Main Logo

Thursday 11 March 2021

අසත්සාලිගෙ උඩ කරණම්

 

අසත්සාලිගෙ උඩ කරණම්

 

පසුගිය දා තවත් ජනමාධ්‍ය හමුවක දී අසාද් සාලි මා හිතන විධියට සිංහල බෞද්ධයනට වැදගත් පාඩමක් ඉගැන්නුවා. ඔහු පාඩමක් ඉගැන්නුවේ කරුණු දැන ගෙන නො වෙයි. ඔහු තම නොදන්නා කමට බොහෝ දේ කියා ගෙන ගියා. ඔහු සිංහල බෞද්ධයනට පාඩමක් ඉගැන්නුවේ ඊනියා කරුණු පිළිබඳ ව නොවෙයි. ඔහුගේ  එඩිතරකම, අවියත් බව අමතක කළහොත් කැපී පෙනුණා. ඒත් මේ එඩිතරකමත් අනෙක් දේ මෙන් ම සාපේක්‍ෂයි. ඔහු එඩිතර වන්නේ සිංහල බෞද්ධයන් ඉදිරියේ බව අමතක නොකළ යුතුයි. 

 

සිංහල බෞද්ධයන් තරම් අනුකාරකයන් නිවටයන් ලොවෙහි තවත් නැතිව ඇති. උගත් යැයි කියන බුද්ධිමතුන් නිර්මාණශීලීත්වයක් නැති කමෙන් ආදියෙන් බැඳිලා. ඔවුන්ගේ මෝඩකම අවිචාරශීලීබව නිසා රටවල් හතකින් සමන්විත බිම්ස්ටෙක් සංවිධානය ලංකාව ලෙස හඳුනාගැනීමට තරම් ඔවුන් මුග්ධයන් වුණා. බුදුහාමුදුරුවන්ගෙ වචනවලින් නම් මෝඝ පුරුෂයන් වුණා.

 

සිංහල බෞද්ධයන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වී ඇති ඔවුන් ඇලුම් කරන ඔවුන්ගේ වත්මන් කසිකබල් බසින් කිවහොත් ආදරය කරන නන්දා මාලිනී මේ සිංහල අපගෙ රටයි ගීතය ගයන්නේ නැහැ. ඇය ප්‍රබුද්ධනීයක්. මෙරට ප්‍රබුද්ධයන් දෙවැනි වන්නේ සුප්‍රබුද්ධ රජුට පමණක් විය හැකියි. තවත් ප්‍රබුද්ධයකු වූ අමරදේව කතෝලික පිලිපීනයෙන් පිරිනමන මැගසේසේ ත්‍යාගය පිළිගනිමින් ඇසුවේ මහ සඟ ගණ මොනවද කළේ කියල.

 

මෑතක් වන තුරු මෙරට සිංහල බෞද්ධ යැයි කීමට අපේ ඊනියා උගතුන් බුද්ධිමතුන් පසුබට වුණා. දැන් නම් ටිකක් සිංහල බෞද්ධ රටක් කීමට පෙරට ඇවිත් තියෙනවා. ඒත් මෙරට උගතුන් බුද්ධිමතුන් අංක එකේ නිවටයන්. ඔවුන් දන්නවා ද අපේ නීතිය මොකක් ද කියල. ඔවුන් කියාවි ද අපට අපේ නීතිය අනුව ජීවත් වෙන්න වෙන කොහේවත් නොවෙයි මේ සිංහල බෞද්ධ රටේ ඉඩ දෙන්න කියා. එහෙම කියනවා තියා සිංහල නීතියක් කියා එකක් තියෙනවා ද කියාවත් ඔවුන් දන්නේ නැහැ.

