දෙමළ අනන්‍යතාව
මෙරට වංසකතාවල පමණක් නොව පොදුවේ ගත් කළ ඇතැම් දෙමළ යන නාමය යෙදී ඇත්තේ දෙමළ කතාකරන අයකු යන්නෙන් මිස දෙමළ ජාතියක් තබා ජනකොටසක් යන අරුතෙන්වත් නො වෙයි. ඈත කාලයක නැති වුවත් ඉංගිරිසි ජාතියක් ප්‍රංශ ජාතියක් ගැන මෑත කාලයකවත් කතා කරන්න පුළුවන්. ඔවුන් ඒ ඒ භාෂා කතා කරනවා පමණක් නොව තම තමන්ට ආවේණික වූ ජාතියක් ගොඩ නගා ගෙන තියනවා ඒ යම් ප්‍රදේශයක ජීවත් වන පිරිසක් සඳහා.
එහෙත්
එයින් කියන්නේ නැහැ ඉංගිරිසි හරි ප්‍රංශ හරි මව් බස හරි පළමු බස හරි ලෙස සලකමින් කතා කරන ජනයා සියල්ලන් ම ඉංගිරිසි හරි ප්‍රංශ හරි ජාතියට අයත් වෙනවා කියා. ඕස්ත්‍රේලියාවේ මේ වන විට වාසය කරන ඉංගිරිසි කතා කරන ජනයා ඉංගිරිසි ජාතියට අයත් නැහැ. ඇල්ජීරියාවේ ප්‍රංශ කතා කරන ජනයා ඇත්නම් ඔවුන් ප්‍රංශ ජාතිකයන් වන්නේ නැහැ. වැඩි ඈතට යන්න ඕන නැහැ. කලකට පෙර මෙරට ජීවත් වූ දැන් ඉතා සුළු පිරිසක් බවට පත් වී ඇති බර්ගර් නමින් හැඳින්වුණු ජනයා ඉංගිරිසි මව් බස ලෙස සැලකුවත් ඉංගිරිසි ජාතියට අයත් වන්නේ නැහැ.
ජාතියක් ඇති වීමේ දී රාජ්‍යය යන සංකල්පය ද වැදගත් වෙනවා. සිංහලයන්ට ඈත අතීතයේ සිට ම එක ම භාෂාවක් කතා කරන එක ම ප්‍රදේශයක ජීවත් වන එක ම රාජ්‍යයක එක් සේසත් වී සිටින පිරිසක් බවට පත් වීමේ හැකියාව ලැබී තිබෙනවා. අපේ ජාතිය හා රාජ්‍යය යන සංකල්පය වත්මන් බටහිර ජාතික රාජ්‍යය යන සංකල්පයෙන් වෙනස්. වත්මන් ජාතික රාජ්‍යයේ පදනම රාජ්‍යයි. එහි රටවැසියන් ජාතියක් ලෙස සැලකෙනවා.
රාජ්‍යය යන සංකල්පය ගොඩ නගා ගැනීමටත් බොහෝ රටවලට කාලයක් ගත වී තියෙනවා. එයට එක් හේතුවක් නම් රාජ්‍යයේ දේශ සීමා වෙනස් වීමයි. යුරෝපයේ මේ වෙනස්වීම් ඇතැම් විට විවාහවල දී ද සිදු වුණා. දෑවැද්දට රටෙන් කොටසක් දීමේ දී නැත්නම් යුද්ධවලින් පසුව රටවල් වෙනස් වුණා. ඔවුන්ට අපට මෙන් රටක් රාජ්‍යයක් යන සංකල්පයක් නැහැ. මෙරට එක්සේසත් රාජ්‍ය සංකල්පය අඩුම තරමෙන් ගැමුණු රජ දවස සිට පවතිනවා. ඒ එක්සේසත් රාජ්‍යය යන සංකල්පයට දන්ත ධාතුන් වහන්සේගේ භාරකාරත්වය ද එක් වී තියෙනවා. එක්සේසත් රාජ්‍යයෙහි ප්‍රාදේශීය රජවරු ඉන්න පුළුවන්. ඇපා මාපා ආදීන් ඉන්න පුළුවන්. එහෙත් දන්ත ධාතුන් වහන්සේගේ භාරකරත්වය මගින් තමයි රාජ්‍යයේ මුලස්ථානය තීරණය කෙරුණේ.
මෙරට
විවිධ වාංශික රජවරු රජ කර තියෙනවා. අවසානයේ දී නායක්කාර් වාශිකයනුත් රජ කළා. ඒ හැම රජ කෙනකු ම සිංහලේ රජ වශයෙනුයි හැඳින්වුණේ. භාරතයේ ඉංගිරිසින් පැමිණීමට පෙර රටක් රාජ්‍යයක් තිබුණේ නැහැ. ඒ ඒ රජවරු වංශයේ නමින් හැඳින්වුණා. පාඨලීපුත්‍රය ප්‍රධාන කර ගත් මෞර්ය වාංශික රාජ්‍යයේ ජාතියක් තියා ජනකොටසක්වත් හිටියේ නැහැ. මිහිඳු හාමුදුරුවන් පැවිදි වීමට පෙර ගිහි කාලයේ ජාතිය හරි ජනවර්ගය හරි කුමක් ද?
