කාශ්‍යප රාජසිංහ හා මහින්ද රාජපක්‍ෂ
අද මහින්ද රාජපක්‍ෂගේ උපන් දිනය. අදට වයස හැත්තෑ අටයි. මට ඊයේ ඔහු හමු වුණා. ඒ අමරසේකර අභිනන්දන උපහාර උළෙලේදී. පඬි නැට්ටන් ජෙප්පන් සෙප්පන් හා තවත් අය කියාවි මේ ලිපියත් රාජපක්‍ෂලාට කඩේ යාමක් කියා. මෙටාවෙ හා මොටාවෙ අය දන්නෙ රාජපක්‍ෂලාට කඩේ යෑම යම් වරප්‍රසාදයක් ලබා ගැනීමට ස්තෝත්‍ර ගැයිම රනිල් විසින් රාජපක්‍ෂලා ආරක්‍ෂා කරනූ ලැබීම වැනි කට ගාත් වාක්‍ය ඛණ්ඩ කිහිපයක් මගින් දේශපාලනය ගැන කියවන එකයි. අමරසේකර උළෙලට මහින්ද පැමිණියේ කඩේ යෑමට හිලවුවට නො වෙයි. අප ගෝඨාභය රාජපක්‍ෂත් බලාපොරොත්තුවෙන් සිටියා. අද උදේ එතුමා මට කතා කර කියා සිටියා තමන්ට ආරාධනය නො ලැබුණු බවත් දැන ගෙන හිටියා නම් පැමිණෙන බවත්. යම් අතපසුවක් නිසා ආරාධනය නොලැබී ඇති බවයි ඉන් කියැවෙන්නේ.
මට
ඕනෑම දෙයක් බයක් සැකක් නැතුව කියන්න පුළුවන්. මා ජීවත් ව සිටිය දී මෙරටින් කිසිම සම්මානයක් පිළිගැනීමක් මිය ගිය පසු සම්භාවනීය අවමංගල්‍යයක් බලාපොරොත්තු වන්නේ නැහැ. මා දැන් වැඩි කාලයක් ජීවත් වන්නේ ඇමරිකාවේ. බොහෝ විට මා එහි දී ම මිය යාවි. මේ රටේ ඉතිහාසයේ අපහාසයට අවඥාවට ලක් වූ රාජ්‍ය නායකයන් තිදෙනකු ඉන්නවා. දෙදෙනකු ජීවතුන් අතර නැහැ. ඒ සීගිරි කාශ්‍යප හා සීතාවක රාජසිංහ. ජීවත් ව සිටින්නා මහින්ද රාජපක්‍ෂ. පළමු දෙදෙනා පීතෘ ඝාතකයන් ලෙස අවමනට පත් කෙරුණා. තුන්වැන්නා හොරකු බවට ප්‍රචාරයක් ගෙන ගියා.
මා
අද උදේ එක්තරා භික්‍ෂූන් වහන්සෙ නමකට කතා කළ අවස්ථාවේ උන්වහන්සේ සඳහන් කෙළේ පළමු දෙදෙනා සම්බන්ධයෙන් භික්‍ෂූන් වහන්සේ බුදුන් වහන්සේ අනුගමනය කර නැති බවයි. උන්වහන්සේගේ මතය වුණේ බුදුන් වහන්සේ පීතෘ ඝාතක අජාසත් අත් නොහැරිය බවයි. මට ඇත්තේ තරමක වෙනස් මතයක්. ඒ දෙදෙනා පීතෘ ඝාතකයන් නොවන බව. සීතාවක රාජසිංහ පීතෘ ඝාතකයකු බව ඔහුගේ පරම සතුරන් වූ පෘතුගීසීන් කියන්නේ නැහැ. පීීතෘ ඝාතක කතාව සීතාවක ජනතාව විශ්වාස කරන්නේත් නැහැ. මේ කතාව ප්‍රචාරය කෙළේ කවු ද කාගේ වුවමනාවට ද? සීතාවක රාජසිංහගේ මව ක්‍ෂත්‍රිය කුලයේ නො වී ද? ඒ කෙසේ වුණත් සීතාවක රාජසිංහ බටහිර ජාතියක් පරාජය කළ පළමු ආසියාතිකයා. දෙවැන්නා ඔහුගේ සමකාලීනයකු වූ විමලධර්මසූරිය රජු.
