Main Logo

Monday, 31 October 2022

සුනක් හා මෙරට දෙමළ දේශපාලනඥයන්

 සුනක් හා මෙරට දෙමළ දේශපාලනඥයන්

 

රිෂි සුනක් ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය වෙලා විතරක් නො වෙයි ඔහු ඒ සංස්කෘතියෙ විශේෂත්වය (එංගලන්තෙ ආධිපත්‍යය) පිළිගන්නවා. ඔහු දීවාලියට පහන් පත්තු කළ නිසාවත් පුන නූලක් කරේ දාගෙන භගවත් ගීතාවෙ අත තියාගෙන දිවුරුම් දුන්න නිසාවත්  ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යයට අබමල් රේණුවක අභියෝගයක් වෙන්නෙ නැහැ. ඒ බව ඕනෑම ඉංගිරිසි ජාතිකයෙක් දන්නවා.

Sunday, 30 October 2022

අසඩෙක් යාල ගියේ නැහැ

 

අසඩෙක් යාල ගියේ නැහැ

 

ඊයේ ලිපියෙන් පසු මට දැන ගන්න ලැබුණා චින්තන පර්ෂදයේ හිතවතුන් ද මගේ ලෝකය ගැන විවිධ සාකච්ඡා පවත්වා තිබෙන බව. විශේෂයෙන් ප්‍රියන්ත දයාරත්න හා අරුණ මුණසිංහ ගැන සඳහන් කරන්න ඕන. ඒ සියල්ලන්ට ම පින්. මා ඒ කිසිවක් දැන හිටියේ නැහැ.

Saturday, 29 October 2022

ඉතිහාසය

 රිෂි සුනක් එංගලන්තයේ නෝමන් ආක්රමණ සමයට හරි ඉන් එහාට හරි යන ඉන්දීය ඉතිහාසයකට උරුමකම් කියන්න යන්නේ නැහැ. ඔහු ආගම කුමක් වුවත් ඉංගිරිසි ක්රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය වෙලා. ඔහුගේ සංස්කෘතිය ඇත්තේ වෙස්ට්මිනිස්ටර් පල්ලිය, කැන්ටබරියේ ආච් බිෂොප්, එංගලන්ත පාර්ලිමේන්තුව හා නත්තල වටා.

නූරිගෙ කතාවට විවරණයක්

 නූරිගෙ කතාවට විවරණයක්

 

මා කලින් පළ කළ ලිපිය නූරි විට්ටච්චිගේ. ඔහුට ලංකාවට ඇති සම්බන්ධය ඒ ලිපියේ සඳහන් කර ඇති. එහි සඳහන් අන්දමට ඇස්පෙ සහ තවත් අය හොං කොං ගිහින්. කොහොම නමුත් ඔහුට ඇස්පෙලාගේ පරීක්‍ෂණය පිළිබඳ උනන්දුවක් ඇති වෙලා. එහෙත් ලංකාවෙ කී දෙනකුට ඒ පිළිබඳ උනන්දුවක් ඇති වුණා ද කියා මා දන්නේ නැහැ.

Friday, 28 October 2022

මායාව

 

මායාව

 

ලංකාවේ ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියකු ව සිටි ටාසි විට්ටච්චිගේ පුතකු වූ දැනට හොං කොං හි පදිංචි නූරි විට්ටච්ච් ලියා ඇති මේ ලිපිය මා පළ කරන්නේ කරුණු දෙකක් නිසා ය. නූූරි විට්ටච්චි ලංකාවේ ඉපදී ඇති නමුත් මෙරට පදිංචි ව සිටියේ නම් ලිපිය ලිවීමට ඇති ඉඩකඩ අඩු වීමට තිබිණි. මා දන්නා අන්දමට ඔහුගේ පියා මුස්ලිම් ය. මව බෞද්ධ ය. ඔහු මේ ලිපියෙන් කියන්නේ ඇස්පෙලා ඊනියා යථාර්ථය මායාවක් යැයි කියන බව ය. නොබෙල් තෑහ්හ සම්බන්ධයෙන් ථෙරවාදයේ මධ්‍යස්ථානය කියන ලංකාවේ අරුණ පුවත්පතේ වරුණ අබේසේකර පළ කළ ලිපිය හැරෙන්න  කිසිදු සාකච්ඡාවක් ඇති නො වීය. අඩුම තරමේ පළ වී අවුරුදු තිස්දෙකක් වූ මගේ ලෝකයේ මායාව ගැන සඳහන් වීත් ඒ පොත ගැන කිසිම සාකච්ඡාවක් නො වීය. මෙරට බෞද්ධයන්ගේ තරම ඉන් දැන ගත හැකි ය.

වෙසක් කැරොල්

 

වෙසක් කැරොල්

 

තර්ස්ටන් විදුහලේ ඉගෙනීම ලබන අවධියේ ඇතැම් ගුරුවරුන්ට ගුරුවරියන්ව වෙසක් සුබ පැතුම් යැවීම අපේ පුරුද්දක් වුණා. ඇතැම් ගුරුවරුන් යන්නෙන් අදහස් කෙරෙන්නේ අපට ඉගැන්වූ ද ලිපිනය දැන සිටි ද ගුරුවරුන් ගුරුවරියන්. ඔවුන් බෞද්ධ ද අබෞද්ධ ද යන්න ප්‍රශ්නයක් වුණේ නැහැ. වෙසක් උත්සවය කුඩා අපගේ සිත් ගත්තක් වුණා. වෙසක් සැරසිලිවලට අම්මාත් තාත්තාත් අපත් කල් තියා සූදානම් වුණා. මුළු නිවස ම පහන් කුඩු කොඩි දම්වැල් ආදියෙන් අලංකාර වුණා. කුඩා කල වෙසක් පොහොයට මා ද සිල් සමාදන් වුණා.

Thursday, 27 October 2022

මල්බෙරි බුෂ් වටේ යෑම

 

මල්බෙරි බුෂ් වටේ යෑම

 

තාත්තාගේ සමාජ සේවා කටයුතුවලින් ප්‍රධාන ම කාර්යය වුණෙ වෑකඩ බෞද්ධාලෝක පාසලේ දහම් පාසල නැවත ඇරඹීමයි. ඒ දහම් පාසලට අවුරුදු තුනක් පමණ මාත් කලක් ගිහින් තිබුණා. එහෙත් යම් කරුණක් නිසා ඒ දහම් පාසල වැසී ගියා. පසු කලෙක තාත්තා වෑකඩ ඉස්කොලෙ මුල් ගුරු පදවිය ලැබුචට පස්සෙ එය නැවතත් ආරම්භ කළා. මා හිතනවා එයින් ගමට සේවයක් වුණා කියල.

