Main Logo

Sunday 29 October 2023

අපේ ක්‍රිස්තියානි පාසල් හා ක්‍රිස්තියානි අධ්‍යාපනය

 

 

 

අපේ ක්‍රිස්තියානි පාසල් හා ක්‍රිස්තියානි අධ්‍යාපනය

 

අපට වැරදිලා. හොඳට වැරදිලා. අපේ වැරදි ගොඩක් තියෙනවා. වැරදි අපට බටහිර ඇතැම් දේ අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට එහෙමත් නැත්තන් ඇතුල් කර ගැනීමට එහෙමත් නැත්තන් අපේ කර ගැනීමට නොහැකි වීම නිසා සිදු වූ දේ. අපට බටහිර දැනුම අපේ කර ගන්න බැරි වුණා. සර්වජන ඡන්දය අපේ කර ගන්න බැරි වුණා. අතර මාක්ස්වාදය විසින් අප මුළා කෙරුණා. අප බටහිර දැනුම් ආධිපත්‍යයට යට වෙලා.

 

වෛද්‍ය රුවන් විජේතුංග තම වෙබ් අඩවියක මා ගැන කියා තියෙනවා මා දැනුම් ආකරයක් කියා. එසේ හොඳ හිතින් කීම ගැන මා ඔහුට පින් දෙනවා. එහෙත් ඔහු වැරදියි. මා දැනුම් ආකරයක් නො වෙයි. මා දන්නා ඉටිගෙඩියක් නැහැ. මා ක්වොන්ටම් භෞතිකයෙන් විඤ්ඤාණය විස්තර කරන්නේ නැහැ. ක්වොන්ටම් භෞතිකය සියල්ල තේරුම් කරන දැනුමක් නො වෙයි. එය බටහිර විද්‍යාඥයන් ඇතැම්  ඉන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධි විස්තර කිරීමට හදාගත්තු ඇතැම් විට වැඩ කරන හිතළු ටිකක් පමණයි.

 

ඔවුන්ට කාලය ගැන කිසිම වැටහීමක් නැහැ. මා බව කියන්නේ මගේ උපාධි පරීක්‍ෂක ලෙස කටයුතු කළ මහාචාර්ය විට්රෝගේ කාලය යනු කුමක් යන්න ප්‍රතික්‍ෂෙප කරමින් එහෙත් අතර මා ඔහුට ගෞරව කරන බව සිහිපත් කරමින්. කාලය යන්න ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක් නො වෙයි. එහෙත් එය නිව්ටෝනීය භෞතිකයේ යොදා ගැනෙනවා. අපේ එදිනෙදා ජීවිතයේ යොදා ගැනෙනවා. අපට ඉන්ද්‍රිය ගෝචර සංකල්පයකට තියෙන්නෙ වෙනස් වීම. වෙනස් වීම සිදුවන්නේ කාලයේ කියා අප මනස්ගාතයක් හදා ගෙන. එතැනින් නැවතුණා නම් කමක් නැහැ. බටහිර විද්‍යාඥයන් කාල තරණය ගැනත් කතා කරනවා.

 

මා මේ දැනුම් මනසේ පුරවා ගත් අයකු නො වෙයි. මට දැනුම් ආකාරයක් වෙන්න කිසිම වුවමනාවක් නැහැ. මට අවශ්‍ය මේ දන්නා ටිකත් නැති කර ගැනීමට. අප දන්නවා කියන හැම දෙයක් අවිද්‍යාව නිසා සංස්කරණය කර ගත් දේ. මාත් දැනුම් සංස්කරණය කරනවා. පඬි නැට්ටන් ඊනියා විද්වතුන් නිසා. එමගින් මා සසර දික්කර ගන්නවා. එහෙත් ජාතියේ නාමයෙන් මට එය නොකර බැහැ. පඬි නැට්ටන් බටහිර දැනුමෙන් මුසපත් වී කියන්නේ ජාතියක් නැති බව. සිංහලයන් ජාතියක් ඇති කර ගත්තේ බටහිරයන්ට ගෝත්‍රවත් නොතිබූ කාලයක. දැනුම අද නම් මනසේ තියා ගන්නත් අවශ්‍ය නැහැ. අද ශිෂ්‍යයන් නිබන්ධන ලියන්නෙත් චැට්ජීපිටී බලාගෙන. වලගම්බා රජු දවස බුදුදහම ග්‍රන්ථාරූඪ කළාට පසු එයත් කටපාඩමේ දැන ගැනීම අනවශ්‍ය වුණා.

