Main Logo

Saturday 15 July 2023

බොරුවෙන් උපන් ජනාධිපති වෙනුවෙන් කී පළමු බොරුව

 

බොරුවෙන් උපන් ජනාධිපති වෙනුවෙන් කී පළමු බොරුව

 

බොරුවෙන් උපන් ජනාධිපති යන්න රනිල් වික්‍රමසිංහට හොඳින් ගැලපෙනවා.  ඔහු ජනාධිපති කෙරෙවුවෙ බොරු මගින්. මට ඔහු ජනාධිපති වී වසරක් ගතවීම පිළිබඳ ලිපියක් ලිවීමට අවශ්‍ය වුණේ නැහැ. එහෙත් මට ඊයේ කෙටි සටහනක් තබන්න සිදු වුණා. එයට ජා හිතවතුනට කේන්ති ගිහින් ඇති බව පැහැදිලියි. එසේ නූණා නම් තමයි පුදුමය. රනිල් දක්‍ෂයකු වී ඇත්තේ පසුගිය වසරේ. ජා පක්‍ෂයේ හිටපු බොහෝ දෙනකු සජිත් ප්‍රේමදාස වැන්නකු පසුපස පෙළගැසීමට රනිල් අත්හැර යෑමෙන් පැහැදිලි වන්නෙ ජා පාක්‍ෂික බොහෝ දෙනකු අතර වසර කිහිපයකට පෙර ඔහු ගැන තිබූ තක්සේරුවයි. ඔවුන්වත් ඔහු දක්‍ෂයකු ලෙස සැලකුවේ නැහැ.  සජබයන් සමහර විට අද නැවතත් රනිල් දෙස බලනවා ඇති. එහෙත් එය ඉතා තාවකාලික වූවක්. වසර දෙකක් යෑමට පෙර ආර්ථිකය සුපුරුදු තත්වයට පැමිණෙන විට දකුණාලාටත් නායකයකු නැති බව වැටහේවි.

 

ඊයේ සටහන තැබීමට හේතු වුණේ අර ගානියා බැනිස්ටර්ට වසර දෙකක අත්හිට වූ සිර දඬුවමක් ලැබීම. අප බැනිස්ටර් කියන නම අසා තිබුණේ ප්‍රාථමික පාසල් අවධියේ. පාසල් ගුරුවරයකු වීම හැර වෙනත් බලාපොරොත්තුවක් නොතිබූ එකල තර්ස්ටන් විදුහල්පති ෂොක්මන් මහතා එංගලන්ත ඕස්ත්‍රේලියා ටෙස්ට් තරගවල ලකුණු තත්වය අපේ පාඩම් නවත්වා ශබ්ද විකාශන යොදා ගෙන මුළු විදුහලට දැන්වුවා. එකල අපේ වීරයන් වූයේ ලෙන් හට්න් නීල් හාවි ආදීන්. අතර දිනක් රොජර් බැනිස්ටර් නමැත්කු හැතැප්ම මිනිත්තු හතරකට අඩු කාලයක දී දිවූ බව වාර්තා වුණා. ඔහු අර වීරයන් අතරට එක් වුණා.

 

ඉන්පසු බැනිස්ටර් කෙනකු ගැන අහන්න ලැබුණේ ගෝඨාභය ජනාධිපති වී ඉතා ටික කලකින්. ගානියා බැනිස්ටර මෙරට අදහස් ප්‍රකාශ කිරීම මානව අයිතිවාසිකම් ආදිය වෙනුවෙන් පෙනී සිටින වීරයන්ගේ වීරවරියක වුණා. අපේ සාහිත්‍යයේ පළමු බොරුව කී තැනැත්තා ලෙස සඳහන් වන්නේ චේතිය රජූ. එයත් බොරුවක් කියා මා දන්නේ නැහැ. ඉතිහාසඥයන් දාර්ශනිකයන් විද්‍යාඥයන් හා වෙනත් විද්වතුන් විමසුවට වැඩක් වෙන්නෙත් නැහැ. ඔවුන්ට සිංහල බෞද්ධ විරෝධී වැඩ තියෙනවා.

