අලි
කුලප්පුව හා පැවිිදි කිරීම
නුවර පෙරහැරෙ අලි කුලප්පු වෙලා. ඇතැම් වසරක එහෙම වෙනවා. ඒත් බොහෝ දෙනා තේරුම් ගන්නෙ නැති දේ තමයි අලි ඇතුන් සහිත ව, නිකම් ම නොව දන්ත ධාතුන් වහන්සේ රැගත් කරඬුව තබා ගෙන, එවැනි පෙරහැරක් සංවිධානය කරන එක මොන තරම් දක්‍ෂකමක් ද කියන එක. සිංහල බෞද්ධයන්ට පිළිවෙළකට සංවිධානාත්මක ව වැඩ කරන්න පුළුවන්. අවුරුදු දහස් ගණනක් තිස්සෙ ඒ බව පෙන්නල දීල තියෙනවා. පන්සලේ වැඩ කටයුතු කරන ආකාරය බලන්න, බැරි නම් නිරීක්‍ෂණය කරන්න. එකල අනුරාධපුරේට පැමිණි ජනයා ආපහු යෑමට පෙර සියල්ල පිරිසිදු කර යන බවට ඉංගිරිසි වාර්තා තියෙනවා. මගෙන් මූලාශ්‍ර අහන්න එපා.
දැන්
වෙලා තියෙන්නෙ එක් පැත්තකින් අපට බටහිර පිළිවෙළ අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගන්න බැරි එක. අනෙක් පැත්තෙන් සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතු වීම. ඒකත් එක විධියකට ගත්තොත් බටහිර පෞද්ගලිකත්වය අපට අවශෝෂණය කර ගන්න බැරි වීම. අපේ ලොකුම ප්‍රශ්නය අප නීතියකින් හික්ම වූ ජාතියක් නො වීම. අප හික්මවනු ලැබුයේ ධර්මයෙන්. ධර්මයට තිබූ තැන නැති කර අප නීතියෙන් හික්මවන්න බැහැ. ආගම්වල තියෙන්නෙ නීති. මනු නීිතියේ සිට වත්මන් බටහිර නීති දක්වා සියල්ල දේව වචන මත පදනම් වී විකාශය වූ පද්ධති. ආගමක්වත් දර්ශනයක්වත් නොවන බුදුදහම නීතිය මත නොව දහම මත පදනම් වූවක්.
අපට
බටහිර දැනුම අවශෝෂණය කර ගන්නත් බැරි වෙලා. අපට පුළුවන් බටහිර විවිධ ක්‍ෂෙත්‍රවල දාසයන් වීම පමණයි. අපේ ඊනියා විද්වතුන් පෙරහැර දවස්වල වෙනදාටත් වඩා කුලප්පු වෙනවා. ඔවුන් හැමදාමත් ඉන්නෙ කුලප්පු වෙලා. මද කිපිල ද කියා අහන්න එපා. ඒකත් එහෙම වෙන්න පුළුවන්. අලි වගේ නොවෙයි මිනිස්සු. මද කිපෙන්න කාලයක් වෙලාවක් නැහැ.
බටහිර
දැනුම මූලික වශයෙන් සේවය කරන්නෙ තම සංස්කෘතියට. එහි විශාල කොටසක් දෙවියන් වහන්සේ වෙනුවෙන්. කවුද දාර්ශනිකයකු කියල තියෙනවලු දෙවියන් වහන්සේ මැරිල කියල. එහෙම ද කියල මා දන්නෙ නැහැ. මා දාර්ශනිකයෙක් නම් නො වෙයි. විද්‍යාඥයකුවත් වීමට නොහැකි වූ මා කෙසේ නම් දාර්ශනිකයකු වම් ද? දෙවියන් වහන්සේ යළි ඉපදිලා ද කියල දාර්ශනිකයකුගෙන් ම තමයි අහන්න වෙන්නෙ. බෝන් අගේන් කියන්නෙ ඒක හින්ද ද කියල දන්නෙ නැහැ. ඒ ප්‍රශ්නය නිරාකරණය කර ගන්න මෙරට ඉන්න සුවාසුදහසක් දාර්ශනිකයන්ට බැරි වෙන්න විධියක් නැහැ.
කොහොමත් විද්වතුන් හා විද්වතියන් කුලප්පු වුණා ම අහන ප්‍රශ්නයක් තියෙනවා. පෙරහැරෙ අලි ගෙනියල අලින්ගෙ නිදහසට අකුල් හෙලන එක වටින්නෙ නැහැ නේ ද? අලින්නෙ අපේ වැඩ කිවුවලු. අලි අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයක් පිහිටුවා ගත්තොත් නරක ද? අවශ්‍ය නම් බලු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයක් හා තවත් එවැනි සංවිධාන පිහිටුවා ගන්න පුළුවන්. මා
කියන්නෙ බලු සංවිධාන නො වෙයි.
මේ
විද්වතුන්ට විද්වතියන්ට නරක ද අර සත්තු වත්තෙ ඉන්න සතුන්ගෙ අයිතිවාසිකම් ගැනත් හොයල බැලුව නම්. ඒක කරන්නෙ කොහොම ද? සත්තු වතු කියන්නෙ බටහිර සංකල්පයක්. ඔය සතුන් මවාලා තියෙන්නෙ හරි විකාශය වෙලා තියෙන්නෙ හරි මිනිසා වෙනුවෙන්. පරණ තෙස්තමේන්තුවට අනුව වුවත් ඩාවින්ට අනුව වුවත් අවසානයේ ඇති වෙලා තියෙන්නෙ මිනිසා. කොටින් ම කියනවා නම් ජීව අජීව සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය මිනිසා. ඉන් පසු මිනිසා දෙවියන් වහන්සේගේ කාර්ය භාරය ඉටු කරනවා. මිනිසාට ස්වභාව ධර්මය විනාශ කරන්නත් පුළුවන්. අපි කොහොම ද දන්නෙ මිනිසා ස්වභාව ධර්මය විනාශ කිරීමත් ස්වභාව ධර්මය ම ද කියලා. කාගෙන් ද ඒක අහන්නෙ. පරිසරවේදියකුගෙන්
අහමු ද?
