Main Logo

Saturday 14 October 2023

පලස්තීන අරගලය ඉවර ද?

 

පලස්තීන අරගලය ඉවර ?

 

අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට  නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ   අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ  බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.

 

මට හිතෙනවා අප දැන් පලස්තීන කතාවේත් අවසානයට ඇවිත් කියා. පහුගිය  අවුරුදු හැට තුළ සිදු වී ඇති දේ විශ්වාස කරන්න බැරි තරම්. සෝවියට් දේශයේ බිඳ වැටීම, චීනය රාජ්‍ය ධනවාදයෙන් පෞද්ගලික ධනවාදයට පිවිසීම, වියට්නාමය ඇමරිකානු කඳවුරේ රටක් බවට පත් වීම, දකුණු කොරියාව ලෝකයේ සශ්‍රීක රටක් බවට පත් වී අපේ ශ්‍රමිකයන් එහි රැකියා සඳහා යැම, අප කොරියාවක් වීම, කියුබාවට ආධාර දීමට ලංකාව ඉදිරිපත් වීම සහ මාක්ස්වාදය පද්ධතියක් ලෙස බිඳ වැටී ඇති බව බොහෝ පඬි නැට්ටන්ට කල් ගත වී හෝ තේරුම් යෑම, වම යන්න නැති වී රටට හා එහි විශේෂිත සංස්කෘතියට විරුද්ධ වීම පමණක්  වමාලාගේ  කාර්යභාරය වීම ඉන් ප්‍රධානයිඅසූවේ මුල මාක්ස්වාදය විද්‍යාත්මක කියා ඇසූ ප්‍රශ්නයට පිළිතුර දැන් කාටත් තේරෙනවා ඇති. සෝවියට් දේශය කඩා වැටීමට කලකට පෙර. බර්ලින් තාප්පය බිඳ දැමීමට පෙර.

 

මෑතක සිදු කළ හමාස් ප්‍රහාරය කාගේ වැඩක් කියන සැකයත් දැන් මතුවෙනවා. එහි මහා මොළකරු කවුද? ප්‍රහාරය ගැන කාදිනල්තුමා නම් ප්‍රශ්න අහන්නෙ නැහැ. බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යය මුලින් පරාජය කෙළේ කතෝලික ආධිපත්‍යයි. මාටින් ලූතර් පූජකතුමා පමණක් නොව එංගලන්තයේ අටවැනි හෙන්රි රජු එයට බලපෑවා. පාප්තුමාගේ කිරීටය එංගලන්තයේ රජුට හිමි වුණා. අද එය ඇමරිකාවේ ජනාධිපතිට හිමි වෙලා. හමාස් ප්‍රහාරය ගැන ඊශ්‍රායලය නොදැන සිටියා කියන්න බැහැ. හමාස් ප්‍රහාරය අනුමත කරන්නන් අද ඉන්නේ ඉතා ටිකයි. මා දැක්කා හාවඩ් විශ්වවිද්‍යාලයේ සංවිධාන තිස්එකක් පලස්තීනයට පක්‍ෂ ප්‍රකාශයක් නිකුත් කරල තිබුණා.  එරට වම ක්‍රියාත්මක වන ආකාරයයි. කෙසේ වෙතත් හමාස් ප්‍රහාරය ඊශ්‍රායලයට පලස්තීනයට පහර දීමට බලපත්‍රයක් දී තියෙනවා.

 

යුදෙවුවන්ගේ ඉතිහාසය ඉතා පැරණියි. අවුරුදු හාරදාහකට වඩා ඈත අතීතයට යනවා. එකල යුදෙවුවන් ඊශ්‍රායලය හා ජුදා කියා රාජ්‍ය දෙකකට වෙන් වී තියෙනවා. පසුව ඊශ්‍රායලයත් ඉන් කලකට පසුව ජුදා රාජ්‍යයත් බිඳ වැටුණා. යුදෙවුවන් රටවලට විසිරී ගියා. ඊජිප්තුවට ගිය අයට ආපසු ඊශ්‍රයලයට ඒමට නායකත්වය දුන්නේ මෝසෙස්. කෙසේ නමුත් ඊශ්‍රායලයේ යුදෙවුවනුත් ජුදා රාජ්‍යයේ යුදෙවුවනුත් රටෙන් පිට වී ගියා. ඔය ඩයස්පෝරා කියන වචනය හැදුණේත් තම මව්බිමෙන් පිට වී විවිධ රට රාජ්‍යවල වාසය කළ යුදෙවුවන් හැඳින්වීමට.

