සජිත්
රනිල්ට බය නැහැ
රනිල් විධායක ජනාධිපති ද නැත්නම් විධායක අගමැති ද? ඔහු පාර්ලිමේන්තුවේ ද ඉන් පිටත ද? රනිල් තරම් පාර්ලිමේන්තුවට එන විධායක ජනාධිපතිවරයකු හිටියේ නැහැ. ඔහුට පාර්ලිමේන්තුව අත්හැරලා යන්න බැරුව වගේ. මුදල් ඇමති ලෙස ඔහු අයවැය විවාදයට සහභාගි විය යුතුයි. එහෙත් වෙනත් අවස්ථාවලත් ඔහු පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වෙනවා.
ඔහු
ඊයේ පාර්ලිමේන්තුවට
එහි වැඩ කරන හැටි කියා දුන්නා. පැයක් පමණක් වෙනත් කරුණු සඳහා ගත කර ඉන්පසු න්‍යාය පත්‍රය අනුව වැඩ කළ යුතු යැයි ඔහු පාර්ලිමේන්තුවට කිවුවා. ඔහුට එසේ කියන්න ඇති අයිතිය කුමක් ද? සජිත් ඔහුට පාර්ලිමේන්තුව වැඩ කළ යුතු අන්දම කීමට බලයක් නැතැයි පැහැදිලි ව කිවුවා. එසේ කීම ඉතා වැදගත්.
මා
සජබ ආධාරකරුවෙක්වත්
හිතවතෙක්වත් නො වෙයි. සජබ ඉතා වැඩි පිරිසට කිිසිම ජාාතිකත්වයක් නැහැ. රනිල්දාසගෙ පක්‍ෂයෙ කිසිවකුටවත් ජාතිකත්වයක් නැහැ. යටත්විජිත නම් දන්නේ මීටර් සීය දුවන්න. බුද්ධිමති වෙනත් පඬි නැට්ටන් නැට්ටියන් මෙන් ම තම නැති බුද්ධිය ප්‍රදර්ශනය කරන්න හදනවා. ඇයට ඇත්තේ විජාතිකත්වයක්. රනිල්දාස ජූලි චං ඉදිරියේ චූං වෙන්න ගිහින් පී චං වෙලා. ඒ කුමක් වුවත් සජිත් ඊයේ පාරලිමේන්තුවේ දී රනිල්ට දෙකක් කියා දුන්නා.
සජිත්
මහින්දට බය වුණත් රනිල්ට බය නැහැ. ඒ ප්‍රධාන වශයෙන් ම ඡන්ද පදනම සමග බැඳිලා තියෙනවා. සජිත්ට තරගයක් ඇත්තේ මහින්දගේ පිළෙන් මිස රනිල්ගෙන්වත් රනිල්දාසගෙන්වත්
නො වෙයි. ඔහු අධිකරණ තීන්දුවක් වැරදියට අර්ථදක්වමින් මහින්දගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමට පෙත්සන් අත්සන් කරන්නේ එබැවින්. සජිත් ඊයේ පෙන්වා දුන්නේ රනිල් මැතිවරණයෙන් පරාද බව. රනිල් පාර්ලිමේන්තුවට
ආවේ ජාතික ලැයිස්තුවෙන්. ඔහු ජනාධිපති වුණෙත් මහජන ඡන්දයෙන් නොවෙයි. ඔහු පරගලයේ දරුවා. සජිත්ට රනිල්ට බයවෙන්න දෙයක් නැහැ.
රනිල්
ළඟක දී ඉඳන් කියන්න පටන් අරන් තමන් ඡන්ද පවත්වන බව. ඔහු ඡන්දු පවත්වන්න ඕන නැහැ. ඡන්ද කෙරෙන හැටි ව්‍යවස්ථාවේ ම සඳහන් වෙනවා. ඔහු ඡන්ද පවත්වනවා කියන්නේ රැවටීමට ද? ඔහු ඡන්ද නොපැත්වීමට සූදානම් වෙනවා ද? අපි උදාහරණයක් ලෙස ජනාධිපතිවරණය පිළිබඳ ව ව්‍යවස්ථාවේ දැක්වෙන ඇතැම් අනුඡෙදයක් පහත උපුටා දක්වමු.
