Main Logo

Thursday 19 May 2016

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 7

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 7
යටත්විජිතගැති නිවට ආණ්ඩුව අද නන්දිකඩාල් ජයග්‍රහණය සැමරීම ප්‍රතික්‍ෂෙප කළත් මහින්ද කුරූණෑගල දී ඒ සමරණ අතර පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කැලණියේ ද වෙනත් සංවිධාන මගින් වෙනත් ප්‍රදේශවල ද උත්සව පැවැත්වේ. මේ උපුටා දැක්වීම ඒ නිමිත්තෙන් ද වෙයි.


මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 



x හොඳයි, ඔබ දකින ආකාරයට අසාධාරණකම් නැති වුවත් වෙනත් ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ රට බෙදීමේ ප‍්‍රශ්නයයි. එයටවත් විසඳුමක් ඉදිරිපත් කරන්නේ නැද්ද ?

රට බෙදීමේ ප‍්‍රශ්නය මා පෙන්නුම් කෙළේ දෙමළ ජාතිවාදය නිසා ඇතිවූවක් බව. එය පසු ගිය සියවසේ සිට අද දක්වා විකාශය වී ඇති අයුරු එනම් ප‍්‍රභාකරන් ගේ සීයලා ගේ සිට බාප්පලා හරහා මස්සිනාලා දක්වා විකාශය වී ඇති ආකාරය මා කලින් කියා ඇති. එයට විසඳුමක් තිබෙනවා. 

පළමු ව ප‍්‍රභාකරන් ගේ කොටි සංවිධානය කොන්දේසි විරහිත ව හමුදා ක‍්‍රියාමාර්ගයකින් මුළුමනින් ම පරාජය කළ යුතුයි. ඒ සඳහා හමුදාවට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දිය යුතුයි. 

දෙවනු ව දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව හා දේශපාලනික ව පරාජය කළ යුතුයි. මා හිතන්නේ න්‍යායාත්මකව දෙමළ ජාතිවාදය දැන් පසු බැස තිබෙනවා. එය යම්තමින් හෝ පවත්වා ගෙන යනු ලබන්නේ රාජ්‍ය නොවන ආයතන හරහායි. වැඩි කල් නොගොස් ඒ ටිකක් නැතිවේවි. 

දේශපාලනික ව දෙමළ ජාතිවාදය පරාජය කෙරීමට සිංහලයන් එක්සත් විය යුතුයි. එ. ජා. පක්ෂයට හෝ වත්මන් ශ‍්‍රී. ල. නි. පක්ෂයට හෝ එය කළ හැකි දෙයක් නොවෙයි. ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීම මගින් සිංහලයන්ට දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළ හැකියි. 

දෙමළ ජාතිවාදයට තිබෙන ප‍්‍රශ්නය වරප‍්‍රසාද හා බලය රැුකගැනීම සඳහා සිංහලයන් බහුතරය බව හා ඉතිහාසය පිළිගැනීමට ඇති අකමැත්ත යි. සිංහලයන් බෙදී සිටින තාක් හා සිංහලයන් ආර්ථික ව දුර්වල වී සිටින තාක් සිංහලයන් බහුතරය බව දෙමළ ජාතිවාදීන් පිළිගන්නේ නැහැ. එබැවින් ආර්ථික වශයෙන් ශක්තිමත් වී එක්සත් වී දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළ යුතුයි. 

x අද ආණ්ඩුවේ දෙමළ ජනතාවට බලයක් ඇත්තේ නැහැ. ඔවුන් ගෙන් පත් වූ එක ම ඇමතිවරයකුවත් ආණ්ඩුවේ නැහැ නේ ද ?

අද ආණ්ඩුවේ ඡුන්දයෙන් තේරී පත් වූ උතුරු හා නැගෙනහිර දෙමළ ඇමතිවරුන් නැති එක ඇත්ත. එයට හේතුව පක්ෂ දේශපාලනයත්, දෙමළ නායකයන් ජාතිවාදී ලෙස පක්ෂ බිහි කෙරීමත්, දෙමළ ජනයා ජාතිවාදී ව මන්ත‍්‍රීන් තෝරා ගැනීමත්.

