Main Logo

Friday 31 August 2018

මැකෝ සුද්දෝ හා සම්මතය


මැකෝ සුද්දෝ හා සම්මතය





කාලය වෙබ් අඩවිය කියන්නෙ විද්‍යාලංකාර පිරිවෙනේ අපවත් වී වදාළ පූජ්‍ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිිමිපාණන් වහන්සේ ආරම්භ කළ පුවත්පතක වත්මන් අනුප්‍රාප්තිකය. 1987 චින්තන පර්ෂදය කාලය සඟරාව ඇරඹුවේ විද්‍යාලංකාර පිරිවෙනින් අවසර ලබා ගෙන. අප එය අද තිබෙන ආකාරයෙන් හරි පවත්වාගෙන යන්නෙ සකර්බර්ගෙ හරි වෙන කාගෙ හරි පිහිටෙන් නො වෙයි. එහි පළවන ලිපි ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන්ගේ අවධානයට යොමු වන්නෙ නැහැ. කලක් නාරද කරුණාතිලක සතිපතා ඒ ලිපි පළ කළත් යම් බලපෑමක් නිසා එය නවතා දැමුවා.




සකර්බර්ග්ට පින්සිදධවෙන්න මුහුණු නැති මුහුණු පොතේ මහා විද්‍යාඥයන්, මහා දාර්ශනිකයන්, මහා කලාකරුවන් බඩ පිනුම් ගහනවා. මහා කලාකරුවකු තමන් තරම් ජාති හිතෛෂියකු නැති බව පෙන්වන්න හදනවා. ඔහු මට සිහි ගන්වන්නෙ චම්පක. චම්පකත් සුජීව අක්කරවත්තත් එක්ක දෙමළ ජාතිවාදය ගැන කතාවක් කියන්න හැදුවා. එය හරි ගියෙ නැහැ.  චම්පකට තිබූ සංවිධානාත්මක හැකියාව මහා කලාකරුවාට නැහැ. චම්පක 2004 දි හාමුදුරුවරුන් ඉදිරියට දමා බලය අල්ලන්න යන විට මා ඔහු හෙළිදරව් කළා. එකල අදටත් වඩා බොහෝ දෙනා, විශේෂයෙන් ඊනියා ජාති හිතෛෂීන් මට විරුද්ධ වුණා. අද සිරිසේන විරෝධයට වඩා එදා චම්පක ඇදහීමක් තිබුණා. අද වන විට චම්පක කවුද කියා බොහෝ දෙනා දන්නවා.



අර මහා විද්‍යාඥ එහෙත් විශ්වවිද්‍යාලයක හරිහමන් රස්සාවක් හොයා ගන්න බැරිව එතෙර මැන්දිස් පින්තාරුකරුවන් ළඟ රස්සාවක් කරන අයට නම් මා චම්පක ගැනත් හෙළිදරව්වක් නොකරන්න ඇති. ඔහුට අනුව මා කිසි දෙයක් කර නැහැ. පින්තාරුකාරයන් ළඟත් ඊනියා පර්යේෂණ කරන බව මා දන්නවා. එහෙත් ඔහු එසේ කරන්නේ  විශ්වවිද්‍යාලයක ස්ථිර රක්‍ෂාවක් හොයා ගන්න බැරි වෙලා. අර කොළඹ මහේෂ්ගෙන් අහන්න. මහේෂ් චම්පක දන්නවා. තවත් ඕන නම් ඔහුගේ ජීව දත්ත බලන්න. මහා දාර්ශනිකයාට සඳුදා පැවැත්වෙන අපේ රැස්වීමේ කතා කිරීමට ආරාධනය කළා. ඔහු තවමත් ආරාධනය පිළිගෙන නැහැ.



මට කාලය ගැන කියන්න ඕන වුණෙ දෙරණේ සංඛ අමර්ජිත් එහි පළ වූ ලිපියකින් කොටසක් ගැන අලුත් පාර්ලිමේන්තුවෙදි කියලා තිබුණ නිසා. ඔහු මැතිවරණ කොමිසමේ සභාපතිට (මැකෝ) කියල තිබුණ අර සීමා නීර්ණ කමිටුවට (කලින් කමිටුවට) එක් සිංහලයකු පමණක් පත් කර ඇත්තේ ඇයි ද කියා  මා කාලයේ ප්‍රශ්න කර ඇති බව. මැකෝ කියල තියෙන්නෙ ඒ තමයි සම්මතය කියා. කාලයක් තිස්සේ ම සීමා නීර්ණ කමිටුවලට සාමාජිකයන් පත් කරන්නෙ ජනවර්ග නියෝජනය වන පරිදි කියලා. මැකෝගෙ දේශපාලන මත අපට අමුත්තක් නොවුණත් ඔහු මෙහි දී පිළිතුරු දෙන්නෙ නීිති ගරුක අපක්‍ෂපාත රාජ්‍ය නිලධාරියකු බව දැනෙන්න. මේ ජනවර්ග මොනවද කියල මැකෝ කියනවා ද?



