Main Logo

Thursday, 31 October 2019

විජාතික තක්කඩි ආණ්ඩුව

     සිංහල ලිත් ඉලක්කම්



විජාතික තක්කඩි ආණ්ඩුව



මේ ආණ්ඩුව (රනිල්ගෙ ආණ්ඩුව) තරම් විජාතික තක්කඩි ආණ්ඩුවක් තිබී නැහැ. ජේ ආර්ගෙ ආණ්ඩුවත් මේ තරම් විජාතිකයන් වෙනුවෙන් තක්කඩිකම් කෙළේ නැහැ. රනිල් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය මතුරමින් තක්කඩි වැඩ කරනවා. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙත් තක්කඩි ක්‍රමයක්. ඒ අතින් බැලුව ම රනිල් ප්‍රජාතන්ත්‍රවාදය සුපිරි ආකාරයකින් යොදා ගන්නවා.

Wednesday, 30 October 2019

ගෝඨාභය උතුරට ගිහින්

       සිංහල ලිත් ඉලක්කම්




ගෝඨාභය උතුරට ගිහින්



උතුරු පළාතේ ජීවත්වන දෙමළ කතා කරන ජනයා නැගෙනහිර පළාතේ ජීවත්වන දෙමළ කතා කරන ජනයා හා කඳුකරයේ ජීවත්වන දෙමළ කතා කරන ජනයා යනුවෙන් මුස්ලිම් නොවන දෙමළ කතා කරන්නන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ ඒ ජන කොටස් අතර බැඳීමක් නැහැ. ඔවුන් ජීවත් වන්නේ ජන කොටස් තුනක් ලෙසයි. ඔවුන්ට පොදු ඉල්ලීමක් අරමුණක් නැහැ. මෙයට අමතර ව කොළඹ හා තදාසන්න පෙදෙස්වල ජීවත්වන දෙමළ කතා කරන ජනයා ද වෙනවා. ඔවුන් බොහෝ විට තමන් සම්භවය වූ ප්‍රදේශ සමග සම්බන්ධයක් පවත්වා ගෙන යනවා.

Tuesday, 29 October 2019

ලකුණු දමා ගැනීම් හා සුජිත් විල්සන්

        සිංහල ලිත් ඉලක්කම්


ලකුණු දමා ගැනීම් හා සුජිත් විල්සන්

ඊයේ ලිපියෙන් මා කියා සිටියේ ජාතික ව්‍යාපාරය තම පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමට උත්සාහ කරන අය පිළිබඳ කතාවක්. මට නෙළුම් පොකුණේ ඉදිරි පෙළේ අසුනක් හිමි නොවීම වැදගත් දෙයක් නො වෙයි. ප්‍රශ්නය එසේ අසුන් ගත් අයට ඒ සඳහා තිබුණු සුදුසුකම් මොනවාද කියන එක. එලෙස අසුන් වෙන් කෙළේ  කවු ද ආදී කරුණු දැන ගන්න පුළුවන් වේවි කියා මා හිතන්නේ නැහැ. මට ලකුණු දමා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. මා සාමාන්‍යයෙන් වැඩ කරන්නේ තනියම. මට අවශ්‍ය සිංහලයන්ට බටහිරයන්ගෙන් ස්වායත්ත වූ ශක්තිමත් මතවාදයක් සැපයීම හා සිංහලයන් කතන්දර හදන්න පුරුදු කිරීම. අවාසනාවකට ඒ දෙවැනි කරුණ ඉටු වන්නේ නැහැ. සිංහලයන් පුරුදු වී සිටින්නේ තොරතුරු හොයන්න මිස කතන්දර හදන්න නො වෙයි. 

Monday, 28 October 2019

කුඩේ රට හා ජාතික ව්‍යාපාරය

     සිංහල ලිත් ඉලක්කම්


කුඩේ රට හා ජාතික ව්‍යාපාරය 




පසුගිය දා නෙළුම් පොකුණේ ජාතික අපේක්‍ෂක ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජාතියට පිළිගැන්වීමෙන් පසු දින මා මාතලේ ආවා. ඊයේ (ඔක්තෝම්බර් 27 වැනි දා) මාත් බිරියත් ඇගේ සොහොයුරියකුත්  සොහොයුරියගේ සැමියාත් ගෝඨාභයගේ මාතලේ රැස්වීමට ගියා. අප එහි යන විට පිටියෙහි පුටු සියල්ලෙහි ම මෙන් පැමිණ සිටි අය අසුන් ගෙන සිටියා. මගේ වාසනාවකට තරමක් ඈත කිසිවකු වාඩි වී නොසිටි පුටුවක් තිබුණා. එය අනෙක් අය අසුන් ගෙන සිටි පෙදෙසට ගෙනාවා. මා එහි අසුන් ගත්තා. දැන් අහන්න එපා භාර්යාවට අසුන නොදී මා වාඩි වූයේ ඇයි කියා. මා නරක මිනිහකු බව කලින් ලිපිවල කියා ඇති. 