 

මට කියන්න අවශ්‍ය අපට බටහිර දැනුම අපේ කර ගැනීමට නොහැකි වීමයි. සර්වජන ඡන්දය හා කිසි දා වලංගු නොවූ මාක්ස්වාදය ගැන කියල වැඩකුත් නැහැ. මාක්ස්වාදය ඇසුරෙන් ලෝකය වෙනස් කිරීමට පාරම්බාන්නන්ට ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගෙ පිහිටයි. සර්වජන ඡන්දය සර්වජන පගාවක් වෙලා.

 

මා දැක්කා රාජකීය විදුහලේ හිටපු විදුහල්පතිතුමකු කියා තියෙනවා විදුහල ඓහික (secular) විය යුතු කියා. ඔහුට අනුව සිසුන් විදුහලේ සිල් සමාදන් විය යුතු නැහැ. සිසුන් පන්සලකට එක්කර ගෙන ගොස් සිල් සමාදන් කරවන්න ඕන. මට තර්කය තේරුම් ගන්න බැහැ. පන්සලට යන විට සිසුන් වෙනත් පාසලක සිසුන් බවට පත් වෙනවා ? කෙසේ නමුත් ඔහු රාජකීය විදුහලේ විදුහල්පති සිට ඇත්තේ ඉතා කෙටි කාලයක්. දෙවියන් හරි කවුරු හරි ඔහුගෙ මුහුණ බලන්න ඇති.

 

මෙරට කිසිම පාසලක් ඓහික නැහැ. සෑම පාසලක් ක්‍රිස්තියානි. ආනන්ද නාලන්ද ධර්මරාජ මහින්ද විශාකා මහාමායා  මේ හැම පාසලක් ක්‍රිස්තියානි. හැම පසලක් රාජකීය විදුහල වගේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි. රාජකීය විදුහල කොළඹ ඇකඩමිය ලෙස 1835 දී ආරම්භ කෙරුණේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි පල්ලියේ පාසලක් ලෙස. ඉන්පසු එය ඉංගිරිසි යටත්විජිත ආණ්ඩුවේ පාසලක් වුණා. එවිට එය ඓහික වුණා ?

 

ඉංගිරිසි යටත්විජිත ආණ්ඩුව ඓහික ? අපට බටහිර දැනුමෙන් (නො)හිතන්න පුරුදු කරලා තියෙනවා රාජ්‍යය ඓහික කියා. කිසිම බටහිර රාජ්‍යයක් ඓහික නැහැ. හැම රාජ්‍යයක් කිසියම් වූ ක්‍රිස්තියානි රාජ්‍යයක්. බටහිරයන් එය හංගනවා. මුළු මහත් බටහිර දැනුම ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ. එයත් අපෙන් හංගනවා. බටහිරයන් විඤ්ඤාණය ගැන හොයන්නේ ක්‍රිස්තියානි ඇසකින්. එය බටහිර මනෝ විද්‍යාව ඇසුරෙන් කළත් භෞතික විද්‍යාව ඇසුරෙන් කළත් බෞද්ධ නො වෙයි. කාලය ගැනත් බටහිරයන්ට ඇත්තේ ක්‍රිස්තියානි සංකල්ප. එය පඤ්ඤත්තියක් පමණක් යැයි ඔවුන්ට කීයටවත් හිතෙන්නෙ නැහැ. යථාර්ථයක් නැත යන්න ඔවුන්ට කල්පනා කරන්න දෙයක්වත් නො වෙයි.