Wednesday, 26 October 2022

රිෂි සුනක්

 

රිෂි සුනක්

 

දීවාලි නැත්නම් දීපවාලි උත්සව සමයේ හින්දු භක්තික රිෂි සුනක් බිරිතානියේ හා එක්සත් රාජධානියේ අගමැති වෙලා. ඔහු ඉන්දීය සම්භවයක් ඇත්තෙක්. ඉන්දියානුවන් සුනක් බිරිතානියේ අගමැති වීම ගැන සතුටු වෙනවා. ඔවුන් කියන්නේ තම ජාතිකයකු තමන් යටත් කර ගෙන සිටි රටේ අගමැති වෙලා කියල. ඒත් සුනක් බිරිතානියට, එංගලන්තයට යටත්.

Tuesday, 25 October 2022

හඳට බිරීම

 වමාලා ඇතුළු සියලු පඬිනැට්ටන්ට අද උත්සාහ කළ හැක්කේ හඳට බිරීමට පමණකි

නවක වදකයන්ට මුදල්

 

නවක වදකයන්ට මුදල්

 

මට නවක වදය ගැන ලියන්න වුවමනාවක් තිබුණෙ නැහැ. එය ලංකාවෙ කතා කරන එහෙත් විසඳුමක් නැති තවත් ප්‍රශ්නයක් පමණයි. ඒත් පේරාදෙණිය සරසවියෙ ශාස්ත්‍ර පීඨාධිපතිතුමා දක්වල තියෙන ගණන් හිලවු ගැන දැන ගත්තට පස්සෙ ඒ ගැන ලියන්න ඕන කියල හිතුවා. මාත් ඔය නවක වදය විඳපු අයෙක්. දැනට අවුරුදු හැටකට කිට්ටු වෙන්න 1963 ජූලි මාසෙ ඔය පේරාදෙණියෙ ම ජයතිලක ශාලවෙ මටත් ඒ අවුරුද්දෙ අනෙක් නවකයන්ටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වුණා.

 

ඇතැමුන් කියනවා ඒ දවස්වල නවක වදය මානුෂිකයි ඔය ගෑණු ළමයකුට මලක් දෙන්න සිංදුවක් කියන්න වගේ දේ තමයි තිබුණෙ කියල. මට නම් කවුරුන්වත් එහෙම කරන්න කිවුවෙ නැහැ. අපට කරන්න කී සමහර දේ ලියන්න බැහැ. කියන්න පුළුවන් එකක් තමයි වැසිකිළියෙ නිරුවතින් බඩ ගෑම. අපි සෝබනේට කියමු බාත්රූම් එකේ බඩ ගාන්න වුණා කියල. මා නම් කිසි දිනෙක කිසිවකුට නවක වදයක් කරල නැහැ. මා අතරින් පතර විශ්වවිද්‍යාලෙ හිටපු කාලෙ ආචාර්යවරයකු අංශ ප්‍රධානියකු හා පීඨාධිපතිවරයකු ලෙසත් වැඩ බලන උපකුලපතිවරයකු ලෙසත් කටයුතු කරල තියෙනවා. මා නවක වදයට විරුද්ධව කළ කී දෑ මා කියන්න යන්නෙ නැහැ. නවක වදය තනි පුද්ගලයකුට නවත්තන්න පුළුවන් දෙයක් නො වෙයි.

 

ඉස්සර නවක වදය කියල ව්‍යවහාරයක් තිබුණෙ නැහැ. කිවුවෙ රැග් එක කියල. පේරාදෙණියෙ ඒ දවස්වල රැග් ලීඩර්ස්ලත් හිටිය. ඔවුන්ට රඝුපති කියල ඇතැමුන් කිවුවා. ඔය රැග් එක අපට අපේ සංස්කෘතියෙන් ලැබුණු එකක් නො වෙයි. පඬි නැට්ටකු කියන්න පුළුවන් මෙරට විශ්වවිද්‍යාල තිබුණෙ නැහැ කියල. ඒ පඬි නැට්ටන්ගෙ තරම. මෙරට තමයි පළමු විශ්වවිිද්‍යාලය තිබුණෙ. ඒ මහා විහාරය. නාලන්දා විශ්වවිද්‍යාලයත් ඊට පස්සෙ. අපට අභයගිරියත් තිබුණා. අභයගිරියට ගිය වෙලාවක පංචාවාස නැත්නම් නේවාසික ඉගෙනීමේ කුටි බලා ගන්න. නාලන්දාවෙ සිංහල භික්‍ෂූන් වහන්සේ සඳහා අද කියන විධියට නම් නේවාසිකාගාර තිබුණා. ඒත් බටහිරයන් ඒ විශ්වවිද්‍යාල ලෙස සලකන්නෙ නැහැ. ඒ නිසා අපත් ඒ විශ්වවිිද්‍යාල ලෙස සලකන්නෙ නැහැ.

 

බටහිරයන් කියන විධියට ලෝකයෙ මුල් ම විශ්වවිද්‍යාලය ඉතාලියෙ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලය. ඒ දොළොස්වැනි සියවසේ පටන් ගත්ත එකක්. තවත් මතයක් තියෙනවා පළමු විශ්වවිද්‍යාලය අප්‍රිකාවෙ අද මාලි රට කියන ප්‍රදේශයේ ටිම්බක්ටු නගරයෙ පටන් ගත් Sankore විශ්වවිද්‍යාලය කියල. එය මුස්ලිම් විශ්වවිද්‍යාලයක්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය 1200 දිත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය 1209 දිත් පටන් අරන් තියෙන්නෙ. ඒවා ක්‍රිස්තියානි විශ්වවිද්‍යාල. ඒවට ගියාම පේනවා ක්‍රිස්තියානි සංස්කෘතිය.  ගලහ පාරෙ යනකොට පේරාදෙණියෙ බෞද්ධ ගතියක් පේන්නෙ නැහැ. හැටගණන්වල අරුණාශලම් ශාලාව අසළ හදපු චෛත්‍යයත් ගලවල පස්සෙ පාරට නොපෙණෙන තැනකට අරන් ගියා.