දෙමළ ජාතිවාදීන් ගේ ප‍්‍රචාර හේතු කොටගෙන, විකෘති ඉතිහාසය ඉගැන්වීම ආදිය නිසා දෙමළ ජනයා ගේ මනස් ¥ෂණය වෙලා. අද වන විට ඔවුන් එ. ජා. පක්ෂයෙන් හෝ ශ‍්‍රී. ල. නි. පක්ෂයෙන් මන්ත‍්‍රීවරුන් තෝරා එවන්නේ නැහැ. ඔවුන් මන්ත‍්‍රීවරුන් තෝරන්නේ දෙමළ ජාතිවාදී පක්ෂවලින් පමණයි. දෙමළ ජාතිවාදී පක්ෂ තම මන්ත‍්‍රීවරුන් ගේ ඡුන්ද පාර්ලිමේන්තුවේ දීත් දෙමළ ජනයා ගේ ඡුන්ද පාර්ලිමේන්තුවෙන් පිටත දීත් වෙන්දේසියේ දමනවා. ඔවුන් ආණ්ඩුවට කෙලින් ම එකතු වන්නේ නැහැ. ආණ්ඩුවේ උතුරෙන් හා නැගෙනහිරින් තේරී පත් වූ ඇමතිවරුන් නැත්තේ එබැවිනුයි. 

එහෙත් ඇමතිවරුන් නැති වුණාට දෙමළ ජාතිවාදී පක්ෂ අද ඉතා ම බලවත්. දෙමළ ජාතිවාදයේ තුන් වැනි යුගයේ දී ඔවුන් පළමු වැනි යුගයටත් වඩා බලසම්පන්න යයි කියන්න පුළුවන්. මා කලින් කී ආකාරයට සිංහල ඡුන්ද බෙදී යෑමෙන් එහි වටිනාකම බිංදුව වී ඇති විට දෙමළ ජාතිවාදී පක්ෂ තම ඡුන්දවලට විශාල වටිනාකමක් ලබාගෙන ආණ්ඩු පිහිටුවන තීරක බලවේග බවට පත් වී සිටිනවා. ඔවුන් අද ඉල්ලීම් ඉටු කරගන්නේ කොටි සංවිධාන බිල්ලා පෙන්වමින් එසේ මධ්‍යයෙහි බලය හැසිරවීමෙනුයි. නීලන් තිරුචෙල්වම් මහතා මෙන් ම ඩග්ලස් දේවානන්ද මහතා ද අද ආණ්ඩුවේ විශාල බලයක් දරනවා. එමෙන් ම කදිරගාමර් මහතා ද විදේශ ඇමති ලෙස නොයෙකුත් අවස්ථාවල කොටි සංවිධානය හා දෙමළ ජාතිවාදය වෙනුවෙන් විදේශවල දී කථාකර තිබෙනවා. මේ අතර තොන්ඩමන් මහතා ද ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස සිටින බව අමතක කරන්න එපා. 

x යුද්ධයෙන් මිනිසුන් මිය යනවා. ගැහැණු හා ළමයින් අනාථ වෙනවා. යුද්ධයෙන් කොටි සංවිධානය පරාජය කළ යුතු යයි ඔබ කියන විට ඒ දේ සිදුවන්නේ නැද්ද ? 

යුද්ධයෙන් මිනිසුන් මිය යන බවත් ගැහැණුන්, ළමයින් අනාථ වන බවත් ඇත්ත. එය කිසිසේත් ම යහපත් තත්ත්වයක් නොවෙයි. එහෙත් ඒ නිසා අවිගත් කොටි සංවිධානය පරාජය කෙරීමට යුද්ධ නොකර ඉන්න බැහැ. සිංහලයන් හැම විට ම ඉතිහාසයේ යුද්ධ කර ඇත්තේ රට රැුකීමට මිස ආක‍්‍රමණකාරී ව නොවේ. දෙමළ ජාතිවාදයේ ආයුධ ගත් කොටසින් රට රැුකීමට යුද්ධ කර එම කොටස පරාජය කළ යුතුයි. අද ආණ්ඩුවත් යුද්ධ කරනවා. රිවිරැුස, ඉදිරිපිම්ම මෙහෙයුම් කුමන අරමුණක් සඳහා කළත් යුද්ධ මෙහෙයුම් මිස ශීල ව්‍යාපාර නොවෙයි. යුද්ධයට අද කෙලින් ම වියුක්ත ආකාරයකින් විරුද්ධ වන්නේ බංකොලොත් මාක්ස්වාදීන් හා ලිබරල්වාදීන් කිහිප දෙනකු පමණයි. මොවුන් අද යුද්ධයට විරුද්ධ වීම මගින් ප‍්‍රභාකරන් වෙනුවෙන් වක‍්‍ර ව හෝ පෙනී සිටිනවා. 

