ජාත්‍යන්තර ආණ්ඩුවක්
මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට යම් යම් දේට බදු දීමට තීරණයක් ගන්න
යනවා. ආණ්ඩුව කිව්වෙ බටහිරයන් තම ප්‍රතිපත්ති අනුමත කරන නිසා තමන්ට ආධාර ලැබෙන
බවයි. එහෙත් එක් පැත්තකින් බටහිරයන්ට අපට ආධාර කිරීමට තරම් ශක්තියක් නැහැ. ඔවුන්ගේ
රටවලත් ආර්ථිකය කඩා වැටෙන්නෙ කොයි මොහොතෙ ද කියලා කියන්න බැහැ. අනෙක් පැත්තෙන්
රණවිරු දඩයම ගැන ආණ්ඩුව දැනට කර ඇති දේ බටහිරයන්ට අනුව සොච්චමක්. ඒ දඩයම තවදුරටත්
වැඩි වැඩියෙන් කිරීම බටහිරයන්ගෙ බලාපොරොත්තුවයි. බටහිරයන්ට මුදල් නැහැ. එමෙන් ම
ආණ්ඩුවේ රණවිරු දඩයම ගැන බටහිරයන් සෑහීමකට පත් වී නැහැ.
ආණ්ඩුව තාමත් පෙන්නන්න හදන්නෙ ජී එස් පී + හා යුරෝපයට මාළු වෙළෙඳාම
ලබා දීම මහා දේවල් කියා. එයින් ලැබෙන ආදායම සොච්චමක්. ඒක බැඳුම්කර මගඩියත් එක්ක
බැලුවම කතා කරන්නවත් වටින්නෙ නැහැ. අනෙක් අතට ඒවා කොන්දේසි මත ලබා දෙන දේ. රණවිරු
දඩයම මෙහි ප්‍රධාන කොන්දේසියක්. සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුව බටහිරයන් නඩත්තු කරන
දෙමළ ජාතිවාදය වෙනුවෙන් දොළ පිදේනි දෙනවා.
මේ තත්වය යටතේ තමයි ආණ්ඩුවට චීනය දෙසට හැරීමට සිදුවුණෙ. අද මුදලින්
ආධාර කිරීමට හැකි රට චීනයයි. විපක්‍ෂෙ ඉන්න කාලෙ චීනෙට බලු බැනුම් බැන්න රනිල් රවි
සමාගමට බලයට පත් වුණාට පස්සෙ චීනෙ දිහාවට හැරෙන්න සිදු වීම දෛවයේ සරදමක් වෙන්න ඕන.
චීනෙ කියන්නෙ හොඳ රටක් නො වෙයි. ඒක ආසියාතික රටක්. ඒත් රත්තරන් මුද්දක් පැලඳි
අතකින් ටොකු කන්න අපට ඕන නැහැ. චීනය කප්පම් යටත්විජිතවාදය දන්නා රටක්.
චීනය අද ලංකාව විවිධාකාරයෙන් යටත් කර ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා
විවිධ ඒජන්තයන් ලංකාවෙත් චීනයේත් ඉන්නවා. නූතන මුහුදු සේද මාර්ගය ආරම්භ වීමත් එක්ක
චීනය ඉන්දියන් සාගරයෙ බලවතා වේවි. මා මුුහුදු සේද මාර්ගය ගැන කියද්දි එක් පඬි
පෝතකයකු කියා තිබුණෙ චීනයට ඉස්සර මුුහුදු සේද මාර්ගයක් තිබුණෙ නැහැ කියලා. මුහුණු
පොතේ ඕනෑ ම පඬියකුට පඬි පෝතකයකුට ඕනෑ ම දෙයක් කියන්න පුළුවන්. චීනය ඉන්දියන්
සාගරයෙ බලවතා වුණා ම ඉන්දියන් සාගරය චීන සාගරය කියා නම් කරනවා ද?
කොහොමටත් ඉන්දියාව චීනය ගැන ඉතා දැඩි අවධානයකින් ඉන්නෙ. ඉන්දියාවට
චීනයට තරම් මුදල් නැහැ. ඒත් ඉන්දියාව මේ කලාපයේ ආධිපත්‍යය අත්හරින්න සූදානම් නැහැ.
චීනයට ලංකාව සම්පූර්ණයෙන් භාර දෙන්න ඉන්දියාවෙ බ්‍රාහ්මණයන් කැමති නැහැ. ඉන්දියාවෙ
විදේශ අමාත්‍යාංශය හසුරුවන්නෙ කේරළ බ්‍රාහ්මණයන්. ඈත අතීතයේ දී නම් චේරයන්
සිංහලයන් සමග හොඳින් හිටියා. සිංහලයන්ට නපුරට හිටියෙ සොළීන්. මේ දෙමළ ජනයා පාලනය
කළ එක් වංශයක්. දෙමළ ජනයා සමගත් අපට ප්‍රශ්න තිබුණෙ නැහැ.