 

ඔය සියලු විශ්වවිද්‍යාලවල සංස්කෘතිය ක්‍රිස්තියානි. උගන්වන්නෙ බටහිර යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ. මෙරට ඊනියා බෞද්ධ දර්ශනයක් උගන්වන්නෙත් ක්‍රිස්තියානි චින්තනයෙ. විශ්වවිද්‍යාල තියෙනකන් බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් මිදෙන එක අමාරු වැඩක්. නවක වදය නැත්නම් රැග් එක කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලෙත් තියෙනවා. ඒත් එහිදී කෙරෙන්නෙ ජ්‍යෙෂ්ඨයන් නවකයන් එක්ක කල්ගිය රෙදි වැරළි (rag) අරගෙන අසළ නගරයට ගිහින් පින් කටයුතු සඳහා මුදල් එකතු කරන එක. මා කේම්බ්‍රිජ් ගිහින් තියෙන්නෙ බලන්න විතරයි. මේ මා අහපු දේවල්.

 

එමෙන් ම එංගලන්තයෙ පෞද්ගලික නේවාසික පාසල් (Public Schools) වලත් වදයක් තියෙනව කියනව. ඒ යටත්විජිතවල ජනතාව මර්දනය කරන හැටි උගන්වන්න කියලත් කියනවා. ඒ කොයි හැටි වෙතත් ලංකාවෙ විශ්වවිද්‍යාලවල තියෙන්නෙ කේම්බ්‍රිජ් හා පෞද්ගලික පාසල්වල සම්ප්‍රදායෙ එකතුවක් කියල හිතන්න පුළුවන්. ලංකාවෙත් වදයක් තියෙනවා. සල්ලිත් එකතු කෙරනවා. එකල ඇඟ බද්ද කියා සල්ලි එකතු කෙරුණා. අද විප්ලවය සඳහා සල්ලි එකතු කෙරෙනවා. අර පීඨාධිපතිතුමා කියන විධියට නවකවදයට හරි මොහොකට හරි මාස හතරක් ඇතුළත රුපියල් ලක්‍ෂ හත අටක් එකතු කරලා. මට ප්‍රශ්නය තියෙන්නෙ ඒවා ලැබුණෙ කොහොමද කාගෙන් ද කියන එක. ඔය කැට හොල්ලල නම් වෙන්න බැහැ. සිසුන් සල්ලි දුන්න වෙන්නත් බැහැ. ලංකාවෙ පීඨ කොපමණ තියෙනවා ද? මොන තරම් රුපියල් කන්දරාචක් නවක වදකයන් අතට පත්ච වෙනවා ද?

 

නවක වදය අපේ කාලෙ දේශපාලනයක් සමග සම්බන්ධ වුණෙ නැහැ. එකල තිබුණෙ සති කිහිපයකට හරි ලොක්කන් වීමේ මානසිකත්වය. සමහරුන්ට ජීවිත කාලෙට ම ලෙඩේ සුව කර ගන්න බැරි වුණා. ඒත් හැත්තැවෙ දශකයෙ දේශපාලනය නවක වදයටත් රිංගුවා. විශ්වවිද්‍යාලවලට එන බොහෝ සිසුන් දුගී දුප්පත් ගෙවල්වලින් එන්නෙ. ඔවුන් සමහර දෙනකුට කුල ප්‍රශ්නත් තියෙනවා. ඒ සිසුන්ට සමාජ අසාධාරණයක් ඇති බව අමුතුවෙන් කියා දෙන්න ඕන නැහැ. අමුතුවෙන් කියා දෙන දෙය තමයි සමාජ අසාධාරණය නැති කරන්න පුළුවන් බවත් එය තම පක්‍ෂයට පමණක් කළ හැකි දෙයක් බවත්. ඔය සිසුන් බොහොමයක්, අති විශාල බහුතරය විශ්වවිද්‍යාලයට එන්නෙ දැනුම් පිපාසයෙන් නො වෙයි. අලුතෙන් යමක් කියන්න බලන අය අතේ ඇඟිලි ගණනටත් අඩුයි. ඔවුන් එන්නෙ තම දෙමවුපියන් විඳින දුකෙන් ගොඩ ඒම සඳහා උපාධියක් ගන්න.  ඒ සිසුන්ට සමාජ අසාධාරණ නැති කරන තෙල බෙදුව ම රැවටෙනවා.

 

ඒ සිසුන් දන්නෙ නැහැ ඔය තෙල හරියන්නෙ නැහැ කියන බවවත් ඒක මාක්ස්ගෙ වැඩ නොකරණ හිතළුවක් බවවත්. රුසියාවෙවත් චීනයේවත් කියුබාවෙවත් ඇති සමාජවාදයක් නැහැ. ඒත් කවුද ඒ බව පිළිගන්නෙ. තෙල බෙහෙවින් පතල වෙනවා.  ඒ සිසුන් විප්ලවය වෙනුවෙන් පෙළපාලිවලට ගෙන යනවා. එහි දී පොලීසියෙන් පහර දුන්න ම ඔන්න පාලකයන් ප්‍රශ්න විසඳන හැටි කියනවා. අර සිසුන් තමන් ම තෙල බෙදන්න පටන් ගන්නවා. චක්‍රීය චින්තනය නොවුණත් වැඩේ චක්‍රීය ව සිද්ධ වෙනවා.

 

ඒත් නවක වදකයන්ට මුදල් එන්නෙ කොහෙන් ද? ඔය නවක වදකයන් කාල්ටන් ගියෙ මොකට ද? මේ සියල්ල පිටුපස ඇති ඊනියා සිස්ටම් චේන්ජ් කෙරෙන්නෙ කාගෙ වුවමනාවට ද? ඊනියා භූදේශපාලන යථාර්ථයක් ගැන කියන පඬියන් පඬි නැට්ටන් මේ සියල්ල ලංකාවෙ පමණක් සිදු වෙන දෙයක් ලෙස සලකන්නෙ මොන ප්‍රවාදයකට (කතන්දරයකට) අනුව ද? මෙරට ඊනියා විප්ලවය සිංහල බෞද්ධකම නැති කිරීම සඳහා කෙරෙන්නක් පමණයි. ඒක තමයි සිස්ටම් චේන්ජ්. මෙරට සිංහල බෞද්ධකම නැති කරන්න ඕන අය ඒ සඳහා මුදල් එවනවා ඇති. රුපියල් ලක්‍ෂ හත අටක් කියන්නෙ පවුම්වලින් ඒ තරම් මුදලක් නො වෙයි. 



