ප්රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 1
මෙය
1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල්
ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන්
ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ
විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ
මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ. මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ.
සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.
මෙහි
ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු
හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න
කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ
පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි
වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස
එසවීමට හැකි වී තිබේ.
x 1977 න් පසුව දෙමළ ජනතාව දිනාගත් දේ
සන්නද්ධ වීම නිසා ම ලබාගත් දේ නොවේ ද ?
1977 මේ රටේ දෙමළ ජාතිවාදය තුන්වැනි යුගයක්
ඇරඹීම සංකේතවත් කළා. එම යුගය පටන් ගත්තේ හැත්තෑවේ දශකයේ, දෙමළ ජාතිවාදයේ දෙවැනි යුගය හතලිස් ගණන්වල ඇරඹි
1949 දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවීමත් සමග
කුලූගැන්වුණා. ඒ වගේ ම තුන්වැනි යුගය හැත්තෑ ගණන්වල ඇරඹී 1977 දී කුළුගැන්වී ප‍්‍රකාශයට පත් වුණා.