කුරුන්දි දේශපාලන
කුරුන්දියේත් ඇත්තේ දේශපාලන. එහි දේශපාලනයක් නැහැ කියන්න බැහැ. අනෙක් අතට හැම දෙයක ම දේශපාලනයක් ඇත කියන කතාවෙන් මෙහි දී වැඩක් වෙන්නෙත් නැහැ. හුස්ම ගන්නා වායුව කන කෑම ආදී සියල්ල ම දේශපාලන තීන්දු මත රඳා පවතිනවා. කුරුන්දියේ දේශපාලන ගැන කතා කරන්නේ එවැනි අරුතකින් නො වෙයි.
කුරුන්දිය අද සංකේතයක් බවට පත් වෙලා. උතුරු හා නැගෙනහිර පළාත්වල සිංහල බෞද්ධ උරුමය රැක ගැනීම පිළිබඳ ප්‍රශ්නය අද කුරුන්දිය වටා කැරකෙනවා. ඉතා පැහැදිලි ව කුරුන්දියට ඉතිහාසයක් තියෙනවා. එය සද්ධාතිස්ස රජුගේ පුත් ඛල්ලාටනාග රජු විසින් කරවන ලද්දක්. එදා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවක් නොතිබූ බැවින් ඉන් පසු කිහිප වතාවක් ම සිංහල රජවරුන් විසින් කුරුන්දිය ප්‍රතිසංස්කරණය කෙරී තියෙනවා.
අද
ඉංගිරිසින්ගේ පුරා විද්‍යා නීති අනුව අපට අපේ අඛණ්ඩ සංස්කෘතික උරුම ගැන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ
අණසකට යටත් ව ක්‍රියා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අද එහි භික්‍ෂූන් වහන්සේට වැඩ ඉන්න තැනක් නැහැ. කලකට පෙර තියෙන්න ඇති. එසේ නොමැති ව කුරුන්දි චෛත්‍යය ආරක්‍ෂා වෙන්න විධියක් නැහැ. එහෙත් අද පොඩි ආවාස ගෙයක් හදන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. ඒත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව
ඒ භූමියේ ගිනි මැළ ගසා කිරි උතුරවනවාට විරුද්ධ වන්නෙ නැහැ.
එහි
දායකයන්ට එනම් සිංහල බෞද්ධයනට තම මුදල් වියදම් කර කිසිවක් කිරීම තහනම් කරලා. යමක් කරන්න පුළුවන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ
මුදල්වලින් පමණක් කියා රනිල් කියනවා. ඔහු එය කුරුන්දියට පමණක් සීමා කරලා නැහැ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතට එන හැම සිද්ධස්ථානයකට ම එය පොදුයි. එහෙත් ප්‍රශ්නය තියෙන්නෙ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට
වෙන් කරන මුදල් එහි සේවකයන්ට වැටුප් ගෙවීමට පමණක් ප්‍රමාණවත් වීම.
ඉන්
කියැවෙන්නෙ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට
අයත් කිසිම සිද්ධස්ථානයක් ප්‍රතිසංස්කරණය
කෙරෙන්නෙ නැහැ කියන එක. පුරා විද්‍යාවට තේරෙන්නෙ නැති සංකල්පය තමයි රටක අඛණ්ඩ සංස්කෘතික උරුමය හා ඒ රටේ ම තිබුණු වෙනත් සංස්කෘතික උරුම අතර ඇති වෙනස.
වාසනාවකට රුවන්වැලි සෑය පහුගිය සියවසේ ප්‍රතිසංස්කරණය
කෙළෙ. නැත්නම් එය තවත් නටබුන් විහාරස්ථානයක් ලෙස පවතින්න තිබුණා. අර උපාසකම්මා කෙනෙක් ඇහුවලු එහෙම තිබුණ නම් අපි වඳින්නෙ මොහොකට ද කියලා. අපි වඳිනවා කියන්නෙ ම ඒ අපේ අඛණ්ඩ සංස්කෘතික උරුමය කියන එක. බටහිර පුරා විද්‍යාවෙ අඛණ්ඩ සංස්කෘතික උරුමය කියන සංකල්පය නැතුව ඇති.
ඛල්ලාටනාග රජු ලයිට්හවුස් බාස්උන්නැහෙ කෙනෙක් නොවන බව පොත්තකුට්ඨ දැන ගෙන හිටියෙ නැතුව වෙන්න ඇති. වත්මන් ලයිට්හවුස් ඉතිහාසඥයන් කුරුන්දියෙ ශිවන් අයියනායක කෝවිලක් හැදුවෙ කවුද කියල දන්නවා ද? එහෙම කෙනකු ගැන යාල්පානම් වෛපව මාලෙයි පොතේ සඳහන් වෙනවා ද? පත්මනාදන් ඒ සම්බන්ධ සෙල්ලිපියක් හොයා ගෙන තියෙනවා ද? මේ තමයි කුරුන්දි දේශපාලන.