   

 

      

Monday, 24 October 2022

නවක වදයට මුදල්

 එන් එම් සහෝදරයා කිවුවෙ ජ වි පෙ සී අයි ඒ කෙමනක් කියල. ඊනියා භූදේශපාලන යථාර්ථයක් ගැන කියන පඬිනැට්ටන්ට අනුව මෙරට දේශපාලනය ඊනියා කොදෙවුවට පමණක් දැන් සීමා වෙලා ද? අර පේරාදෙණි ශාස්ත්ර පීඨාධිපතිතුමා සඳහන් කළ රුපියල් ලක්ෂ හතක් ද අටක් ද මාස හතරක් පමණ කාලයක නවක වදකාරයන්ට ලැබුණේ කොහෙන් ද? කාගෙන් ද? සහෝදරයන්ගෙන් ද? ඒ පීඨය හැර තවත් එවැනි පීඨ තිබේ ද?

Insights unavailable for this post
Boost a post
Like
Comment
Share

තාත්තා හා ලක්‍ෂමන්

 

තාත්තා හා ලක්‍ෂමන්

 

ගමේ ප්‍රධාන ප්‍රභූවරයා වූයේ වෝල්ටර් සල්ගාදු මහතා. ඔහු තාත්තා කලක් ඉගැන්වූ මහවිල ඉස්කෝලෙ කළමණාකරු වූවා මෙන් ම ලක්‍ෂමන්ගේ හෙවත් ජී එල් පීරිස්ගේ සීයා. වෝල්ටර් සල්ගාදු ගමේ ප්‍රධාන ප්‍රභූවරයා වූ නමුත් ගමේ අය සමග සම්බන්ධකමක් පැවැත්වූයේ නැහැ. මට මතක නැහැ ඔහු කිසි දිනෙක වෑකඩ පන්සලේ පිංකමකට සහභාගි වූ බවක්. එහෙත් ඔහු අසරණයන්ට මුදලින් අධාර කළ බව නම් තාත්තා අපට කියා තිබුණා. සමහර විට ඔහු පාණදුරේ රංකොත් විහාරයට යන්න එන්න ඇති.

 

Sunday, 23 October 2022

බුකර්

 බුකර් තෑග්ග දෙන්නෙත් ඇතැම් ඊනියා ජාත්යන්තර සිනමා තැගි දෙන ආකාරයට. ආසියාවෙ රටවල විශේෂීිත සංස්කෘතියට පහර දෙන කෘතිවලට. පකිසථානයේ මුස්ලිම් සංස්කෘතියට ඉන්දියාවෙ හින්දු සංස්කෘතියට ලංකාවෙ බෞද්ධ සංස්කෘතියට පහර දෙන්නන්ට.

තව තවත් පැටලෙමු

 

තව තවත් පැටලෙමු

 

පැටලුණු අංශු (entangled particles) ගැන තවත්  යමක් කෙටියෙන් කියන්න ඕන. ක්වොන්ටම් ක්වොන්ටම් පැටලුණු අංශු දෙකක් සඳහා ඇත්තේ එකම තරංග ශ්‍රිතයක් (wave function) කියනවා. දැන් සමහර විට ප්‍රශ්නයක් ඇති වේවි තරංග ශ්‍රිතයක් කියන්නෙ මොකක් ද කියා. ශ්‍රිතයක් කියන්නෙ ගණිතයෙ යෙදෙන දෙයක්. අගය කුලක දෙකක් ඇතැයි සිතන්න. එක්  කුලකයක අගයක් සඳහා අනෙක් කුලකයේ අගයක් ඇත්නම් ඒ අගය ලබා දීම තමයි ශ්‍රිතයකින් කෙරෙන්නෙ. මා ගණිත සමීකරණ ලියන්නෙ නැහැ. ගණිතයේ මේ  සංකල්ප හැකිතාක් නිරවුල් ව අර්ථදැක්වෙනවා. අපට ඒ පමණට මෙහි නිරවුල් වෙන්න බැහැ. කොහොම හරි ශ්‍රිතයකින් කෙරෙන්නෙ එක් කුලකයක අගයක් දුන් විට අනෙක් කුලකයෙ අගයක් හොයා ගැනීම.  ශ්‍රිතයකින් ඒ කුලක දෙක අතර සම්බන්ධයක් ලබා දෙනවා.

Saturday, 22 October 2022

සිංහල බෞද්ධයන් අපායට

 

සිංහල බෞද්ධයන් අපායට

 

පඬි නැට්ටන් කියනවා මා තමන්ට ප්‍රතිචාර දක්වන්න ඉඩ දෙන්නෙ නැ කියා. එහෙත් පසුගිය දින දෙක තුනක් ප්‍රතිචාර දක්වන්න ඉඩ දුන්නා. ඊයේ විවෘත ආරාධනයක් කළා පැමිණ තම මොළයේ ප්‍රමාණය ප්‍රදර්ශනය කරන්න කියා. එහෙත් කිසිවකු ඒ ආරාධනය පිළිගත්තේ නැහැ. මොළයක් නැතුව ඇති. ඔවුන් තමන්ගේ ගුබ්බෑයම්වල නම් වහසි බස් දොඩනවා.

Friday, 21 October 2022

 

දින හතළිස් පහේ අගමැතිණිය

 

බිරිතානි අගමැතිනි ලිස් ට්‍රස් අස් වෙලා. ඇය දින 45  අගමැතිණිය ලෙස ඉතිහාසගත වේවි. එය ලෝක වාර්තාවක් ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් එය එංගලන්තයටත් බිරිතානියටත් වාර්තාවක් වෙන්න ඕන. ඇගේ ආර්ථික ප්‍රතිපත්තිවලට විශාල විරුද්ධතාවක් පැන නැගුණා.