ඒත් සොළීන් බලයට පත් වුණාට පස්සෙ මේ සියල්ල වෙනස් වුණා. සොළීන්
කියන්නෙ චෝල හෙවත් චෝර යන්නෙන් බිඳුණු එකක් බවට මතයක් තියෙනවා. ඔවුන් සොරුන්. චෝර
කියන එක දෙමළ ජනයා ම පටවපු නමක් වෙන්න ඇති. කොහොමටත් සොළීන් සිංහලයන්ට කරදර කරන්න
පටන් ගත්තෙ පස්වැනි සියවසේ පමණ සිට. එළාර සොළී නො වෙයි. ඒත් මහාවංසය එළාර සොළී
කියලා හඳුන්වලා තියෙනවා. ඒ එකල සොළී බලය වැඩි වුණ හින්ද. එය එක්තරා විධියකට
වර්තමානය අතීතයට ආදේශ කිරීමක්. එවැනි දේ හැම තැන ම වගේ හැම කාලෙක වගේ සිද්ධ වෙනවා.
අප පාණ්ඩ්‍ය චේර පමණක් නොව පල්ලවයන් සමගත් සාමාන්‍යයෙන් සුහදත්වයෙන් පසු වුණා. ඒත්
අද වන විට ඉංගිරිිසි පාලනයෙ ප්‍රතිඵල හැටියට වංගයන් හා කාලිංගයන් ද ඇතුළු ඉන්දියාව
ම අපට විරුද්ධයි. නේරුත් බැලුවෙ ලංකාව ඉන්දියාවෙ තවත් ප්‍රාන්තයක් කර ගන්න.
1948න් පස්සෙ ඉන්දියාවත් එක්ක ගණුදෙනු කරන්න මෙරට එ ජා ප නායකයන් දැනගෙන
හිටියෙ නැහැ. අදත් දන්නෙ නැහැ. ශ්‍රී ල නි ප නායකයන් නම් යම් ප්‍රමාණයකට ඒ දැන ගෙන
හිටියා. එ ජා පක්‍ෂය හැමදාමත් බටහිරයන්ගෙ
පක්‍ෂයක්. ඔවුන් චීනය සමගවත් රුසියාව (සෝවියට් දේශය) සමගවත් මුල දි සම්බන්ධකම් ඇති
කර ගත්තෙ නැහැ. පහුගිය දා චීන ලංකා සබඳතාවල අවුරුදු හැට සැමරුවා. 1957 දී චීනය සමග සම්බන්ධකම් ඇති කර ගත්තෙ
බණ්ඩාරනායක මහත්තයා. බණ්ඩාරනායක මැතිණියට පුළුවන්කම තිබුණා ඉන්දියාවත් චීනයත් සමග
සුහද ව කටයුතු කරන්නත් ඔවනොවුන් අතර ප්‍රශ්නවල දි මැදිහත් වෙන්නත්.
බටහිර නියෝජිතයන් වූ එ ජා පක්‍ෂයට අද සිද්ධ වී තියෙන්නෙ ඉන්දියාවටයි
චීනෙටයි දෙකට ම යටත් වෙන්න. ජේ ආර් බටහිරට සේවය කරන්න ගිහින් 1987 දී අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන්
කළා. අද ජේ ආර්ගෙ බෑණා රනිල් ඉන්දියාවටයි චීනෙටයි රට විකුණනවා. හම්බන්තොට චීනෙට.
මත්තල ඉන්දියාවට. එහෙම තමයි එ ජා පක්‍ෂෙ නොබැඳි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නෙ.
අද එ ජා පක්‍ෂෙ නොබැඳි ප්‍රතිපත්තිය කියන්නෙ හැමෝට ම බැඳෙන එක විතරක් නො වෙයි. හැමෝට
ම යටත් වෙන එක.
මේ රටට දැන් නම් හොඳ ඊනියා ජාතික ආණ්ඩුවක් නො වෙයි. ජාත්‍යන්තර
ආණ්ඩුවක්. ඒකෙ ජනාධිපති හා අගමැති ඉන්දියාවෙන් හා චීනයෙන් පත් කර ගන්න පුළුවන්.
ඇමතිවරු ජපානෙන්, පකිස්තානෙන්, බංග්ලා දේශයෙන් මාල දිවයිනෙන් ගන්න පුළුවන්. අවශ්‍ය නම් බටහිර රටවලිනුත්
ගන්න පුළුවන්. අපට එවිට ඒ පාලනය දිහා බලන් ඉන්න පුළුවන්. දැනුත් වැඩි වෙනසක්
නැහැ.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 අගෝස්තු 13