අද
දේශපාලනය කියන්නෙ හෙට දවසෙ ඉතිහාසය. අද ඉතිහාසය කියන්නෙ ඊයෙ දේශපාලනයට. දෙමළ වෙල්ලාල ජාතිවාදී දේශපාලනඥයන් හෙට දවසෙ ඉතිහාසයක් අද ලියන්න හදනවා. එයට ලයිට් හවුස් ආලෝකය සපයනවා. අද කළ යුත්තේ උතුරු හා නැගෙනහිර බෞද්ධ උරුමය රැක ගැනීම සඳහා සැලසුම් සහගත ව ක්‍රියාත්මක වීමයි.
අද
එයට හරහට සිටින ප්‍රධාන වෙල්ලාල දේශපාලනඥයා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්. ඔහුගෙ මුතුන් මිත්තන් ලංකාවට ඇවිත් තියෙන්නෙ 1658න් පස්සෙ. ඒ කාලෙ වෙන විටත් කුරුන්දියට අවුරුදු දෙදහකට කිට්ටුයි. පොන්නම්බලම්ට පුළුවන් ද ඔහුගෙ පරම්පරාවට 1658ට එහා යන ඉතිහාසයක් මේ රටේ පෙන්නන්න. වෙල්ලාල ජාතිවාදී කී දෙනෙකුට එහෙම පෙන්නන්න පුළුවන් ද? මට විජය කාලයට යන ඉතිහාසයක් පෙන්නන්න බැරි වුණත් දඹදෙණි යුගයට යන ඉතිහාසයක් වංස කතා අනුව ම පෙන්නන්න පුළුවන්.
ඊයේ
පෙරේදා ලංකාවෙ රටවැසිකම ලබාගත් අයකුට වුණත් මේ රටේ උරුමය ගැන කතා කරන්න පුළුවන්. එහෙත් වෙල්ලාල ජාතිවාදීන් කතා කරන්නෙ මේ රටේ උරුමයක් ගැන නො වෙයි. දකුණු ඉන්දියාවෙ තමිල්නාඩු ඉතිහාස උරුමය. මෙරට ලියැවුණු දෙමළ පොත් කීයක් ගැන කියන්න පුළුවන් ද?
සිංහල
භාෂාව ඉන්දු ආර්ය භාෂාවක් තමයි. එහෙම නැහැ, එය තනිකර ම මෙරට
ම නිපදවුණු භාෂාවක් යැයි කීමට තරම් උගත්කමක් මට නැහැ. මට තේරෙන විධියට එය පන්ජාබ ප්‍රදේශයේ භාෂාවක් හා බෙංගාල ප්‍රදේශයේ භාෂාවක් මිශ්‍ර වීමෙන් මෙරට ඇති කෙරුණු භාෂාවක්. සියල්ල ලොවට දුන්නේ අප යැයි කීමට මා ඉදිරිපත් වෙන්නෙ නැහැ.
දෙමළ
භාෂාව තනිකර ම අපට දකුණු ඉන්දියාවෙන් ලැබුණු භාෂාවක්. දෙමළ භාෂාවට මෙරටින් එකතු කෙරී ඇත්තේ කුමක් ද? වෙල්ලාලයන් ආඩම්බරයෙන් කතා කරන්නේ දකුණු ඉන්දියාවේ මදුරාසි සංස්කෘතිය ගැන. එහෙත් යාපනයේ දෙමළ ජනයා බහුතරයක් දෙමළ සංස්කෘතියට අවශෝෂණය කෙරුණු සිංහලයන්. සෙසු
අයගෙන් වැඩි කොටසක් පැමිණ ඇත්තේ මලබාරයෙන්.
කුරුන්දිය දේශපාලන ප්‍රශ්නයක් තමයි. කුරුන්දිය ආරක්‍ෂා කර ගැනීමට මිනිසුන් ප්‍රකෝප නොකරන සිංහල බෞද්ධයන්ට අවාසි සහගත නොවන වැඩ පිළිවෙළක් අරඹන්න ඕන. පොන්නම්බලම්ගෙ ගෙට ගල් ගහල ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න බැහැ. එවැනි ක්‍රියාවලින් වාසි වෙන්නෙ දෙමළ වෙල්ලාල ජාතිවාදීන්ට හා ලයිට්හවුස් බාස් උන්නැහෙලාට පමණයි.
අපට
වාසි සහගත වැඩ පිළිවෙළකට සකර්බර්ග් ආධාර කරන්නෙ නැහැ. සකර්බර්ග් ප්‍රකෝපකාරී වැඩට නම් සහාය දේවි. ඒ එයින් සිංහල බෞද්ධයන්ට අවාසිදායක තත්වයක් උදා වෙන නිසා. ඒ වගේ ම සසරක් ගැන විශ්වාසයක් නැති ව්‍යාජ ජාතිකවාදීන්ටත් කුරුන්දිය ආරක්‍ෂා කරන්න අවංක වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන්න බැහැ. ඔවුන් කරන්නෙත් වෙනත් දේශපාලනයක්.