Main Logo

Sunday 20 August 2023

බුද්ධිමත් සිංහලයා

 

බුද්ධිමත් සිංහලයා

 

සිංහලයා මෝඩයා යන කියමන කවුරුන් කී එකක් දැයි කියන්න බැහැ. මට ගැන ඇත්තේ උපකල්පනයක් පමණයි. එය හිතළුවක් නො වෙයි. හිතළුව හා උපකල්පනය කියන්නේ එකක් නො වෙයි. යම් කිසි නිරීක්‍ෂණයක් තේරුම් කිරීමට එහෙමත් නැත්නම් විස්තර කිරීමට ගොතන කතාවක් තමයි හිතළුවක් කියන්නෙ. කතාව වැඩ කරනවා නම් එය අදාළ පුද්ගලයන් විසින් පිළිගැනෙනවා. වැඩ කරන කතාවලට ප්‍රවාද කියා කියනවා.

 

ප්‍රවාදයක් වන්නෙත් කතාවක්, වැඩ කරන කතාවක්. එහෙත් කිසිම කතාවක් සියයට සියයක් වැඩ කරන්නෙ නැහැ. කතාවක් පිළිගැනෙන්න කෙතරම් ප්‍රමාණයකට වැඩ කරන්න ඕන කියන එක අදාළ පුද්ගලයන් අතින් තමයි තීරණය වෙන්නෙ. අදාළ පුද්ගලයන් කියන්නෙ ක්‍ෂෙත්‍රයෙහි අයිතිකාරයන්. කතාව අයිතිකාරයන්ගෙ චින්තනයත් එක්ක ගැලපෙන්නත් ඕන. ඒක මූලික අවශ්‍යතාවක්. වැඩ කරනවා නැද්ද කියන එක සොයා බැලෙන්නෙ මූලික අවශ්‍යතාව සම්පූර්ණ වුණොත් පමණයි.

 

උපකල්පනවලත් වැඩ කරන ගතියක් තියෙනවා. ඒත් ගණිතයෙහි වැඩ කරන විධියක්. ඇතැම් ප්‍රකාශයක් සාධනය කරන්න අවශ්‍ය වුණා යමක් උපකල්පනය කරල විසංවාද නැති බව හරි ඇති බව හරි ඇරිස්ටෝටල් න්‍යායට අනුව තර්ක කරල පෙන්නනවා. ගණිතයෙහි යම් ප්‍රකාශයක් සාධනය කළ හැකි නම් එයට ප්‍රමේයයක් කියනවා. ඉංගිරිසියෙන් තියරම් කියනවා. කලින් කී වැඩ කරන කතාවලට තියරි කියනවා. තියරි තියරම් දෙක බිඳෙන්නේ තියෝ කියන වචනයෙන්. වචනය දෙවියන් වහන්සේ හා සම්බන්ධයි.

 

මා මේ ලිපියේ මුල උපකල්පනයක් කිවුවෙ ගණිතයේ යොදා ගැනෙන ආකාරයෙන් නො වෙයි. සිංහලයා මෝඩයා කියන ප්‍රකාශය මුලින් කිවුවෙ කවුද කියන එක ගැන මගේ ඇත්තේ උපකල්පනයක්. එය වැඩ කරනවා නැද්ද කියා තීරණය කරන්න පුළුවන් කියා මා හිතන්නේ නැහැ. මගේ උපකල්පනය එය පෘතුගීසීන්ගේ හරි ලන්දේසින්ගේ අදහසක් එහෙමත් නැත්නම් නිරීක්‍ෂණයක් කියා. සිංහලයා මෝඩයා යන්න කැවුම් කන්න යෝධයා සමගත් බැඳිල තියෙනවා. සමහර විට එය සිංහලයකු සිංහලයන්ගෙ වැඩ දිහා බලල කියපු කියමනක් වෙන්නත් බැරි නැහැ.

 

කවුරු ප්‍රකාශය කළත් එහි ගත යුත්තක් තියෙනවා. අපි පරංගියා කෝට්ටෙ එක්කන් ගියා වට පාරකින්. ඒත් පෘතුගීසීන් වෙඩි පත්තු කරල දැන ගත්තා තමන් රවුමෙ යන බව. පෘතුගීසීන් ඉන් පසු ගෙරි හමක කතාවකට කොළඹ ඉල්ල ගත්තා. ලන්දේසීින් පෘතුගීසීන්ගෙන් රටේ ඇතැම් කොටස් ලබා ගත්තෙ සිංහල රජවරුන්ට පිහිට වෙන්න ඇවිත්. එකල කිසිම අර්ථයකින් යාපනයේ ස්වාධීන රාජධානියක්  තිබුණෙ නැහැ. අවසන් වරට යාපනය සෙනරත් රජු යටතෙ තිබුණෙ. 1621 දී තමයි පෘතුගීසීන් සෙනරත් රජුගෙන් යාපනය තමන් යටතට ගත්තෙ. අපි යාපනයේ දෙමළ රාජ්‍යයක් ගැන කියනවා.

