සිංහල හා
සිංහලයන් ගැන තවදුරටත්
පහත
පළවන්නේ චැට්ජීපිටියෙන්
(ChatGPT) බෙංගාලි භාෂාවේ ල ප්‍රත්‍යය යෙදීම පිළිබඳ ව මා ඇසූ ප්‍රශ්නයකට දුන් පිළිතුරෙන් කොටසක්. ඒ් අනුව සාමාන්‍යයෙන් නාම පදයක් අගට ල ප්‍රත්‍යය යොදන්නේ ප්‍රසාදය, වර්ණනාව, ඇඟෑලුම්කම ආදිය දැනවීම සඳහා කියන්න පුළුවන්. සිංගලයේ ල ප්‍රත්‍යය යෙදීම ගැන ඇසු විට තරමක් සංකීර්ණ පිළිතුරක් ලැබුණෙ. මෙහි චුටි කතාවකුත් තියෙනවා.
Affection
or Endearment: The "la" suffix can also be used to express affection
or endearment towards someone or something. For instance, the word
"chhoto" means "small" in Bengali, and when the suffix
"la" is added, it becomes "chhotola," which can mean
"little one" or "darling
මට
අවශ්‍ය අප සිංහල වුණේ කොහොමද කියා දැන ගන්න. දේවානම්පිය තිස්ස ප්‍රිය කාට ද ලිපියේ පන්ජාබයේ සිට මුම්බායි පැත්තට පැමිණි සිංහල කෙනකු ගැන සඳහන් වෙනවා. එමෙන් ම ඒ සිංහල ගැනත් සිංහයකු සමග වාසය කළ කුමරියක් ගැන කියැවෙනවා. මගේ හිතළුව ඒ සිංහල හරි ඔහුගේ මුත්තකු හරි දඹදිව ඊසාන ප්‍රදේශයේ වංග රාජ්‍යය සමග එකට පැවති පුණ්ඩ්‍රා රාජ්‍යයෙන් පන්ජාබය පැත්තට ගිය අයකු කියා. ඔහු හරි මුත්තා හරි සිංහල වෙන්න ඇති. පුණ්ඩ්‍රා ප්‍රදේශයේ එකල කතා කළ භාෂාව වංගයේ එකල කතා කළ භාෂාව ම වෙන්න ඕන.
එය
වත්මන් බෙංගාල භාෂාවෙ ආදි ස්වරූපයක් වෙන්න ඇති. පන්ජාබය පැත්තට ගිය සිංහල, සිංහයකු සමග වාසය කළා යැයි කියන කුමරිය හේතුකොට ගෙන සිංහල වූ අයකු බව පැහැදිලියි. ඒ සිංහයා සිවුපාවකු නොව මිනිස් සිංහයකු (සිංහයකු මෙන් වූ මිනිසකු) හරි සිංහ වංශයකට අයත් මිනිසකු වෙන්න ඕන. සමහර විට සුංහ (සුම්හ) වාංශිකයකු ද කියන්නත් බැහැ. අංග වංග කාලිංග පුණ්ඩ්‍රා සුංහ (සුම්හ) රාජධානි තිබී ඇත්තේ එකට. පුණ්ඩ්‍රා රාජධානියෙහි අගනුවර පුණ්ඩ්‍රාවර්ධන
ලෙස සඳහන් වී තියෙනවා.
පළමු
සිංහල එසේ නම් කෙරෙන්නෙ ඇත්තේ සිංහයකු තම පුතා කෙරෙහි වූ ආදරය, ඇඟෑලුම්කම නිසා හෝ සිංහලගේ පියා සිංහ කෙරෙහි වූ ගෞරවය නිසා හෝ එවැනි වෙනත් හේතුවක් නිසා හෝ වෙන්න පුළුවන්. අපට සිංහල යන්න වංගල සමග සන්සන්දනය කරන්න පුළුවන්. වංගයෙන් වංගල ඇති වෙලා. ඉන්පසු ව බ මාරුවීමෙන් බංගල වෙලා. බෙංගාලය බංග්ලා දේශය ඉන් බිඳිල එන්නෙ.
සිංහලයෙහිත් ල ප්‍රත්‍යය ආරච්චි ආරච්චිල වීමේ දී වැනි අවස්ථාවල ගෞරවය දැන්වීම සඳහා යොදා ගැනෙනවා. ඇඟැලුම්කම පෙන්වීම සඳහා අප ය ප්‍රත්‍යය යොදා ගන්න අවස්ථා තියෙනවා. නිමලය තාම ආවේ නැද්ද කියා අපි අහනවා. අර බෙංගාල චොටොල අපට
චූටිය වෙනවා. පඬි නැට්ටන් නලිය කමෙන්ට්ස් ඕෆ් කරන්නෙ මොකද කියල අහනවා. පඬි නැට්ටන්ගෙ බයිල කුණුහරුප අවශ්‍ය නැති නිසා.
