Main Logo

Friday, 2 November 2018

රනිල්ගේ ගමන් මග අවසන් ද?

රනිල්ගේ ගමන් මග අවසන් ද?

මා කලකට පෙර කියා සිටියා අයවැයෙන් රනිල්ගේ ආණ්ඩුව පරාද කරන එක අමාරුයි කියා. එයට හේතුව බලයේ ඉන්න ආණ්ඩුවකට විරුද්ධ ව මන්ත්‍රීවරුන් ඡන්දය දීමට මැළි නිසා. ඒ නිසා ම තමයි මා කියා සිටියේ ජනාධිපති ලවා ම රනිල් ඉවත් කළ යුතු ය කියා. එසේ කර හදන ආණ්ඩුවකට මන්ත්‍රීවරුන් එකතු වේ ය කියාත් මා කිවුවා.

Thursday, 1 November 2018

අරාබි වසන්තයක්


අරාබි වසන්තයක්



එංගලන්ත (අවශ්‍ය ම නම් එක්සත් රාජ්‍යය) පාර්ලිමේන්තුවෙ කියල තියෙනවා ලංකාවෙ අගමැති හැටියට පිළිගන්නෙ රනිල් වික්‍රමසිංහ කියලා. ඒක භයානක කතාවක්. එංගලන්තෙට අපේ අගමැති කවුද කියා තීරණය කරන්න බැරි බව දන්නවා. ඒත් මේ කියන්නෙ එන පොට හොඳ නැති බවයි. මේ වැඩේ පටන් ගත්තෙ රනිල් තමන්ට කැමති තානාපතිලා හා මහා කොමසාර්ස්ලා ගෙන්නලා තමන්ගෙ දුක් ගැනවිල්ල කිවුවට පස්සෙ. ඔහු සෘජුව හෝ වක්‍රව හෝ ඒ රටවලට කියා ඇත්තේ තමා ප්‍රජාතන්ත්‍රවාදී ව පත් කළ අගමැති බැවින්  අගමැති තනතුරේ කටයුතු කිරීමට අවස්ථාව සලසන්න කියා. අද ඔහුට පාර්ලිමෙන්තුවේ බහුතරයක් නැහැ. එ  ගැන අපි පස්සෙ කතා කරමු. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති නිසා රනිල් බටහිරයන් එක්ක අර බැරිවෙච්ච අරාබි වසන්තය ඇති කරන්න හදනවා.

Wednesday, 31 October 2018

මහින්ද කළ යුතු දේ


මහින්ද කළ යුතු දේ

ඔබේ අවධානයට. මහින්ද කළ යුතු දේ. සබැඳිය මෙතැනින්


https://youtu.be/5vPq2AsabYQ



අනාගත්තා ඇති


අනාගත්තා ඇති



මෛත්‍රිපාල විදේශීය තානාපතිවරුන් හා මහා කොමසාරිස්වරුන් ගෙන්වලා අලුත් ආණ්ඩුච ගැන කරුණු කියලා වගෙයි. එහෙම කරන්න සිද්ධ වුණේ රනිල් ඇතැම් තානාපතීන් හා මහා කොමසාරිස්වරුන් ගෙන්වලා තමන් තවමත් අගමැති බව කිවුව නිසා. රනිල්ගේ  හමුවෙන් පස්සේ අපට විරුද්ධව සම්බාධක පමුණුවන කතාවක් එක් මන්ත්‍රීවරයකු, මට මතක හැටියට රාජිතගෙ පුතා චතුර, කිවුවා කියලා ජනමාධ්‍යයෙහි පළ වුණා. මේවා විලි ලජ්ජ නැති වැඩ. පොඩි ළමයි රණ්ඩු වුණාම අම්මට ගිහින් කියනව වගේ වැඩක් මේක. රනිලුත් මෛත්‍රිපාලත් වෙනත් අයත් විදේශීය රටවල් සමග ගණුදෙනු කරන විධිය මේකයි. රනිල් හදනවා විදේශ මගින් අප බය කරන්න. මෛත්‍රිපාල තානාපතින්ට රනිල්ට විරුද්ධව කරුණු කියනවා. විදේශ රටවල් අම්මා කෙනකු නොවන බව තවමත් අපට වැටහෙන්නෙ නැහැ. ඔවුන් අපේ ස්වාමිවරුන්වත් නො වෙයි.

