Main Logo

Thursday 20 July 2023

ඉන්දියාව පෝෂණය කරන වෙල්ලාල අධිපතිවාදය, දහතුන ජේ ආර් හා රනිල්

 

ඉන්දියාව පෝෂණය කරන වෙල්ලාල අධිපතිවාදය, දහතුන ජේ ආර් හා රනිල් 

 

අද දිනයේ ලෝකයේ විවිධ ප්‍රදේශවල ප්‍රවෘත්ති බලන විට සංස්කෘතික ගැටුම් ගැන යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතාලියේ නගරාධිපතිනියක් මුස්ලිමුන් නාන ඇඳුමෙන් නැතුව සාමාන්‍ය ඇඳුම් පිටින් වතුරට බැසීම ගැන විරෝධය පළ කරලා. ඊශ්‍රායලයේ බස්නාහිර තාප්පය නැරඹීමට පැමිණි කතෝලික පූජකවරයකුට එහි වැඩ කරන අය කුරුසිය වහා ගන්න කියලා. ඇමරිකාවෙ ප්‍රාන්තයක මුස්ලිම් මන්ත්‍රීවරියකට මුස්ලිම් පල්ලියක් අසල පහර දීම ගැන විමර්ෂණයක් ඉල්ලනවා. චීන කාන්තාවක් පිරිසක් ජපන් පොලිසියට පහර දීල. ඇමරිකාවේ මේ දිනවල ආසියානු අමෙරිකානු නමින් හැඳින්වෙන චීන සම්භවයක් ඇති අයට විශ්වවිද්‍යාලවලට ඇතුල්වීමේ දී සිදුවෙන අසාධාරණකම් ගැන කතාවක් ආරම්භ වෙලා. ඉන්දියාවේ හැමදාමත් මුස්ලිමුන්ට ක්‍රිස්තියානින්ට එරෙහිව සිදුවන කෙණහිලිකම් ගැන ප්‍රවෘත්ති පළවෙනවා. අතර ඊනියා කුලහීනයන්ට කෙරෙන අසාධාරණකම්.

 

විශ්වවිද්‍යාල අසාධාරණකම් කියද්දී මට කතාවක් මතක් වුණා. අවුරුදු තිහකට පමණ පෙර ජාතික රූපවාහිනියේ දෙමළ ජාතිවාදය ගැන වික්ටර් අයිවන් හා මා අතර විවාදයක් තිබුණා. එහි දී අයිවන් මට මතක හැටියට ප්‍රමිතිකරණය ගැන ලොකු දේශනයක් කළා. දේශනය අවසානයේ මා ඔහුගෙන් ඇහුවා ප්‍රමිතිකරණය කියන්නෙ මොකක් කියා. ප්‍රඥාංකුරයා ගැන හාන්කවිසියක් දැන සිටියේ නැහැ. මෙරට බොහෝ අය එහෙමයි. ලොකු කතා කියනවා තමන් කතාකරන දේ ගැන අවබෝධයක් නැතුව.  මෙටාවෙ හා මෙටාවෙ අය ඕන තරම් දැක ගන්න පුළුවන්. 

 

අද යුක්‍රේනයේ සිදුවන්නේත් සංස්කෘතික ගැටුමක්. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය හා නැගෙනහිර යුරෝපීය ග්‍රීක ඔතොඩොක්ස් සංස්කෘතිය අතර ගැටුමක්. බටහිරයන් යුක්‍රේනය යොදා ගන්නවා තම සංස්කෘතික ආධිපත්‍යය නැගෙනහිර යුරෝපයට ව්‍යාප්ත කිරීමට. නේටෝ කියන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ සංවිධානයක්. මේ සංස්කෘතික ගැටුම් ලෝකයේ හැමදාමත් හැමතැනකත් අවුරුදු දහස් ගණනක් තිස්සේ තිබී තියෙනවා. ගෙවල්වලත් තියෙනවා.

 

