Main Logo

Thursday 25 June 2015

ධනපාල මහතාගේ බුද්ධිමය වංචනිකබව හා අමරතුංග මහතාගේ ආත්මවාදය (විදුසර ලිපියක සංස්කරණයකි)

ධනපාල මහතාගේ බුද්ධිමය වංචනිකබව
හා අමරතුංග මහතාගේ ආත්මවාදය


ධනපාල මහතා ගැන වැඩිදුරටත් කතා කිරීම අවශ්‍ය නැත. ඔහු නුදුරු කාලයක ලංකාවට පැමිණ මේ ප්‍රශ්න ගැන මා සමග වාදයකට එළඹීමට කැමතේත පළ කර ඇත. ඒ සම්බන්ධයෙන් ඔහුට ස්තුති කරන අතර අමරතුංග මහතාට ද ධනපාල මහතා අනුව යමින් මා සමග විවාදයකට එළඹෙන මෙන් ආරාධනය කරමි. 

එහෙත් ධනපාල මහතාගේ විකෘති කිරීම් අසත්‍ය ප්‍රකාශ,  අනවබෝධය ආදිය ගැන වචනයක් නොකියාම බැරි ය. වීලර් තම ප්‍රමාද තේරීම් පරීක්‍ෂණය පිළිබඳ පාරක්‍රියා අර්ථකථනය ප්‍රතික්‍ෂෙප කළ බව විකිපීඩියා ලිපි  උපුටා දක්වමින් මම පෙන්වූයෙමි. එහෙත් ධනපාල මහතා ඒ නො පිලිගනියි. ඔහු කිසිම  සාධකයක් නැතිව මෙසේ කියයි.  


It is easy to show that if one were to carelessly use the Copenhagen interpretation (the most common one, also used by Hawking), and make the further common assumption that quantum particles go through both slits in a two slit experiment, then the possibility of retroactive change of the past histories of quantum particles follows.


වීලර් කෝපන්හේගන් අර්ථවිවරණය ප්‍රතික්‍ෂෙප කළ බවක් ධනපාල මහතා සාධක සහිතව පෙන්විය යුතු ය. මා වීලර්ගේ කෝපන්හේගන් අර්ථවිවරණය ප්‍රතික්‍ෂෙප කිරීම තමාගේ ම ප්‍රමාද තේරීම් යොජනාව ප්‍රතික්‍ෂෙප කිරීමක් ලෙස සලකා අ3ති බව ධනපාල මහතා කියන්නේ කෙසේ ද? (මෙහි යෙජනාව යනුවෙන් ඔහු අදහස් කරන්නේ කුමක් ද?) මට ඒ ගැන කිසිම අවුලක් නො තිබිණි. වීලර් ප්‍රතික්‍ෂෙප කෙළේ පරාක්‍රිය  (retroactive)අර්ථවිවරණය බව ම පැහැදිලිව ම සඳහන් කෙළෙමි. එය පහත පළවෙයි. ධනපාල මහතා මෙතරම් පට්ටපල් බොරු කියන්නේ ඇයි? ඔහුට කිසිම බුද්ධිමය අවංක බවක් නැත. 

ඔහු ඊළඟට කියා ඇත්තේ කොපන්හේගන් අර්ථවිවරණය  ප්‍රවේසමක් නොමැතිව යොදා ගතහොත් පරාක්‍රිය අර්ථවිවරණය ලබාගත හැකි බව ය. දැන් ධනපාල මහතාට අනුව වීලර් කෝපන්හෙගන් අර්ථවිවරණය ප්‍රතික්‍ෂෙප කර ඇත. ඒ අර්ථවිවරණය ප්‍රතික්‍ෂෙප කිරීමෙන් පසුව ද පරාක්‍රිය අර්ථවිවරණය ලබාගත හැකි ද? ධනපාල මහතා වංචනිකව ඉදිරිපත් කරන අදහස් ගැන අපි ලංකාවේ දී ප්‍රසිද්ධියේ කතාකරමු. එතෙක් මා විසින් ඉදිරිපත් කෙරී ඇති පහත සඳහන් දේ සටහන් කරමි. 