 

දහනවවැනි සියවස අග සියොන් නැත්නම් යුදෙව් ව්‍යාපාරයක් ලෝකයේ ඇති වුණා. ආපසු ඊශ්‍රායලයට යෑමේ වුවමනාව ඇතැම් යුදෙවුවනට ඇති වුණා. ඔය කාලයේ මුස්ලිම් ඔටෝමාන් අධිරාජ්‍යය බිඳ වැටුණා. සඳහා බිරිතානානින් වහාබ්වාදය යොදා ගත් බව කියනවා. ඔටෝමාන් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු බිරිතානීන් අතට පත් වූ කොටසක තමයි ඊශ්‍රායලය පිහිටුවා ඇත්තේ. එය සිදු වූයේ 1948 මැයි මස. යුදෙවුවන් අයින්ස්ටයින්ට ආරාධනය කළා ඊශ්‍රායලයේ පළමු ජනාධිපති වීමට. ඔහු එය ප්‍රතික්‍ෂෙප කළ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

 

යුදෙවු - පලස්තීන ඉරාන (පර්සියන) ගැටුම හුඟක් පරණයි. එහි කොටසක් ඩේරියස් රජුගේ කාලයේත් තිබුණා. අරාබි ලෝකය මුස්ලිම් වීමට පෙර. මෙය මුස්ලිම් වීම නිසා ඇති වූ ගැටුමක් නො වෙයි. අද එය යුදෙවු මුස්ලිම් ගැටුමක් ලෙස රූපාන්තරකරණය වී තිබෙනවා. බටහිරයන්ට බලපාන ප්‍රධාන සංස්කෘතීන් තුනයි තියෙන්නේ. ග්‍රීක යුදෙවු හා රෝමන්. බටහිරයන් තමන්ගේ මුල් අරාක්‍ෂා කර ගන්නවා. යුදෙවුවන් රටින් පිට වී ඉන්න කාලෙක තමයි බහු දේවවාදයෙන් ඒක දේවවාදයට ගියේ. යෙහෝවා ඔවුන්ගේ දෙවියන් වහන්සේ. අද දෙවියන් වහන්සේ යුදෙවුවනට විතරක් නො වෙයි කතෝලික ක්‍රිස්තියානි ඉස්ලාම් ආගම්වලටත් පොදුයි. යුදෙවුවන් තමයි වියුක්ත චින්තනය ලොවට දුන්නේ. යෙහෝවා දෙවියන් වහන්සේ වියුක්ත සංකල්පයක්. බ්‍රහ්මන් වගේ නො වෙයි.

 

යුදෙවුවන් අවුරුදු දහස් ගණනකට පසුව තම භූමිය වූ ඊශ්‍රායලයට පැමිණ තියෙනවා. අද ඔවුන් එතැනින් එළවන්න බැහැ. පලස්තීනුවන් එළවන්නත් බැහැ. එහෙත් පලස්තීන අරගලය දැන් අවසානය කරා ළඟා වී ඇති බව පෙනී යනවා. බටහිරයන්ගේ සැලැසුම් අපට හිතාගන්න තරමක් අපහසුයි. හමාස් ප්‍රහාරය බටහිර සැලැස්මක් කියා හිතන්න වෙන්නේ පලස්තීන අරගලයට සිදුවන්න යන දේ ගැනත් සැලකීමේ දී. සියලු සැලසුම් අප නම් නන්දිකඩාල් කලපුවේ ගිල්ලුවා. බටහිරයන් අපට කිසි දා එයට සමාව දෙන්නේ නැහැ. පරගලය මොකක් කියා හිතෙන දේ දැන් දැන් සිදුවෙනවා.  මට තේරෙන විධියට මෙරට ජාතික ව්‍යාපාරයත් අද බටහිරයන් මෙහෙයවනවා.  අපි බලමු. 

 

 

2022 ජනවාරි 17 වැනි දා පළ කළ කාදිනල්තුමා වහාබ්වාදය ෆට්වා හා සංහිඳියාව ලිපියෙන් තරමක දිග කොටසක් උපුටා දක්වනවා.

