Main Logo

Friday 10 June 2022

කෙටි සටහනක්

 කෙටි සටහනක්

 

සර් ෆේල් ව්‍යාපෘතිය පටන් ගත්තේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වී මාස දෙකක් යැමටත් පෙර. එය ඉතා පැහැදිලි ව ඉංගිරිසි ව්‍යාපෘතියක්. ඒත් ඒ ව්‍යාපෘතිය අසමත් වෙලා. කාදිනල්තුමා එතුමාගේ දෑගසවුවන් සජිත් රනිල් රනිල්දාස පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ආදී සියල්ලන් හා ආතල්ගම ඊනියා අරගලකරුවන් මැද ගෝඨාභය ගෙදර ගිහින් නැහැ. අරගලකරුවන් හා ඔවුන්ගේ දේශකයන් නම් ගෙදර ගිහින්.

 

රනිල් නම් ඉක්මනින් ම අසමත් වෙලා. ජාමූල එතරම් මුදලක් ණයටවත් දෙන්නේ නැහැ. රනිල් ජපානය චීනය හා ඉන්දියාව ගැන කියවනවා. ජපානය හා ඉන්දියාව චීනයට විරුද්ධ ව හදල තියෙන හතරදෙනාගෙ කල්ලියෙ (QUAD) ආසියාතික සාමාජිකයන් දෛනා. ඔවුන් එකිනෙකා සමග නැහැ. ඉන්දියාව නම් අපට ණය දෙනවා. එහි වෙස්සන්තරලා නැහැ. යටගිය දවස බරණැස් නුවර දැන් ඉන්දියාවෙ නැහැ. වාරනාසි කියන්නෙ නමින් බරණැස වුනාට වෙනත් නගරයක්. එහි බඹදත්ල තියා මනමේලවත් නැහැ.  රනිල් කියල තිබුණ අදානි ගැන සැලකිලිමත් වෙන්නෙ නැතුව තමාට ඉන්දියාවෙන් ණය ඉල්ලන්න බැහැ කියල. අපි හිතුවටත් වැඩි වේගයකින් ඉන්දියාවෙ අණසක යටතට පත් වෙමින් ඉන්නවා.

 

දැන් ධම්මික පෙරේරා ඇමති කෙනෙක් වෙන්න යනව කියනවා. ඒ ඇත්තක් ද  බොරුවක් ද කියන්න මා දන්නෙ නැහැ. ඔහු අසමත් වීමට කොපමණ කාලයක් ගනීවි ද? රනිල්දාස හරි යටත්විජිත හරි හඳුන්නෙත්ති හරි ලාල් කාන්ත හරි ඇමති කෙනකු කරන්න බැරි ද? ගෝඨාභය ඉන්න කම් ඔවුන් ඇමතිධුර භාර ගන්නෙ නැහැ කියනව නෙ. අපරාදෙ.