ඒ්
කොහොම වෙතත් පඬියන්ට ලොකු ම ප්‍රශ්නය සිංහල බෞද්ධ සංස්කෘතිය. මේ ඉලවු සංස්කෘතිය හින්ද ඔවුන්ට වෙන වැඩක් කර ගන්න බැහැ. අඩු තරමෙන් අර විප්ලවය කර ගන්නවත් බැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියෙ ඇති අසාධාරණකම්වලට විරුද්ධ ව කොච්චර දේ කරන්න තියෙනවා ද? ඒ අසාධාරණකම් නිසා ඔවුන්ගෙ හිත් උණු වෙනවා. කඳුළු කඩා වැටෙනවා. පිහදාන්න අර විවේක් රාමස්වාමිවවත් ඇමරිකාවෙන් ගෙන්න ගන්න ඕන. ඔහු හින්දු භක්තිකයෙක් කියනවා. ජනාධිපති තනතුරට රිපබ්ලිකන් පක්‍ෂයෙන් ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක්
තියෙනවා. ඔහු ඇමරිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය වෙනුවෙන් පෙනී ඉන්නවා.
කොටින් ම කියනවා නම් ළමයින් මහණ කිරීමේ ප්‍රශ්නයේ සිට දහසක් ප්‍රශ්න. පහුගිය දා පඬියන් විසින් මහත්සේ වර්ණනා කෙරුණු ගණනාත් ඔබේසේකරත් ළමයින් මහණ කිරීමට විරුද්ධ වුණා කියනවා. ඔහු වෙන මොන අසාධාරණකම්වලට විරුද්ධ වෙලා තියෙනවා ද කියා දැන ගන්න නැහැ. ඒ වගේ ම ඔහු සංස්කරණය කළ සංකල්පයක් ප්‍රවාදයක් ගැනත් දැන ගන්න නැහැ. ඒ කොහොම වෙතත් ළමුන්ට ලැබෙන්නෙ සාමණේර පැවිද්ද. ඔවුන්ට අවශ්‍ය නම් උපසම්පදාව ලැබීමට පෙර උපැවිදි වෙන්න පුළුවන්. ඕන නම් උපසම්පදාවෙන් පස්සෙත් උපැවිදි වෙන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය නම් ඉන්පසු මහාචාර්ය පදවිත් ලබා ගන්න පුළුවන්. ඔවුන් සමාජයේ ගෞරවයටත් පාත්‍ර වෙනවා.
ඒත්
අපට බලහත්කාරයෙන් දෙන ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනය නිසා වෙන දේ ගැන හිත උණුවෙන්නෙ කාගෙ ද? මට කුඩා කළ මහණ වෙන්න ඕන කමක් තිබුණා. අපේ පියා ඒකට ඉඩ දුන්නෙ නැහැ. මට අර අධ්‍යාපනය ලබා ගන්න කිවුව. ඒ එතුමාගෙ වරදක් නො වෙයි. සමාජයේ හැටි. මා ඒ ක්‍රිස්තියානි අධ්‍යාපනය ලැබුවා. එහි මහණ වුණා කිවුවත් වරදක් නැහැ.
මට
එහි සුදුසුකම් නැති බව තේරුණා. මා එයින් කැඩුණා. ඒකත් එක විධියකට ගත්ත ම උපැවිදි වීමක් වගේ වැඩක්. ඉන් පසු සමාජය මා කොන් කළා. කොළඹ විශ්වවිද්‍යාලයෙන්
අස්කෙරුවා. අවුරුදු දහයක් රැකියාවක් නැතුව ඉඳලා නඩු කියල කැලණියට ගියා. එහි දි ද විද්වතුන් මට පරිභව කළා. රටේ ම විද්වතුන් මට මුග්ධයා කිවුවා. විහිළු කරුවකු කිවුව. මිථ්‍යා මතධාරියකු කිවුවා. කළහකරුවකු කිවුවා. ඔවුන්ගෙ භාෂාවෙන් නම් මා ලියන්නෙ ජෝක්. රාමනුජන් අදෘශ්‍යමාන බලවේගයකින් අදහස් ලබා ගත් බව මා මතක් කළ විට ඉංගිරිසියෙන් ලියන එක් ඊනියා වාම පඬිරුවනකට අනුව මා රාමනුජන් අවතක්සේරු කරලා.
මා අහන්නෙ සසුනේ උපැවිදි වීම නිසා කිසිවකු විශ්වවිිද්‍යාලයෙන් අස් කරනවා ද? උපැවිදි වීම විශ්වවිද්‍යාලයට ප්‍රශ්නයක් නො වේ යැයි කාට හරි කියන්න පුළුවන්. මෙහි ප්‍රශ්නය සමාජ ආධිපතෘය පිළිබඳවයි. අද මෙරට සමාජයේ පිළිගැනීමට උපැවදිිවීම බලපාන්නේ නැහැ. ආධිපත්‍යය ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට.