Main Logo

Wednesday, 12 February 2020

ගිවිසුම් ලකුණු හා පක්‍ෂ දේශපාලනය

           සිංහල ලිත් ඉලක්කම්


ගිවිසුම් ලකුණු හා පක්‍ෂ දේශපාලනය

ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණ, ශ්‍රී ල නි පක්‍ෂය හා තවත් පක්‍ෂ හා සංවිධාන පහළොවක් එකතු වී ගිවිසුමක් අත්සන් කළා. ඒ වගේ ම ශ්‍රී ල නි පක්‍ෂය තවත් ද්විපාක්‍ෂික ගිවිසුම් අත්සන් කළා. මේ ගිවිසුම් අත්සන් කෙරුණේ ගෝඨාභය රාජපක්‍ෂ ජාතියේ අපේක්‍ෂකයාගේ ප්‍රධානත්වයෙන්. ඒ ගිවිසුම් එදින ප්‍රසිද්ධ කෙරුණේ නැහැ. බොහෝ දෙනා දන්නේ ඉතා ටික දෙනකු ඒ ගිවිසුම්වල තියෙනවයි කියන කරුණු පමණයි. මා හිතන්නේ මේ ගිවිසුම් සියල්ල ප්‍රසිද්ධ කළ යුතු බවයි. ඊයේ ගිවිසුම් දෙකක් ප්‍රසිද්ධ කරලා. එකක් ශ්‍රී ල නි ප හා පොදුජන පෙරමුණ අතර ගිවිසුම. අනෙක ශ්‍රී ල නි ප ජාතික අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සමග ඇති කර ගත් ගිවිසුම. ගිවිසුම් ජනාධිපතිවරණයට පෙර අත්සන් කළත් ඒ වඩා බලපාන්නේ මහා මැතිවරණයට කියා මා හිතනවා. අනෙක් ගිවිසුම් ද ප්‍රසිද්ධ කරන්න ඕන. 

Tuesday, 11 February 2020

තොරතුරු, රටා, කතන්දර හා නිවුටන්

         සිංහල ලිත් ඉලක්කම්


තොරතුරු, රටා, කතන්දර හා නිවුටන්



මිනිසුන් කරන ප්‍රධාන කාර්යය දෙකක් නම් තොරතුරු එකතු කිරීම හා කතන්දර හැදීමයි. මේ දෙක අතර සම්බන්ධයක් ද තියෙනවා. තොරතුරු එකතු කරන්න බැහැ කතන්දරයක් නැතිව. එ වගේ ම කතන්දරයක් හදන්න බැහැ තොරතුරු නැතිව. ඒ අතර මිනිසුන් රටා හඳුනා ගැනීම ද කරනවා. රටා හඳුනා ගැනීම කතන්දරයක් හැදීමේ දී ඉවහල් වෙනවා. එය සාධාරණීකරණය සමග බැඳී තියෙනවා. 

Monday, 10 February 2020

මෝදිගෙ සිංහල බෞද්ධ විරෝධය

   සිංහල ලිත් ඉලක්කම්


මෝදිගෙ සිංහල බෞද්ධ විරෝධය



මෝදිට ලංකාවෙ දෙමළ ජනයා ගැන මෙතරම් උනන්දුවක් තියෙන්නෙ මොකද? ඔහු මහින්ද රාජපක්‍ෂට කියා තියෙනවා දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස. ඔහු අඩු ගණනෙ හිතුව ද අවුරුදු තිස්දෙකකටත් පස්සෙ ඒක ක්‍රියාත්මක කරන්න බැරි ඇයි කියල. පඬි නැට්ටකු කියන්න පුළුවන් සිංහල ස්වොත්තමවාදීන්ගෙ බලපෑම නිසා කියලා. ස්වොත්තමවාදය පැත්තකින් තියමු. සිංහල බහුතරයේ විරුද්ධතාව මැද දහතුන ක්‍රියාත්මක කරන්න කීම ගැන කියන්න තියෙන්නෙ මෝදි ලංකාවෙ පාලකයා නොවන බව පමණයි. 