අපි පළමුවෙන් ම වීලර් ප්ර්මාද තේරීම් පරික්ෂුණය මේ සාකච්ඡාවට ඇතුල් වූයේ කෙසේ ද යන්න සලකා බලමු. මා විසින් ඒ හඳුන්වා දෙනු ලැබුයේ සිංහල බෞද්ධ විද්යා ඥයන්ට ප්රූශ්නයක් ඉදිරිපත් කිරීමට ය. මම ඒ ඉදිරිපත් කිරීම උපුටා දක්වමි. 

“මා සිංහල බෞද්ධ විද්යා ඥයන් විවේචනය කරන්නේ ඔවුන් තම හීනමානය වසා ගැනීමට බුදුදහම බටහිර විද්යා ව සමග සංසන්දනය කරන බැවිනි. ඔවුන් කියන පරිදි බුදුදහමේ බටහිර විද්යාපත්මක චින්තනයක් වේ නම් ඊනියා සිංහල බෞද්ධයනට බටහිර විද්යා්වේ සංකල්ප හා ප්රදවාද ගෙතීම පහසු විය යුතු ය. එහෙත් ඒ එසේ වන්නේ නො වේ. සිංහල බෞද්ධ විද්යාදඥයන් අතින් සංකල්ප ප්රයවාද ආදිය නිර්මාණය නො කෙරෙයි. මම සිංහල බෞද්ධ භෞතික විද්යාහඥයන්ට ප්රිශ්නයක් යොමු කරමි. වීලර්ගේ ප්ර්මාද තේරීමට අනුව වර්තමානය විසින් අතීතය තීරණය කෙරෙන්නේ යැයි කියැවෙයි. ඒ ගැන මේ විද්යාණඥයන්ට කීමට ඇත්තේ කුමක් ද? අනුන්ගේ මත උපුටා දක්වන ධර්මවර්ධන මහතාට බෝම් මේ ගැන කියන්නේ කුමක් දැයි කිව හැකි ද?”

(ජීවිතයේ අරුත හා පට්ටපල් බොරු -2015 ජූනි 06)

ධනපාල මහතා වර්තමානය විසින් අතීතය තීරණය කිරීම වීලර්ගේ මෙන් ම මගේ ද අර්ථවිවරණය යැයි ප්රාකාශ කෙළේ ය. මම ඒ එසේ නොවන බව මෙසේ පැවසුවෙමි. 

“තවද මා කියා ඇත්තේ ප්ර්මාද තේරීමට අනුව වර්තමානය විසින් අතීතය තීරණය කෙරෙන්නේ යැයි කියැවෙන බව ය. එය සියල්ලන්ගේ මතය නො වේ. එය කිසිසේත් ම වීලර්ගේ අර්ථකථනයක් නො වේ. වීලර් ඒ අර්ථකථනයට විරුද්ධ විය. ධනපාල මහතා ඒ බව නොදැන වීලර් ගැන උපහාසයෙන් කතා කරයි. ධනපාල මහතා ජෝන් ආචිබෝල්ඩ් වීලර්ට වඩා ඉහළ මට්ටමේ භෞතික විද්යානඥයකු වන්නේ යැයි මම සිතමි. එමෙන් ම ධනපාල මහතා සිංහල බෞද්ධ යැයි ද මම සිතමි. මට අවශ්යන වන්නේ එවැනි උසස් මට්ටමේ සිංහල බෞද්ධ විද්යාමඥයන් මේ පරීක්ෂ්ණය අර්ථකථනය කරන්නේ කෙසේ දැයි දැනගැනීම ය. වීලර් වර්තමානය විසින් අතීතය නිර්ණය කෙරෙන්නේ ය යන්නට විරුද්ධ විය. 

