Main Logo

Monday 10 July 2023

ජේ ආර්ගෙ පවු ගෙවන්න සිද්ධ වුණු ගෝඨාභය හෙවත් කැකිල්ලෙ නඩුච

 

ජේ ආර්ගෙ පවු ගෙවන්න සිද්ධ වුණු ගෝඨාභය හෙවත් කැකිල්ලෙ නඩුච

 

ඊයේ ලියූ ගෝඨාභය වෙනුවෙන් ලිපියට තවත් එකතු කරන්නෙ බොහෝ දේ තියෙනවා. සමහරක් මෙහි විස්තර කෙරෙනවා. එහෙත් එයට කලින් මාක්ස් ගැන ඉතා කෙටියෙන් කියන්න ඕන. මාක්ස් තරම් අසාර්ථක විද්වතකු තවත් නැතුව ඇති. එහෙත් ඔහු බොහෝ දෙනකුට ආගමක් සපයා තියෙනවා. පීඩිතයාගේ සුසුම ආගම යැයි කී මාක්ස් ආගම අබිං යැයි කී මාක්ස් පීඩිතයන්ට කෙසේ වෙතත් පීඩිතයන්ගේ ඊනියා ගැලවුම්කරුවන්ට මාක්ස්වාදය නමැති ආගම (මාක්සාගම) ලබා දුන්නා. එය අබිං තමයි. ඒකෙන් ගැලවෙන්න සෑහෙන්න අමාරුයි. මාක්සාගම අදහන්නන් හිතන්නෙ එය වාස්තවික සත්‍යය කියා. එහෙත් අනෙක් ආගම් හා මාක්සාගම අතර වෙනසක් තියෙනවා.

 

අනෙක් ආගම් (බුදුදහම ආගමක්වත් දර්ශනයක්වත් නො වෙයි. එය ජීවන මගක්) මරණින් මතු ස්වර්ගයේ හරි කොහේ හරි ගැලවීමක් සැපක් පෙන්නනවා. මාක්සාගම මෙලොව දී ගැලවීමක් සැපක් පෙන්නනවා. එහෙත් එය එක් පුද්ගලයකුගේ ජීවිත කාලයේ නො වෙයි. කවදා හරි පරම්පරා කීයකින් හරි. නිසා මාක්සාගමිකයන්ට නැත්නම් මාක්ස් ආගම්කාරයන්ට කවදා හරි දිනක ඇති වන ගැලවීමක් විප්ලවයක් ගැන හිතමින් (අවශ්‍ය නම් සිහින දකිමින්) ඉන්න පුළුවන්. මා ඊයේ (9) හවස මාක්ස් ගැන කෙටි සටහනක් පළ කළා. එයට ප්‍රතිචාර දැක්වීමටත් ඉඩ දුන්නා. මාක්සාගමික ගෑලවුම්කාරයන්ට තම සුසුම් පිට කර ගන්න. එහි මා සඳහන් කෙළේ මෙරට මාක්සාගම අසාර්ථක වී ආකාරයෙන් බිඳක්. එහෙත් මොටාවේ හා මොටාවේ ඇතැමුනට එය සුපුරුදු පරිදි තේරුම් ගැනීමට නොහැකි වී තියෙනවා.

 

එය කිසිසේත් පුදුමයට කරුණක් නො වෙයි. පරගලය ජනතා නැගිටීමක් ලෙස දකින මාක්සාගමිකයන්ට (සමහරු තමන් දැන් මාක්සාගමිකයන් නො වේ යැයි කීමට ඉඩ තියෙනවා, සමහරු ආතල්ගම පැත්ත පළාතේ ගිය නැතැයි කීමටත් ඉඩ තියෙනවා) මාක්ස් ගැන ලියූ කෙටි සටහනක් තේරුම් ගැනීමට නොහැකි වීම පුදුමයක් නො වෙයි. පරගලය ඇති කෙළේ බටහිරයන්. ඇතැම් මාක්සාගමිකයන්ට අනුව පරගලයේ ප්‍රතිඵල දකින්න වෙන්නෙ පස්සෙ. සමහරවිට ඔවුන්ගෙ දරුවන්ට වෙන්න පුළුවන්. මාක්සාගමේ සුසුම එහෙමයි. වෙන මොනව කරන්න ? පරගලය රනිල් බලයට පත් කිරීම සඳහා යැයි මාක්සාගමිකයන් කියන්නෙ කොහොම ? අපි පස්සෙ දවසක ඔය ධනවාදය කියන එක විස්තර කරමු.

