Main Logo

Saturday, 27 October 2018

සිරිජාතිකවාදියා ලියා දන්වන වග නම්

සිරිජාතිකවාදියා ලියා දන්වන වග නම්

මට අද කියන්න වැඩි දෙයක් නැහැ. මා කලින් ලියු ලිපි රාශියකින් දෙකක් පමණක් මෙයට අමුණනවා. අද සිට බොහෝ දෙනකු සිරිජාතිකවාදීන් වෙනවා. රනිල් තමා අගමැති බව කියනවා. 2015 ජනවාරි 09 වැනි දා දි මු ජයරත්න එසේ කීවේ නැහැ. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රෝඩාතන්ත්‍රවාදයක්. ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇති අය අගමැති ධුරයට පත් කර තිබෙනවා. එය 43 (3) වගන්තියට අනුව කර ඇත්තක්. රනිල්ට පුළුවන් නම් පාර්ලිමේන්තුවේ තමාට වැඩි බලයක් ඇති බව පෙන්වන්න. එය පාර්ලිමේන්තුව රැස් වු විටක කරන්න. එහෙත් ඔහුට එදින අගමැති පුටුවේ වාඩි වෙන්න බැහැ.

ව්‍යවස්ථා තත්වය  පිළිබඳ ව මා 2018 පෙබරවාරි 17 වැනි දා සහ 2017 නොවැම්බර් 25 ලියූ ලිපි දෙකකින් කරුණු පැහැදිලි වේවිි. අගමැති ධුරයෙන් ඉවත් කර ඇති රනිල් යන්න ඕන.

Friday, 26 October 2018

මහින්ද හා රෝ නාඩිය


මහින්ද හා රෝ නාඩිය



සති ගණනාවකට පස්සෙ නාලක ද සිල්වා අත්අඩංගුවට අරගෙන ඒ පොඩි දේකට නොවෙයි. රටේ ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමේ කතාවක් සම්බන්ධයෙන්. ඒ චෝදනා කරන පුද්ගලයා නාමල් කුමාර කියල පොලිස් ඔත්තුකරුවකු  බව පැවසෙනවා. ඔහු තාම අත්අඩංගුවට පත් වෙලා නැහැ. ඔහු සරත් ෆොන්සේකා ගැනත් කියනවා. මෙහි ඇත්ත නැත්ත අප දන්නේ නැහැ. නාලක - නාමල් කටහඬ පට 123කින් 122ක් ද කොහෙද සැසඳෙනවා කියනවා. ඒ සංඛ්‍යා වැරදි වෙන්න පුළුවන්. එහෙත් ඒ සංඛ්‍යා ප්‍රතිශතය  එ ජා පක්‍ෂය වෙනුවෙන් ජ වි පෙ ඉදිරිපත් කළ විසිවැනි සංශෝධනයේ ව්‍යවස්ථාවට එකඟ නොවන වගන්ති ප්‍රතිශතයටත්  වඩා බෙහෙවින් ඉහළයි. ජ වි පෙරමුණට දැන් වෙනින් වාර්තාවක් ගැන හිතන්න වේවි. පහුගිය දා පැවති ජන උද්ඝෝෂණයේ රතු කමිස ඇඳගත් පාක්‍ෂිකයන්ගේ හා රතු කමිස ඇඳනොගත් පාක්‍ෂිකයන්ගේ එකතුවේ ප්‍රතිශතය කීයද දන්නෙ නැහැ.අනුර කුමාර රතු කමිසයක් ඇඳ සිටියේ නැති නිසයි ඒ විධියට ප්‍රශ්න කරන්නෙ.

Thursday, 25 October 2018

විග්නේස්වරන්ගේ දේශපාලනය


විග්නේස්වරන්ගේ දේශපාලනය



සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ හැටේ දශකය අවසානයේ  ආචාර්ය උපාධියකට ලියා පදිංචි වූ ලංකාවේ දෙමළ කතාකරන අයකු සිටියා. ඔහුට ප්‍රථම උපාධියට ලැබී තිබුණේ දෙවැනි පන්තියේ පහළ ශ්‍රේණියේ සාමාර්ථයක්. එබැවින් ඔහුට විශ්වවිද්‍යාලයේ ස්ථිර සහකාර කථිකාචාර්යවරයකු වීමට නො හැකි වුණා. ඒ විශ්වවිද්‍යාලයීය නීති රීති අනුව. ඔහුට වඩා සුදුසුකම් තිබූ අයදුම්කරුවන් සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට පශ්චාත් උපාධියක් සඳහා එතෙර යෑමට විශ්වවිද්‍යාලයෙන් වැටුප් සහිත නිවාඩු ලැබුණේ නැහැ. ඔහු තම වියදමින් පශ්චාත් උපාධිය සඳහා එංගලන්තයට ගියා.