ධර්මවර්ධන මහතාගේ පොතේ බෝමියානු භෞතික විද්යාවව අනුව මේ පරීක්ෂෙණය ගැන කියා ඇති දේ මම කියවා ඇත්තෙමි. එහෙත් මම එයින් සෑහීමකට පත් නො වීමි. ක්වොන්ටම් භෞතිකය පිලිබඳ බෝම්ගේ සමස්ත අර්ථකථනය සමග මම එකඟ නො වෙමි. බටහිර භෞතික විද්යාවඥයන්ගෙන් ද ඒ සමග එකඟ වන්නේ සුළුතරයකි. එහෙත් ඒ පිළිබඳ තව තවත් විස්තර දැනගැනීමට මම කැමැත්තෙමි. ධර්මවර්ධන මහතාට මා ආරාධනය කෙළේ ඒ අරමුණෙනි. 

සිංහල බෞද්ධ භෞතික විද්යායඥයන්ට මා ප්රළශ්නය යොමු කරන්නේ ම බුදුදහම විද්යාෙත්මක බවට කරන ප්රහකාශ නිසා සිංහල බෞද්ධයනට ඒ පිළිබඳ අදහස් ඇතැයි යන විශ්වාසය උඩ ය. බුදුදහම විද්යා ත්මක නම් ථෙරවාදය නිර්මල බුදුදහම යැයි සිතන සිංහල බෞද්ධයනට බටහිර විද්යා්වෙහි ප්රදවාදයක් නිර්මාණය කිරීමට බැරි නම් අඩු තරමෙන් පරීක්ෂ ණයකට අර්ථකථනයකවත් දීමට හැකි විය යුතු ය. මේ පරීක්ෂණණය සම්බනධයෙන් මට ද අර්ථකථනයක් ඇත. මම ඒ මේ අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නො වෙමි. ධනපාල මහතා හා අමරතුංග මහතා වැනි මට වඩා උගත් දක්ෂි නිර්මාණශීලී සිංහල බෞද්ධ විද්යාිඥයෝ සිය ගණනින් මෙරට හා පිටරට සිටිති. ඔවුන්ට ඉඩ දීම මගේ ප්ර්තිපත්තිය වෙයි. 

එහෙත් එකක් නොකියාම බැරිය . ඒ ධනපාල මහතා අද වැරදි වැටහීමකින් සිටින බැවිනි. ඒ මහතා උපහාසයෙන් හා අපහාසයෙන් කියන්නේ මට අනුව වර්තමානය විසින් අතීතය නිර්ණය කෙරෙන බව ය. ඔහු ඒ බව අතෝරක් නැතිව පවසයි. ඒ මහතා එවැනි නිගමනයකට පැමිණියේ කෙසේ ද? මා කොහේවත් එවැන්නක් කියා නැත. මෙය ද ධනපාල මහතාගේ අනවබෝධය හෝ කරුණු විකෘති කිරීමට ඇති දක්ෂ්තාව හෝ නිසා සිදුවන්නකි.”

(හේතුව හා ඵලය -2015 ජූනි 12)

එහෙත් ධනපාල මහතා ඒ නො පිළිගත්තේ ය. මම ඔහුට මෙසේ පිළිතුරු දුනිමි. 

“තම ප්රලමාද තේරීම් පරී’ක්ෂ්ණයට ජෝන් වීලර් පරාක්රි ය (රෙට්රොඇක්ටිව් retroactive) අර්ථකථනයක් දී නැති බව මම සඳහන් කෙළෙමි. ධනපාල මහතා මට කියන්නේ මා වැරදි බවත් ඒ පිළිබඳ අඩුතරමෙන් විකිපීඩියාව කියවා විදුසරට ලිවිය යුතු බව ය. මම ඒ අවවාදය පිළිගතිමි. ඒ අනුව මම වීලර් ගැන විකිපීඩියාව කියවීමි. එහි සඳහන් ඡෙදයක් මෙසේ උපුටා දක්වමි. ‘In this thought experiment the telescopes are always present, but the experiment can start with the detection screen being present but then being removed just after the photon leaves the double-slit diaphragm, or the experiment can start with the detection screen being absent and then being inserted just after the photon leaves the diaphragm. Some theorists aver that inserting or removing the screen in the midst of the experiment can force a photon to retroactively decide to go through the double-slits as a particle when it had previously transited it as a wave, or vice versa. Wheeler does not accept this interpretation.’  අවසාන වාක්ය යෙන් කියැවෙනුයේ වීලර් එම පරාක්රි ය අර්ථකථනය නොපිළිගන්නා බව ය. ධනපාල මහතා කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරගති.”