Tuesday, 30 October 2018

අගමැති ඇමති ගන්ධබ්බයෝ

අගමැති ඇමති ගන්ධබ්බයෝ


රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යොදා ගත් අනුව්‍යවස්ථා පැහැදිලිව ප්‍රකාශ කළ යුත්තේ එක් එක් අය විවිධ අනුව්‍යවස්ථා ගෙන හැර දක්වමින් ප්‍රශ්නය අවුල් කරන නිසා. මෙහි දී බලපාන ප්‍රධාන අනුව්‍යවස්ථා වන්නේ 42(4) හා 43(3) යි. 42(4) අනුව ජනාධිපතිවරයාට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයේ ඇති මන්ත්‍රිවරයා අගමැති ලෙස පත් කළ හැකියි. එහි දී පාර්ලිමේන්තුවේ මතය විමසීම අවශ්‍ය නැහැ. අගමැති පත් කෙරෙන්නේ ජනාධිපති විසින් මිස පාර්ලිමේන්තුව විසින් නොවන බව 42(4)න් පැහැදිලි වෙනවා. මෙහි දී වැදගත් වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව හා විශ්වාසය යන වචනයි. මේ දහනවැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර මෙන් ම පසවද ඇති තත්වයි. 2015 ජනවාරි 9 වැනි දා රනිල් අගමැති ලෙස පත්කෙරුණේ ද 2018 ඔක්තෝම්බර් 26 වැනි දින මහින්ද අගමැති ලෙස පත්කෙරුණේ ද මේ ප්‍රතිපාදන යොදා ගනිමින්. එදා මෙන් ම අදත් ඒ පත්කිරීම් ව්‍යවස්ථාවට එකඟයි. මෙහි දී සිටින අගමැති අස් කර පසුව වෙනත් අගමැතිවරයකු පත් කළ  යුතු බවක් කියැවෙන්නේ නැහැ.

Monday, 29 October 2018

ජනාධිපති කතාවෙන් කියැවුණු දේ


ජනාධිපති කතාවෙන් කියැවුණු දේ



මෛත්‍රිපාල ජාතිය ඇමතුවෙ ජනාධිපති ලෙස. ඒ කතාවෙන් කියැවුණු කරුණක් දෙකක් ගැන යමක් කියන්න ඕන. ඔහූ කියන්නෙ අද එ ජා ප එදා එ ජා ප නොවෙයි කියලා. ඒකෙ ඇත්තක් තියෙනවා. ඒත් අද එ ජා ප හා එදා එ ජා ප අතර සම්බන්ධයකුත් තියෙනවා. එ ජා ප එදත් අදත් ජාතික පක්‍ෂයක් නො වෙයි. එහෙත් ඩී එස්ලාට ඩඩ්ලිලාට බෝතලේ වලව්වෙන් ලැබුණු යම් ජාතිකත්වයක් තියෙන්න ඇති. දැන් කසිකබල් මාක්ස්වාදීන් කලබල වෙලා එයට සුළු ධනේශ්වර කතා ඈඳන්න පුළුවන්. අපි නොදන්න මාක්ස්වාදය.  සමහරු වලව්වල තියෙන ජාතිකත්වය ගැන අසාවි. මේ ජාතිකත්වය වසන්ත සේනානායක ළඟත් තියෙනව කියල සමහරු කියාවි.

Sunday, 28 October 2018

රනිල් ඉවත් කිරීමේ නීත්‍යානුකූල බව


රනිල් ඉවත් කිරීමේ නීත්‍යානුකූල බව

                                        



මා මේ ලිපිය ලියන්නේ කරුණු කිහිපයක් පැහැදිලි කිරීම සඳහායි. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු යැයි අවුරුදු තුනකටත් පෙර මා කීවේ ඔහුගෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට හා පොදුවේ සිංහලයන්ට වන අසාධාරණ වැළැක්වීමටයි. එ ජා පෙරමුණ හා මෛත්‍රිපාලගේ එ ජ නි සංධානය එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති මත පදනම් වූ පක්‍ෂ. ඒ පක්‍ෂ නව ලිබරල්වාදයේ පක්‍ෂ බව හා අවශ්‍ය වන්නේ ඊනියා ක්‍රමය වෙනස් කිරීම වැනි කිසි දිනෙක වලංගු නොවූ කසිකබල් මාක්ස්වාදී බහුබූත කීමෙන් කිසි පලක් නැහැ. ඔය කියන ක්‍රමය වෙනස් කිරීම හැමදාමත් කිය කිය ඉන්න පුළුවන් දෙයක් පමණයි. එයත් බාලගිරි දෝෂය වගෙයි.