මනස භෞතික ශරීරය හා පුනබ්භවය
මෙටාවේ හා මොටාවේ විද්‍යාඥයන් ශාස්ත්‍රඥයන් බුද්ධිමතුන් මේ ලිපි කියවන්නේ නම් New Scientist සඟරාවේ පළ වූ මේ ලිපිය ඔවුන්ට වැදගත් වේවි. මෙය Consciousness ගැන ලියැවුණක්. Consciousness යන්න බුදුදහමෙහි කියැවෙන විඥානය නම් නො වෙයි. එයට ආසන්න වශයෙන් සිහිය කියන්න පුළුවන් කියා මා හිතනවා. නිදා ගත් විට සිහියක් කියා එකක් නැති වුණත් සාමාන්‍ය ව්‍යවහාරයෙහි පවතිනවා යන්න අනුව නම් විඥානයක් තියෙනවා. විඥානය නැති වන්නේ නිවන සම්මාබෝධ වුණු විට. විඥානයත් ඇත්තේ අවිද්‍යාව ඇත්නම් පමණයි. මා මෙහි ඇතැයි යන්න යොදා ගන්නේ ව්‍යවහාර අර්ථයෙන්. මේ සියල්ල මායාවන් පමණයි.
බටහිර
සමාජයීය විද්‍යාවන් කියා දෙයක් නැහැ. බටහිර ස්වාභාවික විද්‍යාවන් නම් තියෙනවා. එහි ප්‍රධාන විද්‍යාව භෞතික විද්‍යාව. රසායන විිද්‍යාව ඒ පසුපස වැටි වැටී යනවා. ජෛවීය විද්‍යාවන් නොන්ඩි ගසමින් යනවා. ඊනියා සමජයීය විද්‍යාවන්ට නොන්ඩි ගසමින්වත් යන්න බැහැ. මා කියන්නේ භෞතික විද්‍යාව උසස් ය කියන අරුතකින් නො වෙයි. එහෙත් බටහිර දැනුමේ නම් අග්‍ර ඵලය ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව.
ගණිතය
අද බටහිර දැනුමක් වුවත් එය ඊනියා විද්‍යාවක් නොවෙයි. එය ඊනියා ලෝකය සමග කිසිම ගණුදෙනුවක් නැහැ. බටහිර ගණිතයේ කෙරෙන්නේ යමක් හෝ යම් දේ (ඊනියා ප්‍රත්‍යක්‍ෂ හෙවත් ස්වසිද්ධි - Axioms) සත්‍ය
නම් ඇරිස්ටෝටලීය න්‍යාය යොදා ගනිමින් අනුමාන නීති අනුව යම් යම් නිගමනවලට එළඹීමයි. වරක් සුප්‍රසිද්ධ ගණිතඥයකු වූ හාඩි ගණිතයට සව්දිය පිරුවේ ගණිතයෙන් ලෝකයට ප්‍රයෝජනයක් නෙවේවා කියා. අර ස්වසිද්ධි සත්‍ය ද නැද්ද කියා හොයන්නේ බලන්නේ නැහැ. ඒ සත්‍ය නම් නිගමන සත්‍ය කියා කියනවා. එහෙත් සත්‍යය කියන්නේ කුමක් ද කියා නිර්වචනය කෙරෙන්නේ නැහැ.
බටහිර
භෞතික විද්‍යාව ඌනිතවාදයෙහි පදනම් වෙනවා. එහි කෙරෙන්නේ යම් ස්වසිද්ධියකට (මේ වචනයවත් ප්‍රත්‍යක්‍ෂය කියන වචනයවත් සුදුසු නැහැ. එහෙත් අප ඒ යොදා ගන්නවා) හේතුවක් ඉදිරිපත් කිරීමෙයි. ඒ හිතළුවක්. හිතළුව යොදා ගෙන සංසිද්ධි නිගමනය කරන්න පුළුවන් නම් හිතළුව පිළිගන්නවා. එය ගණිතයේ විලෝමයක් කියා කියන්න පුළුවන්. ගණිතයේ හිතළුවකින් (ස්වසිද්ධි) පටන් අරන් නිගමනයකට එළඹෙනවා. භෞතික විද්‍යාවේ සංසිද්ධියකට හිතළු ගොතනවා. හිතළුව වැඩ කරනවා නම් පිළිගන්නවා.
