දේවානම්පිය තිස්ස රජුට ප්‍රිය කවුද?
පසුගිය මැයි මස 25 වැනි දා බුදුදහම හා දෙවියෝ යන මැයෙන් ලියූ ලිපියෙහි මේ වාක්‍ය දෙක ද සඳහන් වුණා. “දේවානම්පිය තිස්ස කියන්නේ දෙවියන්ට ප්‍රිය වු තිස්ස. ඒ මොන දෙවියන්ට ද කියල හොයල බලපු කෙනෙක් ඉන්නවා ද කියා මා දන්නේ නැහැ.” මගේ මිතුරකු වූ ජානක වංශපුර ඒ ගැන හොයල තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව හැදෑරූ ජානක දැන් ආචාර්ය උපාධියක් ලබා ඇමරිකාවේ ටෙක්සස් ප්‍රදේශයේ වෛද්‍ය භෞතික විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරනවා. ඔහුගේ ඉතිහාස දැනුම ගැන මා දන්නේ නැහැ. එහෙත් ඔහුට කල්පනා ශක්තියක් තියෙනවා.
ඔහු
මා සමග ඊයේ ඇහුවෙ අමුතු ම දෙයක්. ඔහු අහනවා දේවානම්පිය තිස්ස රජුට ප්‍රිය වූයේ එකල සිටි දේවයන් වීමට නොහැකි ද කියා. මට එහි අනෙක් කරුණු සමග සංගතබවක් ඇතැයි දැනෙනවා. මෙරට සිටි ජනකොටස් කිහිපයක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ යක්‍ෂ දේව නාග රාක්‍ෂස. සමහරුන්ට අනුව රාක්‍ෂසයන් කියන්නේ යක්‍ෂයන්ගෙ ආරක්‍ෂකයන්. එ කොහොම වුණත් දඹදිවින් මෙරටට උතුරු ඉන්දීය සංස්කෘතියක් හඳුන්වා දෙනු ලැබුයේ දේවානම්පිය තිස්ස රාජ සමයට ටික කලකට පෙර.
උතුරු
ඉන්දීය සංස්කෘතිය මෙරටට දෙපැත්තකින් ලැබී තියෙනවා. එකක් වංග කාලිංග පැත්තෙන් ලැබුණු විජය රජුගෙන් සංකේතාත්මක ඊසාන දිගින් ලැබුණු සංස්කෘතිය. අනෙක බටහිර පැත්තෙන් සුප්පාරක තීර්ථයෙන් ලැබුණු සිංහල රජුගේ සංස්කෘතිය. මහාවංසය දෙවැන්න ගැන කියන්නේ නැහැ. එහෙත් නොකියා කියන කතාවක් තියෙනවා. ඒ තමයි විජය රජුගේ නැව සුප්පාරකයට පිටත් කර හැරීම. ඒ මෙරටට පැමිණි අය කාලිංගය පැත්තෙන් මෙන් ම සුප්පාරකය පැත්තෙන් ද නැව් නැග්ග බව නොකියා කීමක්.
මේ
පැමිණි අයට මෙරට සිටි විවිධ ජන කොටස් විවිධාකාර ප්‍රතිචාර දැක් වූ බව නිසැකයි. වැඩි කල් යෑමට මත්තෙන් නාගයන් හා උත්තර භාරතීයයන් අතර සමගියක් ගොඩ නැගෙන්න ඇති. මහාවංසයට අනුව බුදුහාමුදුරුවන් දෙවරක් ම වැඩම කර තියෙන්නෙ නාගයන් වෙනුවෙන්. අනෙක් වර වැඩම කර තියෙන්නෙ යක්‍ෂයන් දමනය කර පළවා හරින්න. ඒ බුදුහාමුදුරුවන්
කරන වැඩක් නොවන බව පැහැදිලියි. යක්‍ෂයන් මෙරට දිගට ම වාසය කර ඇති බව චිත්‍රදේව කාළවේල ගැමුණු රජුගේ යෝධයන් මහසෙන් ආදී රජුන්ගෙන් පේනවා. ඒ අතර දේවයන් ද එකත්පසව සිටි බව සිරිපතුල් පුවතෙන් කියැවෙනවා. යක්‍ෂයන් මෙන් ම දේවයන්ද පර්සියාවෙන් පැමිණි බව කියැවෙනවා. අදත් දකින්නට ඇති දේව කුලයේ අයගෙන් සමහරු තමන් පර්සියාවෙන් පැමිණි බව කියනවා.