අඹු සැමියන් අතර දරුවන් දෙමව්පියන් අතරත් සංස්කෘතික ගැටුම් තියෙනවා. ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් ආකාරයකින් නො වෙයි. අප හැදී වැඩී ඇති අයුරු හා අනෙක් අය හැදී වැඩී ඇති අයුරු, අප හිතන පතන අයුරු අතර තියෙන ගැටුමක්. සමහර විට අප ගැටුම් නිරාකරණය කර ගන්නවා. තවත් සමහර විටක ගැටුම් මැද ජීවත් වෙනවා. ඇතැම් විට ගහ මරා ගන්නවා. පරම්පරා පරතරය කියන්නෙත් සංස්කෘතික ගැටුමක්. අතීතයේ කෙසේ වෙතත් වර්තමානයේ දරුවන් හැදෙන වැඩෙන සංස්කෘතිය දෙමවුපියන්ගේ සංස්කෘතියට වඩා වෙනස්.  දරුවන්ට බටහිර තාක්‍ෂණයත් බොරු තර්කය හා ඊනියා විද්‍යාත්මක ක්‍රමයත් සමග බැඳුණු සංස්කෘතික බලපෑම වැඩියි. තාක්‍ෂණික පරතරය නම් ලෝකයේ හැම තැනක දකින්න පුළුවන්. මා සියල්ල සංස්කෘතියට ඌනනය කරන්න හදනවා නො වෙයි. බෞද්ධයන් ඌනිතවාදී ඒක හේතුවාදීන් නො වෙයි. එක සංස්කෘතියේ හැදෙන වැඩෙන දරුවන් අතරත් වෙනස්කම් තියෙන බව කවුරුත් දන්නවා.

 

මා පූර්විකාව ලිවුවේ ඉන්දියාව අපට කරන බලපෑම ගැන යමක් කියන්නයි. ඉන්දියාව අද ලෝක බලවතකු බවට පත්වෙමින් ඉන්නවා. එය එක්තරා පැත්තකින් ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ කතාවක්. ඉන්දියාවෙ අන්ත දුගීන් ඉන්නවා. අතර චන්ද්‍රයාන් යවනවා. මෝදි ඇමරිකාවෙ ප්‍රංශයෙ සංචාරය කරනවා. ඉන්දියාවෙ විදේශ ඇමති හා අමාත්‍යංශයෙ ප්‍රධානීන් ලංකාවට එනවා. රනිල් ඉන්දියාවට යනවා.

 

ඉන්දියාව කාලෙක ඉඳන් දකුණු ආසියාවෙ කලාපීය බලවතා. අද ඇසෑමය කියා රටක් නැහැ. බුතානය ඉන්දියාවට අවශ්‍ය විධියට වැඩ කරනවා. නේපාලය එහෙම කළෙ නැත්නම් පැවැත්මක් නැහැ. රටවල් මූලික වශයෙන් හින්දු. බංග්ලා දේශය හා පකිස්ථානය මුස්ලිම් නිසා යටකරන්න අමාරුයි. අපි මූලික වශයෙන් බෞද්ධ ඒත් අපට දැන් නායකයෙක් නැහැ. රනිල් බටහිරයන්ගෙ නියෝජිතයෙක් පමණයි. ජේ ආර් වගේ . ජේ ආර් අඩු තරමෙන් ඡන්දයෙන් පත්වුණා. රනිල් පරගලයේ ආධාරයෙන් බොරුවෙන් උපන්නා. තවමත් ඔහු වෙනුවෙන් බොරු කියන්න කිහිප දෙනකු ඉන්නවා. ඔවුන්ට රජයේ නිලතලත් ලැබී තියෙනවා. ලිපි ගිණි මොලවන තෙක් නටන කකුළුවා මෙන් අප ණය ගෙවන්න පටන් ගන්නකම් බයිලා කියනවා.

 

මෙරට දෙමළ ජාතිවාදය එහෙමත් නැත්නම් වෙල්ලාල අධිපතිවාදය ලන්දේසින්ගේ හා ඉංගිරිසින්ගේ නිර්මාණයක්. දෙකොටස තමයි ඉන්දියාවේ කුල ක්‍රමය අනුව ශුද්‍රයන් වූ වෙල්ලාලයන් මෙරට යාපා පටුනේ අධිපතිවාදී කුලය බවට පත්කර කුල භේදයක් ගොඩනගා යාපා පටුනේ සිටි සිංහලයන් හින්දු සංස්කෘතියට අවශෝෂණය කර වෙල්ලාලයන්ගේ වහලුන් බවට පත් කෙළේ. ඔවුන් සිංහලයන් අතර තිබූ කුල ක්‍රමය කුල භේදයක් බවට පත් කළා. එහෙත් එය යාපා පටුනේ මෙන් උග්‍ර වුණේ නැහැ. ඊනියා අඩු කුලයක කී ප්‍රේමදාස මෙරට ජනාධිපති වූයේ සිංහල බෞද්ධ සංස්කෘතිය කුල භේදයට යට කරන්න ඉංගිරිසින්ට බැරි වු නිසයි. එහෙත් යාපා පටුනේ එය සිදු වුණා. වෙල්ලාලයන් දරුණු කුල පීඩනයක් අදත් පවත්වා ගෙන යනවා.