මගේ ප්‍රශ්නය මේ සම්මතය කාගෙ ද කියලා. ඒක සුද්දගෙ සම්මතයක්. ඔය ඊනියා ජනවාර්ගික සමානත්වය නිසා තමයි අර මහා කලාකරුවා වෙනත් කතාවක් කීමට මහන්සි ගත්තත් සුද්දන් 1833 දී එක් ජනවර්ගයට එක් අයකු බැගින් ව්‍යවස්ථා සභාවට සිංහල දෙමළ බර්ගර් නියෝජිතයන් පත් කරල දෙමළ ජාතිවාදය මෙරට බෞතීස්ම කෙළේ. ඔය කියන ජනවාර්ගික හරි සංස්කෘතික හරි සමානත්වයක් සුද්දන්ගෙ කිසිම ක්‍රිස්තියානි රටක නැහැ. ඒ සෑම රටක ම යම් ක්‍රිස්තියානි සංස්කෘතියක් අධිපතිවාදීයි. අනෙක් අතට කිසිම  සමානත්මයක් කිසිම රටක ක්‍රියාත්මක වන දෙයකුත් නොවෙයි. අර සමානාත්මතාව ගැන ප්‍රංශ විප්ලවේ ලොකුවට කතා කරපු ප්‍රංශෙ පිරිමින්ට ප්‍රසිද්ධියේ මූත්‍රා කරන්න තැන් හදලා. ඒ සමානාත්මතාව ගැහැණුන්ට නැති එක ගැන  මෙරටවත් ප්‍රබුද්ධ යැයි කියන කවුරුවත් කතා කරන්නෙ නැහැ. සෝබෝන් ගියා කියන චන්ද්‍රිකාත් මුකුත් කියලා නැහැ.



සුද්දන්ගෙ සම්මතයකට අනුව වැඩ කරන ඇමතිලා අලුත් කමිටුවටත් එක් සිංහලයකු පමණයි පත් කරලා තියෙන්නෙ. රනිල් එහි ඉන්නෙ අගමැති හැටියට. කොහොමත් රනිල් නියෝජනය කරන්නෙ ක්‍රිස්තියානි සංස්කෘතිය.  සුද්දන්ගෙ සම්මතයකට අනුව වැඩ කරන නිවට සිංහල නායකයන් 1892 සුද්දන්ගෙ නීතියක් අනුව වැඩ කරන්නෙ නැහැ. ඒ නීතිය අනුව, එකෙ අර්ථය අනුව බෞද්ධ නොවන සිද්ධස්ථානයක් ඉදි කිරීමේ දී ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරය ගත යුතුයි. එහෙම නොගත්තොත් ඒවට ආරක්‍ෂාව දෙන්න රජය බැඳිලා නැහැ.



1892 අංක 4 දරණ ආඥා පනතේ සඳහන් වන්නේ මෙහෙමයි. "As well the priest as all the ceremonies and processions cessions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations"





මේ නීතිය අදටත් වලංගුුයි. අද නම් ජනාධිපතිගෙ විශේෂ අවසරය ගන්න ඕන. එහෙත් අද ඉදිකරන එක ම බෞද්ධ නොවන සිද්ධස්ථානයකටවත් ජනාධිපතිගෙන් අවසර ගන්නවා ද? හිටපු ජනාධිපතිලගෙන් අවසර අරන් තියෙනවා ද? ඒත් විග්නේස්වරන් උතුරේ බුදු පිළිම වහන්සෙ නමක් තැන්පත් කිරීමටත් විරුද්ධයි. සුද්දන්ගෙ සම්මත ක්‍රියාත්මක වන්නෙ සිංහලයන්ට එය අවාසි නම් පමණයි. අබෞද්ධයන් සුද්දන්ගෙ නීතිය අමතක කරලා තමන්ගෙ වැඩ කර ගන්නවා.



අද නයාරු ප්‍රදේශයෙන් සිංහලයන් එළවලා. කලකට ඉහත කොටි නයාරු කෝකිලායි ප්‍රදේශවල ජීවත් වූ සිංහලයන් මරා දැම්මා. මේ සිංහලයන් වැඩි වශයෙන් සිංහල කතෝලික. කාදිනල්තුමා තාම ඒ කිසිවක් දන්නෙ නැද්ද? අද කතෝලික පල්ලියත් මෙරට කැබිනෙට්ටුව වගේ. ඕනෑම පූජකයකුට ඕනෑම දෙයක් කියන්න කරන්න පුළුවන්. මෙරට සඟසසුන හැමදාමත් එහෙමයි.