(විවිධ අත්දැකීම් හා දැනුම් - 2015 ජූනි 21)

ධනපාල මහතා දැන් කියන්නේ ඒ ප්රයමාණවත් නොවන බවත් වචන හයකින් ඒ කිව නොහැකි බවත් ය. ධනපාල මහතාගේ කියවීම සඳහා ඒ ලිපියෙන් ම තවත් වචන කිහිපයක් එකතු කරමි.

“The retrocausal explanation, which Wheeler does not accept, says that with the detection screen in place, interference must be manifested. For interference to be manifested, a light wave must have emerged from each of the two slits. Therefore a single photon upon coming into the double-slit diaphragm must have "decided" that it needs to go through both slits to be able to interfere with itself on the detection screen. For no interference to be manifested, a single photon coming into the double-slit diaphragm must have "decided" to go by only one slit because that would make it show up at the camera in the appropriate single telescope.

In this thought experiment the telescopes are always present, but the experiment can start with the detection screen being present but then being removed just after the photon leaves the double-slit diaphragm, or the experiment can start with the detection screen being absent and then being inserted just after the photon leaves the diaphragm. Some theorists aver that inserting or removing the screen in the midst of the experiment can force a photon to retroactively decide to go through the double-slits as a particle when it had previously transited it as a wave, or vice versa. Wheeler does not accept this interpretation.

‘The double slit experiment, like the other six idealized experiments (microscope, split beam, tilt-teeth, radiation pattern, one-photon polarization, and polarization of paired photons), imposes a choice between complementary modes of observation. In each experiment we have found a way to delay that choice of type of phenomenon to be looked for up to the very final stage of development of the phenomenon, and it depends on whichever type of detection device we then fix upon. That delay makes no difference in the experimental predictions. On this score everything we find was foreshadowed in that solitary and pregnant sentence of Bohr, "...it...can make no difference, as regards observable effects obtainable by a definite experimental arrangement, whether our plans for constructing or handling the instruments are fixed beforehand or whether we prefer to postpone the completion of our planning until a later moment when the particle is already on its way from one instrument to another.’ "[11] (Past and delayed choice experiment - Wheeler 1978 )

Wheeler’s delayed choice experiment - Wikipedia



 ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාවේ දාර්ශනික පදනම යන මැයෙන් දැනට ලිපි 24ක් ලියා ඇත. එහෙත් මේ වන තුරු ඔහු බටහිර විද්‍යාවේ දාර්ශනික පදනම මේ යැයි සඳහන් කර නැත. ඒ වෙනුවට ඔහු බටහිර විද්‍යාව බුදුදහම සමග සංසන්දනය කිරීමට උත්සාහ කරයි. ඒ අතර බෞද්ධ නොවන ක්‍රිස්තියානි සංකල්පයක් වූ ඊනියා ජීවිතයේ අරුතක ගන කියයි. මා විද්‍යුත් ලිපි මගින් ඔහුට අපහාස කරන බව පවසයි. ඒ බව ඔහුගේ මිතුරන්ගෙන් දැන ගැනීමට ලැබේ යැයි කියයි. තමා අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ ක්වොන්ටම් භෞතිකය හදාරා ඇතැයි පවසයි. එහෙත් ක්වොන්ටම් භෞතිකයෙන් ඊනියා පර්යේෂණ පත්‍රිකා ලියූ බවක් නො කියයි. 

