Main Logo

Friday 10 November 2023

දැවී ගියත් රනිල් කඩුල්ලේ - මතක් වෙන්නේ කැකිල්ලේ

 

දැවී ගියත් රනිල් කඩුල්ලේ - මතක් වෙන්නේ කැකිල්ලේ

 

ඊයේ හොඳ දවසක්. පාර්ලිමේන්තුවේ පොදු ජන පෙරමුණත් ඉන් සුවාදීන වූ පක්‍ෂත් සමගි ජන බලවේගයත් රනිල්ට විරුද්ධ එකතු වුණා. දෙමළ හා මුස්ලිම් පක්‍ෂ ක්‍රියා කෙළේ කෙසේ යන්න ගැන මට නිච්චියක් නැහැ. එහෙත් ජාතික ජන බලවේගය සුපුරුදු පරිදි රනිල් රැක්කා. යටත්විජිතගේ කතාව රනිල් ආරක්‍ෂා කිරීම සඳහායි. ඔහු අතුරු කමිටුව විවේචනය කළා. ඡන්දය විමසන අවස්ථාවේ ඔහුවත් පී චං රනිල්දාසවත් බුද්ධිමතීවත් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ.

 

මා හිතන්නේ කතානායක වරදක් කළා කියා. ඉතා පැහැදිලි ඔහුට ඡන්දය විමසීමට වුවමනාවක් තිබුණේ නැහැ. යෝජනාව ආණ්ඩු පක්‍ෂයේ හා විරුද්ධ පක්‍ෂයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස අර්ථදැක්වීම වැරදියි. සජිත් යෝජනාව ඉදිරිපත් කළත් නිමල් සිරිපාල එය ස්ථිර කළත් එයින් එය ඊනියා ඒකාබද්ධ යෝජනාවක් වන්නේ නැහැ. ජාජබ මුස්ලිම් පක්‍ෂ දෙමළ පක්‍ෂ පමණක් නොව පොහොට්ටුවේ ඉන්න ලන්සා වැනි රනිල්වාදීන් යෝජනාව සම්බන්ධයෙන් කෙසේ ඡන්දය දෙන්නේ දැයි දැන ගැනීමට ඊනියා ජනතාවට අවශ්‍ය වුණත් නැතත් වාර්තාගත වීම සඳහා වැදගත්.

 

මා රොෂාන් රණසිංහ හඳුනන්නේ නැහැ. මගේ මියගිය ඥාතියකු නම් ඔහු දැන හිටියා. මා හිතන්නේ මා රොෂාන් දැක ඇත්තේ ඥාතියාගේ දියණියගේ විවාහ මංගල්‍යය අවස්ථාවේ දී පමණයි කියා. එහෙත් එහි දී ඔහු හා මා අතර කතාබහක් සිදු වුණේ නැහැ. රොෂාන් රණසිංහ ක්‍රීඩා බලධාරීන් සමග ගැටෙන්න සූදානම්. ඔවුන්ගේ දූෂණ ගැන කියන්න සූදානම්. සියල්ලටමත් වඩා රනිල්ට අභියෝග කරන්න සූදානම්. ඔහු රනිල්ට ප්‍රසිද්ධියේ කිවුවා රොෂාන් හරි ෂම්මි හරි තෝරාගන්න කියා. රනිල් අද දිනයේ දෙදෙනා තෝරාගනීවි. ඔහු උපාය දන්නවා. පසුව අවස්ථාවක් ලැබුණොත් රොෂාන් ඉවත් කරාවි. කෙසේ වෙතත් මේ දින කිහිපයේ කළ කී දේ ගැන රොෂාන්ට පින්!

 

අද ඇත්තේ ක්‍රිකට් රැකීමේ ප්‍රශ්නයක් නො වෙයි. ඇතැම් ජාතිකවාදීන් ක්‍රිකට් රැකීම නොව වැදගත් ගම රැක ගැනීම වැනි කාව්‍යොක්තිවලින් මෝහනයට පත් වෙලා. අද ගමෙත් ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රියයි. අද ගම්වලත් බොහෝ විට ඇත්තේ නාගරික ආකල්ප. මධ්‍යම පාංතික ආකල්ප. ඊනියා උගත් ගැමි තරුණ පරපුර තරම් නූගත් පරපුරක් තවත් නැහැ. ඔවුන්ට ගමත් නැහැ නගරයේ තැනකුත් නැහැ. ඔවුන් නගරයේ මතක ලියනවා. ජාතිකවාදීන්ට ක්‍රිකට් තහනමක් නැහැ. ඇතැමුන් දෙවියන් නැත කියමින් කතරගම යනවාක් මෙන් තමන් භෞතිකවාදීන් යැයි කියා ගනිමින් නාඩිවාක්‍ය අහන්න යනවාක් මෙන් සමහරු ක්‍රිකට් ක්‍රීඩාවට බනිමින් ක්‍රිකට් ක්‍රීඩා නරඹනවා. අද ක්‍රිකට් රැක්කත් ගම රකින එක ප්‍රශ්නයක් වෙලා.