 

බටහිරයන් විඤ්ඤාණය මොළයට ඌනනය කරන්න හදනවා. එහෙත් මොළයක් කියා දෙයක් නොතිබූ අයකුටත් ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් ලැබිලා. මා කියන්නේ මා ගැන ම නොවෙයි. බටහිරයන් විඤ්ඤාණය භෞතික වූ මොළයට ඌනනය කරන්න හදනවා. ඇතැම් බෞද්ධයන් හිතන්නෙ විඤ්ඤාණය හදවත ඇසුරෙන් පවතින බවයි. මා කතා දෙක ප්‍රතික්‍ෂෙප කරනවා. විඤ්ඤාණය සමහර විට භෞතික සිරුරෙන් බාහිරවත් පවතින්න පුළුවන්.

 

විඤ්ඤාණය පවතින්නේ ආලය විඤ්ඤාණයෙ කියා කතාවක් මහායානිකයන් හදා ගත්තා. බුදුදහමෙහි කියැවෙන විඤ්ඤාණය බටහිරයන් කියන  විඤ්ඤාණය නො වෙයි. බටහිරයන් අවිඤ්ඤාණික කියන අවස්ථාවලත් විඤ්ඤාණය පවතිනවා. නිදාගෙන ඉන්න විටත් විඤ්ඤාණය තියෙනවා.  විඤ්ඤාණයත් වෙනස් වෙනවා. එක් භවයකින් තවත් භවයකට මාරු වීමේ දී අර හදවත හරි මොළය හරි ඇසුරෙන් තියෙනවා කියන විඤ්ඤාණයට මොක වෙන්නෙ. බටහිරයන්ට නම් කියන්න පුළුවන් විඤ්ඤාණය ඉවරයි කියල. ඒත් බෞද්ධයනට එහෙම කියන්න බැහැ.

 

අප බුදුදහමත් බටහිර විද්‍යාව ඇසුරෙන් විස්තර කරන්න හදනවා. බුදුහාමුදුරුවන්ට එතරම් අගෞරවයක් කිරීමට අප පෙළඹෙන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය නිසා. බටහිර ක්‍රිස්තියානි ඒක රේඛීය දැනුම මත රඳා පවතින්නට  අප පුරුදු කරන්නේ පාසල්වලින්. ඉංගිරිසින් අද ලෝක පුරා ඔවුන්ගේ ආකෘතියේ පාසල් ඇති කරලා.

 

මෙරට තිබූ මැනිංගෙ හරි වෙනත් අයකුගෙ හරි ආණ්ඩු ඓහික නො වෙයි. ක්‍රිස්තියානි. මැනිංගෙ කාලෙ තමයි රාජකීය විදුහල අද තියෙන ගොඩනැගිලිවලට ගෙනිහින් තියෙන්නෙ. දැනට අවුරූදු සීයකට පෙර. එදා රාජකිය විදුහල ඓහික වුණේ නැහැ. මා රාජකීය විදුහලේ ඉගෙන ගන්න කාලෙත් එය ඓහික වුණේ නැහැ. අපට හත්වැනි පන්තියේ සිංහල උගන්නපු ගුරුවරයා ජාතක කතා බොරු කියන අර්ථයෙන් ඉගැන්නුවෙ. ඔහු කුඩා අපෙන් ඇහුවෙ ගිරවුන්ට කතා කරන්න පුළුවන් වගේ ජාතක කතා අවිශ්වාස කරන ප්‍රශ්න.

 

රාජකීය විදුහලේ බෞද්ධ සහෝදර සංගමය (Buddhist Brotherhood) පිහිටුවා ගෙන තියෙන්නෙ මැනිංට හුඟක් පස්සෙ ඩඩ්ලි සිල්වා මහතා විදුහල්පති සිටිය දී. අපට බව කිවුවෙ මහතාමයි. එයත් ක්‍රිස්තියානි ආකෘතියෙ .