 

ඒකට අසාද් සාලි. ඔහු ජීවත් වන්නේ මුස්ලිම් රටක නො වෙයි. ඊනියා සිංහල බෞද්ධ රටක. මා ඊනියා කියන්නේ අප සිංහල බෞද්ධ ගෞරවය අභිමානය ඇතිව වැඩ නොකරන නිසා. අර නිවට කරණැවෑමියා  දැක්ක ම එළුවත් නිකට දික් කරනවලු. නිවට සිංහල බෞද්ධයන් දැක්ක ම අසාද් සාලිලා මොනව දික් නොකරයි ද? අසාද් සාලි කියන්නේ තමන්ට රටේ නීතිය බලනොපාන බවයි. ඔවුන් ජීවත්වන්නේ කුරාණයේ කියන විධියට කියල ඔහු උදම් අනනවා.

 

අසාද් සාලි නොදන්නවාට ලංකාවේ මුස්ලිම් නීතිය කියන්නේ ඉස්ලාම් නීතියකට (කුරාණ කියමු) නොවෙයි. ලංකාවේ මුස්ලිම් නීතිය විවාහ, දික්කසාද, නඩත්තු ආදිය සම්බන්ධයෙන් ඇති නීති කිහිපයක්. ඒ අන්තිම කැමති පත්‍රයක් නොලියා මිය ගිය අයගේ අනුප්‍රාප්තිකයන් පිළිබඳ වූ 1931 අංක 10 දරණ ආඥා පනත, මුස්ලිම් විවාහ හා දික්කසාද පිළිබඳ 1951 අංක 10 දරණ පනත හා මුස්ලිම් පල්ලි හා පුණ්‍ය භාර පිළිබඳ 1956  අංක 51 දරණ පනතින් නියම කෙරී තිබෙනවා. මේ පනත් මුස්ලිමුන් මෙරටට පැමිණි දහහතරවැනි සිය වසේ සිට ක්‍රියාත්මක වන දේ නො වෙයි. සුද්දන් විසින් පිහිටුවන ලද රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හා පාර්ලිමේන්තුවේ කළු සුද්දන් සම්මත කර ගත් නීති. මේ නීති අඩු තරමෙන් මුස්ලිමුන් මෙරටට පැමිණි ඉන්දියාවේ වත්මන් තමිල්නාඩු කේරළ සීමාවේ තිබුණු නීතිවත් නො වෙයි.

 

තේසවලාමෙයි නීතිය නම් ඉන්දියාවේ මුස්ලිම්වරුන්ගේ නීතියක්. එහෙත් එය පළමුව ලන්දේසීන් හා දෙවනුව ඉංගිරිසින් විසින් පනවන ලද්දේ මෙරටට ආනයනය කරනු ලැබූ වෙල්ලාලයන් ආපසු ඉන්දියාවට යෑම වැළැක්වීමට. තේසවලාමෙයි නීතියත් මුස්ලිම් නීතියත් මෙරට ඇති වී වර්ධනය වූ නීති නො වෙයි. මෙරටට පිටින් පැමිණි ජන කොටස් දෙකක් සඳහා ලන්දේසින් ඉංගිරිසින් හා සිංගිරිසින් (ඉංගිරිසින් වූ සිංහලයන්)  පැන වූ නීති. මේ නීති අපට වුවමනා වෙලාවක අහෝසි කරන්න පුළුවන්. එයට අසාද් සාලි එකඟ ද නැත් ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් (පූර්ව පාර්ලිමේන්තු) හා පාර්ලිමේන්තුවෙන් පනවන ලද නීති පාර්ලිමේන්තුවට අහෝසි කළ හැකියි. තේසවලාමෙයි නීතියත් බටහිරයන් අප මත පැටවූ නීතියක්. එය ඉවත් කළ යුතුව තිබුණේ 1948 දී සුද්දන් යන විට.