 

එහෙත් අද ප්‍රශ්නය ක්‍රිකට් රැකීම නො වෙයි. රනිල් රැකීමයි. මා ක්‍රීඩා පනතවත් අදාළ රෙගුලාසිවත් කියවලා නැහැ. එහෙත් හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ගේ කතාවලින් පෙනී යන්නේ ක්‍රීඩා ඇමතිට අමාත්‍ය මණ්ඩලයට හරි ජනාධිපතිට හරි නොදන්වා අතුරු පාලක මණ්ඩලයක් පත් කළ හැකි බවයි. රොෂාන් ජනාධිපතිට නොදන්වා අතුරු පාලක මණ්ඩලය පත් කිරීමෙන් කියන්නේ එසේ දැන්වුවා නම් ජනාධිපති එයට ඉඩ නොදෙන බව ? 

 

රනිල්ගේ කතාවලින් පැහැදිලි වන්නේ ඔහුට වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අහෝසි කිරීමට අවශ්‍ය නැති බවයි. ඔහු කියන්නේ සුරංගනා කතා. අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමෙන් ක්‍රිකට් රැක ගත නොහැකි බවත් එය පැලැස්තර ඇලවීමක් පමණක් බවත්. ඔහු තම ගැලවීම සඳහා කියන්නේ අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දේශපාලන ඇඟිලි ගැසීමක් ලෙස දැක ලංකාවේ ක්‍රිකට් තහනම් කළ හැකි බවත්.

 

අද පාර්ලිමේන්තුව ඒකච්ඡන්දයෙන් ඒකමතික නූණත් ඉතා බහුතර ඡන්දයකින් වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයට යන්න කියනවා. ලෝක කුසලාන තරගවල දී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරයට හේතුව වත්මන් පාලක මණ්ඩලයේ දුෂණ යැයි මා කියන්නේ නැහැ. එයට වෙනත් හේතු තියෙනවා. වත්මන් පාලක මණ්ඩලය හොරකම් කළා කියා කියන්න මා දන්නේ නැහැ. එහෙත් වත්මන් පාලක මණ්ඩලයට එරෙහි චෝදනා තියෙනවා. චෝදනා විභාග කරන්න ඕන. වත්මන් පාලක මණ්ඩලය එසේ සිටිය දී කළ හැකි පරීක්‍ෂණය කුමක් ? අවශ්‍ය නම් ඊනියා නීති විශාරද ජී එල් පීරිස්ගෙන් අහන්න. ඔහු මට විරුද්ධ කොළඹ මොටාවේ ඇතැම් මොටාවන් චෝදනා ඉදිරිපත් කළ විට ප්‍රථමයෙන් කෙළෙ මගේ වැඩ තහනම් කීිරීමයි. අවුරුදු තිස් එකකට පෙර නොවැම්බරයක. රනිල් පැලැස්තර ගැන කියන්නේ තුවාලය සුව කර ගන්න නො වෙයි. 

 

මෙරට ක්‍රිකට් පාලනය කළ යුත්තේ පාර්ලිමේන්තුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ? මා කියන දේට අතිවිශාල බහුතරය විරුද්ධ වේවි. එහෙත් අපට ඊනියා ජාත්‍යන්තර ක්‍රිකට් නැති වුණත් අප ක්‍රිකට් පාලනය කළ යුත්තේ අපට අවශ්‍ය අන්දමටයි. ඒත් මා දන්නා තරමින් නම් අතුරු පාලක මණ්ඩල පත් කිරීම නිසා ඇතැම් රටවල ක්‍රිකට් තහනම් කෙරී නැහැ. අපට ලෝකයෙන් වෙන් වී ජීවත්වීමට නොහැකි බව ඇත්ත. එහෙත් අප දීනයන් මෙන් ලෝක එනම් බටහිර ආධිපත්‍යයට යට විය යුතු නැහැ.

