Main Logo

Friday 28 July 2023

ආ වැඩේ නොකර වෙන වැඩකට අර අඳින රනිල්

 

වැඩේ නොකර වෙන වැඩකට අර අඳින රනිල්

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණේ පරගලය හරහා. එහි දී ඔහුට ලැබුණු වරමක් නැති වුවත් ඔහු පැමිණියේ ආර්ථික අර්බුදය ජයගත හැකි ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් ඇති ජාත්‍යන්තරයේ ප්‍රසාදයට පත් පුද්ගලයා ලෙස. ඔහු ගැන ඔහුගෙ හෙංචයියන් අදත් කියන්නේ වගේ කතා. ඔහු ඉතා පැහැදිලිව බොරුවෙන් උපන් ජනාධිපති හා පරගලයේ දරුවා. ජාත්‍යන්තර සබඳතා කෙසේ වෙතත් මෙරට ඉන්න විදේශ තානාපති තානාපතිනියන් මහා කොමසාරිස්වරුන් කොමසාරිස්වරියන් නම් මෙරට ක්‍රියා කරන්නේ විසුරේ නමින් හැඳින්වුණු යුවරජුන් මෙන්. එයට අමතර රට රටවල විදේශ ඇමතිවරු විදේශ ලේකම්වරු ලෝක බැංකු නිලධාරීන් ජාමුල නිලධාරීන් ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් අයිතිකාරියන් කවුරු හරි හැමදා වගේ මෙරට ඉන්නවා. හෙට අනිද්දා ප්‍රංශ ජනාධිපති එනවා. ඔහු එන්නෙ හදිසියේ ප්‍රංශ ලංකා සබඳතා තර කරන්න ?  අද මෙරට ජාත්‍යන්තරයේ පාපන්දුවක් බවට පත් වෙලා. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) අපට කොන්ද්සි පණවන්නේ නිසා නම් නො වෙයි.

 

රනිල් බොරුවෙන් නමුත් ජනාධිපති වුණේ ආර්ථික අර්බුදය විසඳන්න. එහෙත් සඳහා ඔහු කර ඇති වැඩ මොනවා ? ජාමුලට අවශ්‍ය අන්දමට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආනයන සඳහා රට විවෘත කිරීම ආදියයි. ඔහුට සඳහා ඩොලර් සොච්චමක් ලැබුණා. ඉන්දියාව දීර්ඝ කාලීන බලාපොරොත්තු ඇතුව ණය ගෙවන්න කාලයක් දී තියෙනවා. ඔහු විදේශ විනිමය ලබා ගන්න කර ඇති වැඩේ මොකක් ? සංචාරකයන් ගෙන්වා ගැනීම ? එය ඔහුට වඩා හොඳින් පහුගිය ආණ්ඩුව කෙරුවා. කොහොමටත් සංචාරක ව්‍යාපාරය මත පමණක් අපට යැපෙන්න බැහැ. සංචාරකයන් සඳහා අපට විවිධ දේ ආනයනය කරන්න වෙනවා. එයින් ලැබෙන ශුද්ධ විදේශ විනිමය කොපමණ ?

 

ඩොලරය මුල දි පහතට ගියත් දැන් නැවතත් උඩ යනවා. කොටස් වෙළෙඳ පොළ ඉහළ ගිහින් කියනවා. එයට විදේශීය මුදල් ආයෝජනය කරන්නේ කවුද?  විදේශිකයන් විසිරුණු දෙමළ ජනයා කවුද? ඉන්දියන් රුපියල මෙරට භාවිතා කරන්න යනවා. අපේ වුවමනාවට ඉන්දියාවේ වුමනාවට ?  මෙරට ආර්ථිකය හසුරවන්නේ ඉන්දියාව හා විසිරුණු දෙමළ ජනයා ? මහා බැංකුවට අනුව නම් උද්ධමනය අඩුවෙනවා. ඒත් භාණ්ඩ මිළ ඉහළ යනවා. මහා බැංකු ගණන් හිලවු සංඛ්‍යාන ගැන මොක කියන්නෙ. අර කතාවක් තියෙනවා බොරු පට්ටපල් බොරු හා සංඛ්‍යාන කියා. අවශ්‍ය නම් බොරු විද්‍යාව හා සංඛ්‍යාන කියා සංශෝධනය කරන්න පුළුවන්.