 

ගෝඨාභය හැටනව ලක්‍ෂයක් ඡන්ද අරන් ජනාධිපතිවීම බටහිරටත් ඉන්දියාවටත් ගෙන දුන්නේ බයක්. නන්දිකඩාල් පරාජයෙන් පසුබැස සිටි ඔවුන්ට ගෝඨාභය එතරම් ඡන්ද සංඛ්‍යාවකින් සිංහල ඡන්දවලින් ජනාධිපති වීම ඉවසිය නොහැකි දෙයක් වුණා. බටහිරයන් ගෝඨාභය හා මහින්ද ඉවත් කිරීමට සැලසුම් කළා. එය බොරු වැලක් වටා ගෙතුණා. එයට අසත්‍යාවලියක් කියමු ? දඟර බොරු වැලේ පළමු දඟරය වුණේ මේ බැනිස්ටර්. ඇය සැතපුම විනාඩියකින් දිවුවා. එහි දී ස්විට්සර්ලන්ත තානාපති කාර්යලයේ කාර්යභාරය කුමක් දැයි මා දන්නේ නැහැ. ඒත් ස්විට්සරලන්තයේ තමයි අර මානව හිමිකම් විගඩම රඟ දැක්වෙන්නෙ.

 

ගෝඨාභය හා සුදු වෑන් කතාවක් කියන්න සැලසුම් කෙරිල තිබුණ කියා හිතන්න පුළුවන්. කාට කාටත් රිචඩ් සොයිසා අමතක වෙලා. මානව හිමිකම් කියන්නෙ එහෙම දෙයක් තමයි. බටහිර රටවල මානව හිමිකම් ඉතා ඉහළින් රැකෙනවා වෙන්න ඇති. මෙරටින් රටවලට ගිහින් ඉන්න වීරයන් වීරවරියන් හාවක් හූවක් නැතුව ඉන්නෙ නිසා වෙන්න ඕන. කොහොමටත් බැනිස්ටර් නෝන පිළිඅරන් බොරු කිවුව කියලා. අනෙක් බොරුවල ඇත්ත දැන ගන්නෙ කවද ? මා මෙහි බොරු කියන්නෙ සාමාන්‍ය අර්ථයෙන්. අර පට්ටපල් බොරු කියන අර්ථයෙන් නො වෙයි.

 

ඊයේ සටහන ගැන තම දුක කීමට අවශ්‍ය සියල්ලන්ට ඉඩ දුන්නා. ඔවුන් හැමදාමත් කියන දේ තමයි කියන්නෙ. මා රාජපක්‍ෂවාදියෙක් රාජපක්‍ෂලා විවේචනය කරන්නෙ නැත චිචී අරක කළාය මේක කළාය මා නාකියකු හැම දෙයක් බටහිර සැලැස්මක් ඇති සිදු වුණා ආදිය තමයි කියන්නෙ. මා රාජපක්‍ෂවාදියකු නොවන බව නැවත නැවත කීමට සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ තාර්කික විද්‍යාත්මක දාර්ශනික හැකියාව. ජාතිකත්වයට මහින්දටත් ජාතිකත්වයක් තිබූ ගෝඨාභයටත් ආධාර නොකර කිසිම ජාතිකත්වයක් නැති බැසිල් රනිල් රනිල්දාස ක්වොන්ටම් ජාගොඩ පුතාණෝ වැනි අයට ආධාර කරන්න ? බැසිල් ගැන නාමල් චිචී ආදීන් ගැන මා කියා ඇති. ඔවුන් නිසා තමයි 2015 දී පරාජය වුණේ. ඔවුන් කොමිස් ගන්න ඇති. හොරකම් කරන්න ඇති. ඒත් නිසා නො වෙයි ආර්ථිකය කඩා වැටුණෙ.

