නායක්කාරයන් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය නොවීම
ඊයේ ලිපිය පළ වීමෙන් පසු මට තවත් කතාවක් අසන්න ලැබුණා. චින්තන පර්ෂදයේ සිට දැන් ඉවත් වී ඇති ඇතැම් අය (සුමේධ නො වේ) කියනවාලු තමන් ගොඩ නැගූ ප්‍රබල ජාතික බලවේගය මා විනාශ කළා කියා. මා ඒ අසා පස්වනක් ප්‍රීතියට පත් වුණේ නැති වුණත් ඉන් කම්පාවට පත් වුණෙත් නැහැ. අද බුදු දහමේ නිර්මල බව රැකීමට පෙරට පැමිණ ඇති ඇතැම් භික්‍ෂූන් වහන්සේ පමණක් නොව ජෙප්පන් හා ජෙප්පියන් ද පොහොට්ටුවාදීන් ද මා බුදුදහම විකෘති කරන බව කියනවා. ඒ අය බුදුහාමුදුරුවන්ට සසරෙ කවදා හරි සවන් දී ඇති බව හිතා ගන්න පුළුවන්. මා ඉතිහාසය විකෘත කරන බව කියන්නන් ද බොහොමයි. ඔහොම යං.