 

විදුහලේ සිංහල සාහිත්‍ය සංගමයට ඉංගිරිසි සාහිත්‍ය සංගමයට දෙන තැන නොදෙන බව කියමින් පෙත්සමක් අත්සන් කර ගත් මා තවත් සිසුන් දෙදෙනකු සමග විිදුහල්පතිතුමා මුණ ගැසෙන්න ගිය අවස්ථාවේ දී හොඳට කෝප වී තමා සිංහල බෞද්ධකමට කර ඇති සේවය ගැන කියමිනුයි ඔහු බව සඳහන් කෙළේ. සිසුන් දෙදෙනාගෙන් එක් අයකු අදත් ඉන්නවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් ගුරුවරුන්ට මා පාසලෙන් අස්කිරීමට අවශ්‍ය වුණත් මා දක්‍ෂ ශිෂ්‍යයකු බව සිතූ ඇතැම් ගුරුවරු සිද්ධියෙන් හයමාසයකින් විශ්වවිද්‍යාල ප්‍රවේශ පර්ක්‍ෂණයට පෙනී සිටීමට සිටි මා අස්කිරීමට විරුද්ධ වෙලා. මා බව පසුව දැනගත්තේ ගුරුවරයකුගෙන්. එහෙත් ඩඩ්ලි සිල්වා මහතා මා සමග කිසි දිනෙක අහිතක් ඇති කර ගත්තේ නැහැ. පසු කලෙක මට ඔහු හමු වූ අවස්ථාවක දී මා ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය ලබාගෙනත් පශ්චාත් උපාධිය සඳහා කේම්බ්‍රිජ් යෑමට තීරණය නොකිරීම ගැන කණගාටු වුණා. එතුමා හිතපු හැටි.

 

පෞද්ගලික කතාවක් වුණත් මට කීමට අවශ්‍ය මෙරට පාසල් පද්ධතිය රජයේ වුණත් නැතත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි බව. අද මේ තියෙන රනිල්ගේ ආණ්ඩුවවත් රාජපක්‍ෂලාගේ ආණ්ඩුවත් සිංහල බෞද්ධ රාජ්‍යයක ආණ්ඩු නොවෙයි. අපට ඉංගිරිසින්ගෙන් හිමි වූයේ ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනයක් මෙන් ඉංගිරිසි ක්‍රිස්තියානි රාජ්‍යයක්. අපට බෞද්ධ අධ්‍යාපනයක් ඇති කර ගැනීමට ඕල්කට්තුමා කටයුතු කෙළේ නැති බව කණගාටුවෙන් වුවත් සඳහන් කරන්න ඕන. අපට අද සැම පසලක බුදුදහම ඉගැන්වෙන්නෙ තවත් විෂයයක් පමණක් ලෙසයි. අපට ලැබෙන බෞද්ධ අධ්‍යාපනයක් නැහැ.  අපට බුද්ධාගමට විශිෂ්ට සාමාර්ථ ලැබෙනවා. මට නම් ලැබුණෙත් නැහැ. අප සාමාන්‍ය පෙළේ දි බුදුදහම ඉගෙනගත් නාරද හාමුදුරුවන් ලියු පොතෙත් සාකච්චා කරල තිබුණෙ බුදුදහම ආගමක් දර්ශනයක් කියල. බුදුදහම දෙකෙන් එකක්වත් නොවන බව මට වැටහුණේ බොහෝ කාලෙකට පස්සෙ.

 

අපට වැරදුණෙ ප්‍රධාන වශයෙන් අපට බෞද්ධ අධ්‍යාපනයක් සකස් කර ගන්න බැරි වීමෙන්. ඇතැමුන් වෙනුවට බුදුදහම විද්‍යාත්මක කළා. ඇතැමුන් සසර ප්‍රතික්‍ෂෙප කළා. ලජ්ජා බය නැති වුණා. අප දහමින් මිස බටහිරයන් මෙන් දෙවියන්ගෙ හරි මිනිසුන්ගෙ හරි නීතිවලින් හික්මවුණු ජාතියක් නො වෙයි. දහම විද්‍යාත්මක වූ පසු අප දන්නවා කියා හිතන්නේ බුද්ධිගෝචර කතා පමණයි. අප එසේ හිතුවාට අපට ඇති බුද්ධියකුත් නැහැ.