ගෙදර සිටිය යුත්තේ සිසුන් ද ආණ්ඩුකාරයා ද?
යාපන විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා සිංහල සිසුන්ගේ දෙමව්පියන් තම දරුවන් ආපසු විශ්වවිද්‍යාලයට යැවීමට බැහැයි කියනවා. ඒ ආරක්‍ෂාවක් නැති නිසා. මේ දෙමව්පියන් තම දරුවන් එකී විශ්වවිද්‍යාලයට යැවූ අය බව අමතක කරන්න බැහැ. ඔවුන් එසේ යවන විට මෙවැනි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අද ප්‍රශ්නයක් තිබෙනවා. 2009 මැයි මාසයේ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ නැවතත් සිංහලයන්ට බය නැතිව ගමන් බිමන් යෑමට තිබූ අයිතිය හා නිදහස අද නැති වෙලා. රටවැසියකුට තම රටේ ඕනෑම තැනකට බයක් සැකක් නැතිව යෑමට මහින්ද ලබාදුන් අයිතිය හා නිදහස මේ දීන බටහිර ගැති ආණ්ඩුව නැතිකරලා. මහින්ද හොරා හොරා කියලා බලයට පත්වෙච්ච ආණ්ඩුව අඩු තරමින් හොරකම නැති කරලා තියෙනවා ද? රජිව් විජේසිංහත් මහා බැංකු නිලධාරීනුත් කියන විධියට අර්ජුන මහේන්ද්‍රන්ට බැංකු කොල්ලය සඳහා උපදෙස් දී තියෙන්නෙ රනිල්. අද හොරු වැඩි හරියක් ඉන්නෙ ආණ්ඩුවේ. මෛත්‍රී කණ්ඩායමේ ඇතැමුන් ආණ්ඩුවට එකතුවෙලා ඉන්නෙ හොරකම්වලින් නිදහස් වෙන්න. ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්න අය අඩු තරමෙන් ආණ්ඩුව තමන් හොරුන් කියද්දි හිර කරද්දි බය නැතිව ඒ තර්ජනවලට මුහුණ දෙනවා.
අද තියෙන්නෙ සිංහලයන්ට සිංහලයන් වීම නිසා ම යාපන විශ්වවිද්‍යාලයට යෑමට නොහැකි වීම පිළිබඳ ප්‍රශ්නයක්. මේක දෙමළ ජාතිවාදයේ ම එක් කොටසක් පමණයි. දෙමළ ජාතිවාදය අද නැවතත් බලසම්පන්න වෙලා. ඒකට මේ බටහිර ගැති සිංහල විරෝධී දීන ආණ්ඩුව සම්පූර්ණයෙන් ම වග කියන්න ඕන. උතුරු පළාතෙ ආණ්ඩුකාරයා රෙජිනෝල්ඩ් කුරේ, චන්ද්‍රිකාගෙ අනුගාමිකයා, කියනවා බය නම් සිංහල ශිෂ්‍යයන්ට යාපනයට නොගිහින් ඉන්න කියා. මෙයා මොන ආණ්ඩුකාරයෙක් ද? එයා ජනාධිපතිගෙ නියෝජිතයා. මෛත්‍රිපාල ඒ ගැන මොකද කියන්නෙ. හෝඩියෙ ඉඳන් ශිෂ්‍යයන්ට ඊනියා සංහිඳියාව ගැන උගන්නන්න ද? ඔය සංහිඳියාව සිංහලයන්ට විතර ද? දෙමළ ජනයාට සංහිඳියාව උගන්වන්න පඬියන් කවුරුන්වත් නැත්තේ ඇයි? කිසිම චාරිකාවක් නොකර චරත භික්ඛවෙ කියමින් කොළඹ වැඩවසන භික්‍ෂූන් වහන්සේ කිහිප නම යාපනයට වැඩම කර දෙමළ ශිෂ්‍යයන්ට සංහිඳියා බණ දෙසුවොත් නරක ද?
යාපන ප්‍රශ්නය ගැන එක් එක් අය තමන්ට දැනෙන විධියට කියනවා, ලියනවා. ඒක ඒ ඒ අයට සාපේක්‍ෂකයි. මේකට පඬියන් බටහිරයන් අනුකරණය කරමින් කියවීම කියලා කියනවා. මේ දීන මනසක් ඇති නිවට පඬියන්ට බටහිර සංකල්ප නැතිව හුස්ම ගන්නවත් බැහැ. ඉංගිරිසියෙන් රීඩින් කියන වචනයෙන් එන අදහස සිංහලෙන් කියවීමක් කියන වචනයෙන් එන්නැති බව සිංහල නොදන්නා මේ පඬියන් දන්නේ නැහැ. ඔවුන් ඉංගිරිසි නම් දන්නවා ඇති. යාපන ප්‍රශ්නය තවත් විශ්වවිද්‍යාල ප්‍රශ්නයක් විතරයි කියන්න හාමුදුරු නමකුත් වැඩම කරලා. විශ්වවිද්‍යාලවල ගැටුම් හැමදාමත් තිබුණා. ඒත් හැම ගැටුමක් ම එක ම නෙවෙයි. මීිහරකුන්ටත් එළහරකුන්ටත් අං හා වලිග තිබෙනවා. ඒ වුනත් මීහරකාත් එළහරකාත් එකම යැයි කියන්න පුළුවන් මීහරකකුට විතරයි.