බටහිර විද්‍යාවේ පදනම මා විසින් කිහිප වරක් ම සඳහන් කෙරී ඇත. එය නැවතත් සඳහන් කිරීම අනවශ්‍ය ය. අමරතුංග මහතාට කළ හැකි එක් දෙයක් වනුයේ මා දක්වා ඇති පදනම විවේචනය කර එය බිඳ දැමීම ය. එහෙත් වියුක්තය නොතේරෙන අමරතුංග මහතා කෙසේ නම් මා දක්වා ඇති මතය බිඳ දමන්න ද? මෙරට උගතුන් දන්නේ බටහිර ඇති හෝ ඉන්දියාවේ තිබූ හෝ මතයක් පුනරුච්චාරණය කිරීම ය. මා මගේ මතය ඉංගිරිසියෙන් ප්‍රකාශ කර නොමැති නිසා ඒ පිළිබඳ විවේචනයක් ඉංගිරිසියෙන් පළ වී නැත. එවැනි තත්ත්වයක් යටතේ අමරතුංග මහතාට මා දක්වා ඇති මතයට විරුද්ධව විවේචනයක් ඉංගිරිිසි පොතකින් ලබා ගෙන දැක්විය නො හැකි ය. ඔහුට ඒ පිළිබඳ තමාගේ විවේචනයක් නිර්මාණය කර ගැනීමට ද නො හැකි ය. ඔහුගේ ප්‍රශ්නය අපට තේරුම් ගත හැකි ය. 

අමරතුංග මහතා ක්වොන්ටම් භෞතිකය පිළිබඳ නොදන්නා බව මම දනිමි. මා මේ සම්බන්ධයෙන් යවන විද්‍යුත් ලිපි සියල්ල ම අමරතුංග මහතාට ද යවමි. එබැවින් ඔහුට ඒ ගැන මිතුරන්ගෙන් දැන ගැනීමට අවශ්‍යතාවක් නැත.  මම නැවතත් ඔහුට මේ තීරුවෙන් ම අභියෝග කරමි. ඔහු මා සමග ප්‍රසිද්ධ වාචික විවාදයකට එළඹෙන්නේ නම් ඔහුගේ නොදැනුම විනාඩි දහයකින් ප්‍රදර්ශනය කරන්නට සලස්වමි. ඒ කෙසේ වෙතත් ක්වොන්ටම් භෞතිකය පිළිබඳ මෙතරම් දැන උගත් මහතකු පේරාදෙණිය අසල ජීවත්වද්දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඒ මහතාගේ සේවය ලබා නොගැනීම ශිෂ්‍යයන්ට කරන අසාධාරණයකි.  

අමරතුංග මහතා තම ලිපිවලින් කීමට උත්සාහ කරන්නේ විඤ්ඤාණ ශ්‍රෝතය භවයෙන් භවයට නොකැඩී යන බව ය. ඔහු තම ජූනි 03 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. “බුදුදහමට අනුව පුනරුත්පත්තිය සඳහා විඤ්ඤාණ ශ්රොසතය අවශ්යට වන්නේ ය. එය උත්පත්තියෙන් උත්පත්තියට නො කැඩී පවතින්නේ ය. මේ නිසා ය නැවත උපදින තැනැත්තා ඒ අය ම හෝ වෙන අයකු හෝ නො වන්නේ.”  විඤ්ඤාණ ශ්‍රොතය නොකැඩී පවතින්නේ ය යනානෙහි තේරුම කුමක් ද? අමරතුංග මහතාට බුදුන් වහන්සේ එලෙස දේශනා කර ඇති සූත්‍රයක් ගාථා සහිත ව උපුටා දැක්විය හැකි ද? විඤ්ඤාණ ශ්‍රොතය උත්පත්තියෙන් උත්පත්තියට නොකැඩී පවතින්නේ යැයි කියන අමරතුංග මහතා ඒ හුස්මෙන් ම මේ නිසාය නැවත උපදින තැනැත්තා ඒ අය ම හෝ වෙන අයකු හෝ නොවන්නේ යැයි පවසයි. මෙහි ඇති මේ නිසා ම යන්න මට නම් තේරුම් ගත නො හැකි ය. මිලින්ද ප්‍රශ්නයෙහි එන නාගසේන හාමුදුරුවන්ගේ ඒ අය ම හෝ වෙනත් අයකු හෝ නොවන්නේ ය යන පාඨය විඤ්ඤාණ ශ්‍රොතය උත්පත්තියෙන් උත්පත්තියට නොකැඩී පවතින්නේ ය යන්නෙන් ගම්‍ය වන්නේ කෙසේ ද? 