 

අද වන විට වෙල්ලාල ආධිපත්‍යය මෙහෙයවනු ලබන්නේ ඉන්දියාවෙන්. මෙහි සරදමක් නැතුවා නො වෙයි. දකුණු ඉන්දියාවේ විශේෂයෙන් තමිල්නාඩුවේ බටහිරයන් දෙමළ කතෝලික පූජකවරුන් ලවා ජාතිවාදයක් ඇති කෙළේ උතුරු ඉන්දියාවට නැත්නම් උත්තර භාරතීය ආර්ය සංස්කෘතියට විරුද්ධ . තමයි මේ කලාපයේ මුල් ජාතිවාදය. අද උත්තර භාරතීය ඉන්දීය ආධිපත්‍යය දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආනනය කෙරුණු වෙල්ලාල ශුද්‍රයන් ආර්ය යැයි කියන සිංහලයන්ට විරුද්ධ යොදා ගන්නවා. ආර්ය සංස්කෘතිය අපට ලැබුණේ උත්තර භාරතයෙන්. එහෙත් අපේ ආර්ය බවට මොකක් දෝ වෙලා.

 

මොකක් දෝ වීම තමයි අප බෞද්ධ වීම. මෙය පසුව විස්තර කරන්න ඕන දෙයක්. සිංහලයන් සංස්කෘතික වශයෙන් වසර දෙදහසකට පමණ ඉහත ආර්යයන් වෙලා. එහෙත් බෞද්ධයන් ආර්යයන් නො වෙයි. ඇතැම් බෞද්ධයන් මා කියන දේට විරුද්ධ වේවි. බුදුහාමුදුරුවන්ගෙ ආර්ය කතාව නිවන එහෙමත් නැත්නම් නැවත නූපදීම සමග මිස බ්‍රහ්මන්ගේ කොහෙන් උපන්නා යන්න සමග සම්බන්ධ නැහැ. මට දැන් තේරෙන විධියට ආර්යයන් භාරතයේත් ලංකාවේත් තම සංස්කෘතියට අවශෝෂණය නොවූ මිනිසුන් අමනුෂ්‍යයන් ලෙස සැලකුවා. මෙරට යක්‍ෂයන් අමනුෂ්‍යයන් වී ඇත්තේ එලෙසින් කියා හිතන්න පුළුවන්. අප අදත් අපේ සංස්කෘතික ගති පැවතුම් නැති මිනිසුන් අමනුස්සයන් ලෙස හඳුන්වනවා.

 

ආර්යයන් වු සිංහලයන් කලකින් බෞද්ධයන් වූ පසු භාරතයේ ඇසින් ආර්යයන් නො වෙයි. ඉන්දියාවෙන් බුදුදහම තුරන් කෙරුණේත් එය භාරතීය ආර්ය ධර්මයට පටහැණි වූ නිසා. ඉන්දියාව කියන්නේ උතුරු ඉන්දියාව අද සිංහල බෞද්ධයන් නොව දකුණු ඉන්දියාවෙන් ලංකාවට ගෙන ගිය ශුද්‍ර්‍රයන් වූ වෙල්ලාලයන් තම මිතුරන් ලෙස සලකනවා. එය සරදමක් විය හැකි වුවත් පරස්පරයක් නො වෙයි. කොහොමටත් ඉන්දියාවේ කලාපීය අධිපතිවාදී අභිලාෂයන්ට එය අනුකුලයි. ඉන්දියාව වෙල්ලාලයන් තම අභිලාෂ ඉටු කර ගැනීමට යොදා ගෙන කාලයක් ගත වෙනවා. එය අඩුම තරමෙන් ඉන්දිරා ගාන්ධිගේ කාලයට යනවා. සම්බන්ධයෙන් රජිව් ගාන්ධි නරේන්ද්‍ර මෝදි ක්‍රියා කරන්නේ එකම විධියට. මෝදි හා ගාන්ධි අතර වෙනස මෝදි ඉන්දීය ජාතිකවාදියකු වීමයි.

 

රජිව් ගාන්ධි ජේ ආර් බය ගන්වා අත්සන් ගත් ඉන්දු ලංකා ගිවිසුමේ පරිදි සම්මත කර ගත් දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා පනත මුළුමනින් ක්‍රියාත්මක කරවීමට මෝදී රනිල් යොදා ගන්න බලනවා. මහින්ද දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරන බව පොරොන්දු වූවත් එසේ කෙළේ නැහැ. දේශපාලනඥයන් පොරොන්දු දෙනනේ ඉටු කිරීමට නො වෙයි. විදේශීය රාජ්‍යයකට වුණත් එහෙමයි. මහින්දට දහතුන මුළුමනින් ක්‍රියාත්මක නොකර සිටීමට ශක්තියක් තිබුණා. ගෝඨාභය එසේ නොකරන බව ප්‍රසි්ද්ධියේ කිවුවා. ඉන්දියාව බටහිරයන් සමග එකතු වී මහින්ද හා ගෝඨාභය ඉවත් කිරීම පුදුමයක් නො වෙයි.

