Main Logo

Sunday 12 November 2023

මට ඇති ක්‍රිකට් පිස්සුවක් නැහැ

 

මට ඇති ක්‍රිකට් පිස්සුවක් නැහැ

 

ක්‍රිකට් කියන්නේ ආගමක් කියන එක ඉන්දියාවේ ඇතැමුන් ගැන ජනමාධ්‍යවේදීන් කියන කතාවක් අනුකරණය කරමින් හදාගත් පඬි වාක්‍යයක් කියන එකයි මගේ හැඟීම. ඇතැම් බටහිර මාධ්‍යවේදියකු තමයිි ඉන්දියානුවන්ට ක්‍රිකට් ආගමක් කියා කිවුවෙ. මෙරට සමහරුත් අනුව ක්‍රිකට් අපේ ආගම කියල කියනවා. ක්‍රිකට් කියන්නෙ ආගමක් නම් එහි ප්‍රධාන දෙවොළ අද තියෙන්නෙ ඉන්දියාවෙ. ක්‍රිකට් ආගමක් කියන අයට මහා දෙවොලෙන්  කියල ආගම අදහන්න එපා කියලා. වඳින්න ගිය දේවාලෙ හිසෙ කඩා වැටීමක් තමයි වෙලා තියෙන්නෙ.

             

මා ක්‍රිකට් ගැන කතා කිරීම ඇතැම් ජාතිකවාදීන් හිතන්නෙ බටහිර ක්‍රීඩාවක් නගා හිටුවීමට කරන වෑයමක් කියලා. ඔවුන්ට අනුව මට ක්‍රිකට් පිස්සුවක් තියෙනවා. ඔවුන් කියන්නෙ ගම නගා හිටුවන්න වැඩ පිළිවෙළක් යෝජනා කරන්න කියල. අද ගමටත් ක්‍රිකට් ගිහින්. පන්සලෙත් ක්‍රිකට් බලනවා. මා ක්‍රිකට් ගැන ලියන්නෙ ක්‍රිකට් අද දේශපාලන කටයුත්තක් වෙලා තියෙන නිසා.

 

හැබැයි එක්තරා විධියකට ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාවේ ආගමකුත් තියෙනවා. ක්‍රිකට්  ඉස්සර කාලයෙ එංගලන්තය ක්‍රීඩා කරපු ක්‍රිකට්වලට වෙනස්. අද ක්‍රිකට් නැවත ඉපදිලා. පුනරුත්තපත්තිය විශ්වාස කළත් නැතත් කියන්නෙ ඉංගිරිසියෙන් නම් බෝන් අගේන්.

 

ක්‍රිකට් කණ්ඩායම් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හෙට අනිද්දා ප්‍රකාශයක් කරන්න යනවා කියනවා. රොෂාන් රණසිංහට ටිකක් අවධානයෙන් ඉන්න වේවි. එහෙත් මෙරට පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර ගත්තාට පසුවත් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනස් වෙලා නැහැ. බටහිර දේශපාලන පඬියන් කියන කාරණයක් තමයි රටක විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය ස්වාධීන කියල. මා හිතන්නෙ එය වෙනස් කරන්න ඕන කියා. විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය හා ක්‍රිකට් ආයතනය ස්වාධීනයි.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් කරන්නෙ දේශපාලනයක්. බලය ඇත්තේ කොතැන බල අරගල ඇත්තේ කොතැන එතැන දේශපාලනය තියෙනවා. මොටාවල මොන තරම් දේශපාලනයක් තියෙනවා ? අද ඇමරිකාවෙ මොටාවල දේශපාලනය විවෘතව ක්‍රියාත්මක වෙනවා. ඊශ්‍රායල හමාස් යුද්ධය හරහා. කොහොමටත් දැනුම පිළිබඳ ප්‍රශ්නයේ දී දේශපාලනය ක්‍රියාත්මක වෙනවා.

