වෙල්ලාලයන්ට කොළඹ බලය හිමිවීම හා අහිමිවීම
දෙමළ ජාතිවාදය මුළුමනින් ම ලන්දේසින්ගෙ හා ඉංගිරිසින්ගෙ නිර්මාණයක්. යාපා පටුන කියන්නෙ යාපාවරුන්ගෙ පාලනය එහෙමත් නැත්නම් අධීක්‍ෂණය යටතෙ තිබූ ප්‍රදේශයක්. මෙරට යාපාවරුන් බොහෝ තැන්වල ඉඳලා තියෙනවා. අපේ රටේ තිබුණෙ එක්සේසත් රාජ්‍යයක්. ඒ කියන්නෙ එක කුඩයක් චක්‍රයක් යටතෙ එකතු වූණු රාජ්‍යයක්. ඇතැම් ප්‍රදේශවල යාපාවරු මාපාවරු ඈපාවරු හිටියා. එහෙත් රටේ පාලකයා රජු. අපි ඔහුට අධිරාජයා කිවුවෙ නැහැ. එයට හේතුව යාපාවරුන් ආදීන් රජවරුන් නො වීම.
ආර්ය
චක්‍රවර්තීන් පවා යාපාවරුන් වෙන්න ඕන. මා එහෙම කියන්නෙ ඔවුන්ගෙන් අඩු තරමෙන් එක් අයකුවත් ගම්පොළ ගිහින් රජූ හමු වී (ගම්පොළ රාජධානි කාලෙ) තමාට රජු කියා කීමට අවසර ගැනීම නිසා. යාපාවරුන් රජවරුන් නො වෙයි. එහෙත් මේ යාපාවරුන් රජුගෙ අවසරය පරිදි රජු යන නාමය ව්‍යවහාර කර ඇති බව ඉන් පැහැදිලි වෙනවා. සංගිලි නමැත්තෙක් ආර්ය චක්‍රවර්ති රජකු (යාපා කෙනකු) රජු මුණ ගැසීමට ගිය අවස්ථාවක රාජ්‍යය පැහැර ගෙන තියෙනචා.
එක්සේසත් රාජ්‍යය තේරුම් ගන්න බැරි වෙච්ච පෘතුගීසීන් කෝට්ටේ රජ කළ රජුට අධිරාජයා නම ව්‍යවහාර කළ බව පේන්න තියෙනවා. ඒ කොහොම වෙතත් අප තේරුම් ගත යුතු කරුණ නම් ඒ ඒ සංස්කෘතිවල සංකල්ප ආයතන වෙනත් සංස්කෘතීන් තමන්ට ආවේණික අයුරකින් අවබෝධ කර ගන්නා බව, එහෙමත් නැත්නම් අර්ථ විවරණය කරන බව. අදත් එය සිද්ධ වෙනවා. අප පාර්ලිමේන්තුව කියන්නෙ බිරිතානින් පාර්ලිමේන්තුව කියන ආයතනයට නො වෙයි. නම පාර්ලිමේන්තුව වුවත් අර්ථවිවරණ වෙනස්. බිරිතානි පාර්ලිමේන්තුව රජවරුන්ගේ බලය ඒ ආයතනයට යටත් කර තනා ගත් එකක්. අපේ පාර්ලිමේන්තුව රජවරුන් තනන තැනක්.
අප
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අයින් කෙළේ නැහැ. ඔහු අයින් කරනු ලැබුවේ ඉංගිරිසින් විසින්. අපට 1815 දී නායක්කාර් වාංශිකයන් වෙනුවට හැනෝවර් වාංශිකයන් ලැබුණ. ඉන්පසු 1917 දි වින්ඩ්සර් වාංශිකයන් ලැබුණා. 1972 වන
තුරු ඔවුන් හිටියා. ඒත් 1931න් පසු සර්වජන ඡන්දය ලැබීමත් සමග වින්ඩ්සර් වාංශිකයන්ගෙ ආණ්ඩුකාරයා සමග සිංහල පෙළපත් අපට ලැබුණා. සේනානායක, බණ්ඩාරනායක, ජයවර්ධන, රාජපක්‍ෂ ආදී වශයෙන්. අද ජයවර්ධන පෙළපතේ රනිල් වික්‍රමසිංහ ඉන්නවා. ඒ අය වින්ඩ්සර් වාංශිකයන්ගෙ විවිධ කටයුතුවලට සහභාගි වෙනවා. වින්ඩ්සර් වාංශිකයන් මෙහේ යනව එනවා. 1954 දී
එලිසබෙත් වින්ඩ්සර් ආපු වෙලාවෙ මාත් ගියා ඇගේ පෙරහැර බලන්න තුම්මුල්ලට.
1998 දි චාල්ස් වින්ඩ්සර් අපේ නිදහසේ පනස්වසර සමරන්න චන්ද්‍රිකාගේ ආරාධනයෙන් ආවා. 2048 දී කවුරු එයි ද කවුරු ඉඳියි ද දන්නෙ නැහැ. මා නම් නැහැ.