 

මා කලිනුත් කියා ඇති ඊනියා උඩරට නීතිය තේසවලාමේ නීතිය හරි මුස්ලිම් නීතිය හරි වගේ පෞද්ගලික නීති ගණයට අර්ථදැක්වෙන නීතියක් නොවන බව. ඊනියා උඩරට නීතිය කියන්නෙ සිංහල නීතියට. පෘතුගීසීන් එන්න කලින් ලංකාවට ම බලපෑ සිංහල නීතිය. ලන්දේසීන් මුහුදුබව පෙදෙස්වල රෝම ලන්දේසි නීතියත් ඉංගිරිසින් ඒ ප්‍රදේශවල එයට අමතර ව ඉංගිරිසි නීතියත් ක්‍රියාත්මක කළා. එවිට සිංහල නීතිය ඊනියා උඩරටට පමණක් සීමා වුණා. හරියට කියනවා නම් සිංහලේත් ඒ පළාත්වලට සීමා වුණා. සිංහල නීතිය, සිංහල රාජ්‍යය, සිංහලේ 1815 වන තුරු සුද්දන්ට යටත් නොවු ප්‍රදේශවලට සීමා වුණා. හතළිස් ගණන්වලත් මුහුදුබඩ පෙදෙස්වල මිනිසුන් සිංහලේ යනවා කියා ඒ ප්‍රදේශවලට ගියා.

 

ඒ ඉතිරි වී තිබුණු සිංහලේ පළාත් ඊනියා උඩරටක් ලෙස නම් කෙරුණේ ඉංගිරිසින් විසින්. ඔය උඩරටට මුහුදු මට්ටමේ ඇති ප්‍රදේශත් අයිති වෙනවා. ඉංගිරිසින්ගේ නඩුකාරයකු තමයි සිංහල නීතියට ඊනියා උඩරට නීිතිය කියන නම දැම්මේ. ඒ නිකොල් නඩුවේ රොබට්සන් නඩු තීන්දුව මගින් (කාලය 2021 පෙබරවාරි කලාපයේ රාජා ගුණරත්නගේ ලිපිය) . නිවට සිංහලයන් මුුළු රටට ම වලංගු වූ තම නීතිය ඊනියා උඩරට නීතියක් ලෙස, ප්‍රාදේශීය නීතියක් ලෙස පෞද්ගලික නීතියක් ලෙස පිළිගන්නවා. මොවුන් අද තම නීතිය ලෙස පිළිගන්නේ ඉංගිරිසි නීතිය ආරෝපිත රෝම ලන්දේසි නීතිය! නිවට සිංහලයන් තම රටේ ම තම නීතිය පාගා දමන්නේ ඉංගිරිසින් අනුගමනය හා අනුකරණය කරමින්. අසාද් සාලි තමන් පැමිණි රටක අඩු තරමේ දැනටවත් වලංගු නොවන කුරාණ නීතියක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලනවා.

 

අසාද් සාලි මේ චන්ඩිකම් පෙන්නන්නේ නිවට සිංහලයන්ට. ඔහුට හරි වෙනත් ඉස්ලාම් භක්තියකුට හරි යුරෝපයට හරි උතුරු ඇමරිකාවට හරි ගිහින් එහි මුස්ලිම් වැසියකුට කාන්තාවන් හතර දෙනකු විවාහ කර ගැනීමට ඉල්ලන්න පුළුවන් ද? ප්‍රංශ  විප්ලවය ඇති වුණු රටේ කියන්නෙ මුස්ලිමුන්ට තම රටේ සංස්කෘතිය අනුව ජීවත්විය නොහැකි නම් ආපසු තමන් පැමිණි රටවලට යන ලෙස. ප්‍රංශ පුවත්පත් සේවයෙ බුදධිමතුනුත් බිම්ස්ටෙක් ලංකාව කියල හඳුනාගෙන. අසාද් සාලි මාවනැල්ලෙ කළාය කියන හරිය එංගලන්තෙ හරි ප්‍රංශෙ හරි කළා නම් මොනව වෙන්න තිබුණ ද? නිවට සිංහලයන් සිටින තාක් අසත්සාලිලට උඩ කරණම් ගහන්න පුළුවන්.