Main Logo

Monday, 31 July 2017

සිංහල ජාතිය නිවන් දැක්කවීම  


සිංහල ජාතිය නිවන් දැක්කවීම



මේ රටේ දැන් මාර්ගඵල ලාභීන් රාශියක් සිටින බව ආරංචියි. එයින් ඇතැමුන් රහතන් වහන්සේ බව කියනවා. රහතන් වහන්සේ නමක හඳුනාගැනීමට නිර්ණායක නැහැ. බුදු හාමුදුුරුවන් හඳුනා ගැනීමත් එකල බොහෝ දෙනාට ප්‍රශ්නයක් ව තිබූ බව පැහැදිලියි. මා කියන්නේ නැහැ දැන් මෙරට මාර්ගඵල ලාභීන් නැහැ කියා. මෙකල බුදුන් වහන්සේ දෙසූ ධර්මය තියෙනවා. පාරමී දම් පිරූ තැනැත්තන් සමාජයේ ඉන්න පුළුවන්. කිසිවකුට මාර්ගඵල ලාභියකු රහතන් වහන්සේ නමක වීමට බාධාවක් ඇතැයි මා සිතන්නේ නැහැ.

Sunday, 30 July 2017

හම්බන්තොට වරාය ගිවිසුම

හම්බන්තොට වරාය ගිවිසුම

කවුරු මොනවා කිවුවත් රනිල් තමාට අවශ්‍ය දේ කරන බව ඊයේ හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමෙන් පැහැදිලි වෙනවා. ඊයේ ගිවිසුමට බොරු වගන්තියක් එකතු කරලා එකඟතාවකින් ගිවිසුම ඕනෑම අවස්ථාවක සංශෝධනය කරන්න පුළුවන් කියලා. ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ වරාය අධිකාරිය හා චීන සමාගමක්. ඒ අය එකඟ වීම අදාළ සමාගම් දෙකේ වරාය අධිකාරිය සතු කොටස් සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් හරි ගිවිසුම අනූනව අවුරුදු බද්දෙන් තිස් අවුරුදු බද්දකට අඩු කිරීම සම්බන්ධයෙන් විය හැකි ද?

Saturday, 29 July 2017

රනිල්ගෙ පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය


රනිල්ගෙ පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය



අද රටේ තියෙන්නෙ පාර්ලිමේන්තු ඒකාධීිපතිවාදයක්. මෛත්‍රිපාල ජනාධිපති වෙලා රනිල් අගමැති ලෙස පත්කරපු වෙලාවෙ ඉඳලා මේ ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වෙනවා. 2015 ජනවාරි අටවැනි දා ඉඳලා එය ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා කිව්වත් කමක් නැහැ. එයට මූලික වශයෙන් වග කියන්න ඕන මේ රටේ ජනතාව කියන අය. බටහිරයන්ගෙ හා රෝ සංවිධානයෙ මෙහෙයීමෙන් ජනතාව කියන අය මුළා වෙලා මෛත්‍රිපාලට ඡන්දෙ දුන්නා. මහින්ද පැරදුණෙ සමහරුන් කියන විධියට මුස්ලිම් ඡන්ද නොලැබිච්ච හින්ද නො වෙයි. සිංහල බෞද්ධ ඡන්ද අවශ්‍ය ප්‍රමාණයට නොලැබිච්ච හින්දයි. එහෙම නොවෙයි කියන පඬියන් කළ යුත්තේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම පමණයි. මුහුණු පොතේ තරුණ තරුණියන් ඊනියා යහපාලනයක් සඳහා මෛත්‍රිපාලට ඡන්දෙ දුන්නා. ඒක සම්පූර්ණයෙන් ම මුහුණු පොත මගින් කරන ලද මෙහෙයුමක්.