සීගිරි කාශ්‍යප ගැනත් ඇත්තේ එවැනි ම කතාවක්. එහි දී නම් කතාව පැහැදිලියි. මුගලන්, මා හිතන විධියට පවුලත් සමග ඉන්දියාවට (එකල එනමින් රටක් නොවූවත් අපි එලෙස හඳුන්වමු.) පැන ගොස් එහි අවුරුදු දහඅටක් ජීවත් වීමෙන් ම පැහැදිලි වෙනවා ඔහු නඩත්තු කරනු ලැබුයේ කවුරුන් විසින් ද යන වග. එකලත් අද මෙන් ම මෙරට ඉන්දීය බලපෑම තදින් තිබූ කාලයක්. ඉන්දියාව සිගිරි කාශ්‍යපට විරුද්ධ ව මුගලන් හා පවුල නඩත්තු කළේ නිකමට වෙන්න බැහැ. සීගිරි කාශ්‍යප එකල මෙරට තිබූ ඉන්දීය බලපෑමට විරුද්ධ ව විශාල මෙහෙයක් ඉටු කළ අයෙක්.
මෙරට බටහිර ජාතියක් පරාජය කළ තුන්වැන්නා මහින්ද රාජපක්‍ෂ. ඔහුගේ විශේෂත්වය ඔහූ ඒ සමග ඉන්දියාව ද පරාජය කිරීමයි. එසේ බැලූ කළ බටහිර මෙන් ම ඉන්දියාවද එක විට පරාජය කළ ප්‍රථමයා මහින්ද රාජපක්‍ෂ. මා එසේ කියන්නේ කොටි සහ දෙමළ වෙල්ලාල ජාතිවාදී ත්‍රස්තවාදය බටහිර හා ඉන්දියාව අනුග්‍රහයෙන් පවත්වා ගෙන ගිය එකක් නිසා. මහින්ද රාජපක්‍ෂ ඉන්දියාව සමග කළ ගණුදෙනුව මා 2018 සැප්තැම්බර් 20
ලියූ ලිපියකින් පැහැදිලි වෙනවා. එහි කොටසක් පහත පළ කරනබා.
“2008
ජනවාරි වන විට හමුදා මෙහෙුම් සාර්ථක ව කෙරී ගෙන ගියා. ටික කලෙකින් හමුදාව කිලිනොච්චියට ඇතුල් වුණා. මා ඉන් පසු සර්ව පාක්‍ෂික නියෝජිත සමුළුවේ කටයුතුවලට සහභාගි වුණේ නැහැ. සමුළුවෙන් අවසාන වාර්තාවක් නිකුත් වුණෙත් නැහැ. මා සමුළුවේ කටයුතුවලට කිලිනොච්චියෙන් පසුු සහභාගි නො වූයේ හමුදා මෙහෙයුම් සාර්ථක වන බවට මට විශ්වාසයක් තිබූ හෙයින් තවදුරටත් කල් මැරීමක් අවශ්‍ය නොවූ නිසා. විශේෂයෙන් ම ආරක්‍ෂක ලේකම් වූ ගෝඨාභයට හා හමුදාපති සරත් ෆොන්සේකාට කොටි පරාජය කළ හැකි බවටත් ඔවුන් නොවැනෙන පුද්ගලයන් බවටත් ඔවුන්ට ඉන්දියාවත් සමග විශේෂ සම්බන්ධකම් නොතිබූ බවත් ඒ නිසා කාගේවත් බලපෑමකට යටත් නොවී ඔවුන් එය කරන බවටත් මට විශ්වාසයක් තිබුණා. අද සරත් ෆොන්සේකා කුමක් කළත් එදා ඔහු තම කාර්යභාරය නිසි ආකාරයෙන් ඉටු කළා. ගෝඨාභය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඔහු කොටි පැරදවීම ගැන දැඩි විශ්වාසයක් ඇතිව කටයුතු කළා. මෙහි දී මෛත්‍රිපාල තමන් අවසාන සති දෙකේ දී වැඩ බලන ආරක්‍ෂක ඇමති ලෙස කොටි පැරදවූ බවටත් ගෝඨාභය රටෙන් පිට ව සිටි බවටත් කියන කතා ප්‍රාථමික පාසල් සිසුවකුගේ ප්‍රකාශ පමණයි.
මේ
කාලයේ තමයි ලලිත් වීරතුංග කියන විධියට මෙරට ඉන්දීය මහා කොමසාර්ස් ආලෝක් ප්‍රසාද්ට ට්‍රොයිකාව පිළිබඳ අදහස
ඇවිත් තියෙන්නෙ. එය මහා කොමසාරිස් ගෙ අදහසක් ද ඉන්දීය ආණ්ඩුවේ අදහසක් ද යන්න කියැවෙන්නේ නැහැ. එහෙත් ඉන්දීය ආණ්ඩුවේ අනුමැතියක් නොමැතිව මහා කොමසාරිස් එවැනි අදහසක් ලංකාණ්ඩුවට යෝජනා කරාවි යැයි හිතන්න බැහැ. ඉන්දියාවට ට්‍රොයිකාව පත් කිරීමට අවශ්‍ය වුණේ ඇයි?