 

බොහෝ ජාතිකවාදීන්ට මට වඩා දේශපාලනය තේරෙනවා වෙන්න ඕන. ක්‍රිකට් ගැන කතා නොකර ගම ගැන කතා කරන්න කියන්නෙ නිසා වෙන්න ඇති. අද ගමේ දේශපාලනයට වඩා ක්‍රිකට් දේශපාලනය ඉස්මතු වෙලා. ඉන්දියාව තමයි අද ක්‍රිකට් පාලනය කරන ප්‍රධාන රට. අපේ ක්‍රීඩකයන් ඉන්දියාවට බය ගතියක් පේන්න තියෙනවා. අතර ඇතැම් ක්‍රීඩා ලෝලයන් තමන්ට ඉන්දියාවේ දී සිදු වූ ගැහැට ගැණත් කියා තියෙනවා. කෙතරම් දුරට සත්‍යය කියන්න මා දන්නෙ නැහැ.

 

කෙසේ වෙතත් වෙතත් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා ඇමති අතර ගැටුමක් කලක සිට ඇති බව පැහැදිලියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 නොවැම්බරයේ ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලයට දේශපාලන ඇඟිලි ගැසීම් ගැන පැමිණිලි කර තියෙනවා.  ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා 2023 මැයි 10 වැනි දා ලංකාවට පැමිණ තියෙනවා. ක්වාජා නිගමනය කර ඇත්තේ බැලූ බැල්මට දේශපාලන ඇඟිලි ගැසීම් එවකට නොතිබූණූ බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති කියන විධියට නම් ක්‍රිකට් කවුන්සිලය ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීම සහ තවත් දේ කරන්න  හැකි බව 2023 ජූලි මාසයේ කියා තියෙනවා, එහෙත් මෙරට ක්‍රිකට් සභාපතිගේ ඉල්ලීම පිට ක්‍රිකට් කවුන්සිලය එවැනි පියවරක් අරගෙන නැහැ.

 

එහෙත් ක්‍රික්ඉන්ෆො කියන්නේ වෙනත් කතාවක්. ක්‍රික්ඉන්ෆො කියන විධියට ක්‍රිකට් තහනම ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.

 

මෙහි සත්‍යාසත්‍ය බවවත් ක්‍රික්ඉන්ෆො  කවුරුන් වෙනුවෙන් පෙනී සිටිනවා යන්නවත් මා දන්නේ නැහැ, තිරයෙන් පිටුපස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට ඉහළ බලවතකු ආධාර කරනවා කියන්නත් මා දන්නේ නැහැ. මා ක්‍රික්ඉනෆො වාර්තාවෙ උපුටා ගත් කොටස් කිහිපයක් පමණක් මෙහි පළ කරනවා.

 

“Sri Lanka Cricket (SLC) president Shammi Silva has warned that the country could lose out on hosting the men's Under-19 WorldkYQkt| Cup in January and February if the ICC's suspension of SLC was not lifted. He also said the ICC wanted to suspend Sri Lanka back in July, but he prevented it.

 

However, ESPNcricinfo understands the ICC has not yet made a decision on the U-19 World Cup and will discuss the hosting of that tournament only at the next board meeting on November 21. It is learned that there was also no discussion within the ICC of suspending SLC in July.

According to Silva, ICC deputy chairman Imran Khwaja had taken special interest in potential political interference in Sri Lanka. "About five months ago, the ICC came here when there was news of political interference, and held an inquiry," Silva said. "Mr. Imran Khwaja met the minister and the president (of Sri Lanka), and told them the ICC would be taking it seriously if you don't properly control this. This [the suspension] is not something that happening in one or two days.

 

"Khwaja came on May 10. I later went to an ICC meeting from July 10 to 14. In their report, it says that Sri Lanka Cricket is being totally politically abused. Then they told me we have a few options: either we ban Sri Lanka, stop the cricket in Sri Lanka, or stop the money to Sri Lanka. I told them not to do that. So actually we were going to be suspended between July 10 and 14, and we [SLC officials] prevented it."

 

According to information that ESPNcricinfo has, it is only after SLC complained to the ICC about political interference in November 2022 that Khwaja travelled to Sri Lanka on a fact-finding mission. It is understood the ICC did not find prima facie evidence of direct interference at the time”

    

“It is Silva who is understood to have sought SLC's suspension, as a means of putting pressure on the Sri Lankan government. When asked directly about this at the press conference, he said: "I've already said this was something that was going to happen for five months. If I can pull strings like that, I've got to be an impressive person.”