යාපන සිද්ධිය මැතක දී පේරාදෙණියේ එළිමහන් රඟහලේ (වළේ) වෙච්ච සිද්ධියක් එක්ක සංසන්දනය කරන්න ඇතැම් විශ්වවිද්‍යාල පඬියන් හා පඬිනියන් උත්සාහ කරනවා. මොවුන්ටත් මතක් කරන්න තියෙන්න මිහරකා හා එළහරකා නැහැ මීහරකී හා එළහරකී (මීදෙන හා එළදෙන කියන එක තරමක් ගෞරවාන්විතයි) කතාව තමයි. දුටු තැන අල්ලනු නාට්‍යයට වළේ දී සිසුන්ගෙන් එල්ල වුණු විරෝධය කුමක් නිසා ද යන්න මා හරිහැටි දන්නේ නැහැ. එය සංස්කෘතික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අද සිංහල නාට්‍ය හා සිනමාව මුළුමනින් ම මෙන් බටහිරකරණයකට හසුවෙලා (ඒ නාට්‍යයේ මුල් කෘතිය ලියූ සොයින්කාත් බටහිරකරණයට හසු වූවෙක්). සිංහල සිසුන් හා සිසුවියන් ලවර්ස් ලේන් හි කරණ දේ ප්‍රසිද්ධියේ කරන්නේ නැහැ. ඒ කුහක කමක් යැයි පඬියන් හා පඬිනියන් කියාවි. ඒත් ඔවුනුත් නිදන කාමරවල කරන දේ තුන්මුල්ල හන්දියේ කරන්නේ නැහැ. ඒ එතන හමුදා නිලධාරීන් ඉන්න නිසා නෙවෙයි. අනෙක වළ වැඩිහිටියන්ට පමණක් නෙවෙයි. ඒ කොහොම වුණත් පේරාදෙණියේ වළේ ජාතිවාදයක් තිබුණේ නැහැ. විශ්වවිද්‍යාලවල ඉන්න මීහරකුන්ට හා මීහරකියන්ට තමන් ඉන්නේ බටහිර සංස්කෘතික ආධිපත්‍යයික දැනුම් වළක බව තේරෙන්නේ නැහැ. සිසුන්ටත් ඒ ගැන හරි වැටහීමක් නැහැ. පේරාදෙණිය පමණක් නොව යාපනය ද ඇතුළු හැම විශ්වවිද්‍යාලයක් ම දැනුම් වළක්. පඬියන් හා පඬිනියන් අන් අයට ලිංමැඩියන් යැයි කීවත් ඔවුන් ඉන්නේ වළක බව ඔවුන් දන්නේ නැහැ. අපි ඔවුන්ට වල්මැඩියන්් යැයි කියමු ද?
යාපන විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ 60%ක් පමණ සිංහල ශිෂ්‍යයන් ඉන්න බව කියනවා. ප්‍රශ්නය වනුයේ සිංහල ශිෂ්‍යයන් බහුතරයක් වූ නවකයන් පිලිගැනීමකට වෙස් නැටුමක් ඉදිරිපත් කරන්න බැරි ද යන්නයි. මෙය බහුතර ආධිපත්‍යයක් ද සුළුතර ආධිපත්‍යයක් ද යන්න කීම මීහරකුන්ට හා මීහරකියන්ට බාරයි. ඉතා පැහැදිලිව ම අද රටේ නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ තේසවලාමේ හා රෝම ලන්දේසි නෙවෙයි. තේසවලාමේත් ඉන්දියාවේ මුස්ලිම් ජනයාගේ නීතියක්. ඒ බව සසිදරන්ට ඇප දෙන්න ගිය සුමන්තිරනුත් සමහරවිට දන්නේ නැතුව ඇති. ඒ නීතිය ලන්දේසීන් 1707 දී සංගෘහිත කළ එකක්. පස්සෙ ඉංගිරිසින් එය තවත් තහවුරු කළා. ඒ සිංහලයන් යාපනයෙන් ඈත් කරන්න. රටේ ඇප දෙන්නෙ දෙවිධියකට. බැසිල්ට ඇප නැහැ. සසිදරන්ට හා හිරුණිකාට ක්‍ෂණික නූඩ්ල්ස් වගේ ක්‍ෂණික ඇප. මේ ආණ්ඩුව ඇපත් නැතිව ගෙදර අරින්න ඕන.
යාපන විශ්වවිද්‍යාලයට සිංහල සිසුන් යවන්න දෙමව්පියන් අකමැති නම් ඔවුන්් බලෙන් යවන්න බැහැ. දරුදුක දන්නේ වැදූ හැදූ දෙමව්පියන් මිස සමලිංගිකයන් නෙවෙයි. කොහොමත් දැන් තේසවලාමේ නීතිය වෙනත් ආකාරයකින් යාපන විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කිරීමේ සූදානමක් තිබෙනවා. ඒ විශ්වවිද්‍යාලය සිංහල සිසුන්ට අහිමි කිරීමෙන්. මේ විශ්වවිද්‍යාලයත් නඩත්තු වන්නේ රජයේ මුදලින්. රජයට වැඩියෙන් මුදල් ලැබෙන්නේ වක්‍ර බදුවලින්. වක්‍ර බදු වැඩියෙන් ගෙවන්නේ සිංහලයන්. ඔවුන්ගේ දූපුතුන්ටත් දැනුම් වළක් වුවත් යාපන විශ්වවිද්‍යාලයට ගිය හැකි වාතාවරණයක් සපයන්න පුළුවන් ආණ්ඩුවක් හැකි ඉක්මනින් පත්කර ගන්න ඕන. එතකොට අර ආණ්ඩුකාරයාට ගෙදර නවතින්න පුළුවන්.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
නලින් ද සිල්වා
2016 ජූලි 22