Main Logo

Monday 3 October 2022

සිංහල කුල ක්‍රමය

 

සිංහල කුල ක්‍රමය

 

ඊයේ ලිපියට ප්‍රතිචාරයක් තිබුණා ගොං ගාලෙන් ගොඩ ගිය බයියො කියල. මා හිතුවා ටොරිංග්ටන්ගෙ සිංහල ඉගෙන ගත් මුණුබුරෙක්ගෙ ප්‍රතිචාරයක් කියල. බැලින්නම් පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයෙ ඉගෙනගත් කුරුණෑගල පැත්තෙ පඬි නැට්ටෙක්. මේ තමයි ටොරිංග්ටන්ල අපට දීල ගිය කසිකබල් අධ්‍යාපනයෙ ප්‍රතිඵල. පඬි නැට්ටා ඉගෙන ගත් පාසල සඳහන් කරල තිබුණෙ නැහැ. මා කියන්නෙ නැහැ පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයෙ ඉගෙන ගත් හැම දෙනා ම එහෙමයි කියල.

 

මා කිවුවෙ ගොංගාලෙගොඩ බණ්ඩගෙ කුලය ගැන. ඒ කුලය පිළිබඳ තව කතාවක් දැන ගන්න ලැබුණ. කලකට පෙර පර්සියාවෙන් (ඉරානයෙන්) මෙරටට පැමිණි පෝර් නමින් වූ පිරිසක් පුර කොටස සහිත ව දේව කුලයට එක් වූ බව. පර්සියාවෙ පෝර් කියල තියෙන්නෙ පුතාට. ඔය පුරල අතරෙ  දේවපුරලා, වංශපුරලා විතරක් නොවෙයි රාජපුරලත් ඉන්නවා. තවත් පුරලා ඇති.

 

මේ කතාව මා හිතනවා අපේ කුල ගැන යම් වැදගත් දෙයක් කියනව කියල. අප විවාහයෙන් පුද්ගලයන් ලෙස ඒ ඒ කුලයෙ කුලවැද්දුම් ලබනවා. එය පෞද්ගලිකයි. ඒ වගේ ම අප සාමූහිකවත් කුලවැද්දුම් ලබනවා. මා හිතනවා අපේ ශක්තිය මේ සාමූහික කුලවැද්දුම කියා. අප පිටින් පැමිණ ඇත්නම් සිංහල වී තියෙන්නෙ මෙරට කුලයකට අවශෝෂණය වීමෙන්. දැන් මා කියන්න යන්නෙ මගේ හිතළුවක්. මා තොරතුරු සොයා ගැනීමේ දක්‍ෂයකු නොව කතා ගෙතීමට යම් හැකියාවක් ඇති අයකු පමණයි.

 

අපට කුල ලැබෙන්න ඇත්තෙ සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙන් පස්සෙ වෙන්න පුළුවන්. බොහෝ කලක් අප යක්‍ෂ, රාක්‍ෂස, දේව, නාාග ජනවර්ගවලට අයිති වෙලා ඉන්න ඇති. රාක්‍ෂස කියන්නෙ යක්‍ෂයන්ගෙ ආරක්‍ෂකයන් වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔවුන් අතරත් විවාහ ගණුදෙනු තිබුණු බවක් පේනවා. කතාවක් තියෙනවා විහාර මහා දේවි නාග රාක්‍ෂස කියල. නන්දිමිත්‍රත් ඒ ජනවර්ගයෙ කියලත් කියනව.

 

විජය මෙරටට එන විටත් රට හඳුන්වා ඇත්තේ ලංකාව කියා. එකලත් මෙරට සමහර අය බෞද්ධ. මිහිඳු මහා රහතන් වහන්සෙගෙන් පස්සෙ තමයි මෙරට බෞද්ධ ශාසනයක් ඇති වී තියෙන්නෙ. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැක බලාගැනීමට අටළොස් කුලයක පිරිවරක් රැගෙන විත් තියෙනවා.

 

ජේ බී දිසානායක මහාචාර්යතුමාගේ හා හේමපාල විජයවර්ධන මහාචාර්යතුමාගේ මාල දිවයින් ගවේෂණයෙන් පස්සෙ අපි දන්නවා මෙරට තිබුණු සංඛ්‍යා ක්‍රමය ද්වාදශම ක්‍රමයක් කියල. ඒ කියන්නෙ අපේ පදනම 12 කියන එකයි. අපේ බොහෝ ගණන් මිනුම් 12 ගුණාකාර හරි ඒවාට 12න් භාගයක් එකතු කිරීමෙන් හරි ලැබෙන සංඛ්‍යා. දොළොස් මහා කවියන්, අටළොස් රියන් පිළිම, සුවිසි විවරණ, තිස් පැය ගැන අප කියනවා. මට හැට පැනල හුඟක් කල්. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, , ඇ ඉලක්කම් දොළහ ගත්තොත්, දහය ලියන්නෙ අ කියල. එකොළහ ලියන්නෙ ඇ කියල. දොළහ ලියන්නෙ 10 කියල. දහතුන 11, දහහතර 12, විසි දෙක 1. විසි තුන 1, විසිහතර 20 කියල. තිස්හය 30 කියල. තිස්අට 32 කියල. මගේ වයස 66යි. අපි ශුන්‍යයය ලිවුවෙ හල් කිරීම ( ්)  ලෙස බවත් ශුන්‍යයට එලෙස මුලින් ම සංකේතයක් ලියා ඇත්තෙ එකල හිටි බයියන් බවත් පඬි නැට්ටන්ට කියන්න ඕන. සීගිරියට ගිහින් බලන්න.

