටියා. එහෙත් අරුන් සිද්ධාර්ථන් පවසන තුරු ආදි සිංහලයන් වෙල්ලාලයන්ගේ වහලුන් බවට නීතියෙන් පත් කරගත් බව දැන සිටියේ නැහැ.

 

කෙසේ වෙතත් මට අවශ්‍ය වූයේ දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් අසාධාරණයක් සිදු වී නැති බවත් ඇත්තේ වෙල්ලායන්ට රටේ නායකත්වයට පත්වීමට පවතින ඡන්ද ක්‍රමය නිසා ඉඩක් නැති බවත් නිසා ඔවුන්ට වෙන්වීමට අවශ්‍ය බවත් ඉන්දියාවේ වුවමනාවට ඇති කළ පළාත් සභාවලට කිසිම පදනමක් නැති බවත් කීමට.

 

මෙරට විද්වතුන් කියන අය ප්‍රශ්නයක මුලට යැමට වඩා ප්‍රශ්නයේ වටා පිටාව ගැන සැළකිලිිමත් වන පිරිසක් බව මා අවුරුදු හැටක පමණ කාලයක් තිස්සේ දන්නවා. ඔවුන්ට මා කී දෙයින් වැඩක් වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වූයේ පළාත් සභාවල අවශ්‍යතාවක් නැති බව දැන ගැනීමට නොව පළාත් සභාවලින් සිදුවන හානිය දැන ගැනීමට.

 

ඉතා පැහැදිලිව ඔවුන් තම ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කර තියෙනවා.   ඔවුන් පළාත් සභාවලින් වන හානියඅඩු කිරීමට” යෝජනා ඉදිරිපත් කර තියෙනවා. එහෙත් කළ යුතු තිබුණේ පළාත් සභා අහෝසි කිරීමයි. පළාත් සභා යනු ඉන්දියාවේ අවශ්‍යතාවට වෙල්ලාලයන්ට උතුරු පළාතේ හරි උතුරු හා නැගෙනහිර පළාත්වල එකතුවකට හරි බලය පැවරීමට ඇති කළ යාන්ත්‍රණයක් පමණයි.

 

කමිටුවේ යෝජනාවලින් සිදුවන්නේ පළාත් සභාවලින් වන හානිය අඩු කිරීමක් නොව වැඩි කිරීමක්.  ප්‍රාදේශීය සභා හා නගර සභා පළාත් සභාවල පාලනයට ව්‍යුහාත්මක යටවීමක්. රොමේෂ් සිල්වා කමිටු වාර්තාව හඳුන්වා දිය හැක්කේ වඳින්න ගිය දේවාලට හිසේ කඩා වැටීමක් ලෙසයි.