නන්දිකඩාල්හි සුමන්තිරන් ද පරාද වුණා
අද නැවතත් ඇතැම් සිංහලයන් කියන්න පටන් අරන් ප්‍රභාකරන්ට අවුරුදු
තිහක් සටන් කරල දිනා ගන්න බැරි වෙච්ච දේ සුමන්තිරන් පෑනෙන් කර ගන්න යනවා කියලා.
මෙය වැරදි කතාවක්. මේ කතාව පළමු වරට ඇහෙන එකක් නො වෙයි. සුමන්තිරන් වෙනුවට
සම්බන්ධන්ගෙ හරි වෙනත් අයකුගෙ හරි නමක් එතැන තියෙන්න ඇති. ඒත් අදහස එයමයි.
අවුරුදු තිහක් ඊනියා යුද්ධයෙන් කරන්න බැරි
වුණු දේ පෑනෙන් කරනවා කියන එකයි මෙහි අදහස.