Wednesday, 24 October 2018

අපේ ම නොවන අපේ ගණිතය


අපේ ම නොවන අපේ ගණිතය



අප කලින් දවසක (!5 වැනි දා) කතා කළා ගණිතයේ සාපේක්‍ෂ බව ගැන. ප්ලේටෝගේ සිට මෙයිසු ද කවු ද දක්වා බටහිර දාර්ශනිකයන් හිතන්නෙ ගණිතය අපෙන් තොරව පවතින බවත්  එය සත්‍ය බවත්. ප්ලේටෝ විඥානවාදියකු ලෙස හංවඩු ගැසුණත් ඔහුත් ද්‍රව්‍යවාදියෙක්. ඔහුගේ අර සුප්‍රසිද්ධ ගුහාවේ කතාවෙන් කියැවෙන්නේ ඊනියා යථාර්ථයක් පවතින බවත් අපට දැනගැනීමට හැකිවන්නේ එහි හෙවනැල්ල පමණක් බවත්. මේ ඊනියා යථාර්ථය අපට දැනගැනීමට නොහැකි බව ඔහුගේ කතාවෙන් කියැවෙනවා.

Tuesday, 23 October 2018

ජ වි පෙ රැවටිල්ල


ජ වි පෙ රැවටිල්ල





ජ වි පෙරමණේ විජිත හේරත් ප්‍රකාශයක් කරලා තිබුණු ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන එක යුක්තියුක්ත කරලා. එය ජ වි පෙරමුණේ ම ප්‍රකාශයක් වෙන්න ඕන.  ඒ පක්‍ෂයේ කිසිවකුත් එයට විරුද්ධව කිසිවක් කියල තිබුණෙ නැහැ. ජ වි පෙ කියන විධියට අදාළ පනත කොටි ත්‍රස්තවාදින්ට පමණක් බලපාන එකක් ලෙස කතා කිරීම වැරදියි. ඔවුන් කියන්නේ සිවිල් යුද්ධයක දී අතුරුදහන් වූ සියළු දෙනා වෙනුවෙන් වන්දි ගෙවීමට පනත අනුව පුළුවන් කියලා.

Monday, 22 October 2018

නූතන හනුමන්තලා හා විභීෂණලා


නූතන හනුමන්තලා හා විභීෂණලා



මෝදි රාවණාට දුන්නෙන් විදින කොට රනිල් එතන හිටි බවක් වාර්තාවන්නෙ නැහැ. රාවණා ලංකාවේ හිටිය කියලා බොහෝ අය කියනවා. ඒක ඒත්තු ගන්වන විධියෙ සාක්‍ෂි තවම නැහැ. බටහිර පුරා විද්‍යාව අනුව කරන පර්යේෂණවලින් ඒ පිළිබඳ විස්තර ලබා ගැනීමෙන් යමක් කියන්න පුළුවන් වේ ද කියා මට සැකයක් තියෙනවා. ඒත් ලංකාවෙ ඊනියා උගතුන් දැන් බටහිර විද්‍යාව  අදහන නිසා බටහිර විද්‍යා සාක්‍ෂි තමයි ඉල්ලන්නෙ. මට නම් එහෙම රුදාවක් නැහැ. රාවණා ගැන ඔය පාෂාණ යුගය, නව පාෂාණ යුගය ආදී බටහිරයන් කියන යුග මගින් හදාරන්න බැහැ. බටහිරයන් ඔය  යුග හදාගෙන තියෙන්නෙ ඔවුන් විකාශය වූ අන්දම කියන්න. ලෝකෙ හැම තැනක ම ඒ විධියට ම මිනිසුන් විකාශය වෙන්න ඕනෙ නැහැ.

Sunday, 21 October 2018

ඔබට පින්




ඔබට පින්



ඊයේ මගේ උපන් දිනයක්. හැත්තෑහතරවැනි උපන් දිනය කියා තමයි සාමාන්‍යයෙන් කියැවෙන්නේ. ඒ එක්කම කියනවා මගේ වයස අවුරුදු හැත්තෑහතරයි කියා. මෙය තරමක ගැටළුවක්. අපේ වැඩිහිටියන් අද ජීවත් ව සිටියා නම් කියනු ඇත්තේ කොලුවට හැත්තැපහ ලබල කියා. ඉංගිරිසි විධියට අවුරුදු දහය වූ කල මට ගෙදර කිව්වෙ එකොළහට ලබල කියා. ඔය කතාව මට කුඩා කලක් ප්‍රශ්නයක් වුණා.  මේ ක්‍රම දෙකක් බව අවබෝධ වෙන්න මට සෑහෙන කලක් ගත වුණා.