ලෝ අඩ නින්දේ හෙවත් අඩ නින්දේ ලොව

 

ලෝ අඩ නින්දේ හෙවත් අඩ නින්දේ ලොව

 

අද මට සතුටු දවසක්. ඒ මා ඉපදී ඇත්තේ අද වැනි දවසක නිසා නොවෙයි. මට කැමති මිනිසුන් රාශියක් රටේ ඉන්න බව දැන ගැනීමට ලැබුණු නිසා. දෙතුන් දෙනකු මට හූ කියා තිබුණා. ඒ කුල පීඩනය නිසා හෝ වෙනත් සමාජයීය පීඩනයක් නිසා හෝ තම දෙමවුපියන්, විශේෂයෙන් පියා ගැන ඇති වූ යම් නොහොඳක් නිසා ඇති වූ වෛරයක් නිසා හෝ සිංහල බෞද්ධ සංස්කෘතියට ඒ ආරෝපණය කිරීමෙන් සිංහල බෞද්ධ විරෝධී වූ පඬි නැට්ටන්. මා දන්නවා විශ්වවිද්‍යාලවල බොහෝ පඬියන් ද, විශාල බහුතරයක්, මට කැමති නැති බව. එය ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන්ගේ බුද්ධිය ගැන මා හොඳින් දන්නවා. මගේ අවාසනාවකට නෑයන් නොවන්නන් අතර මට වැඩියෙන් ම ඇසුරු කරන්න ලැබුණේ, අර කියන විධියට මිනිස් පැය හැටියට, ඒ අය.

Thursday, 20 October 2022

මාක්ස්වාදය නිකම් ම නිකම් පොත්තක් පමණයි

 

මාක්ස්වාදය නිකම්  නිකම් පොත්තක් පමණයි

 

පාණදුරා වාදයේ නායකත්වය ගත්තේ භික්‍ෂූන් වහන්සේ. එහි දායකත්වය ගත්තේ බෞද්ධ ප්‍රභූන්. අරක්කු රේන්දයේ අයත් එහි හිටියා. එහෙත් ඔවුන් අමද්‍යප ව්‍යාපාරයේත් ප්‍රධාන තැනක් ගත්තා. මට මතක් වෙනවා තාත්තා තවත් අයත් සමග පාණදුරේ ප්‍රදේශයේ අරක්කු තැබෑරුම් වැසීමට ගෙන් ගෙට ගොස් පෙත්සම්වලට අත්සන් ගත් ආකාරය. ඔවුන්ට පාණදුරේ බෞද්ධ ප්‍රභූන්ගෙන් ද අනුග්‍රහය ලැබුණා.

 

Wednesday, 19 October 2022

නිරුක්ති

 ඔරුව, කොල්ලෑව, මාලදිවයින, දොඩන්දූව ගැන තොරතුරු එවූ සියල්ලන්ට පින්! ඔරුව හා කොල්ලෑව වචනවලට සිංහලෙන් නිරුක්ති තියෙනවා ද?

රනිල් සමග යහමගට

 

රනිල් සමග යහමගට

 

මහින්ද රාජපක්‍ෂ කියා තිබුණා රනිල් යහමගට ඇවිත් කියා. රනිල්ගේ ක්‍රියා පටිපාටියෙන් නම් ඔහු යහමගකට ඇවිත් කියා පේන්නෙ නැහැ. ඔහු තවමත් සුපුරුදු රනිල්. ඔහුට කිසිම ජාතිකත්වයක් නැහැ. ඔහු ඊනියා යහපාලනය ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තුවන බව පැහැදිලියි.

 

Tuesday, 18 October 2022

නොබෙල් තෑග්ගේ කතාව

 

නොබෙල් තෑග්ගේ කතාව

 

ගිය සෙනසුරාදා හා ඉරිදා සති අග අරුණ පුවත්පතට වරුණ අබේසේකර නොබෙල් තෑග්ග නලින් ද සිල්වාගේ මගේ ලෝකයට මැයෙන් ලිපියක් ලියා ඇති බව මට පසුව දැන ගන්න ලැබුණා. මා වරුණ අබේසේකර හඳුනන්නේ නැහැ. එහෙත් ඔහුට ක්වොන්ටම් භෞතිකය හා දර්ශනය පිළිබඳ දැනුමක් ඇති බව පෙනී යනවා. ඒ ලිපිය පළ කිරීම ගැන මා ඔහුට පින් දෙන්නේ සාමාන්‍යයෙන් ජනමාධ්‍ය මා සම්බන්ධ දෙයකට ඉඩක් නොදෙන බැවින්.

Monday, 17 October 2022

නිවීම

                                නිවන් දැකීම නොව නිවීම - නිබ්බුත පද

කුල භේදය නොව කුල ගෞරවය

බෞද්ධ ප්‍රභූවරු

 

බෞද්ධ ප්‍රභූවරු

 

තාත්තා මගේ ළමා වියේ දී වැඩි කලක් ඉගැන්නුවේ මහවිල බෞද්ධාලංකාර මිශ්‍ර පාඨශාලාවේ. ඒ පාසලත් තාත්තා ඉගැන් වූ අනෙක් පාසල් මෙන් ම පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් පාලනය කෙරුණු ආධාර ලබන පාසලක්. ඒ කියන්නෙ රජයෙන් ගුරු වැටුප් හා තවත් වියදම් සැපයුණු බවයි. පරම විඥානාර්ථ බෞද්ධ සමාගම ඕල්කට්තුමා විසින් ඇති කෙරුණු එකක්. බෞද්ධයන්ට පරම විඥානාර්ථවාදීන් වීමට බැරි වුවත් ඒ පරස්පරය බොහෝ දෙනා විසින් අමතක කෙරුණා. ඒ සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබුණේ පිටකොටුවේ ඕල්කට් මාවතේ ගුණසේන පොත්හළ අසල. තාත්තා ඇතැම් දිනෙක ඒ කාර්යාලයට යන විට මා ද කැටුව ගියා. ඒ ගුණසේන පොත්හළට යෑමටත් එක්ක.

Sunday, 16 October 2022

 පසුවිපරමක්

 

අපේ තාත්තා ලිපියට හා කොල්ලෑව සම්බන්ධයෙන් වූ ලිපියට ට්‍රොට්ස්කිවාදියකු හැරෙන්නට අනෙක් අය යහපත් ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ ප්‍රතිචාරවලට අමතර ව තවත් ප්‍රතිචාර දෙකක් ලැබුණා. මා හිතනවා එය සඳහන් කළ යුතුය කියා. එක් ප්‍රතිචාරයක් වූයේ මවට හා පියාට වඳින ගාථා ගැනයි. ඉන් කියැවුණේ දැනට වසර පනහකට පමණ පෙරත් භාවිතා වූ ගාථා දෙකක් පටන් ගත්තේ  ඔකාස වන්දාමි තාත, ඔකාස වන්දාමි අම්ම කියල යන්නයි. එය නුවර යුගයේ සිට එන බවත් කියා තිබුණා. නුවර යුගයේ තෙළිඟු ආභාසයත් සමග ගෙතුණු ගාථා දෙකක් වෙන්න පුළුවන්.