Sunday, 27 October 2019

රනිල්දාස රනිල් වෙනුවෙන්

   සිංහල ලිත් ඉලක්කම්

රනිල්දාස රනිල් වෙනුවෙන් 



ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්‍ෂකයන් තිස්පස් දෙනා අතරින් තරගයක් තිබේ නම් ඒ දෙදෙනකු අතර පමණයි. ඒත් අනුර රනිල්දාසටත් විශාල ප්‍රචාරයක් ජනමාධ්‍යයෙන් ලබා දෙනවා. ඔහුට උපරිම වශයෙන් හැකි තුන්වැන්නා වීමටයි. ඔහු තමා වැඩකාරයකු බව පෙන්වීමට උත්සාහ කරනවා. විවිධ පොරොන්දු දෙනවා. ඔහුට අවශ්‍ය ක්‍රමය වෙනස් කිරීම  කියන එකත් වැරදියි. ඔහු සමාජවාදයක් ඇති කරන්න පොරොන්දු වෙන්නේ නැහැ. ඔහු අද පත් වී ඇත්තේ සජිත්ගේ ඇතැම් ප්‍රකාශ කියවන පුද්ගලයකුගේ තත්වයටයි. ඒ අතර හැමදා වගේ ම ඔහු රනිල් වෙනුවෙන් පෙනී ඉන්නවා.

Saturday, 26 October 2019

ජාතික චින්තනය හා චින්තනයේ ජාතිකත්වය

   සිංහල ලිත් ඉලක්කම්


ජාතික චින්තනය හා චින්තනයේ ජාතිකත්වය




මෙරට මැද පන්තියේ බොහෝ දෙනකුට, බහුතරයකට, ජාතික චින්තනයක් තියෙනවා. එහෙත් ඔවුන් චින්තනයේ ජාතිකත්වය කියන්නෙ මොකක් ද කියන එක දන්නෙ නැහැ. ඔවුන්ට ඒ දැනගැනීමට වුමනාවකුත් නැහැ. ගුණදාස අමරසේකර කියන්නෙ ජාතික චින්තනයක් ගැන. මා කතා කරන්නේ චින්තනයේ ජාතිකත්වය ගැන. මේ රටේ මැද පන්තියේ නොවන අයට චින්තනයේ ජාතිකත්වයක් තියෙනවා. එහෙත් ඔවුන්ට ඒ ප්‍රකාශ කර ගන්න තේරෙන්නෙ නැහැ. ඔවුන්ට තේරෙන්නෙ නැත්තෙ සංකල්පය පමණක් නො වෙයි. සංකල්පය නම් මැද පන්තියේ අයටත් තේරෙන්නෙ නැහැ. අප මේ කරුණු ගැන හිත යොමු කළ යුතුයි. මේ ලිපිය තරමක් වියුක්ත ලිපියක්. මෙය සංයුක්තව මා මේ දිනවල අත්දකිනවා. 

Friday, 25 October 2019

මැකොස හා සම්ප්‍රදාය

    සිංහල ලිත් ඉලක්කම් 


මැකොස හා සම්ප්‍රදාය




මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක් කියල කියනවා. ඒක එහෙමයි කියමුකො. ඒත් අපි ස්වාධීන නොයෙකුත් දේ දැකලා තියෙනවා. ඒ කාලෙ කොළඹ විශ්වවිද්‍යාලෙ තිබුණ සුවාදීන කණ්ඩායමක්. ඒක කාලයක් විජය කුමාරතුංග එක්ක. තවත් කාලයක් රාජිත සේනාරත්නත් එක්ක. සමහරු ප්‍රා සංවිධානයෙත් හිටියා. ඒ කණ්ඩායම දැනුත් ක්‍රියාත්මක ද කියල දන්නෙ නැහැ.