 

තමන්ට කරන්න පුළුවන් කියා පෙන්නපු දේ ගැන රනිල් කළ දෙයක් නැහැ. දැන් ඔහු සූදානම් වන්නේ ගෝඨාභය කිසිසේත් බලාපොරොත්තු නොවූ කටයුත්තක් කරන්න. මෙටාවෙ පඬි නැට්ටන් කියාවි මා හොරුන්ගේ රෙදි සෝදනවා කියා. මට මහළු වයසේ කිසිවකුගෙන්වත් සහතික අවශ්‍ය නැහැ. මා රැකියාවකට ඉල්ලුම් කරන්නෙත් නැහැ ඡන්දයක් බලාපොරොත්තු වන්නෙත් නැහැ සම්මානයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ  රස්සාවක් වගේ ප්‍රස්තාවක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ අඩුම තරමෙන් මළාට පසු ගුණ කථන බලාපොරොත්තු වන්නෙත් නැහැ. මා තව තවත් දේ හෝදනවා කිවුවත් මට ප්‍රශ්නයක් නැහැ. කොහොමටත් අයින්ස්ටයින්ට පසු ලෝකයේ හොඳ න්‍යෂ්ටික විද්‍යාඥයා ඕපන්හයිමර් කියන, තමන් පොරවල් වීම සඳහා තමන්ටත් නොතේරෙන කතා එතරම්වත් නොතේරෙන්නන් සඳහා කියන පඬි නැට්ටන් ඉන්න සමාජයකින් කිසිම දෙයක් බලාපොරොත්තු වන්නේ මොන ඉටිගෙඩියකට ? මා විද්‍යාඥයකු වීමට නොහැකි බව දැනගෙන අවුරුදු පනහකට වැඩියි.

 

රනිල් අද හදන්නේ මොන ක්‍රමයකින් හරි වෙල්ලාල ජාතිවාදීන්ට අඩු තරමෙන් උතුරු පළාත භාර දී ඉන්දියාවට මෙරට අණසක පැතිරවීමට පසුබිම සකස් කර දීමට. මා මියන්මාහි ලංකා තානාපති වෙලා හිටපු අවුරුද්දක පමණ කාලයේ මා දුටු දෙයක් නම් හමුදා ආණ්ඩුව විදේශීය තානාපතිවරුන්ට තමන්ට ඕන විධියට නටන්න අවසර නො දීම. අවුං සාන් සු චී බලයේ සිටි කාලයේ නම් විදේශීය තානාපතිවරුන්ට ඉඩක් ලැබුණා. එහෙත් හමුදා ආණ්ඩුව එයට ඉඩ දුන්නේ නැහැ. හමුදා ආණ්ඩුව ලංකාවට නම් ගෞරවයෙන් සැලකූ බව කියන්න ඕන. මසුන් මරන්නන්ගේ ප්‍රශ්නයේ දී මට එය පැහැදිලි වුණා. භික්‍ෂූන් වහන්සේත් ප්‍රශ්නයේ දී හමුදා ආණ්ඩුවට අනුශාසනා කළා.

 

දහතුන හා පළාත් සභා අපේ අවශ්‍යතා නිසා අප දුන් විසඳුමක් නො වෙයි. විසඳුමක් දීමට ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් ඇති අසාධාරණය කුමක් යන්නට දැන් අවුරූදු තිහකටත් වැඩි කාලයක් තිස්සේ පිළිතුරක් නැහැ. ඒකත් මනසින් තොර යථාර්ථයක් ඇති බව මනසින් තොරව පෙන්වන්න බැරුව වගේ. අද තියෙන්නේ ජයවර්ධනලා වික්‍රමසිංහලා ඇසුරු කරන කොළඹ ඉන්න පොන්නම්බලම් කුමාරස්වාමි පවුල (මහා බැංක අධිපති සිටි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, විග්නේස්වරන්, මා මිත්‍ර ස්වාමිනාදන්, රධිකා කුමාරස්වාමි ආදීන් පවුලේ) ඇතුළු වෙල්ලාල කිහිප දෙනකුට උතුරු පළාතේ බලය ලබා දීම පිළිබඳ ප්‍රශ්නයක්. පවුලට විසිවැනි සියවස මුල දී අවශ්‍ය වුණේ ඉංගිරිසින් ළඟට ලංකාවේ පාලකයන් වීමට. එහි දී මුල් අවස්ථාවේ ජයවර්ධනලා පොන්නම්බලම් රාමනාදන්ට සහාය දුන්නා.