භෞතික
විද්‍යාවේ දී ඉදිරිපත් කෙරෙන හිතළු වැඩ කරනවා නම් ඒ හිතළු සංසිද්ධියේ හේතුව ලෙස සලකනවා. පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා කියනවා. පොල් වැටීමට හේතුව ගුරුත්වාකර්ෂණය බව කියනවා. එහෙත් ගුරුත්වාකර්ෂණය ඇත්තේ පොල් වැටෙන නිසා. අපට ඒ බව තේරුම් ගැනීමට අමාරු අප ඊනියා යථාර්ථයක් ඇතැයි සිතන නිසා. පොල් වැටීම ඊනියා යථාර්ථය. එයට ඊනියා හේතුව ගුරුත්වාකර්ෂණය . එයත් යථාර්ථය. මේ සියල්ල මායාවන්. මනස විසින් සංස්කරණය කෙරෙන කතා. මනසත් මායාවක් පමණයි. ඒ හා බැඳුණු ආත්මය වගේ කතාත් මායාවන් පමණයි.
මෙය
තේරුම් ගත හැක්කේ චක්‍රීය චින්තනයක මිස රේඛීය චින්තනයක නො වෙයි. රේඛීය චින්තනයේ ඇත්තේ හේතුවාදය. ඌනිතවාදයත් (reductionism)
එහි කොටසක් පමණයි. බුදුදහම හේතුවාදය මත පදනම් වූවක් නො වෙයි. එහි ඇත්තේ හේතුඵලය. ඉදින් එය ඇත්නම් මෙය වෙයි. ඉදින් එය නැත්නම් මෙය නො වෙයි. ලෝකය පවතින්නේ ද නැත. නොපවතින්නේ ද නැත. මෙය ඊනියා විඥානවාදයක්වත්
භෞතිකවාදයක්වත් නො වෙයි. අවශ්‍ය ම නම් පටිච්චසමුප්පදාය කියන්න. එය ඇත්නම් මෙය ඇත. එය නැත්නම් මෙය නැත. එයත් මෙයත් එකට උපදියි. මෙය
ඇතිවන්නේ පවත්නා එයක් නිසා නො වෙයි. මහායානිකයන්ට මේ කතාව තේරුම් ගන්න බැරි වුණා. ඔවුන් හිතුවේ පවත්නා දෙයක් නිසා තවත් පවත්නා දෙයක් ඇති වෙනවා කියා.
භෞතික
විද්‍යාව බටහිර විද්‍යාව් අග්‍ර ඵලය වන්නේ එය එක් හේතුවකට (හිතළුවකට) ඌනනය කිරීමට සමත් වෙන නිසා. අනෙක් විද්‍යාවන්හි එලෙස එක් හේතුවකට ඌනනය කරන්න බැහැ. මා ඌනිතවාදය හොඳයි කියනවා නො වෙයි. එහෙත්
භෞතික විද්‍යාව ඌනිතවාදයක්. ක්වොන්ටම් භෞතිකවාදයටත් ඉන් ගැලවෙන්න බැරි වුණා. බුදුදහමෙයි එක් හේතුවක් නැහැ. එහි ඌනිතවාදයකුත් නැහැ. අවශ්‍ය නම් එහි හේතු රාශියක් ඇතැයි කියන්න පුළුවන්. එහෙත් ඊට වඩා හොඳයි හේතුඵල වශයෙන් දැකීම.
බටහිර
සමාජයීය විද්‍යාවන් ද කලින් එක් හේතුවක් හොයන්න උත්සාහ කළා. මාක්ස් ද තැත් කෙළේ සමාජ විකාශය පංති සංකල්පයට ඌනනය කරන්න. ඔහු ඊනියා විද්‍යාත්මක සමාජවාදයක් ගැන කතා කළා. මා එහි ඊනියා විද්‍යාවක් නොවන බව දුටුවේ බර්ලින් තාප්පය බිඳ වැටීමට බොහෝ කලකට පෙර 1980 දී.
අද
වන විට ඊනියා සමාජයීය විද්‍යාඥයන් තේරුම් අරන් තියෙනවා කිසිම සමාජයීය විද්‍යාවක් හේතු කිහිපයකටවත් ඌනනය කරන්න බැහැ කියා. එය පශ්චාත්නූතනවාදයත් සමග සම්බන්ධ යැයි කියනවා. එහෙත් එය මහා බැරෑරුම් කතාවක් නොවෙයි. අද බටහිර ඊනියා පශ්චාත්නූතනවාදයක් බැරෑරුම් ලෙස සැලකෙන්නේ නැහැ. සමාජයීය විද්‍යාවන්ට අද භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසමින්වත් යන්න බැහැ.