 

රනිල් ශක්තිමත් රාජ්‍ය නායකයකු ලෙස ඔහුගේ සගයන් පෙන්නුම් කළත් එය එහෙම නො වෙයි. බොරුවෙන් උපන් ජනාධිපති බොරුවෙන් පාලනය කරන්න යනවා ? ඊනියා ආර්ථික අර්බුදය කවුරුන් කුමක් සඳහා ඇති කළ දෙයක් යන්න පැහැදිලියි. කුරුන්දිය සියල්ලෙහී සංකේතයක් පමණයි. කුරුන්දි විහාරය යට ඇත්තේ කුමක් යන්න සොයා බලන්න කියන්නන් නල්ලුර් කෝවිල යට තියෙන්නෙ මොකක් කියා හොයා බලනවා ? චෝල චෝලට පෙර පෙර මෙහි තිබූ කෝවිල් මොනවා ? පොළොන්නරුවේ ශිව දේවාලය යට විහාරස්ථානයට මොකක් වුණේ?   

 

ඉන්දියාව ජේ ආර් මෙන් රනිල් වෙල්ලාල ආධිපත්‍යයට යට කර රට තම අණසක යටතට ගන්න හදනවා. ජේ ආර්ට මෙන් රනිල්ට ඉන්දියාවට මුහුණ දීමට ශක්තියක් නැහැ. පොලිස් බලතල පැත්තකින් තියන්න. ඉඩම් බලතල දුන්නොත් කුරුන්දියේ මායිම් හොයන්නෙ දෙමළ වෙල්ලාල නායකයන්. ඉඩම් බලතල ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවක් තියෙන බව අමතක කරන්න එපා. අද කළ යුත්තේ දහතුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම නොව නඩු තීන්දුව පනතක් මගින් රටේ නීතිය බවට පත් කිරීමයි.

 

පසු සටහනඃ  මගේ ලිපි ඉතා ජනප්‍රිය වෙලා. දැන් චීන වියට්නාම් ඉන්දීය සහ තවත් අය සිංහලෙන් කියවනවා. සඳහා යම් කිසිවකු  ඡලඉචක ැඅරමස හරහා මුදල් වියදම් කරන බවක් පෙනී යනවා. මේ නිර්නාමිකයන් සමහරු ජාත්‍යන්තරයට යන්නෙ නැතුව මෙරට ක්‍රියා කරනවා. මේ ඊයේ ලිපියට ලැබුණු ප්‍රතිචාරයක්.

 

ඔබතුමා රටට කරපු විනාශය සහ කරමින් ඉන්න විනාශය අපි බිංදුවේ ඉඳන් ගණන් බලලා ඉවර වෙනකොට ඔබ තුමා ජීවතුන් අතර නෑ දැනුම් දෙන්න. ඔබතුමා ඉතිරි ජීවිත කාලේ කරන ලොකුම පින 12 කොටුවට කතාවක් ලියන එක.12 කොටුවේ කවුද ඉන්නේ කියලා ලියන්න පටන් ගන්න කියලා යෝජනා කරනවා.

 

ආදරෙයි දීප්ති

 

මේ විජේරත්න කෙනකු හා Space කෙනකු අතර කතාවක් මා සම්බන්ධයෙන්. කියන දේ පැහැදිලි නැහැ. මගේ කේන්දරේ නම් දොළහේ චන්ද්‍රයා හා සිකුරා ඉන්නෙ. එය මට ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒත් මට ප්‍රශ්නය විජේරත්නට පිළිතුරු දෙන Space ආදරෙයි දීප්ති කියන්නෙ මොකද කියලා. මා සපේස්ටයිම් ගැන නම් ටිකක් දන්නවා. මේ ස්පේස් නම් දන්නේ නැහැ. දීප්ති කියල ආදරේට කියනවා ?

 

කොහොමත් ජාත්‍යන්තරෙයෙ හරි නැතුව හරි මට විරුද්ධ   තමන්ගෙ නමින් පෙනී හිටින්න බැරි කිසිම ආත්ම විශ්වාසයක් ධෛර්යයක් නැති නිවට විරුද්ධවාදීන්ට  පමණක් බව මගේ කේන්දරේ නවවැනි කොටුවෙ කියනවා.