 

Saturday, 15 October 2022

කෘෂි රසායන පිළිබඳ නැවතත්

 

කෘෂි රසායන පිළිබඳ නැවතත්

 

බොහෝ දෙනා හිතන්නේ ගෝඨාභය රාජපක්‍ෂ රසායනික පොහොර තහනම් කෙළේ අපේ කීමට කියා. එය සම්පූර්ණයෙන් ම වැරදි මතයක්. රාජපක්‍ෂලා මා කියන දෙයක් කිසි දවසක කණකට ගත්තෙ නැහැ. මා ශ්‍රී ල නි ප පොහොට්ටු දේශපාලනය ගැන කියන්නේ ඔවුන්ගේ ඇතැම් ජාතිකත්ව ප්‍රතිපත්ති නිසා පමණයි. එහෙත් ඔවුන් කිසි දිනෙක මා කියන දෙය පිළිගත්තේ නැහැ. වරක් මහින්ද රාජපක්‍ෂ කියා ඇත්තේ නලින් කියන විධියට වැඩ කරන්න බැහැ කියායි. ඒ බව මා කලිනුත් කියා ඇති. මේ ලිපියේ අලුතෙන් කිසිවක් නැහැ. මා කරන්නේ වැරදි මතයක් නිවැරදි කිරීම පමණයි.

Friday, 14 October 2022

මගේ ලෝකය

 

මගේ ලෝකය

 

අපේ තාත්තා ලිපියට ප්රතිචාර දැක්වීමට ඉඩ දෙන ලෙස කිහිප දෙනකු ඉල්ලා සිටියා. එයට ඉඩ දුන්නා. එහෙත් හයදෙනකු පමණයි ප්රතිචාර දක්වා ඇත්තේ. ඒ අපේ හැටි.

සීයා පියා වීම හෙවත් තාත්තා අවශෝෂණය වීම

 

සීයා පියා වීම හෙවත් තාත්තා අවශෝෂණය වීම

 

තාත්තා පාණදුරේ ගැන අභිමානයෙන් කතා කළා. ඒ වගේ ම ලිඳමුලගේ පරම්පරාව ගැන හා කරාව කුලය ගැන ද අභිමානයක් තිබුණා. ඒත් ඒ පාණදුරේ ගැන මිස පානදුරේ හරි පානදුර ගැන හරි නොවෙයි. මා ඊයේ වෙනත් ඡායාරූපයක් හොයා ගැනීමට බැරි කමට පාණදුරේ දුම්රිය පොළේ කොළඹ පැත්තට ඇති පානදුරේ යැයි සඳහන් නාම පුවරුවේ ඡායාරූපය පළ කළා. පාණදුරේ ගැන තාත්තාට තිබුණේ දුර ඇති පාෂාණය කියන අර්ථනිරූපණය. පාණදුරේ වෙරළේ සිට බැලූ විට ඈත මුහුදේ ගෝනගල නම් ගලක් පේනවා. එය දුර ඇති පාෂාණයක් නිසා පාණදුරේ නම ඇති විණි යැයි බොහෝ දෙනා කිවුවා.

 

Thursday, 13 October 2022

අපේ තාත්තා

අපේ තාත්තා

                                 

අපේ ගම පාණදුරේ වෑකඩ. පාණදුරෙ නගරයට ඉතා සමීපයි. ගමේ තරමක අර්ධ නාගරික ගතියක් තිබුණා. වෑකඩ කියන්නෙ අම්මාගේ ගම. තාත්තා පිංවල. වෑකඩ  කියන වචනයෙ තේරුම වැකණ්ඩිය බවයි මට තාත්තාගෙන් දැන ගන්න ලැබුණෙ. වෑකඩට සමීප ගම් වුණෙ මෝදරවිල, එළුවිල, මහවිල, පිංවල, මොරවින්න, කළුදෑවල, සුදුවැල්ල, වලපල, නල්ලුරුවවැලිපිටිය, කෝවිලගොඩැල්ලයි. කළුදැවල යන්නත් කළුදෑවෙලක් වෙන්න ඇති. කොහොමටත් විල අගට ඇති ගම් කිහිපයක් ම තිබුණා. ඒ වෙල් වගා කරන්න වැවක් තියෙන්න ඇති. වෑකඩ ඒ වැවේ වැව්කණ්ඩිය වෙන්න ඇති. දැන් නම් වැවක් තියා වෙල්වත් නැහැ.  අප කුඩා කල තිබුණෙත් නැහැ.

 

Wednesday, 12 October 2022

ස්ථානීය යථාර්ථයක් නැති බව පෙන්වූ අයට නොබෙල් තෑග්ග


ස්ථානීය යථාර්ථයක් නැති බව පෙන්වූ අයට නොබෙල් තෑග්ග

 

මෙවර භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් තෑග්ග ලැබුණ ක්වොන්ටම් පැටලීම පිළිබඳ (quantum entanglement) පර්යේෂණ කළ විිද්‍යාඥයන් තිදෙනකුට. ක්ලෝසර්, සෙලින්ගර් හා ඇස්පෙක්ට් ඔවුන් තිදෙනායි. මේ නම් මෙලෙස ලිවීම නිවැරදි ද කියා දන්නේ නැහැ. සමහරවිට උච්චාරණය වැරදි වෙන්න පුළුවන්. සමහරවිට ඇස්පෙක්ට් යන්න ඇස්පෙ ලෙස උච්චාරණය කරනවා වෙන්න පුළුවන්.

 

Tuesday, 11 October 2022

සුරංගනා කතාවක් 2

 නිර්මාක්ස්වාදී සුරංගනා කතාවක් ඃ "එකමත් එක කාලෙක කුමාරයෙක් හිටියා. මාක්ස්වාදී සුරංගනා කතාවක්ඃ " යම් දිනෙක සියලු කුමරුන් නැතිවෙනචා

සූරංගනා කතාවක්

 

සූරංගනා කතාවක්

 

පරාජිත පරගලයේ මාස හයේ සැමරුම ගැන ලියන්න මට වුවමනාවක් තිබුණේ නැහැ. එහෙත් ළමයින් වඩා ගෙන ඊනියා උද්ඝෝෂණ පැවැත්වීම ගැන යමක් කියන්න ඕන කියල හිතුණා. බටහිරයන් මෙටාව (මුහුුණු පොත) මගින්  පරගලය සංවිධානය කළත් ඔවුන්ට කරන්න බැරි වූ දෙයක් තිබුණා. ඒ කරන්න ගියා නම් සම්පූර්ණයෙන් ම වැඩේ එළිදරවු වෙනවා. ඒ පරගලයට න්‍යායාචාර්යයන් සැපයීමයි. ඉන් සිදු වුණේ මෙරට න්‍යායාචාර්ය රොත්තක් බිහි වීමයි.