බටහිර
විද්‍යාඥයන් සිහිය ගැන හදාරනවා. ඒ විඥානය හරි මනස හරි නො වෙයි. මෙරට ඇතැමුන් අසිහියෙන් කියවනවා සිහිය නැති වෙලාවට මනස විඥානය නැහැ කියා. මා නැත කියන්නේ පවත්නා යමක් නැහැ කියන අර්ථයකින් නො වෙයි. මේ සියල්ල මායාවන් පමණයි. ආත්මයත් මායාවක්.
මේ
ලිපියෙහි කතෘ කියන්නේ සිහිය එක් හේතුවකට ඌනනය කරන්න බැහැ කියා. සිහිය ගැන හැදෑරීමේ දී ඌනිතවාදය අහක දැමිය යුතු බව ඔහු කියනවා. සිහිය තේරුම් ගැනීමට මොළයේ රසායනය ගවේෂණයෙන් ඈතට යා යුතු බව කියැවෙනවා. ලිපියේ මාතෘකාවත් එයයි,
එහෙත්
මට එයට වඩා ප්‍රශ්න තියෙනවා. විඥානය මොන යම් ආකාරයකට හරි භෞතික ශරීරයට සම්බන්ධ ද? මොළයට හරි හදවතට හරි වෙනත් අවයවයකට හරි අවයවවලට හරි ඒ ඌනනය කරන්න පුළුවන් ද? විඥානය භෞතික ශරීරයෙන් ස්වායත්ත ද? මා හිතන්නේ එය වැදගත් ප්‍රශ්නයක්. විඥානය භෞතික ශරීරයට ඌනනය කළ හැකි බව පෙන්වුවහොත් පමණක් භෞතික
ශරීරය සමග බැඳී ඇති බව පෙන්වුවහොත් පමණක්
භෞතික ශරීරය මිය යෑමත් සමග සියල්ල කෙළවර වෙනවා කියන්න පුළුවන්. එනම් පුනබ්භවයක් සසරක් නැහැ කියන්න පුළුවන්. ගුණදාස අමරසේකරත් පුනබ්භවයක් විශ්වාස කරන්නේ නැහැ. ජාතිකවාදීන් අතර භෞතිකවාදීන් මෙන් ම විඥානවාදීන් ද උන්නවා. මා නම් විඥානවාදියකුවත් භෞතිකවාදියකුවත්
නො වෙයි.
Understanding Consciousness Goes Beyond Exploring Brain Chemistry
ND
NOVEMBER 7, 2023
5 MIN READ
Understanding Consciousness Goes Beyond Exploring Brain
Chemistry
We can account for the evolution of consciousness only if
we crack the philosophy, as well as the physics, of the brain
BY PHILIP GOFF
Consciousness
The science of consciousness has not lived
up to expectations.
Over the summer, the neuroscientist
Christof Koch conceded defeat on his 25-year
bet with the philosopher David Chalmers, a lost wager that the science of
consciousness would be all wrapped up by now. In September, over 100
consciousness researchers signed a public letter condemning one
of the most popular theories of
consciousness—the integrated information theory—as pseudoscience. This in turn
prompted strong responses from other researchers in the field.
Despite decades of research, there’s little sign of consensus on consciousness,
with several rival theories still in contention.
Your consciousness is what it’s like
to be you. It’s your experiences of color and sound and smell; your feelings of
pain, joy, excitement or tiredness. It’s what makes you a thinking, sentient
being rather than an unfeeling mechanism.
In my new book, entitled Why? The Purpose of the
Universe, I take head-on the question of why it’s so hard to make progress on
consciousness. The core difficulty is that consciousness defies observation.
You can’t look inside someone’s brain and see their
feelings and experiences. Science does deal with things that can’t be observed,
such as fundamental particles, quantum wave functions, maybe even other
universes. But consciousness poses an important difference: In all of these
other cases, we theorize about things we can’t observe in order to explain what
we can observe. Uniquely with consciousness, the thing we are trying to explain
cannot be publicly observed.
How then can we investigate
consciousness? Although consciousness can’t be directly observed, if you’re
dealing with another human being, you can ask them what they’re feeling, or
look for external indications of consciousness. And if you scan their brain at
the same time, you can try to match up the brain activity, which you can
observe, with the invisible consciousness, which you can’t. The trouble is
there are inevitably multiple ways of interpreting such data. This leads to
wildly different theories as to where
consciousness resides in the brain. Believe it or not, the debates we are
currently having in the science of consciousness closely resemble debates that were
raging in the 19th century.
