අපේ
බුදුදහම හා අපේ හාමුදුරුවෝ
අද ඇතැමුන්ට අනුව භික්‍ෂූන් වහන්සේලා සංගෙලා එහෙමත් නැත්තන් කහකඩයන් සිවුරු පොරව ගත් හිඟන්නන්, මෙරට හාමුදුරුවරුන් උගතුන් නො වෙයි, උන්වහන්සේලා බටහිර දාර්ශනිකයන් ගැන දන්නේ නැහැ, බටහිර දර්ශනය, විද්‍යාව, අර්ථ ශාස්ත්‍රය ආදී කිසිවක් දන්නේ නැහැ. එසේ කියන්නවුන් උගතුන් බුද්ධිමතුන් දාර්ශනිකයන් විද්‍යාඥයන් මනෝ චිකිත්සකයන් මනෝ විශ්ලේෂකයන් දේශපාලන විද්‍යාඥයන් කලාකරුවන් සාහිත්‍යධරයන් සහ තවත් අය. ඔවුන්ගේ නම් ජාත්‍යන්තර බුද්ධිමතුන් තුඩ තුඩ පවතිනවා. සමහර දෙනකුට හෙට අනිද්දා නොබෙල් තෑග්ග හා වෙනත් ජාත්‍යන්තර ව පිළිගත් තෑගි සම්මාන ලැබීමට නියමිතයි.
කවුරුත් දන්නා පරිදි මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණි අයෙක්. මා උගතකුවත් බුද්ධිමතකුවත් ජාත්‍යන්තරයේ ඉහළ වැජඹෙන ප්‍රාඥයන් සමග කතාබස් කරන අයකුවත් ඔවුන්ගේ නියෝජිතයකුවත් නො වෙයි. ඒත් මා දන්නා දෙයක් තියෙනවා. ඒ හාමුදුරුවරුන් නැත්නම් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් නැති වෙන බව. අද හාමුදුරුවරුන්ට විරුද්ධ ව කතා කරන පඬි නැට්ටන්ට ඔය කියන අධ්‍යාපනය ලබා ගැනීමටත් නිදහස් අධ්‍යාපනය උපකාර වූ බවත් ඒ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හාමුදුරුවරුන් විශාල කාර්යභාරයක් ඉටු කළ බවත්.
මාත්
නිදහස් අධ්‍යාපනය නිසා බටහිර අධ්‍යාපනයක් ලැබූ අයෙක්. නිදහස් අධ්‍යාපනය ලබා දීමේ දී අප කළ ප්‍රධාන වරද බටහිර අධ්‍යාපනයක් පමණක් ලබා දීමයි. අපේ පියා ඒ දැනගෙන දෝ මා පන්සල් පොත් කියවීමට පන්සලට යැවුවා. එමගින් මට අපේ අධ්‍යාපනය ගැනත් යම් වැටහීමක් ලබා ගැනීමට හැකි වුණා. එහෙත් මා කිව යුතු කරුණ නම් අපේ අධ්‍යාපනයේ විචාරය එහෙමත් නැත්නම් ප්‍රශ්න කිරීම නැති වී ගොස් ඇති බව.
අද
බටහිර දැනුම් ආධිපත්‍යයක් ලෝකයේ තියෙන්නේ. එහි ප්‍රශ්න කිරීම එක් ප්‍රධාන ලක්‍ෂණයක්. ඉන් කියැවෙන්නේ මෙරට බටහිර අධ්‍යාපනයක් ලබා ඇති පඬි නැට්ටන් ප්‍රශ්න කරන බව නො වේ. ඔවුනුත් අවසාන වශයෙන් ගත් කල සිංහල බෞද්ධ සංස්කෘතියේ බිහි වූවන්. ඔවුන් ප්‍රශ්න අහන්න දන්නේ නැහැ. ඔවුන් බටහිර ගුරු කුල අනුව බෙදී බොරු ශාස්ත්‍රීය සාකච්ඡා පවත්වනවා. එහෙත් ඒ එක ශාස්ත්‍රීය සාකච්ඡාවකින්වත් කිසිම අලුත් දැනුමක් අභිසංස්කරණය වෙන්නේ නැහැ. බටහිර කෙරෙන සාකච්ඡාවල අවර ගණයේ අනුකරණවලින් බිහි වෙන අලුත් දැනුම මොකක්ද?