 

එක කකුලක් මාක්සාගමෙත් තව කකුලක් සිංහල බෞද්ධ සංස්කෘතියෙත් තියන් ඉන්න අය දැන් පරගලය තෝරණවා. ඔවුන්ට කකුල් කීයක් තියෙනවා කියල මාක්ස් තමයි දන්නෙ. තේරීම කියන එක කවුරු කළත් ජෙප්පන්ගෙ වචනයක්. තෝරාදෙන්නන් දැන් පරගලයෙන් ගෝඨාභය තවත් ගඩාෆි කෙනකු වෙන්න තිබූ බව අපට තෝරා දෙනවා. එහෙත් ඔවුන්ට පරගලය කාලෙ දි කිසිවක් තෝර ගන්න බැරි වුණා. ඔවුන් සියල්ලන් මෙන් වීර කතා ගැලරියට කියනවා. ගැලරිය අප්පුඩි ගහනවා. අත්පුඩි පුඩි පුවත්තා කිවුවලු.

 

මාක්ස්වාදයෙ කකුලක් නොවෙයි අඟෙිල්ලක් ගහන් ඉන්න තෝරන්නටත් පේන්නෙ ජුලි නෝනා. ඇමරිකාව අද ප්‍රධාන ධනවාදී රට නිසා. ධනවාදයේ මූලික ලක්‍ෂණය ධනය ඉපදවීම. ඇමරිකාව අද එහි ඉහළින් ඉන්නවා. පරගල කතාවෙන් ඇමරිකාව නිදහස් කරන්න බැහැ. ඒත් එයට මුදල් ලැබුණෙ නම් එංගලන්තය හරහා. විසිරුණු දෙමළ ජනයා ප්‍රධාන වශයෙන් ඉන්නෙ එංගලන්තයේ. ඔවුන්ට ඉන්ධන පිරවුම්හල් නැවු සමාගම් ආදිය අයත්. ඔය මෝඩාභිමානය මුළුමනින් නටාෂාගේ වැඩක් නො වෙයි. පිටුපස ඉන්න අය හොයා ගන්න පුළුවන් නම් බන්දුල ගුණවර්ධන කියපු මහා දවල් මහා බැංකු මංකොල්ලය පිටුපස හිටිය අය හොයා ගන්නත් පුළුවන්.

 

පරගලය සිංහල බෞද්ධ සංස්කෘතිය තවත්  දුර්වල කිරීමටත් සිංහල බෞද්ධ ජාතිකත්වයට නායකයන් නැති කිරීමටත් කරන ලද්දක්. විශේෂයෙන් නන්දිකඩාල් පරාජයෙන් පසුව එංගලන්තයට අවශ්‍යතාව තිබුණා. ගෝඨාභයගේ ජයග්‍රහණයෙන් පසු එය වැඩි වුණා. පැතුම්ලා මධුලා කරළියට ආවා. ඇතැම් අරාබි රටවලිනුත් බිරියානි වටලප්පන් ලැබුණා. පරගලයේ මෑත ඉතිහාසය ගැන ලිපි ලියවෙල තියෙනවා. සර ෆේල් ව්‍යාපෘතිය, පාස්කු මහා මොළකරු සෙවීමේ තරගය, ඔන්න හොරා පොලිස් සෙල්ලම අතරට කොවිඩ් ආවා. රනිල් තනි අලිය කල් යල් බලා පාර්ලිමේන්තු ආවා. සංචාරකයො නැවතුණා. රටට ඩොලර් එවීම උණ්ඩියල් ආදී විවිධ ක්‍රමවලින් නැවැත්තුවා.