අමරතුංග මහතා මේ නිසා ය යන වචන යොදා ගනිමින් පාඨකයා රැවටීමට උත්සාහ ගනියි. මහාචාර්යවරුන්ට තමන්ගෙන් ප්‍රශ්න නොඅසන ශිෂ්‍යයන් රැවටිය හැකි නමුත් සාමාන්‍ය පාඨකයන් රැවටිය නො හැකි ය. නොකැඩි පවතින්නේ ය යන්නෙන් ගම්‍ය වන්නේ නැවත උපදින තැනැත්තා ඒ තැනැත්තාම මිස අන් අයකු නොවන්නේ ය යන්න ය. ඊනියා ශක්ති සංස්ථිතියක් පසුපස යැමට ගොස් අමරතුංග මහතා ආත්මවාදියෙක් වෙයි. ඒ මදිවාට මුසාවාදා ශි්ක්‍ෂා පදය ද කඩමින් ඒ අය ම හෝ වෙනත අයකු හෝ නොවේ යැයි කියයි. නොකැඩී නොවෙනස් වී  යන්න අමරතුංග මහතාට ආත්මවාදියකු නොවී තේරුම් කර දිය නො හැකි ය.  …  

ඒ මහතා එම ලිපියෙහි ම තවදුරටත් මෙසේ කියයි.“මෙසේ ධාරාවක්‌ සේ ගලා යන විඤ්ඤාණ ශ්රොදතය ශම්වත්තනික විඤ්ඤාණය ලෙස ද නම් කෙරේ. බුදුදහමට අනුව මානසික ක්රි යාදාමයක්‌ සඳහා ද්ර්ව්යකමය පදනමක්‌ ඇත. මේ දෙක අතර අෙන්යාහන්යු සම්බන්ධතාවක්‌ ඇත. මේ මානසික ක්රිවයාදාමයන් ශරීරයත් පරිසරය සමගත් ද්ර ව්ය.මය දේවල් සමගත් න්යායයාත්මක සංකල්ප සමගත් බැඳී ඇති බව බුදු දහම ඉතා පැහැදිලිව විස්‌තර කොට ඇත (අංගුත්තර නිකාය).

මනස ස්‌වාභාවික ක්රිොයාදාමයක්‌ බව මේ ලෙස පහදා දුන් පැරැණිතම ධර්මය බුදුදහම බව කිව හැකි ය. මනස පිළිබඳ බුදුදහම භාවිත කරන වචන තුනක්‌ ගැන පසුගිය ලිපියේ සඳහන් කළෙමි. එහි එන එක වචනයකි චිත්ත යන්න. සංයුත්ත නිකාය පවසන්නේ මැරුණු ශරීරය කපුටන් සහ වෙනත් සතුන් ගිල දැමුවාට මනාව පුහුණු කළ චිත්ත ඉහළ තලයට ගොස්‌ විශිෂ්ටත්වයට පත් වන්නේ ය යනුවෙනි. මින් පෙන්නුම් වන්නේ මනස හෝ එහි සමහර උපාංග හෝ මරණය සමග විනාශ නො වන බව ය. විද්යානව ද පවසන්නේ මීට බෙහෙවින් සමාන දෙයකි. අප ගේ ශරීරය නිර්මාණය වී ඇත්තේ ද්රවව්යව සහ ශක්‌තිය එකතු වීමෙනි. ද්රෙව්ය  ශක්‌තියටත් ශක්‌තිය ද්රුව්ය‌ බවටත් හැරවීම සිදු වේ. එහෙත් ඒවා විනාශ නො වේ. මරණයේ දී පවා විනාශ නො වේ.”  