 

එහෙත් 1917න් පමණ පසුව ඔවුන්ගේ කොළඹ බලය පිරිහෙන්න පටන් ගත්තා. 1922 දී පොන්නම්බලම් අරුණාශලම් යාපා පටුනට ගිහින් ප්‍රථම ජාතිවාදී සංවිධානය වූ හින්දු මහා සභාව පිහිටෙවුවා. ජී ජී පොන්නම්බලම් සුන්දරලිංගම් ආදීන් හරහා දෙමළ ජාතිවාදය වර්ධනය වුණා. වෙල්ලාලයන් යාපා පටුනේ පවත්වා ගෙන ගිය දරුණු කුල භේදය සිංහලයන්ගේ අසාධාරණකම් නිසා ඇති වුවක් බවට මතයක් ඇති කෙරුණා. සර්වජන ඡන්දයෙන් පසු වෙල්ලාලයන් තේරුම් හත්තා ඔවුන්ට රටේ නායකත්වයට පත් වෙන්න බැරි බව. හතළිස් ගණන්වල චෙල්වනායගම් නාගනාදන් වැනි අය සිංහලයන්ගෙන් ස්වාධීන වීමක් ගැන කතා කළා. 1949 දී  වෙන රාජ්‍යයක් පිහිටුවීම සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගත්තා. එය ඉංගිරිසියෙන් ෆෙඩරල් නමින් හැඳින්වුවා. එය හඳුන්වන්න තිබුණෙ Ceylon Tamil State Party කියා. එහෙත් ආරම්භයේ සිට කෙරුණේ බොරුවක්. අදත් ඒකීය රාජ්‍යයක බලය බෙදීම යනුවෙන් කරන්නේ බොරුවක්.

 

ඉන්පසු ලන්දේසීන් හා ඉංගිරිසින් ඇති කළ වෙල්ලාල කුලවාදී ජාතිවාදයට ඉන්දියාව මැදිහත් වුණා. 1976 වඩුකොඩේ සම්මේලනයෙන් චෙල්වනායගම් බලාපොරොත්තු වුණේ උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ ඊනියා නිජභූමි කියා එහි පාලන තන්ත්‍රයක් ඇති කර බලය ලබා ගැනීමට. වෙල්ලාලයන් දන්නවා වෙන් කළ නැගෙනහිර පළාතක ඔවුන්ට බලය ලබා ගැනීමට නොහැකි බව. නිසයි ඔවුන් උතුර හා නැගෙනහිර එක් කරන්න කියන්නෙ. නැගෙනහිර පළාත කියන්නෙ රුහුණු රටෙන් කොටසක්. එහි මුස්ලිමුන් පදිංචි කෙරුණෙ සිංහල රජවරුන් විසින්. දෙමළ කතා කරන ජනයා ඉංගිරිසින් මෙරට කුලී වැඩ කිරීම සඳහා ගෙනා අයගෙන් පැවත එන්නන්. වෙල්ලාලයන් ඔවුන් තුට්ටුවකට මායිම් කරන්නෙ නැහැ. එහෙත් ඔවුන්ගෙ ඡන්දය ලබා ගැනීමට සිංහල විරෝධයක් ඇති කරනවා. වෙල්ලාලයන් කොළඹ ඉඳන් බලය ගැනීමට ප්‍රභාකරන්ට ආයුධ දුන්නා. ත්‍රස්තවාදීන්ට ඉන්දියාවෙ ආරක්‍ෂාව සැපයුණා. ඊශ්‍රායලයෙන් සටන් පුහුණුවත් ලැබුණා.