 

හොරකම් ගැන කියන විට මට මතක් වෙන්නෙ මේ දවස්වල දුම්රියෙන් එහාට මෙහාට යන විදේශිකයන්ට ඇල්ලෙ කාමර පෙන්නන ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් දවස්වල මහා දවල් මහා බැංකු මහා මංකොල්ලය ගැන කී කතා. මුදල්වලින් මැතිවරණ කළේ කියල සිරිකොතෙන් අහල දැන ගන්න පුළුවන් ? මෙරට ආර්ථිකය හොරකම් නිසා කඩා වැටුණ කියන එක අර අසත්‍යාවලියෙ තවත් දඟරයක් පමණයි. අපේ බොරු ෂෝක් බොරු උගත්කම් අධිපරිභෝජනය ආදිය තමයි එයට හේතු. රනිල් වගේ දක්‍ෂයෙක් වෙන්න ඇති නන්දලාල් වීරසිංහ. ඔහුගෙ දේශපාලන පසුබිම දන්න කෙනකු ඉන්නවා ? රනිල්ලගෙ ආණ්ඩුව අධික පොලියට ස්වෛරි බැඳුම්කර මගින් ණය ගන්න විට නන්දලාල් හිටියෙ කොහෙ ? පනස්තුනේ ඉඳන් එන ප්‍රශ්නයක් ජේ ආර්ගෙ විවෘත ප්‍රතිපත්තිය නිසා උග්‍ර වෙන්න පටන් අරන් කොවිඩ් විදෙස් සංචාරකයන් නොපැමිණීම පමණක් නොව සෑලසුම් සහගත විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ ප්‍රේෂණ රජයට අහිමිකිරීම අපනයනවලින් ලැබෙන මුදල් පිටරට තැබීම උණ්ඩියල් ව්‍යාපාරය (ඔව් එයත් ව්‍යාපාරයක්) ආදිය  නිසා අර්බුදයක් බවට පත්වීම  තමයි වුණේ. විතරක් නොවෙයි ගෑස් පිපිරීම් තෙල් නැවු නැවිත් සිටීම ආදියත් වුණෙ කොහොම කියා අහන්න ඕන. ඒවාට ජනමාධ්‍ය තරගයට ප්‍රචාරය දුන්න.කොළ පාට මෙන් රතු පාට අලි පැටවු කවදාවත් කිසිවක් පිළිගන්න එකක් නැහැ.

 

බටහිරයන් සියල්ල අකුරක් නෑර සැලසුම් කළා කියා අහන එකෙන් හෙළි වන්නෙත් විදග්ධභාවය. මූලික සැලැස්ම බටහිරයන්ගෙ. මිසක් ඇතැමුන් බේරෙ ගිල්ලවීම ගෙවල් ගිනිතැබීම් ආදිය ඔවුන්ගෙ සැලසුම් නො වෙයි. ආතල්ගම දේශන පුස්තකාලය ඔවුන්ගෙ සැලසුම් නො වෙයි. තමන් විද්වතුන් කියා හිතන අයගෙ වැඩ. ඒත් පරගලය පැහැදිලිව සිංහල බෞද්ධ විරෝධී ක්‍රියාවක්. බටහිර සැලැස්මට දෙමළ විසිරුණු ජනයා හා සමහර අරාබි රටවල් මුදල් ආධාර කළා. අර මෝඩාභිමාන කතාව හරියට හෙවුවොත් කාටද ආඩම්බරේ කියා දැන ගන්න පුළුවන්. රනිල් පාර්ලිමේන්තු ආවෙත් කල් යල් බලා. සැලැස්ම අනුව ආර්ථිකය කඩා වැට්ටුවට පස්සෙ රනිල් පමණක් ඉදිරිපත් වුණා. ඔහු දක්‍ෂයකු නිසා ?