 

“වහාබ්වාදය කියන එක අවුරුදු තුන්සීයක් පමණ පැරණියි. එහි ඉතිහාසය ගැන මෙහි ඇති  සබැඳියෙන් දැන ගන්න පුළුවන්. අනුව 1710 දී ඔටෝමාන් අධිරාජ්‍යය කඩා බිඳ දැමීමේ අභිලාෂයෙන් බිරිතානි බුද්ධි අංශ හෙම්ෆර් නමැත්තකු තුර්කියේ ඉස්තාන්බුල් නගරයට යවා තිබෙනවා. ඉස්තාන්බුල් කලින් හඳුන්වා ඇත්තේ කොන්ස්ටැන්ටිනෝපල් කියා. හෙම්ෆර් එහි දී ඉස්ලාම් ආගම වැලඳ ගෙන මොහමඩ් ඉබන් අබ්දුල් වහාබ් නමැත්තකු සමග මිත්‍ර වී ඔහු ලවා ඊනියා අලුත් ආගමක් දේශනා කරවා තියෙනවා. වහාබ්ගේ ආගම තමයි වහාබ්වාදය නමින් ප්‍රචලිත වෙලා තියෙන්නෙ. වහාබ්වාදය මුලධර්මවාදී අන්තවාදී දේශපාලනයක්. එහි එක් කොන්දේසියකට අනුව වහාබ්වාදය විශ්වාස නොකරන්නන් ඝාතනය කිරීම යහපත් නැත්නම් හලාල් කියාවක්. හලාල් යන අරාබි වචනයෙහි තේරුම අවසර ඇති කියා කියනවා. හලාල් ආහාර ගැන කියැවෙන්නෙත් අර්ථයෙන්. විශ්වාස නොකරන්නන් මරා දැමීමටත් අවසරය තියෙනවා. බිරිතානින්ට අවශ්‍ය වූයේ අබ්දුල් වහාබ් මගින් මුස්ලිමුන් අතර ඇණකොටා ගැනීම් ඇති කිරීමට.

 

වහාබ්වාදය පසුකලෙක බටහිරයන්ගේ සුරතලකු වූ සෞදි අරාබිය වැළඳ ගත්තා. සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් ප්‍රභූ පාසලේ හා කේම්බ්‍රිජ් විශ්වවිිද්‍යාලයේ ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙන ගත් ජෝන් ෆිල්බි නමැත්තකු ගැන කියැවෙනවා.  සෞදි අරාබිය වහාබ්වාදයේ මූලස්ථානය වුණා. ඔවුන් වහාබ්වාදය ප්‍රචාරය කිරීම සඳහා මූල්‍යාධාර සැපයුවා. පහුගිය කාලෙ සෞදි සල්ලි මළු අපි නම් දැක්කෙ රූපවාහිනියෙන් පමණයි. අද වන විට අයිසිස් සංවිධානය ආදිය බිහි වී තියෙන්නේ වහාබ්වාදය මුල් කරගෙන.

 

ජෝන් නැත්නම් ජැක් ෆිල්බි ලංකාවටත් සම්බන්ධයි. ඔහුගේ පියා මොන්ටි ෆිල්බි බදුල්ල ප්‍රදේශයේ කෝපි වැවිලිකරුවකු සිට මහා ධනයක් උපයා ගෙන තියෙනවා. එහෙත් කෝපි වගාව නැතිවීමෙන් පසු ඔහු දුප්පතකු වෙලා. ජැක් ෆිල්බි දෙමවුපියන් සමග බදුල්ලේ ජීවත් වෙලා තියෙනවා. එහෙත් මොන්ටි ෆිල්බිගේ බිරිඳ ජැක් ෆිල්බි හා අනෙක් දරුවන් සමග ආපසු එංගලන්තයට ගිහින්. ජැක් ෆිල්බිගේ පුතා කිම් ෆිල්බි අර කේම්බ්‍රිජ් පස්දෙනාගේ කල්ලියේ. කිම් ෆිල්බි බිරිතානි ඔත්තු සේවයේ ඉන්න අතර සෝවියට් දේශයටත් සේවය කරලා. කිම් ෆිල්බි ඉපදී තියෙන්නෙ ඉන්දියාවෙ ඔහුගේ පියා ජැක් එරට සේවය කරන කාලයෙ.”

 

අපට කටයුතු කරන්න සිද්ධවෙලා තියෙන්නෙ එවන් බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයක් සමග.