Main Logo

Wednesday, 19 February 2020

නව සංධානය ජාතිකත්ව සංධානයක් කරමු

   සිංහල ලිත් ඉලක්කම්


නව සංධානය ජාතිකත්ව සංධානයක් කරමු



සිරිජාතිකවාදියා ලෙස හංවඩු ගසා ලාදුරු රෝගියකු මෙන් බොහෝ ජාතිකවාදීන් විසින් කොන් කරනු ලැබ සිටි මට ඊයේ පෙරේදා සතුටුදායක ආරංචි දෙකක් ලැබුණා. එකක් ජෙනීවාහි 30/1 යෝජනාවට දැක් වූ අනුග්‍රහකත්වයෙන් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කිරීම. ඒ ගැන මා ඊයේ ලියා ඇති. අද (19) අරුණ පත්‍රයේත් ඒ ලිපිය පළවෙනවා.  

Tuesday, 18 February 2020

ලංකාව 30/1 යෝජනාවෙන් ඉවත් වෙයි

       සිංහල ලිත් ඉලක්කම්



ලංකාව 30/1 යෝජනාවෙන් ඉවත් වෙයි

මෙරට ජාතික ව්‍යාපාරයට සම්බන්ධ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, ගුණදාස  අමරසේකර මහතා, ඇඳගම මහත්ම මහත්මීන්, කණිෂ්ක විතාරන මහතා  නෙම්සිරි ජයතිලක මහතා අනුරුද්ධ හේරත් මහතා ඇතුළු පිරිසක් පසුගිය දා හමුවී එක්ස්ත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක් ද යන්න සාකච්ඡා කළා.

Monday, 17 February 2020

එළවළු මාෆියාව

  සිංහල ලිත් ඉලක්කම්


එළවළු මාෆියාව


අද එළවළු මිළ ඉතා අධිකයි. එය නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා සිදු වූවක් නොවෙයි. එහෙත් එ ජා පක්‍ෂය හා එහි වාටියේ ඉන්න ජ වි පෙ එළවළු මිළ ඉහළ යෑම ආණ්ඩුවට විරුද්ධ ව යොදා ගන්නවා. යාපනයෙන් එළවළු දඹුල්ලට පැමිණයත් ඒ නිසා දඹුල්ලට එන එළවළු මිළ අඩු වුවත් දඹුල්ලෙන් යන එළවළු මිළ අඩු වන්නේ නැහැ. ආණ්ඩුව එයට පිළියමක් ලෙස වවුනියාවේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඇති කරන්න පිඹුරුපත් සකස් කරනවා. එහෙත් එය කල් යන වැඩක්.

Sunday, 16 February 2020

වෙන් කිරීම හා පොලු දැමීම

 සිංහල ලිත් ඉලක්කම්


වෙන් කිරීම හා පොලු දැමීම



ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  2020 නීතිය පිළිබඳ සමුළුවක දී වැදගත් කතාවක් කර තිබුණා. සංවර්ධන කටයුතුවල දී නීතිය විධායකයට බාධා නොපැමිණ විය යුතු බවයි කියා තිබුණේ. දැන් පඬියන් ගත් කටට ම අහන්නේ මේ සංවර්ධනය බටහිර ද පෙරදිග ද කියා. එය කුමක් වුවත් මේ කතාවට අදාළ නැහැ. පඬියන් හිතන්නේ අප බරකරත්තයෙන් අනුරාධපුරේ යන පිරිසක් කියා. මා කිහිප වතාවක් ම මෙයට පිළිතුරු දී ඇති නමුත් පඬියන්ට එය තේරුම් ගැනීමට අවශ්‍යතාවක් නැහැ. 

Saturday, 15 February 2020

අද කළ යුත්ත

         සිංහල ලිත් ඉලක්කම් 


අද කළ යුත්ත


අද කළ යුත්තේ කුමක් ද කියා ඇතැමුන් අහනවා. ආණ්ඩුව යන්නේ කොහේ ද කියාත් සමහරු අහනවා. සමහරු එයටත් එහා ගිහින් අහනවා ආණ්ඩුව සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවනවා ද කියා. ඒ අහන්නෙ කසිකබල් මාක්ස්වාදියො පශ්චාත් මාක්ස්වාදියො පශ්චාත් නූතනවාදියො (නූතනත්ව අර්ථයෙන් - පශ්චාත් හිරුණිකාවාදීන්) ආදීන්. ඔවුන් අහන කරන දේ සතපහකට ගණන් ගන්න ඕන නැහැ. අවුරුදු එකසිය පනහකට වැඩි කාලයක් කම්කරු පංති ආඥාදායකත්වය ලෝකෙ කිසිම රටක පිහිටුවාගන්න බැරි වෙච්ච අය තමයි අවුරුදු පහකින් දහයකින් සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන්න කතා කරන්නෙ. 

Friday, 14 February 2020

පරිසරය හා නීතිය රැකීම

    සිංහල ලිත් ඉලක්කම්


පරිසරය හා නීතිය රැකීම 



වනජීවි නිලධාරිනී දේවානි ජයතිලක ගැන විවිධ කතා රටේ පැතිරෙනවා. ඇය පරිසරය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරිනියක් ලෙස කෙලින් කතා කරල තියෙනවා. රාජ්‍ය ඇමතිවරුන් ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය ඇය පෙන්නල දීල. ඒත් ඇය ගැන විවේචනත් තියෙනවා. විවේචන නැති අයකු ලෝකයේ නැහැ. ඇතැම් විවේචන හොඳ හිතින් කරන ඒවා. ඒත් බොහෝ විවේචන කෙරෙන්නේ දුෂ්ට චේතනාවෙන්. 

Thursday, 13 February 2020

දේශපාලන අනාථයන්ගේ අම්බලම

     සිංහල ලිත් ඉලක්කම්

දේශපාලන අනාථයන්ගේ අම්බලම


අද මෙරට දේශපාලන අනාථයන් පිරිසක් ඉන්නවා. ඔවුන් ඉන්නෙ අම්බලමක. ඒ පිරිස තමන් වම ද දකුණ ද කියාවත් දන්නේ නැහැ. සුප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ නමකගේ වචනයෙන් කියනවා නම්, ඔවුන් හිටපු ගමන් අම්බලමෙන් පිටතට ඇවිත්, ඉව වැරදුණු බල්ලන් මෙන් එහාට දුවනවා, මෙහාට දුවනවා. බොරු පඬි කතා ඇද බානවා.