මේ
අනුකාරකයන්ට පුළුවන් පිටින් ඉඳන් සිංහල බෞද්ධ සංස්කෘතිය විවේචනය කරන්න. බටහිරයන් තම සංස්කෘතිය සභ්‍යත්වය විවේචනය කරනවා ප්‍රශ්න කරනවා. ඒත් ඒ සංස්කෘතිය තුළ ම. අපත් සිංහල බෞද්ධ සංස්කෘතිය දැනුම ප්‍රශ්න කරන්න ඕන. බොහෝ කලකට ඉහත දී අප ඒ කර තියෙනවා. එහෙත් පස්වැනි සියවසෙන් පමණ පසුව ඒ අත්හැර දමලා ග්‍රන්ථාරූඪ දැනුම සෘෂි භාෂිතයක් බවට පත් කරගෙන.
අද
මෙරට පඬි නැට්ටන් සිංහල බෞද්ධ සංස්කෘතිය හා දැනුම ඊනියා ප්‍රශ්න කිරීම්වලට ලක් කරන්නේ බටහිර ආධිපත්‍යයට යට වෙලා. මෙරට ඊනියා උගතුන්ට බුද්ධිමතුන්ට සමාජයේ පිළිගැනීමක් ලැබෙනවා. ඒ සමාජයත් පොදුවේ ගත් කල බටහිර අධ්‍යාපන ආධිපත්‍යයට යට වී ඇති නිසා. බටහිර ආධිපත්‍යයට යට වී සිංහල බෞද්ධ සංස්කෘතියට දැනුමට පහර ගසන්නන්ට සමාජයේ යම් පිළිගැනීමක් ලැබෙනවා.
මගේ
ශක්තිය මා උගතකු බුද්ධිමතකු නොවීම පමණක් නො වෙයි. මා සමාජයෙන් පිළිගැනීමක් අපේක්‍ෂා නොකිරීමත් මට ශක්තියක්. ලංකාවේ පඬි නැට්ටන්ට මා මැන්ටලයක්. මිථ්‍යා මතධාරියෙක්, පසුගාමියෙක්, මොංගලයෙක්, වැඩ බැරි ටාසන් කෙනෙක්, රාජපක්‍ෂලාට කඩේ යන්නෙක් සහ තවත් දේ. මාක්ස්වාදී ජාතිකවාදීන්ට මා විඥානවාදියෙක් සහ තවත් දේ.
එහෙත්
ඒ එකක්වත් මට ප්‍රශ්න නො වෙයි. මට සම්භාවනීය අවමංගල්‍යයක් අවශ්‍ය නැහැ. බොහෝ විට මා මිය යනු ඇත්තේ ඇමෙරිකාවේ. බයිඩ්න්වත් ට්‍රම්ප්වත් එඩ් විට්න්වත් පර්ල්මටර්වත් රීස්වත් අවමංගල්‍යයට එන්නේ නැහැ. ආරාධනා කෙරෙන්නේත් නැහැ.
මා
සිංහල බෞද්ධ සංස්කෘතිය පමණක් නොව දැනුමත් ඇතුළතින් විවේචනය කරනවා. නිවන මට අවබෝධ කර ගන්න පුළුවන්. එත් සම්මාබෝධයක් නැහැ. නිවන කියන්නේ තණ්හාව නැති කිරීම කියා මට වල්පොල රාහුල හිමියන් කියා ඇති දේ හරි චතුරාර්ය සත්‍යයේ කියා ඇතැයි කියන දේ හරි පුනරුච්චාරණය කරමින් කියන්න බැහැ. මහාවංසයේ නොකියැවෙන දේ ගැන මා කතා කරනවා. එහෙත් එසේ කීම ගැන බොහෝ දෙනා කැමති වන්නේ නැහැ. බොහෝ ජාතිකවාදීන් ඒ සම්බන්ධයෙන් මට විරුද්ධයි. බුදුදහම මා අගය කරන්නේ එය දැනුම නොදැනුම බවට පත්කර සසර කෙළවර කිරීමට උගන්වන නිසා. අනෙක් පද්ධතීන් සියල්ල දැනුම එකතු කිරීමට කැස කවද්දී බුදු දගම දැනුමත් අත්හැරීමට කියා දෙනවා. ඒ අනන්‍යයයි.
අප
බුදුදහම එක්තරා අවස්ථාවක තිබු තත්වයෙන් ආරක්‍ෂා කර ගෙන තියෙනවා. අවුරුදු එක්දහස් පන්සීයකට අධික කාලයක් එසේ කිරීම වැදගත්. එහෙත් අප අමතක නොකළ යුත්ත නම් අප ආරක්‍ෂා කර ගෙන ඇත්තේ එක්තරා යුගයක, අවස්ථාවක ථෙරවාදී ලෝකයේ පැවති බුදුදහම බව.