Friday, 28 July 2017

අවුරුදු හතළිහක ශේෂ පත්‍රයෙන් බිඳක්


අවුරුදු හතළිහක ශේෂ පත්‍රයෙන් බිඳක්





විවෘත ආර්ථිකයට අවුරුදු හතළිහයි. රනිල්ගෙ දේශපාලන ජීවිතයටත් අවුරුදු හතළිහයි. මේ කතාකරන්නෙ 1977 ගැනයි. හැත්තෑහතේ මැතිවරණයෙන් එ ජා පක්‍ෂයට හයෙන් පහක් ලැබුණා. ජේ ආර් අගමැති වුණා. රනිල් මන්ත්‍රීවරයෙක් වුණා. රොනී ද මැල් මුදල් ඇමති වුණා. විවෘත ආර්ථිකය රටට හඳුන්වා දුන්නා. ඊට පස්සෙ රට දියුණු වුණා ද? දියුණුව කියන්නෙ මොකක් ද? මහින්දගෙ කාලෙ අධිවේගී මාර්ග ඇතිවුණා. ඒක දියුණුව ද? අප දැන් මධ්‍යම පර්මාණයේ ආර්ථිකයක් කියලා කියනවා. මෙරට වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් කීයක් ද කියලා කියනවා. මා සංඛ්‍යා ගැන උනන්දුවක් දක්වන්නෙ නැහැ. චම්පකගෙන් අහගන්න පුළුවන් හරියට ම ඩොලර් ගණන කීය ද කියලා. ඒ කොහොම වුණත් අවුරුදු හතළිකට පස්සෙත් මෙරට මිනිසුන්ගෙන් සෑහෙන පිරිසකට වේල් තුන ම කන්න ලැබෙන්නෙ නැහැ. එක වේලක්වත් හරියට කන්න නැති පවුල් කීයක් ඉන්නව ද කියලා දැන ගන්න පඬියකුට සමීක්‍ෂණයක් කරන්න පුළුවන් ද? ඒත් ඒක කරන්න වෙන්නෙ නියැදි තෝරගෙන සංඛ්‍යානය යොදා ගෙන.  මේ සංඛ්‍යානය ගැන යම් ප්‍රශ්න තියෙනවා. ඒ පිළිබඳ ලිපියක් පසුගිය ජූලි 25 වැනි දා සයන්ටිෆික් කමියුනිටි සඟරාවෙ පළ කරලා තිබුණා. ඒ ලිපිය බටහිර වෛද්‍යවරුන්ට වඩාත් උචිතයි. ඒත් ඔවුන්ට ලිපි කියවන්න වෙලාවක් නැහැ. පෞද්ගලික වෙදකම (චැනල්) කකරන්න තියෙනවා.

Thursday, 27 July 2017

අනාගතය සුබ නැහැ  


අනාගතය සුබ නැහැ


බැඳුම්කර වංචාව පිළිබඳ ව බොහෝ දෙනා කතා නොකරපු කාලෙ, ඩිව් ගුණසේකර කෝප් කමිටු සභාපති කාලෙ ඉඳල ම ඒ ගැන කතා කරපු එයට විරුද්ධව නඩු කියපු අයකු ලෙස මට බැඳුම්කර කොමිසමේ වැඩ කටයුතු ගැන යම් සතුටක් ඇති වුවත් එහි අවසානය කෙසේ වේවි ද යන්න පිළිබඳ සැකයක් ඇති වෙනවා. ඒ කොමිසම ගැන තියෙන අවිශ්වාසයක් නිසා නො වෙයි. රනිල් හා රවි කෙසේ ක්‍රියා කරාවි ද යන්න ප්‍රශ්නයක් නිසා. රවි බදාදා කොමිසම හමුවට පැමිණියත් නැතත් කොමිසම කෙසේ කෙළවර වේවි ද? මෛත්‍රිපාලට රවි අස් කරන්න පුළුවන් ද? අප පටන් ගන්න දේ අප අයින් කර ඒ තමන්ගේ කර ගනිමින්  අසාර්ථක ව අවසන් කිරීමේ දක්‍ෂයන් මෙරට ඉන්නවා.

Wednesday, 26 July 2017

අධිපෝය නිර්ණය කිරීම


අධිපෝය නිර්ණය කිරීම



මේ රටේ දේශපාලනය පහත් ම අඩියකට වැටිලා. අධිපෝයත් දේශපාලන ප්‍රශ්නයක් වෙලා. ඒකාබද්ධ විපක්‍ෂයේ අය කියන්නේ වෙසක් පෝය (පුර පසළොස්වක) අප්‍රේල් මාසයේ ලබන්න බැහැ කියා. ඔවුන්ට අනුව වෙසක් පෝය මැයි මාසයේ ලබන්න ඕන. වජිර අබේවර්ධන එයට පිළිතුරු දීමට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා. එහි පෝය කමිටුවේ සාමාජිකයන් යැයි සිතිය හැකි පිරිසක් සිටියා. සුපුරුදු පරිදි මෙයට පෙර වෙසක් පෝය අප්‍රේල් මස ලබපු අවස්ථාවලට නිදර්ශන ලැබුණා. කවුදෝ ජනමාධ්‍යවේදියකු වෙසක් පෝය විසා නැකතෙන් ලැබිය යුතු බවක් කියා සිටියා. එයට පිළිතුරක් ලැබුණා එය එසේ වීම අවශ්‍ය නැති බව. ප්‍රශ්නය එතැනින් අවසානයි.

Tuesday, 25 July 2017

භීෂණයට අත වනන්නෝ


භීෂණයට අත වනන්නෝ



යාපනයේ සිසුවියකු වූ විද්‍යාගේ ඝාතනය පිළිබඳ නඩුව විභාග කරන  මහාධිකරණ විනිසුරුගේ ආරක්‍ෂක නිලධාරියකු වෙඩි වැදී මිය ගිහින්. තවත් ආරක්‍ෂක නිලධාරියකු වෙඩි වැදී රෝහලේ. මේ පිළිබඳ විවිධ කතා ජනමාධ්‍යයේ කියැවෙනවා.  පොලිසිය කියන දේ විශ්වාස කිරීම අපහසුයි. මාර්ගය අවහිරවීමක් නිසා ඇති වූ ආරවුලක් හේතුකොටගෙන  පොලිස් ආරක්‍ෂක නිලධාරියා මියගිය බවයි පොලීසිය කියන්නේ. එහෙත් වාර්තා වී ඇති අන්දමට විනිසුරුතුමා කියන්නේ තමාට තැබූ වෙඩිල්ලකින් නිලධාරියා මිය ගිය බවයි.