ප්‍රශ්න කිහිපයක්
මෙල්බන් නුවර ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මා සමග වැඩ කළ (මා අවුරුදු එකහමාරක් පමණ එහි වැඩ කළා) නික් ගාන්හම් පසුගිය දා මගෙන් විමසා සිටියා ගණිතයෙන් විදේශ සේවයට මාරු වුණේ කොහොම ද කියා. මා කිවුවේ බොහෝ කලක සිට මා දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බවයි. එහෙත් ඔහුට එය ප්‍රමාණවත් වුණේ නැහැ. ඔහු දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ලේබර් හිතවතෙක්. ඒ දිනවල ඔහු විට්ලම්ට ආධාර කළා. මා ඔහුට කියන්න ගියේ නැහැ ලංකාවේ එහෙම තමයි කියලා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන්, විනිසුරුවන්, රාජ්‍ය නිලධාරීන්, මැති ඇමතිවරුන් ඇතුළු දේශඥපාලනඥයන්ට ආදී එකී නොකී ඕනැම අයකුට තානාපති කමක් කරන්න පුළුවන් කියලා.