අමරතුංග මහතාට අනුව චිත්තය වෙනස් නො වේ. ඔහුට අනුව මනස හෝ එහි සමහර අංග හෝ මරණයත් සමග ද වෙනස් නො වේ. බටහිර විද්‍යාවේ ශක්ති සංස්ථිතිය අදහන අමරතුංග මහතා අලුත් බුදුදහමක් දේශනා කරයි. සාදු! ූසාදු! සාදු! අපට ඊනියා විද්‍යාත්මක බුදුදහමේ ශාස්තෘන් කෙනකු පහළ වී ඇත. අමරතුංග මහතා ජූනි 17 වැනි දා ලිපියෙන් ද තම ආත්මවාදී මතය තහවුරු කරයි. “  තව ද අපිප්‍රවේණික (epigenetic ) නැතහොත් ජානවලට පිටතින් නමුත් මවුපියන්ගෙන් ලැබෙන ලක්‍ෂණ ද ජීවීන් තුළ ඇති බවට සාධක ඇත.  මේ නයින් බලන කල පෙනී යන්නේ බුදු දහම පැවසූ සේ මවුපියන්ගෙන් ලැබෙන ලක්‍ෂණ ගුණාංගවලට අමතරව විඤ්ඤාණ ශ්‍රෝතය මගින් ලැබෙන ගුණාංග ඇතැයි සිතීමට විද්‍යාව මගින් ද යම්කිසි හෝඩුවාවක් ගත හැකි බව ය.” 

ජානවලට පිටතින් නමුත් මවුපියන්ගෙන් ලැබෙන ලක්‍ෂණ ද ඇත යනුවෙන් කීමෙන් අමරතුංග මහතා ප්‍රකාශ කරන්න පැහැදිලි නැත. ජානවලට පිටතින් ජීවීන්ට ලැබෙන ගුණාංග වෙයි. ඒ සඳහා ගස් වැල් අධ්‍යයනය කිරීමෙන්  ද අපට යම් නිගමනවලට පැමිණිය හැකි ය. පරිසරයෙන් ද ජීවීන් යම් ගති ලක්‍ෂණ අත්කර ගනියි. ඒ සියල්ල පංචෙන්ද්‍රිය ගෝචර වෙයි. එහෙත් ප්‍රශ්නය පැන නගින්නේ ඒ සංසිද්ධිවලට ඊනියා හේතු, ප්‍රවාද හෙවත් කතන්දර ගෙතීමේ දී ය. විඤ්ඤාණ ශ්‍රෝතය එක් පැත්තකින් ආත්මවාදී ය. අනෙක් පැත්තෙන් ඒ බටහිර විද්‍යාවට හසුවන්නේ ද? අමරතුංග මහතාට ඒ සත්‍යාපනය කිරීමට බටහිර විද්‍යාවේ පරීක්‍ෂණයක්, සම්පරීක්‍ෂණයක් සැලසුම් කළ හැකි ද? අමරතුංග මහතා තව තවත් ලිවීමෙන් පසුව අපි ඒ ගැන තවදුරටත් කතා කරමු. ක්වොන්ටම් භෞතිකයෙහි දක්‍ෂ ඔහු වීලර්ගේ ප්‍රමාද තේරීම් පරීක්‍ෂණය ගැන ද අර්ථකථනයක් කල්පනා කරමින් සිටින්නේ යැයි සිතමි.