Main Logo

Wednesday 26 July 2023

මෙරට රනිල්ගේ බූදලයවත් ඉන්දියාවෙ යටත්විජිතයක්වත් නො වෙයි

 

මෙරට රනිල්ගේ බූදලයවත් ඉන්දියාවෙ යටත්විජිතයක්වත් නො වෙයි

 

දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරන්න යන බව වෙල්ලාල කුලවාදී මන්ත්‍රීවරු කියනවා. රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවක් දී ඇති බව කියනවා. අපි කෙලින් ප්‍රශ්නය අගමැති දිනේෂ් ගුණවර්ධනට ඇමති මණ්ඩලයට හා පොදු ජන පෙරමුණට යොමු කරමු. ඔවුන් රනිල් සමග එකඟ වෙනවා ? එයට එකඟ ? අර සුවාදීන වූ අය කී දෙනකු එයට එකඟ ? මා වි පෙන් ප්‍රශ්නය අහන්නේ නැහැ. ඔවුන් කියන්නේ මොකක් කියන එක වැදගත් නැහැ. එය දැන් රනිල්ගේ වලිගයක් පමණයි.

 

රනිල් පොරොන්දු දී ඇත්තේ යාපා පටුනේ ජනතාව වහලුන් බවට පත්කිරීමට ලන්දේසීන් සමග එක් වූ වෙල්ලාල කුලවාදීන්ට ? එහෙමත් නැත්තන් තම රටේ ප්‍රශ්න විසඳා ගැනීමට බැරුව ලෝකෙ වටේ රවුම් ගහන මෝදිට ? මේ රට රනිල්ගෙ අම්මා අප්පගෙ බූදලේ ? ඔහු පොරොන්දු දෙන්නෙ අඩු තරමෙන් ජනතාවගේ ඡන්දයෙන්වත් ජනාධිපති වෙලා ? ඔහුට ඇත්තේ ගෝඨාභයගෙ නිල කාලය අවසන් වන තෙක් ගෝඨාභයගෙ ජනවරම ක්‍රියාත්මක කිරීම මිස වෙනත් වැඩක් කිරීම නො වෙයි. ඔහු ගෝඨාභයගෙ ජනවරමෙන් ඉවත් වෙනව නම් එහෙම කරන්න පුළුවන් ජනවරමක් අරන් ඇවිත් මිස රට අම්ම අප්පගෙ බූදලේ ලෙස සලකමින් නො වෙයි. 

 

රාජ්‍ය දේපොළ විකිණීම මහා බැංකුව පාර්ලිමේන්තුවෙන් ස්වාධීන කිරීම ආදිය ගෝඨාභයගේ ජනවරමට අයත් නැහැ. විතරක් නො වෙයි රනිල් පුරාවිද්‍යාවට අභියෝග කරමින් දෙමළ වෙල්ලාල කුලවාදීන්ට උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ උරුමය පාවා දෙන්න අමුඩ ගහනවා. මේ ගඟ හත් ගවුවක් තියා අමුඩ ගැහිල්ලක් නො වෙයි. සැලැස්මක් ඇතුව කෙරෙන්නක්. රනිල් ජනාධිපති කෙරුවෙ මේ වැඩ ටික කරල මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය වල පල්ලට යැවීමටයි.

 

මෙහි පළමු වරද මෙරට බඩජාරී මධ්‍යම පංතියට පැටවෙනවා. පනස් තුනේ පමණ සිට ණයට කාල ජේ ආර්ට තම විවෘත ආර්ථිකෙන් එක පැත්තකින් රට බංකොළොත් මාවතට යොමු කරල අනෙක් පැත්තෙන් ආකල්පමය වෙනසක් ඇති කරල වරද්ද ගත් පරම්පරාවක් බිහි කරල ණය ගෙවා ගන්න බැරුව රට බටහිර හා ඉන්දීය තොණ්ඩුවට හිර කිරීමට මග පෑදීම. වරද්දා ගත් පරපුර හෙවත් ජේ ආර්ගෙ දරුවන් තරම් ඊනියා බුද්ධිමතුන් ටිකක් අවුරුදු දෙදහස් පන්සීයට බිහි වෙලා නැහැ. ඔවුන් දෙදහස් පන්සීයෙ රෙද්දක් ගැන කතා කරන්නෙත් නිසා. ඔවුන් කිසිම වගවිභාගයක් නැතුව ගෝටා හොරා කතාව පිළිගත්තා. ඔවුන් බුද්ධිමත්.