පසුකාලීනවත් අප දන්නේ අර වාංශික මේ වාංශික රාජ්‍ය ගැන පමණයි. ඒ වාංශික රාජ්‍යවල දේශ සීමා නිරන්තරයෙන් වෙනස් වුණා. ඉන්දියාව නමින් ඊනියා ජාතික රාජ්‍යයක් බිහි කෙරුණේ 1947 දී ඉංගිරිසින් විසින්. ඊට පෙර භාරතයේ රටක් රාජ්‍යයක් තිබී නැහැ. දෙමළ රාජ්‍යයක් කොහොමටවත් තිබී නැහැ.
දකුණ
යන අර්ථය දෙන ද්‍රවිඩ සංස්කෘතියක් ඇති වංශ ගණනාවක් තිබී ඇති බව පැහැදිලියි. ද්‍රවිඩ ප්‍රදේශවල විවිධ භාෂා කත කෙරුණා. මලයාලම් දෙමළ කන්නඩ තෙළිඟු ඉන් ප්‍රධානයි. ඇතැම් විට එක් වාංශික රාජ්‍යයක විවිධ භාෂා කතා කරන ජනයා හිටියා. එමෙන් ම එක් භාෂාවක් කතා කරන ජනයා විවිධ වාංශික රාජ්‍යවලට අයත් වුණා.
පැරණි
චේර රාජ්‍යයේ දෙමළ මයාලම් භාෂා කතා කළ ජනයා සිටියා. ඒ රාජ්‍යය අද නම් කේරළය තමිල්නාඩු ප්‍රාන්තවල කොටස් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ රාජ්‍යයේ ප්‍රධාන නගරය කරූර් ලෙස හඳුන්වනවා. ඇතැම් විට වන්චි කියාත් හඳුනවනවා. අද ඒ නගරය තියෙන්නෙ තමිල්නාඩුවේ. වන්චි යන්න ඇතැමුන් කාංචිපුරම් ලෙස හඳුන ගෙන වෑරදි නිගමනවලට එනවා.
මෙරට
ඈත අතීතයේ සිට දෙමළ කියා හඳුන්වන්නේ දෙමළ ජනකොටසකට අයිති වූ අය නො වෙයි. සතුරා යන්න දෙමළ ලෙස ගෙන තියෙනවා. එළාර දෙමළ රජකු නොව පර්සියන් සම්භවයක් තිබූ අයෙක්. චේර පාණ්ඩ්‍ය චෝල විජයනහර් වාංශික රාජ්‍යවල දෙමළ කතා කරන ජනයා මෙරටට පැමිණ තියෙනවා. එමෙන් ම මලයාලම් බස කතා කරන ජනයාත් පෑමිණ තියෙනවා. මලයාලම් මිශ්‍ර දෙමළ කතා කරන ජනයාත් පැමිණ තියෙනවා. එ සියල්ලන් එක ම ජනකොටසකටවත් අයත් වූවන් නොවෙයි. ඒ අතර මෙරට සිටි සිංහලයන් දෙමළ බස කතා කරන කෝවියාර් නලවාර් ආදී කුලවලට ගොනු කර තියෙනවා.
අද
ඉන්න කලින් සිංහල නොවුණු දෙමළ ජනයා වැඩිපුර පැමිණ ඇත්තේ මලබාරයෙන්. ඒ කේරළ ප්‍රදේශය. මෙරට ඉන්න දෙමළ කතා කරන ජනයා ලන්දේසින් විසිනුත් ඉංගිරිසින් විසිනුත් හඳුන්වනු ලැබුයේ මලබාරයන් ලෙස. අද ජාතිවාදී කුලවාදී වෙල්ලාලයන් බහුතරය ලන්දේසින් විසින් ආනයනය කරනු ලැබූවන්ගෙන් පැවත එන්නන්. නැගෙනහිර හා වතුකරයේ දෙමළ කතා කරන ජනයා ඉංගිරිසින් විසින් ආනයනය කරනු ලැබූවන්ගෙන් පැවත එන අය. ඔවුන්ට පොදු අනන්‍යතාවක් නැහැ. ඔවුන් එක් ජනවර්ගයකට ජනකොටසකට අයිති නැහැ. මෙහි ඇති සරදම වෙල්ලාලයන් අනෙක් කුල පහත් කර සලකන අතර සිංහලයන්ට විරූද්ධ තම දේශපාලන වාසිය සඳහා ඔවුන් සියල්ලන් ම එකම ජනවර්ගයක් පමණක් නොව එක ම ජාතියක් ලෙස සැලකීම. ඉන්දියාවෙත් නැති දෙමළ ජාතියක මෙහි කොහින් ද?
කේරළයේ බෞද්ධ නටබුන්