There may be a way forward. I argue
that we can account for the evolution of consciousness only if we reject
reductionism about consciousness. Most consciousness researchers employ a
reductionist view of the universe, where physics is running the show. Thus
insofar as there are some future possibilities left open by the arrangements of
particles in our brains, they are settled by nothing more than the random
chanciness implicit in quantum mechanics.
Some challenges have lately emerged to
this reductionist paradigm. The neuroscientist Kevin Mitchell has argued that
the free will of conscious
organisms plays a role in determining what will happen in the brain, over and
above what is settled by the laws of physics. And the assembly theory of chemist Lee
Cronin and physicist Sara Walker decisively rejects reduction to
microscopic-level equations, arguing for a kind of memory inherent in nature
that guides the construction of complex molecules.
Evolution offers one of the strongest
challenges to reductionist approaches to consciousness. Natural selection only
cares about behavior, as it’s only behavior that matters for survival. Rapid
progress in AI and robotics has made it clear, however, that extremely complex
behaviour can exist in a system that entirely lacks conscious experience.
Natural selection could have constructed survival mechanisms:
complex biological robots able to track features of their environment and
initiate survival-conducive behavioral responses, without having any kind of
inner life. For any adaptive behaviour associated with consciousness, there
could be a nonconscious mechanism that instigates the same behaviour. Given all
this, it is a deep mystery why consciousness evolved at all.
Or rather, the evolution of
consciousness is a deep mystery under the reductionist paradigm, according to
which the behavior is determined at the micro level, making it irrelevant
whether or not consciousness pops up at higher levels. But suppose instead that
the emergence of biological consciousness brings into existence radically new
forms of behavior, over and above what physics alone could produce. Perhaps
organisms that have conscious awareness of the world around them, and thereby
freely respond based on that awareness, behave very differently than mere
mechanisms. Consequently, they survive much better. With these assumptions in
place, we can make sense of natural selection’s preference for conscious
organisms.
If consciousness does defy reduction,
this could revolutionize the science of consciousness. What it would
essentially provide is a new empirical marker of consciousness. If the neural
processes that correspond to consciousness have a novel causal profile, one
that could not be predicted—even in principle—from underlying chemistry and
physics, then this would amount to a giant “HERE IT IS!” in the brain.
Would we not have noticed already if
there were processes in the brain that didn’t reduce to underlying chemistry
and physics? The truth is we know very little about how the brain works. We know a lot
about the basic chemistry: how neurons fire, how chemical signals are
transmitted. And we know a fair bit about the large functions of various brain
regions. But we know almost nothing about how these large-scale functions are
realized at the cellular level. To an extent, abstract theorizing has stood in
for detailed neurophysiological investigation of what is actually going on in
the brain.
As a philosopher, I’m not opposed to
abstract theorizing. However, it’s crucial to distinguish the scientific
questions of consciousness from the philosophical questions. The scientific
task is to work out which kinds
of brain activity correspond to consciousness, and it’s this task that detailed
neurophysiological investigations—equipped to catch the HERE IT IS marker of
consciousness—will help us make progress on. But what we ultimately want from a
theory of consciousness is an explanation of why brain activity—of
whatever form—is correlated with consciousness in the first place. Because
consciousness is not an observable phenomenon, the “why” question is not one we
can make progress on with experiments. In Why? I develop a
radical form of panpsychism—the view that consciousness goes right down to the
fundamental building blocks of reality—aimed at addressing the philosophical
challenges of consciousness, as well as providing a framework for scientists to
make progress on the scientific issues.
We’re still not at first base in
dealing with consciousness. It requires working on many fronts, exploiting many
different areas of expertise. We need to let the philosophers do the philosophy
and the scientists study the brain. Each provides a different piece of the
puzzle. It is a pincer movement of science and philosophy that will,
ultimately, crack the mystery of consciousness.
This is an opinion and analysis
article, and the views expressed by the author or authors are not necessarily
those of Scientific American.
PHILIP GOFF is a professor of philosophy at
Durham University in the U.K. His research focuses on consciousness and the ultimate nature of
reality. Goff's books include Why? The Purpose of the
Universe, Galileo's Error:
Foundations for a New Science of Consciousness, Consciousness and
Fundamental Reality and Is Consciousness
Everywhere? Essays on Panpsychism.