මා
කිසිසේත් ම වාග්විද්‍යාඥයකු නොවෙයි. භෞතික විද්‍යාඥයකුවත්
නොවන මා වාග්විද්‍යාඥයකු ඉතිහාසඥයකු වීමට කිසිම ඉඩක් නැහැ. මා හිතළු ගොතන්නකු පමණයි. සිංහලයකු වන මට මා සිංහලයකු වුණේ කොහොම ද කියන එක ගැන දැන ගන්න කුතුහලයක් තියෙනවා. කිසිවකු අහන්න බැරි නැහැ මා ඉගෙන ගන්නෙ චැට්ජීපීටීයෙන් ද කියල. පඬි නැට්ටන්ගෙන් හැර මා වෙනත් බොහෝ අයගෙන් තැන්වලින් ඉගෙන ගන්නවා. දැනුම අවශෝෂණය කර ගන්නවා. ඒ අතර මා හිතළු ගොතනවා.
වංගය
හා ආශ්‍රිත ප්‍රදේශ මගින් තමයි අප සංස්කෘතික ව ආර්යයන් වෙලා තියෙන්නෙ. එමෙන් ම අපට වංගයට හුරු ගතියකුත් තියෙනවා. මා කොල්කතාවේ දී එය අත්දුටුුවා. සුනිල් සාන්ත සිංහල සංගීතයක් ගොඩ නැගීමේ දී අවිඥානික ව හරි වංග සංගීතයේ ආභාසයත් ලබා ගන්න ඇති කියා මට හිතෙනවා. අපොයි නැහැ මා සංගීතඥයකු නො වෙයි. සප්ත ස්වරය ගැන මගෙන් අහන්න එපා.
මා
සිංහලයකු වුණේ අපේ ඨකුර මුත්තා රාජස්ථානය පැත්තෙ ඉඳන් දඹදෙණි යුගයේ මෙරටට පැමිණ සිංහල සංස්කෘතියට අවශෝෂණය වූ නිසා. සිංහල සංස්කෘතිය සිංහල ලෙස නම් කෙරුණෙ අර මුම්බායි පැත්තෙන් පැමිණි සිංහල හරි ඔහුගෙ පුතා මුටසීව (මුරුණ්ඩ ශිව) නිසා. ඒ පැමිණ ඇත්තේ චන්ද්‍රගුප්ත කාලයේ. එහෙත් එයට සියවස් කිහිපයකට කලින් වංගයෙන් මෙරටට එන්න ඇති. ඒ ආ අය විජයගෙන් සංකේතවත් වෙනවා. ඔවුන්ගෙ රාජධානිය වුණෙ තම්බපන්නිය. පඬුවස්දෙවු එන්න ඇත්තෙ දඹදිව ඊසාන දිග පුණ්ඩ්‍රයෙන්. එය පාණ්ඩ්‍ය දේශය කියාා මහාවංසයෙ සඳහන් වෙනවා. තම්බපන්නිය ග්‍රීකයන්ට ටැප්‍රොබේන්. සිංහල හරි මුටසීව හරි දඹදිව මුම්බායි කිට්ටුව පුණ්ඩ්‍රා රාජ්‍යයෙන් පැමිණිල තම්බපන්නියෙ හිටපු තම ඥාතීන් පරාජය කරල සිංහල රාජ්‍යයක් ගොඩ නගල තියෙනවා.
ඒ මුටසීවගෙ පුතා පූණ්ඩ්‍රක අභය හෙවත් පණ්ඩුකාභය අනුරාධපුර රාජධානිය ගොඩනගල තියෙනවා. එහි දී ඔහුට ඇතැම් යක්‍ෂයන් ද සහාය වෙලා තියෙනවා. පණ්ඩුවාසදේව හා පණ්ඩුකාභය දෙන්නට ම පණ්ඩු නම තිබුණත් ඔවුන් පණ්ඩු වෙලා තියෙන්නෙ දෙවිධියකට. මහාවංසයට අනුව නම් මුටසීව පණ්ඩුකාභයගෙ පුතා. සමරවිට පණ්ඩුකාභයල දෙන්නෙක් ඉන්න ඇති. ඒ කුමක් වුණත් අපි සිංහල වෙන්නෙ සිංහයන් ලානය කළ නිසාවත් සිවුහෙළ කතාවක් නිසාවත් නො වෙයි. ල ප්‍රත්‍යය එකතු වුණු සිංහ පුතකු නිසා. වංගය අසල පුණ්ඩ්‍රාවෙන් පන්ජාබයට ගිය සිංහයකු නිසා. සුප්පාරක වරායෙන් මන්තාරමට පැමිණි සිංහල වූ සිංහයකු නිසා. විජයගෙන් පැවත ආ අයත් ඒ සිංහලගෙ නෑයන්. මහාවංසයේ නොකියා කියන කතා අපි විස්තරාත්මක ව කියමු.