 

දෙවැනි වරද වෙල්ලාලයන් මෙරටට ආනයනය කළ ලන්දේසීන්ටත් ඉංගිරිසින්ටත්. ඔවුන්  වෙල්ලාලයන්ට මෙරට ප්‍රධාන පදවි පිරිනමා කොළඹ හා රටේ මූලිකත්වය ඔවුන්ට දුන්නා. බෙදා පාලනය කිරීමේ ඉංගිරිසි ප්‍රතිපත්තිය සමගත් එකඟ වුණා. ඉංගිරිසින් හා ලන්දේසින් මෙරට කුල භේදය ඇති කර වගා කළ අය. ඉංගිරිසින්ට අවශ්‍ය වුණෙ පොන්නම්බලම් කුමාරස්වාමි පවුල රටේ ප්‍රධාන පවුල බවට පත් කරන්න. එහෙත් පසුච සේනානායකලා පවුලට කොළඹ තිබූ බලය නැති කළා. පවුල යාපනයට ගිහින් කුලවාදයට අමතර ජාතිවාදයකුත් ඇති කළා.

 

ජාතිවාදය මගින් වෙල්ලාලයන් තමන් පීඩනයට ලක් කළ ජනයාට පීඩනය සිංහලයන් නිසා සිදුවන එකක් බව ඒත්තු ගන්නන්න කටයුතු කළා. එය යම් ප්‍රමාණයකට සාර්ථක වුණා. ප්‍රභාකරන් පළමුව වෙල්ලාලයන්ගේ ඉත්තෙක් වුණා. ඔහු ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා මැරුවේ වෙල්ලාල කුලවාදී ජාතිවාදීන් වෙනුවෙන්. දුරෙයිඅප්පා යාපනයේ නගරාධිපති වුණේ ශ්‍රි නි පාක්‍ෂිකයකු ලෙස.  ප්‍රශ්නයේ තුන්වැනි වරදකරුවා වෙල්ලාල කුලවාදී ජාතිවාදීන්. කොළඹ බලය හා සමග රටේ බලය අහිමි වූ ඔවුන් ප්‍රභාකරන්ට තුවක්කුව දී උතුරු හා නැගෙනහිර පළාත්වල දේශපාලන බලය තමන් අත තියාගෙන ඊළමක් පිහිටුවීමට කටයුතු කළා. ඊළම් කතාව 1949 පමණ සිට එන එකක්. හැත්තෑහයේ වඩුකොඩේ සම්මේලනයෙන් ලංකාවේ ඊනියා ගාන්ධි චෙල්වනායගම් දෙමළ තරුණයන්ට තුවක්කුව අතට ගැනීමට සැලැස්සුවා.

 

ඉන්දියාවට කවදත් ඕන වුණෙ ලංකාව පාලනය කරන්න. තම රටේ ප්‍රාන්තයක් බවට පත් කරන්න. එහෙත් ඉන්දියාවට සඳහා ආර්ථික හැකියාවක් තිබුණේ නැහැ. ඉන්දිරා ගාන්ධි අගමැතිණිය වීමෙන් පසු ඇය මගින් ඉන්දියාවට අදහස නැවතත් ඇති වුණා. ඇගේ පළමු නිල කාලය අවසන් වුණේ 1977 දි. පසුව ඇය නැවතත් 1980 දි අගමැතිණිය වුණා. කාලෙ ඇගෙ නියෝජිතයා වූ පරතිසාරති නිතර කොළඹ ආවා ගියා. ලංකාව වෙල්ලාල කුලවාදී ජාතිවාදය මගින් පාලනය කිරීමට හැකි බව ඉන්දිරා ගාන්ධිට වැටහෙන්න ඇති. වල්පොල රාහුල හිමියන් ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ පරතිසාරතිට අනුශාසනා කළ අන්දම ප්‍රභාකරන්ට පහන් පත්තු කරන පරගල හාමුදුරුවන් හා වරද්දා ගත් පරම්පරාව දන්නෙ නැතුව ඇති.

 

අපේ ප්‍රශ්න විසඳීමට කතා කළ ඉන්දිරා ගාන්ධිට කාශ්මීර ප්‍රශ්නය විසඳන්න බැරි වුණා. සාමය ගැන කතා කළ ඇය සික්වරුන්ගේ රන්දෙවොල 1984 දි ලේ විලක් බවට පත් කළා. ඇගේ සික් ආරක්‍ෂක භටයන් අවුරූද්දේ ඇය ඝාතනය කළා.

