පේරාදෙණිය විවෘත වෙලා
පේරාදෙණියේ විවෘත දිනයක් පවත්තලා. මිනිසුන් දේවස්ථානයක් බලන්න වගේ ගිහින්. ඇතැම් පරිසරවේදීන් කියනවා පරිසරයට හානියක් වෙලා කියලා. ඒක ප්‍රශ්නයක් නො වෙයි. පෑගුණු මල් පැල නැවත පණ ගහල ඒවි. මලක් දෙකක් කඩන් ගියා කියල මල් පැලවල මල් පිපෙන එක නතර වෙන්නෙ නැහැ. එහෙත් ඉතා පැහැදිලි ව විවෘත දිනයෙන් අපේ ආකල්ප, අපේ බටහිර දේ අනුකරණය පෙනී යනවා.
අද
විශ්වවිද්‍යාල දේවස්ථාන වෙලා. අපේ විඤ්ඤූන් ඉන්නෙ එතැන නොවැ. එහෙමත් නැත්තන් විඤ්ඤූන් එතැනින් පිටවුණු අය. ඒ විඤ්ඤූන්ගෙ විඤ්ඤූන් ඉන්නෙ බටහිර. විශ්වවිද්‍යාලවල
ඉන්නෙ, ඉන් පිටවෙන්නෙ නියෝජිත පූජකවරුන්. පූජකවරුන් ඉන්නෙ බටහිර. නියෝජිත පූජකවරුන් කරන්නෙ පූජකවරුන් කියන දෙයක් අපට කියා දීම පමණයි. ඒ පූජකවරුන් අඳින්නෙ නියෝජිත පූජකවරුන් අඳින්නෙ පල්ලියෙ පූජකවරුන් අඳින ලෝගුමයි. පාටත් වෙනස් වෙන්නෙ පල්ලියෙ ආකාරයට. රතු ඉහළ ම පූජකයන්ට. ඔය උපාධි ප්‍රදාන උළෙලකට ගිහින් බලන්න.
මා
කවරදාකවත් ලෝගුවක් ඇඳලා නැහැ. මා පුජකයෙක් නො වෙයි. මා උපාධිය ගන්න පෙරහැරෙ ගියෙත් නැහැ. මට උපාධිය ලැබුණෙ අනභිමුඛයෙන්. සසෙක්ස් උපාධිය ලැබුණෙ මා ලංකාවට ආවට පස්සෙ නැවතත් අනභිමුඛයෙන්. මා කැලණිය විශ්වවිද්‍යාලයෙ
විද්‍යා පීඨයෙ පීඨාධිපති වෙලා ඉන්න විට ප්‍රශ්නයක් ආවා. උපාධි ප්‍රදානෝත්සවයෙ
අදාළ පීඨයෙ උපාධි අපේක්‍ෂක නම්
ලැයිස්තුව කියවන්නෙ පීඨාධිපති. මා කිවුවා ලෝගුව අඳින්නෙ නැතුව ඇවිත් ලැයිස්තුව කියවන්නම් කියල. අර පඬි නැට්ටන් අපහාසයට උපහාසයට ලක්කරණ රෙද්ද හා බැනියම ඇඳලා. පාලක සභාව එයට කැමති වුණෙ නැහැ.
අප
විතරක් නො වෙයි ලෝකෙ හැම තැන ම වගේ ඉන්නෙ බොහෝ දේ සම්බන්ධයෙන් බටහිර අනුකාරකයන්. විවෘත දිනයත් එහෙම අනුකරණයක්. පේරාදෙණියෙ විවෘත දිනයෙ සිද්ධස්ථානය බලන්න ආ අයට ප්‍රධාන පූජකයකු පාප්තුමා වතිකානුවේ කරන්නාක් මෙන් සනාතන ගොඩනැගිල්ලෙ කවුළුවකින් අත
උස්සා සුබ (සෙත්) පැතුවා නම් වඩාත් අගෙයි. ඒත් මට කල්පනා වෙන්නෙ මේ විවෘත දිනය අනුකරණය කරපු විධිය. විවෘත දින බටහිර රටවල පැවැත්වෙන්නෙ සිසුන්ට තම පාඨමාලා ගැන යමක් කියා දීල ඔවුන් ආකර්ෂණය කර ගන්න. ඒක දැන් කාලයක් තිස්සෙ කෙරෙන වැඩක්.