මෙහි
දී මට එකතු කරන්න ඕන
සෙනරත් පරණවිතාන මහතාගේ ග්‍රීකයෝ හා මෞර්යයෝ පොතෙහි සඳහන් කරුණක් දෙකක්. ඒ මහතා කිසිම නිගමනයකට එන්නෙ නැති වුණත් ඇතැම් පොත්වලින් ගත් කරුණු අප හමුවේ තබනවා. එතුමා සින්ධු දේශයෙන් පුණ්ඩ්‍රා නම් ප්‍රදේශයකට පැමිණි සිංහල නම් පාලකයකු ගැන සඳහන් කරනවා. ඒ සිංහල ග්‍රීක කුමරියක් සමග විවාහ වෙලා හිටියෙ. පුණ්ඩ්‍ර ප්‍රදේශය අදත් මුම්බායි නගරය ආශ්‍රිත ව ඇති අතර සිංහල නම් ප්‍රදේශයක් හිමාචල් ප්‍රදේශයේ තියෙනවා. පරණවිතාන මහතා කියන සිංහලගේ රාජ්‍ය පිහිටා තිබී ඇත්තේ පංජාබ් ප්‍රදේශයේ. එමෙන් ම ඒ සිංහල ගැනත් සිංහයා හා කුමරිය පිළිබඳ කතාව කියැවෙන බව පරණවිතාන මහතා සඳහන් කරනවා.
එමෙන්
ම පුණ්ඩ්‍රා කියා ප්‍රදේශයක් වංගය අසල තිබී තියෙනවා. අංග වංග කාලිංහ පුණ්ඩ්‍රා සුංහ (සුම්හ) කියන රාජධානි අද ඉන්දියාවේ බෙංගාලය හා බංග්ලාදේශය ආශිත ව පැවතිල තියෙන්නෙ. ඒ රාජධානි පහ පුරාණ ග්‍රන්ථවල දක්නට ලැබෙන ආකාරයට බලි රජතුමාගේ පුතුන් නමින් සකස් වෙලා තියෙන්නෙ. මගේ හිතළුව තමයි සිංහල මේ පුණ්ඩ්‍රාවෙන් පන්ජාබයට ගිය අයෙක් කියන එක. ඒ සිංහලගෙ පරම්පරාව සිංහල නමින් පන්ජාබයෙ ප්‍රදේශයක් පාලනය කරන්න ඇති. මෙයින් කියැවෙන්නෙ නැහැ සිංහල භාෂාව කතා කරන පිරිසක් ඒ සිංහලේ හිටියා කියා. සිංහල කියන්නෙ පාලකයකුගෙ නමක්.
සිංහල
තම ග්‍රීක භාර්යාවත් සමග චන්ද්‍රගුප්ත රජුට යටත් වීමට අකමැති ව වත්මන් මුම්බායි අසල ප්‍රදේශයකට පැමිණ එහි තම මුතුන් මිත්තන්ගේ රාජධානිය නමින් පුණ්ඩ්‍රා රාජ්‍යයක් පිහිටුවා ගත් බවක් අපට කියන්න පුළුවන්. සිංහලගේ මුටසීව නම් පුතෙක් ලංකාවට (තම්බපන්නියට) පැමිණ එහි සිටි රජවරුන් පරාජය කර බලයට පත් වූ බවයි ග්‍රිකයෝ හා මෞර්යයෝ පොතේ සඳහන් වෙන්නෙ. ඒ පරාජය කරන්න ඇත්තේ විජය රජුගෙන් පැවත ආ තම ඥාතින් වෙන්න ඕන.
පරණවිතාන මහතාගේ පොත කියන ආකාරයට මුටසීව රජු පුණ්ඩ්‍රාවත් තම්බපන්නියත් දෙක ම පාලනය කර තියෙනවා. එයට අමතර ව චෝල රාජ්‍යයක් ගැනත් කියනවා. ආණ්ඩ්‍ර ප්‍රදේශයක් ගැනත් කියනවා. මේ රාජ්‍ය යටත්විජිත ලෙස සලකන්න බැහැ. එක ම රාජ්‍යයක් ලෙස තමයි සලකන්න වෙන්නෙ.