 

අද පාර්ලිමේන්තුවේ අධිකරණයත් විවේචනය කරලා.  මතක තබා ගත යුතු කරුණ නම් නීති පද්ධතිය ඔය කියන තරම් පාරිශුද්ධ නැහැ කියන එක. නීතිපති දෙපාර්තමේන්තුව ගැන විශ්වාසයක් තියන්න පුළුවන් ? අපට නොව රොෂාන්ට පුළුවන් ? අප අමතක කරන කරුණක් නම් මෙරට ව්‍යවස්ථාවෙන් අධිකරණ බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට බව. පාර්ලිමේන්තුව කටයුතු සඳහා උසාවි ඇතුළු විවිධ ආයතන පත් කර තියෙනවා. උගත් නීතිඥ මහතුන්ගේ දැන ගැනීම සඳහා මා ව්‍යවස්ථාවේ අදාළ වගන්තිය ඉදිරිපත් කරනවා. 

 

"4 () නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ .”

 

අධිකරණ තීන්දුවලට විරුද්ධ වෙන්න පාර්ලිමේන්තුවට පමණක් නොව අපටත් පුළුවන්. නිසා තමයි අප ඇතැම් තීරණවලට විරුද්ධ ඉහළ උසාවියකට යන්නේ. මා කොළඹ මොටාවට විරුද්ධ කී නඩුව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විනිසුරු මා වරදකරු කර තීන්දුවක් දුන්නා. මා එය පිළිගත්තේ නැහැ. තීන්දුවට විරුද්ධ මා ශ්‍රෙෂ්ඨාධිකරණයට ගියා. එහි දී මා දිනුවා. නඩු තීන්දුත් සාපේක්‍ෂයි. කිසිම ඊනියා වාස්තවික තීන්දුවක් නැහැ. 

 

මට මෙහි දී මතක් වෙන්නේ ගෝඨාභය හා මහින්ද එළවීම සඳහා බටහිරයන් ක්‍රියාත්මක කළ සැලැස්ම.  ක්‍රිකට් අර්බුදයට හේතුව ක්‍රිකට් පාලක මණ්ඩලය කියා මා කියන්නේ නැහැ. අර්ජුන රණතුංගගෙන් පසු අපට හරිහමන් නායකත්වයක් තිබුණේ නැහැ. ක්‍රීඩකයන් වග කීමකින් ක්‍රීඩා කළේ නැහැ. තම තමන්ගේ වාර්තා සඳහා ක්‍රීඩා කළා. අතර අප සමහර තරග දිනන්නත් ඇති. අර උත්කර්ෂවත් අවිනිශ්චතාවන් (glorious uncertainties) කියා කතාවක් ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙනවා. ක්වොන්ටම් භෞතිකයේ හයිසන්බර්ග් අවිනිශ්චතාවට හපන්. නැහැ අපි ඉන්දියාවෙදි හා ඉන්දියාවට පැරදුණෙ නිසා නො වෙයි.

 

අදත් බොහෝ දෙනා රාජපක්‍ෂලා කළ හොරකම් ගැන කතා කරනවා. හොරකම් ගැනවත් ක්‍රිකට් පාලක මණ්ඩලය කළ හොරකම් ගැනවත් මා දන්නේ නැහැ. කොමිස් ගණුදෙනු සිදු වුණේ නැහැ කියා මා කියන්නෙත් නැහැ. එහෙත් රටේ ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂලා නො වෙයි. පනස්තුනේ සිට අප ණයට කෑම මධ්‍යම පංතියේ අධිපරිභෝජනය බොරු උගත්කම් ප්‍රදර්ශනය කිරීම සහ තවත් මධ්‍යම පාංතික බොරු ෂෝක්. කෙසේ නමුත් බටහිර හා ඉන්දියාව පඬි නැට්ටන්ගේ මොටාව හා සකර්බර්ග්ගේ මෙටාව මගින් රාජපක්‍ෂලාට විරුද්ධ චෝදනා සමාජගත කළා. මහින්ද හා ගෝඨාභය එලෙවුවා. නන්දිකඩාල් පරාජයේ පළිය ගත්තා. රනිල් ජනාධිපති කර ගත්තා.

 

අද ක්‍රිකට් පාලක මණ්ඩලයට පාර්ලිමේන්තුවේ බහුතරය විරුද්ධයි. එහෙත් බටහිරයන් අතින් පාලනය කෙරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටිනවා. රනිල් අපක්‍ෂපාත කිවුවත් ඔහුත් ඉන්නෙ බටහිරින් පාලනය වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැත්තෙ. කොටින් පාර්ලිමේන්තුව පැත්තෙ නො වෙයි. පාර්ලිමේන්තුවෙන් නෛතික පත් කෙරුණත් ඔහු පත්කරුණෙ බටහිරයන් විසින්.

 

ඊයේ පාර්ලිමේන්තුවේ දී රනිල් දැවී ගියා. එහෙත් ඔහු තාමත් කඩුල්ලේ රැඳී ඉන්නවා. රොෂාන් ඉතා හොඳ පන්දු යැවීමක නිරත වුණා. විනිසුරු කවුද?