Sunday, 9 February 2020

ඉංගිරිසියෙන් ඉගෙනීම හා ඉංගිරසි ඉගෙනීම

     සිංහල ලිත් ඉලක්කම් 


ඉංගිරිසියෙන් ඉගෙනීම හා ඉංගිරසි ඉගෙනීම
  
මා ඊයේ ලියූ "ලිපිය" කිහිප දෙනකුට තේරිලා නැහැ. එය පුදුමයක් නො වෙයි. සමහර දෙනකු ලිපි කියවන්නේ මා ගැන ඇති කර ගත් පූර්ව නිගමන සමගයි. මේ අය හිතන් ඉන්නේ මා ඉංගිරිසි ඉගෙනීමට විරුද්ධය කියා. එහෙම හිතන එක මට තේරෙනවා. මා කොළඹ විශ්වවිද්‍යාලයේ උගන්වන කාලයේ ජාතික චින්තනයට විරුද්ධ අය, ඔබ්සර්වර් සිළුමිණ පුවත්පත් ද ඇතුළුව, කියා සිටියේ මා ඉංගිරිසි ඉගෙනීමට විරුද්ධය කියා. මා සමග කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිටියේ යැයි කියන පුද්ගලයකු නැවතත් ඒ කතාව කියනවා. මා කොළඹ විශ්වවිද්‍යාලයෙහි එකල සිටි සියල්ලන් දන්නේ නැහැ. සමහරුන් හිතනවා ඇති මා ඔවුන් දැන සිටියා කියා. එහෙත් එහෙම නොවෙයි. මා බොහෝ දෙනකු දැන සිටියත් සියල්ලන් දැන සිටියේ නැහැ. 

Saturday, 8 February 2020

ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලබා දී පුස්සන් බිහි කිරීම

            සිංහල ලිත් ඉලක්කම්


ඉංගිරිසියෙන් අධ්‍යාපනය ලබා දී පුස්සන් බිහි කිරීම


එක් රාජ්‍ය සේවකයකු කියා තිබුණා දරුවන්ගේ අධ්‍යාපනය ඉංගිරිසි මාධ්‍යයෙන් විය යුතු ය කියා. ඔහු රජයේ සේවයේ ඊනියා ඉහළ තනතුරක් දරන්නකු වන්න පුළුවන්. කෙසේ වෙතත් මට ප්‍රශ්නයක් තියෙනවා. එකී මහතා අධ්‍යාපනය ලැබුයේ ඉංගිරිසි මාධ්‍යයෙන් ද නැත්නම් සිංහල මාධ්‍යයෙන් ද? ඔහු සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ඊනියා උසස් තනතුරකට පත් වූයේ ද? ඔහු සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවන්ගේ තත්වය දක්‍ෂතා අඩු බව දැන ගත්තේ තමා ම උදාහරණයකට ගනිමින් ද? නැත්නම් ඔහු ව්‍යතිරේඛයක් ද? 

Friday, 7 February 2020

ට්‍රම්ප් හා ජාතිකත්වය

       සිංහල ලිත් ඉලක්කම්


ට්‍රම්ප් හා ජාතිකත්වය

මේ ජනාධිපතිවරණ වසරක්. ලංකාවේ නොව ඇමරිකාවේ. එනම් එක්සත් රාජ්‍යවල. ට්‍රම්ප් රිපබ්ලිකන් පක්‍ෂයේ අපේක්‍ෂකයා වේවි. ඩෙමොක්‍රටික් පක්‍ෂය නැවතත් සැන්ඩර්ස් කෙනකු සොයන එකක් නැහැ. සැන්ඩර්ස්ලා, එංගලන්තයේ කෝබින්ලා බටහිර සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරන්නන්. අද සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට තැනක් නැහැ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ඊනියා ජාත්‍යන්තරවාදයක් තියෙනවා. එහෙත් එය අද ලෝකයේ නැහැ. 

Thursday, 6 February 2020

නිදහස් උත්සවය ගැන පසු වදනක්

          සිංහල ලිත් ඉලක්කම්


නිදහස් උත්සවය ගැන පසු වදනක්



ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තමා රුවන්වැලි සෑ මළුවේ දී කරන ලද අනර්ඝතම කතාවෙන් පසු තවත් විශිෂ්ට කතාවක් නිදහස් දිනයේ දී කළා. ඒ කතාවේ සෑම කරුණක් ගැන ම සඳහන් කිරීමට මෙවැනි ලිපියකින් බැහැ. එහෙත් කරුණක් දෙකක් ගැනවත් කියන්න ඕන. එයට පළමුව ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම ගැන කෙටි විස්තරයක් කරන්න ඕන.