 

සංඝමිත්තා මෙහෙණින් වහන්සෙ සමග 16 කුලයක් ඇවිත් තියෙනවා. ඒ කුලවලට මෙරට සමහර අය අවශෝෂණය වෙන්න ඇති. මෙරට එවකටත් හිටි අයට කුල ලැබෙන්න ඇති.  එදා සිට කුලවලට සාමූහික ව අවශෝෂණය වීමටත් අප පුරුදු වෙලා තියෙනවා. සිංහල ජාතිය හැදිල තියෙන්නෙ මේ කුලවල එකතුවෙන්. එහි උස් පහත් භේදයක් නැහැ. මා කලින් දවසක කිවුවා පසු කාලයක ඉන්දියාවෙන් පැමිණි පිරිස් කෞරව කුලයට අවශෝෂණය වෙලා කරාව ලෙස නම් කෙරුණූ බව. දුරාව සලාගම කුලවලටත් අවශෝෂණය වෙලා තියෙනවා. ඒ කුල පෙර කල වෙනත් නම්වලින් හඳුන්වන්නත් ඇති. මා හිතන්නෙ පෙර තිබූ දේව ජනවර්ගය පසුව දේව කුලය නමින් හඳුන්වා තිබෙන බවත් එයටත් සාමූහික ව පිටින් පැමිණි අය අවශෝෂණය වෙලා නැත්තන් කුලවැද්දුම් ලබල කියල.   

 

මෙරටට පිටින් පැමිණි ජන කොටස් හතරක් කිසිම කුලයකට අවශෝෂණය වෙලා නැහැ. කුලවැද්දුම් ලබල නැහැ. ඒ මුස්ලිම්, උතුරේ දෙමළ ජන කොටස, නැගෙනහිර දෙමළ ජන කොටස හා කඳුකරයේ දෙමළ ජන කොටස. එයට හේතු තියෙනවා. මුස්ලිම් කියන්නෙ ආගමක් සමග බද්ධ වෙච්ච පිරිසක්. ඔවුන් ඉස්ලාම් ආගම අදහන්නෙ. ඔවුන්ගෙ මූලික අනන්‍යතාව ආගම. ඔවුන් ලෝකෙ කොහෙ ගියත් මුස්ලිම්. ඔවුන් කුලයකට අවශෝෂණය කරන්න බැහැ.  

 

දෙමළ ජන කොටස් මෙරටට ස්වෙච්ඡාවෙන් පැමිණි පිරිස් නො වෙයි. උතුරට ඔවුන් ගෙනාවෙ ලන්දේසින් මූලික වශයෙන් දුම්කොළ වවන්න. ආඬියා ලිඳත් එක්ක. නැගෙනහිර දෙමළ ජනකොටස පාරවල සහ වෙනත් වැඩට ඉංගිරිසින් ගෙනා අය. ඔවුන් වත්මන් නැගෙනහිර පළාතෙ මුස්ලිමුන් නැති ප්‍රදේශවල ඉංගිරිසින් විසින් පදිංචි කෙරුණා. මුස්ලිමුන් එහි පදිංචි කෙරුවෙ සිංහල බෞද්ධ රජවරුන් බවත් ඒ පෘතුගීසීන්ගෙන් ඔවුන් රැක ගැනීම සඳහා බවත් අමතක කරන්න එපා. ඉංගිරිසින් කෝපි හා තේ වගාවට කඳුකරයේ පදිංචි දෙමළ ජන කොටස ගෙනාවා. දෙමළ ජන කොටස් කිසිවකු සිංහල කුලයකට අවශෝෂණය වී නැත්තෙ ඔවුන් මෙරටට ආනයනය කරනු ලැබූ පිරිසක් වීම නිසා.  

 

සිංහල ජාතිය ගොඩ නැගීමෙන් පසු මෙරට හැඳින්වුණෙ සිංහලේ කියල. අර පද්මාවතී නාට්‍යය ලිවු ජයසි කවියා දහසයවැනි සියවසේදි මෙරට හඳුන්වා ඇත්තෙ සිංහලේ කියල. අරාබින් සෙයිලාන් කිවුවෙ සිංහලාන් කියන්නට. ඒ විතරක් නොවෙයි ඊළාම් කියන්නත් බිඳී එන්නෙ සිංහලාම් යන්නෙන් බව මදුරාසි විශ්වවිද්‍යාලයෙ ශබ්ද කෝෂයෙ කියනවා.