විහාර
මහා දේවියගේ වංසය
පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මගින් පවත්වනු ලබන ඉතිහාසයට නව සුසමාදර්ශයක් දේශන මාලාව පදනම් කර ගෙන විවිධ ප්‍රශ්න අහනවා. ඒ ඇතැම් ප්‍රශ්න යමක් දැන ගැනීම සඳහා. එහෙත් ඇතැම් ප්‍රශ්න තම පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කිරීම සඳහා. ඒ ප්‍රශ්නවලින් පැහැදිලි වන්නේ ඔවුන්ට බොහෝ විට දේශනය නොතේරෙන බවයි. එක් අයකු කියා තිබුණා මා විශ්ලේෂණය එහෙමත් නැත්නම් වෙන් කිරීම ප්‍රතික්‍ෂෙප කරන බව, එයට විරුද්ධ බව.
මා
කිසිම දේශනයකවත් ලිපියකවත් එසේ කියා නැහැ. විශ්ලේෂණය මෙන් ම සංස්ලේෂණය ද අප යොදා ගන්නවා. අපේ සංස්කෘතියේ හුදු විශ්ලේෂණයක් නැහැ. හුදු වෙන් කිරීමක් නැහැ. අප ඉතිහාසය වත්මන් බටහිර අර්ථයෙන් හුදු ඉතිහාසයක් ලෙස සලකා නැහැ. මහාවංසය හුදු ඉතිහාස ග්‍රන්ථයක් නොවන බවයි මා කියන්නේ. එහි බුදුදහමත් තියෙනවා. තවත් දේත් තියෙනවා. ඒ තමයි අපේ ශෛලිය. කතාවට අදාළ දේ කියනවා. ඒ මිස ඇතැමුන් කියා ඇති අන්දමට එහි ඉතිහාසයත් ඉතිහාසය නොවන දෑත් ඇත යන අර්ථයෙන් නො වෙයි. තම පාණ්ඩිත්‍යය පැත්තකින් තියා පරණ තෙස්තමේන්තුව කියවන්න. එහි ඔය කියන ඉතිහාසයත් දේවකතාත් තියෙනවා.
බටහිර
වුණත් හුදු වෙන්කිරීම දහඅටවැනි සියවසින් පසු පටන් ගත් දෙයක්. දහහත්වැනි සියවසේ නිවුටන් දෙවියන් වහන්සේගෙන් වෙන් වුණේ නැහැ. අද වුණත් බටහිරයන් මුළුමනින් ම දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා නැහැ. බටහිර විද්‍යාව පසුපස යන්නන් නොදන්නවාට අදත් බටහිරයන් කරන්නේ දෙවියන් වහන්සේ ලෝකය මවා ඇති ආකාරය දැන ගැනීමයි. අයින්ස්ටයින්ගේ
දෙවියන් වහන්සේ ගැන මා ලියා ඇති ලිපිය කියවන්න. මගේ ලිපිවල හා දේශනවල වුණත් ඇත්තේ ඒ මහාවංස ශෛලියයි. ඇතැමුන් මා නාභිගත ව (focused) යමක්
ප්‍රකාශ නොකරන බව කියන්නෙත් මා හුදු වෙන් කිරීමක් නොකරන නිසා. මා විශ්වවිද්‍යාලයේ
දේශන පවත්වන විටත් හුදෙක් ගණිතය ගැන පමණක් කතා කෙළේ නැහැ.
තවත්
සමහරු තම නොදැනුවත්කම ප්‍රකාශ කිරීම සඳහා ම ලිපි සම්බන්ධයෙන් ප්‍රශ්න අසනවා. ඇතැමුන් නාම රූප පච්චයා විඤ්ඤාණ කියා තිබිය දී ම නාම විඤ්ඤාණ ලෙස සලකනවා. මා ඒ ගැන කුමක් කරන්න ද? බුදුදහමෙහි මනස ප්‍රධාන කියා කියැවෙනවා. මා ඒ බව පවසන විට මොකක්දෝ විඤ්ඤානවාදයක් ඇද ගන්නවා. තවත් සමහරු වාම ජාතිකත්වයක් ගැන කියනවා. ජාතිකත්වයට වමත් නැහැ දකුණත් නැහැ.
මා
ඊයේ (22) රාත්‍රී පැවැත්වු දේශනයේ විහාරමහා දේවිය ගැන රකුසන් ගැන නාගයන් ගැන කතා කළා. එය තව ටිකක් පැහැදිලි කිරීමයි මේ ලිපියෙන් මූලික ව කෙරෙන්නේ. මහාවංසය කියන්නේ රාජ වංසයේ කතාව. මහාසම්මත රජු දක්වා දිවෙන වංස කතාවක් එහි කියැවෙනවා. ඒ අරුතින් මාගම රාජ්‍යයේ කාවන්තිස්ස පරපුරත් විජය රජුට සම්බන්ධ කිරීමට කතාවක් ගොතා තියෙනවා. දේවානම්පිය තිස්ස රජුගේ සොහොයුරු මහානාග කුමරු මාගමට යවන්නේ ඒ සඳහා.