Monday, 10 October 2022

මාක්ස්වාදය

 මාක්ස්වාදය ගැන මා ඇසූ හොඳ ම විග්රහය. "මාක්ස්වාදය කියන්නෙ වැඩිහිටියන් සඳහා ලියැවුණු සුරංගනා කතාවක්."

ජාතිය, කුලය හා පංතිය

 

ජාතිය, කුලය හා පංතිය

 

සිංහලයකුගෙන් ජාතිය මොකක් ද කියල ඇහුවොත් ඉතා විශාල බහුතරයක් අද කියන්නෙ සිංහල කියල. ඉතා ටික දෙනකු තම කුලය කියාවි. ඉතාමත් ටික දෙනකු ලාංකික කියාවි. සිංලයකුගෙන් කුලය ඇහුවොත් තම කුලය කියාවි. ඉතා ටික දෙනකු ඔය කුලමල වැඩක් නැහැ කියාවි. කුලය මේකයි ජාතිය මේකයි කියල සවිඥානික ව කියන්නෙ. අර ලාංකික කියන අය එසේ කියන්නේ පඬිකමට හා නීතියට අනුව මිසක් සවිඥානික ව නො වෙයි. ඒ ගමන් බලපත්‍රයෙ සහ තවත් ලියකියවිලිවල තියෙන නමක් විතරයි. ඔය සවිඥානික නොවන  ජාතිය නම් ලෝකෙ තියෙන්නෙ පොතේ විතරයි.

Sunday, 9 October 2022

ත්‍රස්තවාදය හා බටහිරයෝ

 


ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට පෙර බටහිරයන් දෙමළ ජාතිවාදය හා සිංහල බෞද්ධ විරෝධී පරගල පෝෂණය කිරීම අත්හරින්න ඕන

කුලය හා රාජ්‍ය බලය

 

කුලය හා රාජ්‍ය බලය

 

කුල භේදයට ප්‍රධාන ම හේතුව රාජ්‍ය බලයට ඒ ඒ කාලවල ඒ එ කුලවල ඇතැමුන් ඉදිරිපත් වීම යැයි හිතන්න පුළුවන්. භාරතයේ බ්‍රාහ්මණයන් (හා ක්‍ෂත්‍රියන්) ඒ සඳහා වර්ණ භේදයක් ඇති කරල තියෙන බව පේනවා. ලංකාවේ ද පොළොන්නරු යුගයේ සිට හින්දු බලපෑම නිසා කුල භේදයක් ඇති වී ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී තියෙනවා. නුවර යුගයේ එය වඩාත් වර්ධනය වී ඇත්තේ ලන්දේසින්ගේ ද මැදිහත්වීමෙන් බව පේනවා.

Saturday, 8 October 2022

ජෙනීවා යන්නේ නිවටකම නිසා ද දුප්පත්කම නිසා ද?

 

ජෙනීවා යන්නේ නිවටකම නිසා ද දුප්පත්කම නිසා ද?

 

තවත් ජෙනීවා විගඩමක් ඉවරයි. මෙවර රටවල් විස්සක් ලංකාවට විරුද්ධ ව ඡන්දය දීලා. ඒ රටවල් හතලිස් හතකින්. ඒ කියන්නෙ බාගයක්වත් නැහැ. ගිය අවුරුද්දෙ රටවල් විසි දෙකක් අපට විරුද්ධ ව ඡන්දය දුන්නා. මෙවර දෙකක් අඩුවෙලා. ගිය වර අපට විරුද්ධ ව ඡන්දය දුන් බ්‍රසීලය මෙවර ඡන්දය දීමෙන් වැළකිලා. ඒ සඳහා එරට ලංකා තානාපති කාර්යාලය යම් මෙහෙයක් කර තියෙනවා.

Friday, 7 October 2022

සාම්ප්‍රදායික කුල හා පාසල් කුල

 

සාම්ප්‍රදායික කුල හා පාසල් කුල

 

මා මේ ලිපි ලියන්නේ මගේ දැනුම (බොරු වුවත්) සඳහා මිස කිසිවකුටවත් ඉගැන්වීමට නොවේ. විශ්වවිද්‍යාලවල ඉන්නේත් ගුරුවරු. මහාචාර්ය කියන පදවිය ප්‍රොෆෙසර් කියන වචනයේ පරිවර්තනය ලෙසයි යෙදෙන්නේ. ප්‍රොෆෙසර් කියන වචනය බිඳී එන්නේ ප්‍රංශ භාෂාවෙන්. එහි තේරුම යම් ක්‍ෂෙත්‍රයක ගුරුවරයා යන්නයි. මා ද කලක් මහාචාර්යවරයකු ව සිටියා.  කැලණිය විශ්වවිද්‍යාලය ගත් වැරදි තීරණයක් පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අනුමත කළ බැවිනුයි මා මහාචාර්යවරයකු වුණේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පසුව මා මහාචාර්ය පුටුවේ (Chair Professor) වාඩිකරන්න සූදානම් වුණා. ඒ කැලණියේ මහාචාර්ය තනතුරකට පත් කිරීමෙන් පසුව. ඒත් මා ජයවර්ධනපුරට ගියේ නැහැ. මේ සියල්ල විස්තරාත්මක ව පසුව ආගිය තොරතුරුවලින්.

Thursday, 6 October 2022

කුල භේදය

 

කුල භේදය

 

නායක්කාර් රජවරුන්ට කිට්ටු වී ගොවිගම කුලයට කුලවැද්දුම් ලබා ඊනියා රදල කුලයක් නිර්මාණය කර ගත් පිරිස මෙරට කුල ක්‍රමය වෙනස් කර ඇති බව පේන්න තියෙනවා. මේ පිරිස රජවරුන්ට කිට්ටු  වුණත් ඔවුන්ගෙන් ඇතැමකු පසුව රජුට විරුද්ධ ව ක්‍රියා කර තියෙනවා. මේ පිරිස ගොවිගම කුලයට අවශෝෂණය වී සිංහල වුවත් පසුව ඔවුන් ගොවිගම කුලයත් අනෙක් කුලත් පහතට දමා රජු සමග සම්බන්ධ වී වැදගතුන් බවට පත් වී ඇති බව පේන්න තියෙනවා.