 

රනිල්වත් නන්දලාල්වත් දක්‍ෂයන් ? ඔවුන් ප්‍රශ්නය අර්බුදයක් බවට පත් කිරීමට හේතු වුණා. ණය නොගෙවනතාක් විදේශ විනිමය ටිකක් ඉතුරු කරගන්න පුළුවන් වේවි. ණය ගෙවන්න වුණු දාට තමයි ප්‍රශ්නය. ඉන්දියාව ණය ගෙවීමට කල් දෙන්නෙ තව අවුරුදු දහයකින් බලයට පත්වෙන ආණ්ඩුවක් අමාරුවෙ දැමීමට ? අතර උතුරු හා නැගෙනහිර පළාත් තම වක්‍ර අණසක යටතට ගන්න ? ඩොලරය නැවතත් තුන්සීය පනහ වෙන විට කාගෙත් හපන්කම් දැක ගන්න පුළුවන් වේවි.

 

මෙරට ජාතිකවාදී දේශපාලනඥයන් ඉන්නෙ අතළොස්සයි. ගෝඨාභය ඉන් එක් අයෙක්. මහින්ද ජාතිකත්වයට පමුණුවපු අයෙක්. ඒත් මහින්ද හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පස්සෙ සිංහල බෞද්ධ ජාතිකත්වට විශාල මෙහෙයක් කරපු නායකය.ඒක මා එදත් කිවුව. රනිල් කාලෙ ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගහන්න කිලිනොච්චි ගියා. එකල භාර්යාව හා ස්වාමිපුරුෂයා එක බසයේ ගමන් කෙළේ නැහැ. රනිල් එදා දිගට බලයේ හිටියා නම් දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරනවා. මහින්ද ඉන්දියාවට බවක් පොරොන්දු වුණත් එය කෙළේ නැහැ. ඉන්දියාව නිසාත් ඔහුටත් ගෝඨාභයටත් විරුද්ධයි. සර්වපාක්‍ෂික නියෝජිත සම්මේලනයෙ සාමාජිකයකු හැටියට විවිධ බලපෑම් ගැන මට පෞද්ගලිකව අත්දැකීම් තියෙනවා. අප හමුදාව කිලිනොච්චියට පහර දෙන තුරු සම්මේලනයෙ ක්‍රියාත්මක වුණා. බලපෑම්වලට විරුද්ධ . හමුදාව ජය ගන්න බව පැහැදිලි වුණා අප අයින් වුණා. ඇතැමුන් සම්මේලනයෙ වාර්තාවක් කියා තමන්ගෙ පෞද්ගලික ලියවිල්ලක් මහින්දට ඉදිරිපත් කළා! 

 

දහතුන ක්‍රියාත්මක කළොත් උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන එකක්වත් තියෙන එකක් නැහැ. අදටත් ඇතැම් කෝවිල් හදල තියෙන්නෙ බෞද්ධ සිද්ධස්ථාන තිබුණු තැන්වල. විතරක් නොවෙයි අනෙක් පළාත්වලත් ඇතැම් කතෝලික පල්ලි හදල තියෙන්නෙ විශේෂයෙන් පත්තිනි දේවාල තිබුණු තැන්වල. පත්තිනි දේවාල සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් බව අමතක කරන්න එපා. බුදුදහම කියන්නෙ එකක් සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නෙ තවත් එකක්.

   

අද ජාතිකත්වයට නායකයෙක් නැහැ. කරන්න තියෙන එක දේ ජාතිකවාදී දේශපාලනඥයන් එකතු වී වැඩ කිරීම පමණයි. සඳහා ආණ්ඩුවෙන් ඉවත්වීම අර ගණිතයේ කියනව වගේ අනිවාර්යවත් ප්‍රමාණවත් නැහැ. 

 

මට නාකි නොවී ඉන්න බැරි බව විද්වතුන් නොදැන ඉන්න බැහැ. එහෙත් මට මහළු වයසෙත් වීණා ගයන්න පුළුවන්.