“31
(3) ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම, ධුරය දරන ජනාධිපතිවරයාගේ
ධුර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුත්තේ ය.
(3අ) (අ) (i) මේ පරිච්ඡේදයේ ඉහතින් වූ විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් මගින් වැඩිදුර කාලයක් සඳහා තමා තෝරා පත් කර ගැනීමෙන් ධුරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනය කිරීමේ තම අභිලාෂය තම ප්‍රථම ධුර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත්වීමෙන් පසු යම් අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැක්කේ ය.
(ii)
(i) වැනි අනුඡේදය යටතේ ප්‍රකාශනයක් කරනු ලැබූ විට එය ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා වෙත කෙරන නියමයක් වන්නේ ය.”
ව්‍යවස්ථාව ඉතා පැහැදිලියි. රනිල් පත් කර ගනු ලැබුයේ පාළු කපන්න. ගෝඨාභය පත්වුණේ 2019 නොවැම්බරයේ. මීළඟ ජනාධිපතිවරණය
2024 සැප්තැම්බර් ඔක්තෝම්බර් මාසවල පවත්වන්න ඕන. ඒ තමයි අර කියන විධියට උත්තරීතර නීතිය. සමහර විට එය
වෙනස් කරන්න ජනාධිපතිට පුළුවන්. ඒත් එ ඡන්දය නොපැවැත්වීමෙන්
නොව 2024 සැප්තැම්බරයට කලින් පැවැත්වීමෙන්. දැන් ගෝඨාභය පත් කෙරි අවුරුදු හතරකට වැඩි නිසා රනිල්ට පුළුවන් ද ඉහත කී (3අ) (අ) () අනු වගන්තිය අනුව අද හෙට ම වුවත් ජනාධිපතිවරණයක්
කැඳවන්න. මෙහි ඇති ප්‍රශ්නය නම් රනිල් එක් වරක්වත් ජනතා ඡන්දයෙන් ජනාධිපති නොවීම. ව්‍යවස්ථාව අනුව 40 වගන්තිය යටතේ පත් වී ඇති ඔහුට ඒ බලය හිමි වෙන්නේ නැහැ. එබැවින් ජනාධිපතිවරණය
2024 සැප්තැම්බර් ඔක්තෝම්බර් මාසවල පැවැත්වෙන්න ඕන.
ඒ කුමක් වුවත් රනිල්ට ජනාධිපතිවරණය කල් දැමීමට අවශ්‍ය නම් වෙනත් ක්‍රමයක් හොයා ගන්න වෙයි. ඔහු කිසිවක් නොකර හිටියොත් ලබන වසරේ ඔහුගේ මැදිහත්වීමක් නොමැති ව ජනාධිපතිවරණය පැවැත්වේවි. ඔහු පවත්වන ජනාධිපතිවරණයක්
නැහැ. එය පැවැත්වෙනවා. එබැවින් රනිල් තමා ජනාධිපතිවරණය පවත්වන බව කියන්නේ කුමක් සඳහා ද? ඔහු ජනාධිපතිවරණය නොපැවැත්වීමට අවසර ගැනීමට අධිකරණයට යාවි ද? මා දන්නේ නැහැ.
ජේ
ආර් ලාම්පු කළගෙඩි සෙල්ලමකින් පාර්ලිමේන්තු වාරය කල් දමා ගත්තා මෙන් රනිල් ද සෙල්ලමක් කරාවි ද? මට ඒ ගැන නම් කිසිම බයක් නැහැ. පඬි නැට්ටන් ගීත කෝකිලාවුන් කෝකිලයන් විද්වතුන් පූජකවරුන් වටලප්පන් බිරියානි බෙදූවන් ආදීන් එකතු වී එවැන්නක් නැවැත්වීමට පරගලයක් කරාවි.