 

අප ණය ගත්තෙ ගෝඨාභය ආවට පස්සෙ නො වෙයි. පනස්තුනේ පමණ සිට අප ණයට කනවා. හර්තාලයත් සමග බැඳුණු එකක්. 1977 දී ජේ ආර් විවෘත ආර්ථිකය ඇති කරලා රට සංස්කෘතික සෝදා පාලුවකට විවෘත කළා. ආපු ආයෝජකයන් නැහැ. තමන් මහා දේවල් දන්නවා කියල හිතන හීනමානයෙන් පිරි පිරිසක් නම් රටේ ඇති වුණා. වරද්දා ගත් තරුණ පරපුරක් ජේ ආර් යටතෙ ඇති වුණා. ඔවුන් ජේ ආර්ගෙ විවෘත දරුවො. ලිංගික අසහනය බීමත්කම වැඩි වුණා. භික්‍ෂූන් වහන්සේගෙ විඤ්ඤුන් බව නැති කිරීමට කටයුතු කළා. අමුතු විනයවර්ධන ව්‍යාපාරයක් ඇති කළා. බටහිර  පඬියන් නව විඤ්ඤුන් බවට පත් කෙරුණා. අප තව තවත් ණය ගත්තා. යහපාලනය ඉතා අධික පොළියකට ස්වෛරි බැඳුම්කර මගින් ණය ගත්තා.

 

ජේ ආර්ගෙ දරුවන් හිතනවා ඔවුන් තමයි ලෝකය දන්නෙ කියලා. විසිවැනි සියවසේ මුල දක්වාත් පිටරට අය මෙරට හාමුදුරුවරු හොයා ගෙන ආවා යම් යම් දේ ඉගෙන ගන්න. දැන් කී දෙනකු පිටරටින් එනවා ඔය ලෝකය ගැන දන්නවා කියන පඬි නැට්ටන්ගෙන් යමක් අහගන්න. වරද්දා ගත් පරම්පරාවට තියෙන්නෙ මෝඩාභිමානයක්. සකර්බර්ග් ඔවුන්ට වේදිකාවක් සපයා දුන්නා.

 

පනස්තුනේ පටන් අරන් හැත්තැහතෙන් පසු සීඝ්‍රයෙන් වැඩි වුණු ණයට කෑම බොරු ෂෝක් අධිපරිභෝජනය හා බොරු උගත්කම කොවිඩ් සමග අප අර්බුදයකට තල්ලු කළා. ගෝඨාභය ඉතා දක්‍ෂ ලෙස කොවිඩ් පාලනය කළා. එහෙත් ණය ප්‍රශ්නය එන්න එන්න උග්‍ර වුණා. ඩඩ්ලිලාගෙ ජේ ආර්ලගෙ ණය ගෙවීම ගෝඨාභය මත පැටවුණා. ජයසුන්දරගෙ අර පොහොර තහනම වගේ යෝජනා කරුමයක් වුණා. ආණ්ඩුවෙන් අස්වෙලා සුවාදීන වුණු අය බටහිරයන්ගෙ පරගලයට ආයුධ සැපයුවා. කාදිනල්තුමාගෙ අගසවුවන් සිංහල බෞද්ධ බලය ඉවරයි කියලා කුංචනාද කළා. රනිල් තනි අලියට ජනාධිපති වෙන්න මග හදල තිබුණෙ.

 

මේ ලිපිය කියවල මා රාජපක්‍ෂවාදියකු බව කියන්න මෙටාවෙ හා මොටාවෙ පිරිස් පනමට පනහ ගානෙ හොයා ගන්න පුළුවන්.