 

ඉන්දිරා ගාන්ධි පරතසාරති ලවා ඊනියා ප්‍රශ්නයක් විසඳීමට කියා තමන්ට බලය ගැනීම සඳහා ජේ ආර් බය ගන්වා යටත් කර ගත්තා. ඉන්දියාව වෙල්ලාලයන් වෙල්ලාලයන් දෙමළ කතා කරන ජනයා යොදා ගත්තා. දහතුන පළාත් සභා සාම සාධක හමුදා යටත් කර ගැනීමේ ප්‍රතිඵල. එහි දී ඔවුන්ට බටහිර රටවල විශේෂයෙන් එංගලන්තය ඇමරිකාව නෝර්වේ ස්වීඩන් පින්ලන්තය යන රටවල සහාය ලැබුණා. ඩික්සිත් සොල්හයිම් කරළියට පැමිණියා. ඩික්සිත් ජේ ආර්ගෙ ඇමති මණ්ඩල රැස්වීම්වලටත් සහභාගි වුණා. ඊනියා සාම සාකච්ඡා සටන් විරාම ගිවිසුම් පෙළක් ඇති වුණා.

 

රනිල් ඔය අතර දෙවරක් අගමැති වුණා. වරක් චන්ද්‍රිකා යටතේ. ඔහු චන්ද්‍රිකාටත් නොදන්වා කිලිනොච්චි ගිහින් නෝර්වේ තානාපති සමග ප්‍රභාකරන් වෙනුවෙන් ගිවිසුම් ඇති කළා. 2002 දී. ඉන්දියාව නෝර්වේ ආදී රටවල් බලාපොරෙත්තු වුණෙ ඊනියා සාම සාකච්ඡා මගින් ප්‍රභාකරන්ට තුවක්කුව දී වෙල්ලාලයන් බලයට පත් කිරීමට. මෙරට විවිධ ක්‍රිස්තියානි වාම ලිබරල් ඊනියා සාම සංවිධානත් පසුපස හිටියා. එහෙත් ජාතිකවාදීන්ට සියල්ල පරාජය කිරීමට හැකි වුණා.

 

යහපාලන කාලෙත් රනිල් අගමැති. දවස්වල තමයි වැඩියෙන් ණය ගත්තෙ. වැඩි පොලියට ස්වෛරී බැඳුම්කර මගින්. පිටුපස හිටියෙ කවුද? නන්දලාල්ල කුමාරස්වාමිල ? දිනවල රනිල්ට බටහිර හා ඉන්දියාව වෙනුවෙන් 13 ගැන වැඩි යමක් කරන්න බැරි වුණා. එහෙත් රට තව තවත් ණය කාරයෙක් කළා. 2019 දී ගෝඨාභය පත්වුණා. බියට පත් වූ බටහිරයන් ඉන්දියාව සමග එකතු වී සැලසුම් කර පරගලය හරහා රනිල් බලයට පත් කළා. ඔවුන්ගේ මැදිහත්වීම් නිසාත් ණය කාරයකු සිටි රටට ඊනියා යහපතක් කිරීමට. ඔවුන්ට අවශ්‍ය තිබුණෙ රට ණයෙන් ගලවා ගන්න නොව ණය මැදින් සිංහල බෞද්ධ ජාතික නායකත්වය ඉවත් කර ක්‍රමයෙන් රට ඉන්දියාවෙ අණසකට පත් කරන්න. පරතසාරති ඩික්සිත් ක්‍රියා දාමය තව දුරටත් ගෙන යන්න.

 

ආර්ථික අරබුදයක් හරහා බලයට පත් කෙරුණු රනිල් අද කරන්නේ වෙල්ලාල ඉන්දීය බටහිර වුවමනාවක් ඉටු කිරීම. ඔහු දහතුන මුළුමනින් දෙන්න හදන්නෙ උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් අයිතිය වෙල්ලාලයන්ට දී බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කරන්න ? කුරුන්දි සඳහා මුල පිරීමක් ? පොලිස් බලතල දී  රටේ පොලීසියට එහි යෑම වැළැක්වීමට ?  ඔහුට එය 2002 දී වත් 2015 දී වත් කර ගන්න බැරි වුණා. ජාතික නායකත්වයක් තිබුණ නිසා. අද ඔවුන් පරහලය හරහා ජාතික නායකත්වය ඉවත් කර තියෙනවා. ඒත් ඔවුන් නොදන්න කරුණ ජාතික බලවේග ශක්තිමත් බව.