Main Logo

Saturday 28 March 2020

ඊනියා කොවිඩ් දැනුම, ලෙඩ දාගැනීම හා පිස්සුව

     සිංහල ලිත් ඉලක්කම්


ඊනියා කොවිඩ් දැනුම, ලෙඩ දාගැනීම හා පිස්සුව



බටහිර විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව අද අනාථ වෙලා. ඔවුන් (ලංකාවේත් බටහිරත් පොදුවේ) නාථ දෙවියන් විශ්වාස නොකරන නිසා ඔවුන්ට ඒ දෙවියන්ට කියන්නත් බැහැ. නාථ දෙවියන් ගැන කියන්නේ පාදෙණිය පමණයි. ඒ  හේතුවෙන් අද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් දෙකට කැඩිලා. අලුත්ගේ හා නවින් සොයිසා එක පැත්තක. පාදෙණිය තවත් පැත්තක. ඔවුන් එකිනෙකා පරදවන්න ප්‍රකාශ නිකුත් කරනවා. පාදෙණිය සහතිකය නිසාවත් නාථ දෙවියන්ගේ පැත්තෙන් අනෙක් අය ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලෙ පැත්තෙන්. ඒ තොරතුරු ඉදිරිපත් කරන්න බටහිර වෛද්‍යවරයකු වෙන්න ඕන නැහැ. අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. 


මා ඊයේ ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමය පළ කරන සයන්ස් නිව්ස් සඟරාවේ පළ වූ ලිපියක් කාලයේ පළ කළා. ඒ ලිපියෙන් කියැවෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව අනාථ වී ඇති ආකාරය. තම ක්‍රමවේද පවා පැත්තකට විසිකරන්න ඔවුන්ට සිද්ධ වෙලා. ලිපිය උඩින් කියවන්නකුට එය තේරෙන්නේ නැහැ. ලිපියෙන් කියැවෙන්නේ අසරණකම ඉදිරියේ බටහිර වෛද්‍ය විද්‍යාව පිස්සුවෙන් මෙන් වැඩ කරන ආකාරයයි. 

මේ සියල්ලෙන් අප නැවතත් දැනුම යනු කුමක් ද යන ප්‍රශ්නයට ගෙන යනවා. දැනුම කියන්නෙ මිථ්‍යාවක්. බොරුවක්. ඉනුත් බටහිර විද්‍යාව කියන්නෙ පට්ටපල් බොරුවක්. නොදනුමක් විදර්ශනයක් ගැන කියැවෙන්නෙ බුදුදහමෙ පමණයි.  දැනුම් බොරුව, බොරුවක් බව ප්‍රත්‍යක්‍ෂ කිරීම තමයි නිවන් සම්මාබෝධය. නිවන යන තැනක් නො වෙයි. එය සංකල්පයක් නොවෙයි. එය දැනුමක් නො වෙයි. කොරෝනා වසංගතය ඉවර වුණාට පසු අපි ඒ ගැන නැවත කතා කරමු. 

සියළු දැනුම් විශ්වාසය මත ගොඩ නැගෙනවා. තරකයකින් දැනුම ලබා ගන්න බැහැ. තර්කයක පටන් ගැනීමක් තියෙනවා. එය යම් ප්‍රස්තූතයකින් (proposition) පටන් ගන්න ඕන. ප්‍රස්තූතය විශ්වාස කරන්න ඕන. එය වෙනත් ප්‍රස්තූතයකින් ලබා ගන්නවා නම් ඒ දෙවැනි ප්‍රස්තූතය විශ්වාස කරන්න ඕන. විශ්වාසයකින් තොර මූලික ප්‍රස්තූතයක් පෙන්නන්න. 

ජෝන් හොප්කින්ස් ප්‍රස්තාර, අර මිනිසුන් බිය වද්දන අලුත්ගේ නවීන් සොයිසා ප්‍රකාශ යම් යම් උපකල්පන මත පදනම් වෙලා. ඒ උපකල්පනවල ඊනියා නිවැරදිතාව පිළිබඳ ඊනියා පරීක්‍ෂණ කරල තියෙනවා ද? ඒ ප්‍රස්තාර ව්‍යාප්ති ශ්‍රිත මත පදනම් වෙන්නෙ. එහි දී විවිධ පරාමිති සඳහා විවිධ ශ්‍රිත ලැබෙනවා. ව්‍යාප්ති ශ්‍රිත සංඛ්‍යාව අපරිමිතයි. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පරාමිති තෝරා ගැනීමේ දී යොදා ගත් නිර්ණායක මොනවා ද? ඒ සඳහා ඊනියා පරයේෂණ කරල තියෙනවා ද?

මා මෙයින් අදහස් කරන්නේ ප්‍රශ්නයක් නැහැ කියන්න නො වෙයි. වසංගතයක් තියෙනවා. අප පරෙස්සම් වෙන්න ඕන. ඒ සඳහා වෙන් කිරීම අනුගමනය කරන්න ඕන. ජනශ්‍රැතියෙ කියැවෙන විධියට තහංචි කඩුළු දාන්න ඕන. පත්තිනි මගෙ දෙසතියෙ වෙන්වෙලා ඉන්න ඕන. වෙනිවැල්ගැට කොත්තමල්ලි බොන්න ඕන. බටහිර වෛද්‍ය විද්‍යාවට කියන්න පුළුවන් වෙන් කිරීම විතරයි. එයට ලොක්ඩවුන් ද මොකක් ද කියන එක ප්‍රශ්නයක් නො වෙයි. මිනිසුන්ට අවශ්‍ය කෑම බීම සපයන්න ක්‍රමවේදයක් සකස් කරන්න ඕන. 