 

Wednesday, 5 October 2022

විසිදෙක පරාජය කරමු

 

විසිදෙක පරාජය කරමු

 

පොහොට්ටුව රනිල් පත්කර ගත්තේ පළමුව පරගලය පරාජය කිරීමට හා ආර්ථික අර්බුදය ජය ගැනීමට විය යුතුයි. පරගලය පරාජය කිරීම නම් ඔහු කර තියෙනවා. එහෙත් ඔහුට ආර්ථික අර්බුදය ජයගන්න බැහැ. ගෝඨාභය කළ යුතුව තිබුණේ පරගලය පරාජය කිරීමෙන් පසු රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමයි. වජිර අබේවර්ධන වැන්නන් මොන පුරසාරම් දෙඩුවත් රනිල්ට බටහිර රටවලින් ආධාර තියා ණයවත් ගන්න බැහැ, විවිධ බටහිර රටවල් වරින් වර ඩොලර් මිලියන කිහිපයක් ණයට දෙන්න පුළුවන්. ඒත් එය කිසිසේත් ම ප්‍රමාණවත් නැහැ.

Tuesday, 4 October 2022

කුල වරුණ

 

කුල වරුණ

 

කුලය කියන්නේ ඉතාම විස්තෘත පවුලක් බව කලින් කියා ඇති. පවුලක් හැඳිනගැනීමට ඒ ඒ සංස්කෘතීන්වල විවිධ ක්‍රම යොදා ගන්නවා. මෙරට දෙමළ කතා කරන හින්දු ජනයා පුතාගේ නමේ පළමු නම හැටියට පියාගේ නම යොදනවා. උදාහරණයක් හැටියට ජයරත්නම් මහේස්වරන්ගේ පුතා මහේස්වරන් ජෙයනාදන් වෙන්න පුළුවන්. ඊයේ සඳහන් කළා පර්සියාවෙන් පැමිණ දේව කුලයට කුලවැද්දුම් ලැබූ එහෙමත් නැත්නම් අවශෝෂණය වූ පෝර් නමින් හැඳින්වූ පිරිසක් ගැන. එහි පෝර් කියන්නෙ පුතාට බව ද සඳහන් වුණා.

Monday, 3 October 2022

වැඩ නොකරන පට්ටපල් බොරු

ස්වාභාවික විද්යා ඉඳහිට වැඩ කරන පට්ටපල් බොරු. සමාජයීය විද්යා වියුක්තය නොගැලපෙන වැඩ නොකරන පට්ටපල් බොරු. මාක්ස්වාදයත් එහෙමයි.

සිංහල කුල ක්‍රමය

 

සිංහල කුල ක්‍රමය

 

ඊයේ ලිපියට ප්‍රතිචාරයක් තිබුණා ගොං ගාලෙන් ගොඩ ගිය බයියො කියල. මා හිතුවා ටොරිංග්ටන්ගෙ සිංහල ඉගෙන ගත් මුණුබුරෙක්ගෙ ප්‍රතිචාරයක් කියල. බැලින්නම් පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයෙ ඉගෙනගත් කුරුණෑගල පැත්තෙ පඬි නැට්ටෙක්. මේ තමයි ටොරිංග්ටන්ල අපට දීල ගිය කසිකබල් අධ්‍යාපනයෙ ප්‍රතිඵල. පඬි නැට්ටා ඉගෙන ගත් පාසල සඳහන් කරල තිබුණෙ නැහැ. මා කියන්නෙ නැහැ පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයෙ ඉගෙන ගත් හැම දෙනා ම එහෙමයි කියල.

Sunday, 2 October 2022

ගොංගාලෙගොඩ බණ්ඩා

 

ගොංගාලෙගොඩ බණ්ඩා

 

දැනට ටික කලකට පෙර මියගිය ආචාර්ය කේ ඩී ජී විමලරත්න ලියූ ලිපියක් මට මගේ මිතුරකු එවා තිබුණා. මිතුරා දැන් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. මා කුලය ගැන ලියූ ලිපි කියවීමෙන් පසුවයි ඔහුට මේ ලිපිය මට එවීමට සිත් වී තිබෙන්නේ. කේ ඩී ජී විමලරත්නත් මගේ මිතුරෙක්. ඔහු රාජ්‍ය ලේඛනාගාරයේ අධ්‍යක්‍ෂ ව සිටියා. මට වඩා අවුරුද්දක් ජ්‍යෙෂ්ඨ ඔහු පේරාදෙණියේ ඉතිහාසය විශේෂ පාඨමාලාව හැදෑරුවා. ඔහු ද මා මෙන් ම ජයතිලක ශාලාවේ නේවාසික ව හිටියා.

Saturday, 1 October 2022

උගතුන්ගේ ප්‍රශ්නය

 උගතුන්ට ඇත්තේ කියවීම පිළිබඳ ප්රශ්නයක් නොව කල්පනා කිරීම පිළිබඳ ප්රශ්නයක්. කල්පනා කරන්නේ චින්තනයක. උගතුන්ට චින්තනයක් නැහැ. සිංහල බෞද්ධකමට ගරහන ඔවුන්ට බටහිර චින්තනයත් නැහැ

අප යන්නේ කොයි පාරේ

 




අප යන්නේ කොයි පාරේ

 

මේ ආ ගිය තොරතුරක් නොවේ. අද රටේ ප්‍රශ්නය කිසිම ප්‍රශ්නයකට විසඳුමක් නැති කම. මේ කාලයේ සාර්ථක ම දේශපාලනඥයන් වන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් හා මහින්ද අමරවීර සූරින් ය. ඔවුන් ඇත්තට ම සූරයන්. ඔවුන් ජනමාධ්‍යයෙහි නැති දවසක් නැති තරම්. ඕනෑම නරක ප්‍රචාරයක් වුණත් ප්‍රචාරයක් ය යන්න බන්දුල නම් දන්නවා. අමරවීරත් දන්නවා ඇති.