ඒත්
අනෙක් දිනවලත් අවශ්‍ය නම් පිටස්තර පුද්ගලයන්ට විශ්වවිද්‍යාලයට එන්න බාධාවක් නැහැ. බොහෝ විට නිවාඩු දවස්වල පිටස්තරයන් විශ්වවිිද්‍යාල
නැරඹීමට එනවා. ලංකාව එය අනුකරණයට සූදානම් නැහැ. පේරාදෙණියෙ නම් අර පෙම්වතුන් හැසිරෙන ලවර්ස් ලේන් හැර අනෙක් තැන් බැලීම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මහජනයාට එලෙස විශ්වවිද්‍යාලය විවෘත නැති නිසා එදා විවෘත දිනයෙ රංචු පිටින් ඇවිත්. තව ටිකෙන් අර මහවැලි ගඟ හරහා තනා තිබෙන පටු පාලම කඩා වැටෙන්න තිබුණා. වාහන නවත්තන්න තැන් සූදානම් කර තිබුණෙ නැති නිසා ද කොහෙද කිසිම පිළිවෙළක් නැතුව රථ ගාල් කරලා.
මා
දන්නෙ නැහැ විවෘත දිනයෙ සිසුන් ආකර්ෂණය කර ගැනීමට ඒ ඒ පීඨ හා අධ්‍යනාංශ වැඩ පිළිවෙළක් සකස් කර තිබුණ ද කියා. ලංකාවෙ විශ්වවිද්‍යාලවලට
සිසුන් ආකර්ෂණය කිරීම ප්‍රශ්නයක් නො වෙයි. ඇතුල්වීමට ඉල්ලන සිසුන් සීමා කිරීම තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තියෙන ප්‍රශ්නය.
අපට
හරියට අනුකරණයවත් බැහැ කියන එක තමයි හැම තැන ම පේන්න තියෙන්නෙ. අපේ ප්‍රජාතන්ත්‍රය අනුකරණය පාර්ලිමේන්තුවේ මැතිවරණවල පේන්න තියෙනවා. මහත් උජාරුවෙන් සෙංකෝලය උස්සන් ඇවිත් කරණ කියන දේ අපි ප්‍රවෘත්ති ප්‍රචාරවලින් දැන ගන්නවා. හැබැයි ඉතින් මෙරට ඉන්න බටහිර තානාපතිවරු මහා කොමසාරිස්වරු පාර්ලිමේන්තුවට
ඇවිත් කරන කියන දේත් ඔවුන්ගෙ රටවල පාර්ලිමේන්තුවල කරන දේට පටහැණියි. කොහොමත් ඔවුන් මෙරට හැසිරෙන විධියට අපේ තානාපතිවරුන්ට ඒ රටවල හැසිරෙන්න හිතන්නවත් බැහැ. එහෙම හැසිරෙන්න දෙන්නෙත් නැහැ.
අපි
හැම එකක් ම බටහිර දේ පොඩියට අනුකරණයට ගිහින් වැඩ අනාගන්නවා. අපේ විශ්වවිද්‍යාලවලින් කිසිම සංකල්පයක් කතන්දරයක් (ප්‍රවාදයක්) අභිසංසකරණයක් වෙන්නෙ නැහැ. ඒකට හේතුවවත් හොයන්නෙ නැහැ. මොකක් හරි පරිධියෙ තියෙන ප්‍රශ්නයක් ගැන ඊනියා පර්යේෂණයක් ගවේෂණයක් සමීක්‍ෂණයක් කරල ඊනියා පත්‍රිකා ලියන එක තමයි කරන්නෙ. මධ්‍යයේ ප්‍රශ්නයක් ගැන හිතන්නෙවත් නැහැ. හිතන්න බැරි මොකද කියල හිතන්නෙවත් නැහැ.