මේ
කතන්දරේ සඳහන් කරන්න මට හිතුණෙ බැරිවෙලාවත්
1917න් පමණ පසු අප වෙල්ලාල පෙළපතක්, එනම් කුමාරස්වාමි පොන්නම්බලම් පෙළපත තෝරාගත්තා නම් 1931 දී ඩී එස් සේනානායක වෙනුවට ඔවුන්ගෙන් අයකු ආමාත්‍ය මණ්ඩලයෙ ප්‍රධානියා වුණා නම් මෙරට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් නැහැ කියන්නයි. 1912
දි සීමිත ඡන්දයෙන් තිබූ පළමු මැතිවරණයෙන් අප තෝරා ගත්තෙ අරුන් සිද්ධාර්ථන් කියන වෙල්ලාල පොන්නම්බලම් රාමනාදන්. එතැනත් කුල ප්‍රශ්නයකුත් තිබුණා. වෙල්ලාලයන් හා ඇතැම් ගොයිගම අය එකතු වුණා කරාව කුලයෙ මාකස් ප්‍රනාන්දු පරදවන්න.
ඒත්
වැඩිකල් යන්න පෙර 1917න් පමණ පස්සෙ තත්වය වෙනස් වුණා. එෆ් ආර් සේනානායක ජාතික කොංග්‍රසයෙ බලය ගත්තා. එය අමද්‍යප ව්‍යාපාරයත් සමග සිද්ධ වුණු දෙයක්. ඉන් පසු වෙල්ලාලයන් තේරුම් ගත්තා ඔවුන්ට රටේ රජවරු වෙන්න බැරි බව. පොන්නම්බලම් අරුණාශලම් යාපනයට ගිහින් 1922 වන විට හින්දු මහජන සබාව පිහිටුවා ගත්තා. ඒ තමයි මෙරට පිහිටුවා ගත් පළමු ජාතිවාදී සංවිධානය.
ලන්දේසින් තමයි වෙල්ලාලයන් උඩට ගත්තෙ. ඔවුන් වෙල්ලාලයන් ද හැඳින්නුවෙ මලබාරයන් ලෙස. එය මොන අර්ථයකින් කළා ද කියල එරට ඉන්න ඉතිහාසඥයකුගෙන්වත් අහගන්න පුළුවන් වෙයි ද? ලන්දේසින් හොඳට ම දැන හිටියා එතෙක් යාපා පටුනෙ හිටියෙ වැඩිපුර සිංහලයන් හා ඊළඟට ඉන්දියාවෙ බටහිර මලබාර වෙරළින් පැමිණි මලයාලම් පිරිසක් බව. ලන්දේසින් වෙල්ලාලයන් ගෙනාවෙ ඉන්දියාවෙ නැගෙනහිර (ගිණිකොන) කෝරමණ්ඩල වෙරළ පැත්තෙන්. තමන් ගෙනා පිරිසට වැරදි අනන්‍යතාවක් දෙන්න ලන්දේසින් කටයුතු කෙළේ ඇයි?
එකක්
මලබාරයන් වෙල්ලාලයන්ට වඩා සංඛ්‍යාත්මක ව වැඩි වීම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙල්ලාලයන් මලබාරයන්ගේ නායකයන් කිරීමට තිබුණු වුවමනාව වෙන්න පුළුවන්. වැරදීමක් නම් වෙන්න බැහැ. ඒ කොහොම වෙතත් 1707 වන විට වෙල්ලාලයන් යාපා පටුනෙ ලන්දේසින් හැරුණු විට බලවත් ම පිරිස බවට පත්වෙලා. ඒ ලන්දේසින් ඇවිත් අවුරුදු පනහක් ගතවෙන්න කලින්. ලන්දේසින් යාපා පටුනෙ හිටිය සිංහලයන් වෙල්ලාලයන්ගෙ වහලුන් බවට නීතියෙන් ම පත්කරලා. මලබාරයන් ශුද්‍ර්‍රයන් බවටත් වෙල්ලාලයන් වංශවතුන් බවටත් පත්කරලා.
ඉංගිරිසින් යටතෙ වෙල්ලාලයන් තවත් බලවත් වුණා. ඔවුන් තම විජිතයෙ ප්‍රධාන තනතුරුවලට වෙල්ලාලයන් පත් කළා. වෙල්ලාල ප්‍රධානීන් කොළඹට සංක්‍රමණය වුණා. ඔවුන්ගෙ පුතුන් රාජකීය විදුහලේ ඉගෙනුම ලැබුවා. ඔවුන් තම පෙළපතකට ලංකාවෙ රජකම ලැබේවි කියන අරමුණින් වැඩ කළා. එහෙත් රටේ බහුතරය සිංහල වුණු විට එය සිදුවෙන්න පුළුවන් සීමිත ඡන්ද යටතෙ පමණයි. බලාපොරොත්තු කඩ වුණු වෙල්ලාලයන් සිංහල විරෝධී දෙමළ ජාතිවාදයක් ඇති කළා. එයට මුල දී ආභාසය ලැබුණෙ වත්මන් තමිල්නාඩුවෙ දෙමළ ජාතිවාදී ව්‍යාපාරයෙන්. විස්තර ප්‍රභාකරන්
ඔහුගෙ සීයලා බාප්පලා හා මස්සිනලා පොතේ.