මිනිසුන් මිය යන බව කියමින් හිට්ලර්ට විරුද්ධව යුද්ධ නොකර සිටියා නම් මේ වන විට මුළු ලෝකය ම පැසිස්ට් වධකාගාරයක් බවට පත්වන්න තිබුණා. එදා ස්ටැන්ලින් වැනි කොමියුනිස්ට් නායකයොත් හිට්ලර්ට විරුද්ධ ව යුද්ධ කළා පමණක් නොවෙයි; ඔවුන් එහි දී ඔවුන්ට හතුරු වූ චර්චිල් වැන්නන් සමගත් එකතු වූවා. 

x මෙරට සමසමාජ නායකයන් එදත් යුද්ධයට විරුද්ධ වුණා නේ ද ? 

ඔව්. ට්‍රොට්ස්කි ගේ ඔලමොට්ටල න්‍යාය කරපින්නා ගත් ට්‍රොට්ස්කිවාදීන් යුද්ධයට විරුද්ධ වුණා. දෙවැනි ලෝක යුද්ධය අධිරාජ්‍යවාදී යුද්ධයක් ලෙස හැඳින්වූවා. වාසනාවකට ලෝකයේ අනෙක් කිසිවකු ට්‍රොට්ස්කිවාදීන්ට සවන් දුන්නේ නැහැ. ඔවුන් කී දේ අසා යුද්ධ නොකළා නම් හිට්ලර් මුළු ලෝකය ම අත්පත් කරගන්නවා. එසේ අත්පත් කරගත්තා නම් හිට්ලර් ට්‍රොට්ස්කිවාදීන්වත් ඝාතනය කරනවාට කිසි ම සැකයක් නැහැ. අනෙක් අය ට්‍රොට්ස්කිවාදීන් කී දේ නොපිළිගැනීම ට්‍රොට්ස්කිවාදීන් ගේ ම වාසනාවක්. 

ප‍්‍රභාකරන් බලයට පත් වුවහොත් අද යුද්ධය එපා ය කියන බංකොලොත් මාක්ස්වාදීන්වත් (ඔවුන් හිටපු මාක්ස්වාදීන් දැයි පැහැදිලි නැහැ* ඝාතනය කරනවා. එදාටත් ඔවුන් යුද්ධයට විපක්ෂ වේවි ද ? මොවුන් යුද්ධයට විරුද්ධ වන්නේ ඉතා ම වියුක්ත ව. ඔවුන් ගේ ජීවිතවලට රට ජාතිය එතරම් වැදගත් නොවන බැවින්. එහෙත් ඔවුන් ගේ ජීවිතවලට හානි පැමිණෙන බවක් දැනුනහොත් ඔවුන් යුද්ධයට පක්ෂ වෙනවා. අපට මතකයි මේ බංකොලොත් මාක්ස්වාදීන් ජනතා විමුක්ති පෙරමුණේ තර්ජනය හමුවේ ආණ්ඩුවේ, ඔව් ධනපති එ. ජා. ප. ආණ්ඩුවේ, පිළිසරණ පතමින් ආණ්ඩුව හා එකට එක් වී ආයුධ ලබාගනිමින් සටන් කළ හැටි. එදා ඔවුන් යුද්ධයට විරුද්ධ වුණේ නැහැ. 

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් නො කරමි. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැත.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද / කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි ය. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

(https://www1.kalaya.org)


නලින් ද සිල්වා 

2016 මැයි 19