දේවානම්පිය තිස්ස රජුගෙ දෙවැනි අභිෂේකය ගැන විවිධ කතා තියෙනවා. ඒ අභිෂේකය කාගේ අභිෂේකයක් ද? එය මෞර්ය අභිෂේකයක් කියා හිතන්න පුළුවන්. අනෙක් අතට එය අශෝක රජුගේ අභිෂේකයක් කියාත් හිතන්න පුළුවන්. දේවානම්පිය තිස්ස රජුට දේවානම්පිය කියන අභිධානය ලැබෙන්න ඇත්තේ ජානක අහන පරිදි ම රජු දේවයන්ට (දෙවියන්ට නොව) ප්‍රිය මනාප වූ නිසා වෙන්න පුළුවන්. දෙවැනි අභිෂේකයට එවා ඇත්තේ අශෝක රජුගේ අභිෂේකයකට අවශ්‍ය පංච කකුඩ භාණ්ඩ බව පේන්න තියෙනවා. දේවානම්පිය තිස්ස රජු හා නාගයන් අතර කිසිම ප්‍රශ්නයක් නොතිබූ බවත් යක්‍ෂයන් යම් පිරිසක් රජුට විරුද්ධ වූ බවත් දේවයන්ට රජු ප්‍රියමනාප වූ බවත් කියන්න පුළුවන්. යක්‍ෂයන්ගේ විරුද්ධතාව රජු තමාට තිස්ස කියා අමතන්නේ යකෙක් ද කියා සිතීමෙන් පැහැදිලි වෙනවා.
දේවානම්පිය කියන අභිධානය අශෝක රජුත් යොදා ගෙන තියෙනවා. ඉතිහාසඥයන් අශෝක රජු හඳුනාගන ඇත්තෙත් දේවානම්පිය අභිධානය නිසා. කකුධ භාණ්ඩ එවා අශෝක රජු දේවානම්පිය තිස්ස රජුගෙන් අභිෂේකයක් ලබා ගත් බවක් හිතන්න පුළුවන්. අශෝක රජු දේවානම්පිය තිස්ස රජුගෙන් අභිෂේක ලබා භාරගත්තේ කිනම් රාජ්‍යයක් ද? පුණ්ඩ්‍ර දේශය ද ආන්ඩ්‍ර දේශය ද? මේ සම්බන්ධයෙන් තිලකා රන්දෙණි මහත්මිය කියන දේ ගැනත් සලකා බලන්න පුළුවන්.
මා
කියන්නේ මහාවංසයේ නැති කතාවක්. ඒ ගැන තවදුරටත් හොයන්න ඕන. මෙයින් කියැවෙන්නේ අශෝක රජු දේවානම්පිය තිස්ස රජුගේ යටත් රජකු බවක් නො වෙයි. දේවානම්පිය තිස්ස රජු තමන් පාලනය කළ ප්‍රදේශයක් අශෝක රජුට තම අභිධානයත් සමග භාරදුන් බවයි. ඒ කුමක් වුණත් ජානකගේ ප්‍රශ්නය අපට උත්තර හොයන්න තවත් ප්‍රශ්න මතුකරනවා. මහාවංසයේ කතා දෙකක් එකතු කරන්න ගිහින් යම් යම් අවුල් ඇති වී තිබෙන බව පේනවා. මහාවංසය ලියන කාලය වන විටත් ඒ කතා අවුල් වී තියෙන්න ඇති. පඬුවස්දෙව් පණ්ඩුකාභය ආදීන්ට පණ්ඩු නැත්නම් පුණ්ඩ්‍ර දේශය සමග සම්බන්ධකම් තිබූ බව පැහැදිලියි. ඒ් ඊසාන දිග හා බටහිර පුණ්ඩ්‍ර දේශ දෙක වෙන්න පුළුවන්. පණ්ඩුකාභය නම් ග්‍රීකයන්ට සම්බන්ධකම් තිබූ බටහිර පුණ්ඩ්‍ර දේශයට සම්බන්ධ පුණ්ඩ්‍රකඅභය කියා හිතන්න පුළුවන්. කාට හරි මෙයට සුරංගනා කතාවක් කියන්න පුළුවන් බවත් මා දන්නවා. ඒ අය ග්‍රීකයෝ හා මෞර්යයෝ පොත කියවනවා නම් තවත් සුරංගනා කතා දැන ගන්න පුළුවන්.
මේ
සමග පුණ්ඩ්‍ර දේශයේ හා සිංහල දේශයේ සිතුවම් දෙකක් පළ කරනවා.