 

ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදීන්ට චෙන්නායිහි ආරක්‍ෂාව සැපයුවා. වරක් එහි වීදිවල උමා මහේස්වරන් හා ප්‍රභාකරන් ද්වන්දව සටනක යෙදුණා. කෙසේ වෙතත් රජිව් ගාන්ධි තම මව තරමට නැති වුවත් ලංකාව ප්‍රාන්තයක් කර ගැනීමට කටයුතු කළා. දිනවල මෙරට ඉන්දීය මහා කොමසාරිස් ඩික්සිත් විසූරේ කෙනකු මෙන් කටයුතු කෙළෙ. ඔහු අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලට පවා සහභාගි වුණෙ ජේ ආර් යටත්වීම නිසා. සියල්ලෙහි ප්‍රතිඵලය ඉන්දු ලංකා ගිවිසුම පළාත් සභා දහතුන්වැනි සංශෝධනය ඊනියා සාම සාධක හමුදාව ආදිය.

 

එහෙත් මෙරට ජාතිකත්ව බලවේග නිසා ගාන්ධිට අප රට යටත් කර ගන්න බැරි වුණා. පළාත් සභා ඉන්දියාවට හා වෙල්ලාල කුලවාදී ජාතිවාදීන්ට අවශ්‍ය අන්දමට ක්‍රියාත්මක කර ගන්න බැරි වුණා. රජිව් ගාන්ධි කොටි විසින් ඝාතනය කෙරුණු අතර කොටි මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වය යටතේ පරාජය කෙරුණා. එහෙත් ඉන්දියාව තම ව්‍යාපෘතිය අත්හැරියේ නැහැ. ණයට කෑමේ ප්‍රතිඵලයක් ලෙසත් කොවිඩ් වසංගතයත් අපනයන ආදායම් නොලැබීමත් විදෙස්ගත ශ්‍රමිකයන්ට ප්‍රේෂණ එවීමට ඉඩ නොදීමත් උණ්ඩියල්  ව්‍යාපාරත් නිසාත්  රට ආර්ථික අර්බුදයකට ගියා. බටහිරයන් හා ඉන්දියාව තම කෝන්තර පිරිමහා ගන්න අවස්ථාව කර ගත්තා.

 

ඉන්දියාව අද අපේ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටිමින් වෙල්ලාලයන් මගින් රට තම අණසකට යටත් කර ගන්න උත්සාහ කරනවා. රනිල් ජනාධිපති පදවියට පත් කෙරුණෙත් සැලසුමක් ඇතුව බටහිරයන්ට හා ඉන්දියාවට තම අවශ්‍යතාඉටු කර ගැනීමට. රනිල් කල් යල් බලා ජා පැරදුණු මන්ත්‍රී හැටියට පාර්ලිමේන්තුවට ආවා. දිනවල වජිර අබේවර්ධන කිවුවේ රනිල් අවුරුද්දකින් ජනාධිපති වෙන බවයි. ඔහු බව දැන සිටියේ කොහොමද?

 

රනිල් අද බටහිරයන්ට ඉන්දියාවට  වෙල්ලාල කුලවාදී ජාතිවාදීන්ට විසිරුණු දෙමළ ජනයාට අවශ්‍ය අන්දමට කටයුතු කරනවා. මහා බැංකු ප්‍රහාරයේ වරදකරුවන් නිදහස් කළ ඔහු මහා බැංකුව  ස්වාධින කළ ආකාරයට ජනාධිපති පාර්ලිමේන්තුවෙන් ස්වාධීන කරන්න හදනවා. ඉන්දියාව අපේ ප්‍රශ්න විසඳන්න හදන්නෙ පළාත් සභාවලට බලතල ලබා දීමෙන් පළමුව උතුරු හා නැගෙනහිර පළාත් තම අණසක යටතට ගැනීමෙන්. අද ඉන්දීය රුපියල මෙරට භාවිතා කරනවා. කුරුන්දි බෞද්ධයන්ට නැති කරන්න හදනවා. එහෙත් ඉන්දියාවට තම ප්‍රශ්න විසඳගන්න බැහැ. මනිපුර් ප්‍රශ්නය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙනවා. සික්වරුන්ගේ ප්‍රශ්නය එහෙමමයි. දිනපතා මුස්ලිමුන්ට ක්‍රිස්තියානින්ට ඊනියා අඩුකුල ජනයාට විඳින්න සිදුවෙන හිරිහැර ගැන වාර්තා වෙනවා. බයිබලයේ කතාවක් තියෙනවා වෛද්‍යවරයා තමා සුවපත් කරගත යුතු බවට.