එයට අමතර ව සිංහල බෞද්ධයන් පිරිත් කියනවා. අනෙක ආගමිකයන් තම ආගමට අනුව කරන්න පුළුවන් දෙයක් කරන්න ඕන. ඒත් සෙනග රැස් වී නො වෙයි. එක් රැස් වී යාඥා කිරීමවත් පිරිත් කීමවත් නොකළ යුතුයි. රුවන්වැලි සෑයේ, සේල චෛත්‍යයේ, සෝමාවතියෙ, දිඝවාපියෙ, එගොඩ කැලණියෙ, සිතුල්පවුවෙ, මහියංගණයේ පිරිත් සූත්‍ර පහක් දින පහළොවක් කියන්න සූදානම් කරන ලෙස මට කිවුවෙ සිරීපාද අඩවියෙ හාමුදුරුනමක්. උන්වහන්සේ ට දෙවියන්ගෙන් ඒ පණිවුඩය ලැබී ඇත්තෙ. එය මගේ පෞද්ගලික අත්දැකීමක් නො වෙයි.

අප සියල්ලන් ම යම් දැනුමක් පළමුවෙන් නිර්මාණය කරන තැනැත්තන් හැරෙන්න අනෙක් අය කරන්නෙ වෙනත් අයගෙ කීම් තමන් නිර්මාණය කර ගන්නා අන්දමට කීම පමණයි. ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයත් අපේ වැඩිහිටියන්ගෙන් අපට ලැබුණු බොරුවක් පමණයි. පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයක් තියෙන බව ඔප්පු කරන්නෙ කොහොම ද? පංචෙන්ද්‍රිය ගෝචර නොවන ලෝක තියෙනවා ද? ඊනියා විද්‍යුත් චුම්බක කිරණ පංචෙන්ද්‍රිය ගෝචර ද? ඒවා තියෙන්නෙ මොන ලෝකයේ ද?  

න්‍යෂ්ටික භෞතික විද්‍යාවෙ පර්යෙෂණ කී දෙනෙක් කරල තියෙනවා ද? ඒත් ඒ ගැන අහල තියෙන  අය ඒවා කියවනවා. කියවනවා විතරක් නොවෙයි තමන් කියන්නාක් මෙන් කියවනවා. ඔය දේශනවල දී කී දෙනකු කියනවා ද අපි කියන විට වෙක්ටර් ( Vector- බටහිර වෛද්‍ය විද්‍යාවෙත් ගණිතයේත්) කියලා. අපි කියන විධියට කියල කිව්වට එහි දී කියන්නෙ බටහිරයන් කියන විධියට කියන එක. 

ඔය එකක්වත් අපේ නිර්මාණ නො වෙයි. ඒ හැම එකක් ම තුන්වැනි පාර්ශ්ව කතා. ඒත් මා හාමුදුරුවන් මට මෙහෙම කිවුව කියන කොට ඒක තුන්වැනි පාර්ශ්ව කතාවක් ලෙස කියනවා. මටත් කියන්න පුළුවන් අපි කියන විට පිරිත් දේශනා කරවන්න කියල. නෑ මා එහෙම කියන්නෙ නැහැ. මා කියන්නෙ හාමුදුරුවන් කියන විධියට අයින්ස්ටයින් කියන විධියට ආදී වශයෙන්. 

හාමුදුරුවන් කියන්නෙ නැහැ පිරිත් පමණක් කිවුවම ඇති කියලා. උන්වහන්සේ සෙනග රැස්කරල කියන පිරිත් ගැන නොවෙයි කියන්නෙ. අපේ වෙන් කිරීම වෙනිවැල්ගැට කොත්තමල්ලි බීම ආදිය කරන අතරෙමයි සිද්ධස්ථාන හතක පිරිත් කියන්න කියල උන්වහන්සේ කියන්නෙ. 

පිරිත් කීම ඊනියා විද්‍යාත්මක නොවෙයි කියන පඬියන් කොවිඩ් 19 පරාජය කරන්න යෝජනා කරන විකල්පය මොකක් ද? මුකුත් නැහැ. කටමැත දෙඩවීම හැරෙන්න කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ පඬියන් පඬි නැට්ටන් මොනව කියන්න ද? ඔවුන්ගෙ බටහිර ස්වාමීන්ටත් කියන්න මුකුත් නැති වෙලාවට. ඔවුන් අද වැඩ කරන්නෙ පිස්සුවෙන් තම ඊනියා ක්‍රමවේදත් විසිකරල.  
    
කොවිඩ් 19 අප හදාගන්න ලෙඩක්. දාගන්න ලෙඩක්. ගෙදරට වෙලා හිටිය ම ගෙදරට කාවත් වැද්දගන්නෙ නැතිව හිටිය ම ලෙඩේ වැද්ගන්නෙ නැහැ. ආරක්‍ෂාවට වෙනිවැල්ගැට කොත්තමල්ලි බොන්න. පුළුවන් නම් පිරිත් කියන්න.