මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
වඩාත් හොඳ සිහිනය දකින්නේ ආතල්ගමේ ද නැත්නම් පැජට් පාරේ ද? ආතල්ගමේ නිෂ්පාදනයක් නැති එහෙත් කන්න බොන්න පමණක් නොව වෙනත් ආතල් ද ඇති කොමියුනිස්ට් සමාජයක සිහිනය දකිනවා. නිෂ්පාදනයක් නැතිව කකා බීබී ඉඳීම තමයි අපි අවුරුදු හැත්තැවක් පමණ කරල තියෙන්නෙ. එහෙත් රාජ්‍යයක් තිබුණා. ආතල්ගමට ඕන රාජ්‍යයත් නැති කරන්න. එතකොට බිරියානි හා වටලප්පන් ලැබේවි ද? කාදිනල්තුමාගේ ආශිර්වාදය ලැබේවි ද? භික්‍ෂූත්වය කෙළෙසූවන්ගේ සහාය දිගින් දිගට ම ලැබේවි ද?