සියලු
කාරණා සැලකු විට පැහැදිලි වන කරුණ තමයි ඉන්දියාවට අප කළමනාකරණය කිරීමට අවශ්‍ය වූ බව. අප ඉන්දියාව කළමනාකරණය කළා නොව ඉන්දියාව අප කළමනාකරණය කළා. ඉන්දියාවට නොපෙනී යන්න විධියක් නැහැ අපේ හමුදා වැඩි කල් යෑමට පෙර කොටි පරාජය කරන බව. එසේ වුවහොත් ඔවුන්ට පැහැදිලි වන්න ඇති දෙමළ ජාතිවාදය ද පරාජය වන බව. එය තමයි හමුදා මෙහෙයුම්වල ස්වභාවය. හමුදා විසඳුම් ද දේශපාලන විසඳුම්. හමුදාව කටයුතු කරන්නේ දේශපාලන නායකත්වයකින්. හමුදාවෙන් කෙරෙන්නේ දේශපාලන වුවමනාවන්. හමුදාව කොටි පරාජය කිරීම දේශපාලන විසඳුමක් බව ඉන්දියාවේ කෞටිල්‍යයන් තේරුම් ගන්න ඇති. මෙරට පඬියන් පඬි පෝතකයන් පෝතිකාවන් මුහුුණු පොතේ විකාර ලිව්වාට අපේ හමුදාව කොටි පරාජය කිරීමත් සමග දෙමළ ජාතිවාදය අවසන් වන බව කෞටිල්‍යයන් දැන ගන්න ඕන. ඉන්දියාව ට්‍රොයිකාව පත් කර ගත්තේ මේ තත්වය වැළකීමටයි. ඉන්දියාවට එදත් අදත් අවශ්‍ය දෙමළ ජාතිවාදය පවත්වාගෙන යෑමයි. ඔවුන්ට අප රටට ඇඟිලි ගෑසීමට දෙමළ ජාතිවාදය අවශ්‍යයි. ට්‍රොයිකාව ඇති කෙළේ හමුදාව කොටි පරාජය කිරීම පාවා දී එය නිෂේධ කිරීමටයි. අවසානයේ 2009 මැයි 21 වැනි දා සිදු වූයේ එයයි. මැයි 19 වැනි දා දෙමළ ජාතිවාදය පරාජය කිරීම එක්
ලියවිල්ලකින් නිෂේධ වුණා."
මෙහි
සඳහන් ලියවිල්ල ඉන්දියාවේ තිදෙනකුගෙන් හා ලංකාවේ තිදෙනකුගෙන් සමන්විත හයදෙනකුගේ මඬුල්ලකින් නිකුත් කළ එකක්. එහි ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ නායකත්වය දැරුවේ බැසිල් රාජපක්‍ෂ. ඒ ලියැවිල්ල අනුව දහතුන්වැනි සංශෝධනයට එහා යන විසඳුමක් ක්‍රියත්මක කිරීමට ලංකාව පොරොන්දු වුණා.
මෙහි
ඇති වැදගත්කම මහින්ද රාජපක්‍ෂ ඒ පොරොන්දුව ක්‍රියාත්මක නො කිරීමයි. ඔහු බටහිරටවත් ඉන්දියාවටවත් හිස නැමුවේ නැහැ. අපට මතක් වෙනවා ඔහු ඇඹිලිපිටියට බිරිතානි හා ප්‍රංශ විදේශ ඇමතිවරුන් ගෙන්වා ඔවුන්ට සැලකූ ආකාරය. එහූ
මහින්ද රාජපක්‍ෂට පීිතෘ ඝාතක චෝදනා ඉදිරිපත් කිරීමට බැහැ. ඔහුට විරුද්ධ ව හොරා චෝදනාව ඉදිරිපත් කෙළේ කිසිම හොරකු නැති රටකයි. බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය වූයේ මහින්ද හා ගෝඨාභය දේශපාලනයෙන් ඉවත් කිරීමයි. අද එහි දෙවැනි පියවර ක්‍රියාත්මක වෙනවා.
ආර්ථික අර්බුදයට රාජපක්‍ෂලාගේ නොසැලකිල්ල හේතු වූ බව සඳහන් වන නඩු තීන්දුවක් මත පදනම් වෙමින් මහින්දගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීමට කටයුතු කරන්නේ සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීම සිහි ගන්වමින්.
මහින්ද රාජපක්‍ෂට දීර්ඝායු පතනවා.