මහානාග කුමරු නාගවංසයට (ජන කොටසට) අයත් වුණත් නැතත් මාගම නම් තිබුණේ නාග රාජ්‍යයක්. මිනුම් දෙපාර්තමේන්තුවේ
ඩෙනිස් ප්‍රනාන්දු මහතා සකස්කළ ටොලමිගේ සිතියමේ (පර්සියන් ගඟ ලිපියේ ඒ සිතියම ඇති) නගදිබි කියා ප්‍රදේශයක් තියෙනවා. එය පර්සියන් ගඟට නැත්නම් මහවැලි ගඟට දකුණින් තියෙන්නෙ. ඒ නාගදීපයක් වෙන්න ඕන. තවත් නාගදීප තිබුණා. යාපාපටුනේ කැළණියේ ආදී වශයෙන්. මෙහි දීප කියන්නේ වත්මන් අරුතින් ද්වීපයක් (island)
නොවන බවයි මගේ අදහස. එය ප්‍රදේශයක් කියන තේරුමෙන් යොදා ගන්න ඇති. මා හිතන්නේ ජම්බුද්වීප කියන්නෙත් ජම්බු ගෙඩියක් මෙන් දිස් වූ ප්‍රදේශයක් කියා. අදත් අපි කියනවා යන දීපෙක ගිහින් එන්න කියා. ඒ වගේ ම දීප දේසාන්තර ගැනත් කියනවා. ඒ ද්වීප එහෙමත් නැත්නම් දුපත් වෙන්න බැහැ. දීප යන්නට ද්වීප තේරුම දී ඇත්තේ පසුව වෙන්න පුළුවන්.
කාවන්තිස්ස කියන්නෙ කාකවර්ණ තිස්ස එහෙම නැත්නම් කළුපාට තිස්ස කියන එක. වලගම්බා රජු පලා යන විට ගිරි නම් නිඝන්ඨයා කිවුවෙ මහා කළු සිංහලයා ගැන. වලගම්බා ගැමුණු රජුගේ මල්ලිගෙ පුතා. නාගයන් යම් පිරිසක් හරි කළු ද? මාගම නාග රාජ්‍යයක් වූ බවයි මගේ අදහස. එහි ප්‍රාදේශීය රජවරු කිහිප දෙනෙක් ඉන්න ඇති. එක් කෙනකු කාවන්තිස්ස රජු. තවත් කෙනකු විහාර මහා දේවියෙගේ පියා. කාවන්තිස්ස රජුගේ විවාහයෙන් පසු මුළු මහත් මාගම නාග රාජධානිය ම කාවන්තිස්ස රජුට අයත් වූ බවක් පේනවා. මහාවංස කතෘ හිමියන් මහානාග කෙනකු ම මාගමට යවන්නේ නිකම් ම නොවේ කියායි මට තේරෙන්නේ. ඒ කතාවෙන් නාග රජුන් අර මහාවංසයට එකතු කිරීමට මහානාම හිමියන් සමත් වෙන්න ඇති. කෙසේ වෙතත් එකල මාගම නාග රාජ්‍යයක් හා එයට උතුරෙන් මහවැලි ගඟ දෙපස යක්‍ෂයන් ද සිටි බව පර්සියන් සම්භවයක් තිබූ එළාර රජුට පක්‍ෂපාති වු යක්‍ෂ පිරිසක් සමග ගැමුණු කුමරුට යුද්ධ කිරීමට සිදු වීමෙන් පෙනී යනවා. ගැමුණු කුමරු අවසාන වශයෙන් කර ඇත්තේ මේ සියළු කොටස් හැකි පමණින් එකතු කර මාගම හා අනුරාධපුර එකතු කර පණ්ඩුකාභය රජුගේ අනුරාධපුර සිංහල රාජ්‍යය ඉදිරියට ගෙන ගොස් සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටුවීමයි.
මට
මතක හැටියට ජයන්ත චන්ද්‍රසිරි තම මහරජ ගැමුණු පොතේ විහාර මහා දේවිය නාග රාක්‍ෂස කුමරියක් ලෙස හඳුන්වා තිබුණා. ඔහු ඒ නිගමනයට පැමිණියේ කෙසේ දැයි මා දන්නේ නැහැ. කෙසේ වෙතත් මා ඒ දිනවල හිතුවෙ විහාර මහා දේවිය නාග හා රාක්‍ෂස ජනකොටස් මිශ්‍ර වීමෙන් සෑදුණු ජන කොටසක කුමරියක් කියා. එහෙත් රාක්‍ෂස යන්න වෙනත් ආකාරයකින් කියැවෙනවා. ඇතැම් ඉන්දීය ලේඛනවලට අනුව රාක්‍ෂස කියන්නෙ ආරක්‍ෂකයන්. එහෙමත් නැත්නම් අදාළ ජන කොටස රක්‍ෂා කරන අය. එහෙමත් නැත්නම් රජවරු. ඉන්දීිය ලේඛනවල මහාරාක්‍ෂ වැනි වචනත් හමුවෙනවා. රාක්‍ෂස කියන්නේ යක්‍ෂ හරි නාග හරි ජන කොටසක ආරක්‍ෂයකන් රජුන් වෙන්න පුළුවන්.
ඇතැමුන්ට අනුව රකුස් කියන්නෙ කුස ආරක්‍ෂා කරන්නවුන්. එනම් වගා කරන්නවුන් ගොවියන්. එහෙත් එය එතරම් ගැලපෙන එකක් කියා මා හිතන්නෙ නැහැ. විහාර මහා දේවිය පමණක් නොව කාවන්තිස්ස රජුත් නාග රාක්‍ෂසයන් වෙන්න ඇති. ඒ නාග රාක්‍ෂසයන්ගේ පුතා යම් තරමකින් සියලු ජන කොටස් එකතු කර සිංහල බෞද්ධ රාජ්‍යය ස්ථාපිත කර තියෙනවා.