 

ලන්දේසින්ට රටේ ඇතැම් කොටස් දීම පස්සෙ අපට තේරුණා ඉඟුරු දීල මිරිස් ගත්ත වැඩක් කියලා. හැම එකක් වගේ එහෙම තමයි. පස්සෙ තේරෙන මෝඩ කම. ඒත් ඊට පස්සෙත් එවැනි මෝඩකම් කරනවා. ඩොයිලිට නැත්නම් ඩා ඔයිලිට පුළුවන් වුණා හාමුදුරුවරුනුත් මහනුවර රාජධානියෙ නිළමෙළත් රවටන්න. අපට රට නැති වුණා.

 

ඉංගිරිසින් තමයි ලෝකයේ මෙතෙක් පහළ වුණු සටකපට ජාතිය. ඔවුන් අතර ඉන්නේ දක්‍ෂ සැලසුම් කරුවන්. ඔවුන් මොන තරම් දක්‍ෂයන් කියනවා නම් අයිරිෂ් ජාතිකයන් ඇමරිකාවේ වහලුන් ලෙස තබා ගන්න අතර බුද්ධිමත් අයිරිෂ් ජාතිකයන් ලන්ඩනයට කැඳව ගෙන තමන්ට අවශ්‍ය කටයුතු කර ගත්ත. බර්නාඩ් ෂෝ රොබට් බොයිල් ඔස්කා වයිල්ඩ් තොමස් මුවර් ඔලිවර් ගෝල්ඩ්ස්මිත් ඉන් කිහිප දෙනකු පමණයි.

 

අප රටට පැමිණි ඉංගිරිසි ආණ්ඩුකාරයන් කිහිප දෙනකු අයිරිෂ් සම්භවයක් ඇති අය. ඔවුන් ඉංගිරිසින් වෙනුවෙන් අප ආණ්ඩු කළා. බ්‍රවුන්රිග් ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඔහුගෙ කාලයෙ තමයි අපට රට නැති වුණෙ. ඉංගිරිසින් අපේ මෝඩකම් හොඳින් දැන ගෙන ඉන්න ඇති. අයිරිෂ් බුද්ධිමතුන් පමණක් නොව යුදෙවුවන් නැගෙනහිර යුරෝපීයයන් ආදීන් සියළු දෙනාගෙන් වැඩ ගන්න දැන හිටි ඉංගිරිසින් අපෙන් වැඩ ගන්න එක පුදුමයක් නො වෙයි.

 

අපි මොන තරම් ආඩම්බරයෙන් ඔවුන්ගෙ සිවිල් සේවයේ වැඩට ගියේ. අපි මොන තරම් ආඩම්බරයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ලෙස ඔවුන්ගෙ දැනුම අපට තේරෙන විධියට බෙදල දුන්නෙ බෙදල දෙන්නෙ. මා එහෙම කිරීම නවත්තපු දවසෙ ඔවුන් තම දැක්ම අනුව නිවැරදි මා ඉවත් කළා පමණක් නොව මා මෝඩයකු බව සමාජයට ඒත්තු ගැන්නුවා. අද මෙටාවෙත් මොටාවෙත් අති විශාල බහුතරයට අනුව මා මෝඩ ජාතිවාදියෙක්.

 

ඇමරිකන් සංස්කෘතියත් ඉංගිරිසි සංස්කෘතියෙ වර්ධනයක්. අද ඇමරිකාවෙ තොරතුරු තාක්‍ෂණයේ ප්‍රධාන විධායක නිලධාරීන් කිහිප දෙනෙක්   ඉන්දියානුවන්. එංගලන්තයෙ අගමැති ඉන්දියානු සම්භවයක් ඇත්තෙක්. ලබන අවුරුද්දෙ ඇමරිකාවෙ ජනාධිපති ධුරයට රාමස්වාමි කියා ඉන්දියානු සම්භවයක් ඇත්තෙක් තරග කරන්න ඉඩ තියෙනවා. ඔහු නොවෙයි මොන හින්දු භක්තිකයා ජනාධිපති වුණත් තෛපොංගල් දිනය නිවාඩු දිනයක් වෙන්නෙ නැහැ.  කිරි උතුරවලා පොංගල් පවත්වන්නෙත් නැහැ.

 

සිංහලයන් තම සේවාවන්ට ගැනීම ඉංගිරිසි සංස්කෘතියට අමාරු වැඩක් නො වෙයි. ඔවුන්ට අවශ්‍ය අන්දමට අප මෙහෙයවීමත් එතරම් දෙයක් නො වෙයි. ඔවුන්ගේ දැනුම අපට දී එය ඊනියා එක දැනුම ලෙස සැලකීමට ඉගැන්වීමත් ලොකු වැඩක් නො වෙයි. පාසල් පද්ධතිය තියෙන්නෙ සඳහා. මොටාව ගැන කියන්න දෙයක් නැහැ.

 

ඔවුන්ට අපේ ජාතිකත්ව නායක්තවය නැති කරල එය අප විසින් කරන ලද්දක් බවට අප ලවා කියවීම ඉතාමත් සුළු කරුණක්. එවැන්නක් කී විගස ඔන්න රාජපක්‍ෂවාදියකු ජාතිවාදියකු නැවතත් කඩේ යනවා යනුවෙන් කීමට පිරිසක් හදන එක මොන තරම් පහසු දෙයක් ? අප ඔවුන් වෙනුවෙන් බුදුදහමත් විද්‍යාත්මක කර බුදුදහම පහත දැමීමට තරම් බුද්ධිමත් අය.

 

මේ අයිරිෂ් වහලුන්