මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය හා බහු
සංස්කෘතික බහුබූතය
අෂ්රොෆ්ගේ මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයට එරෙහිව සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් අතර පැහැදිලි දේශපාලන දර්ශනයක් මතවාදයක් ගොඩනගා ගැනීමට නොහැකි වුණා. දෙමළ ජාතිවාදයේ සුළ මුළ දැන ගැනීමට හැකි වුවත් මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය ගැන පැහැදිලි යමක් දැක ගැනීමට නොහැකි වුණා. එහි ප්‍රතිඵලය වූයේ විදේශීය බලවතුන් තව තවත් එයට මැදිහත් වීමයි. නෝර්වේ ප්‍රමුඛ බටහිර රටවල් මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයට විරුද්ධ ව සිංහල බෞද්ධයන් මෙහෙයවීමට සමත් වුණා.
සුපුරුදු පරිදි චම්පක හා ඔහුගේ දේශපාලන සංවිධාන
මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය බලයට ඒම සඳහා අවියක් කර ගැනීමට උත්සාහ කළා. ඔවුන්
සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී හිටින බවක් කිවුවා. එහෙත් මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදය
දිගට ම වර්ධනය වුණා. චම්පකගේ උද්ඝෝෂණත් යහපාලන කාලයේදී නැති වුණා. ඔහු නැවතත් අද
ඇති වී තිබෙන තත්වය උපයෝගි කර ගැනීමට සංවිධානය වන බව පෙනී යනවා. ඒ සජිත්ගේ දේශපාලන
සංවිධානයෙන් බාහිර ව.
අද දේශපාලනය තරමක් ව්‍යාකුලයි. 2010
ආණ්ඩුව පරාජය වීමට බල පෑ ඇතැම් කරුණු වෙනත් ආකාරයකට කෙරෙන බව පේනවා. 2024ට
විමල් වීරවංශ සූදානම් වන බව පැහැදිලියි. අද ශ්‍රී ල නි පක්‍ෂයත් ඉන්නේ ඔහු සමගයි. 2024ට
දැනට කණ්ඩායම් පහක් ඉන්නවා. පොදුජන පෙරමුණ, සමගි
ජන බලවේගය, විමල්- ශ්‍රී ල නි ප සංධානය, චම්පක
කණ්ඩායම හා මංගල සමරවීර - සුමන්තිරන් සංධානය. ජ වි පෙ මංගල සමග හරි සජිත් සමග හරි
එකතු වේවි. නැත්නම් අන්තිමයා වීම සඳහා චම්පකට තියුණු තරගයක් දේවි.
මංගල සමරවීරට
ඇතැම් සිංහල බෞද්ධ විරෝධී කොටස්
එකතු කර ගන්න හැකි වේවි. එහෙත් මුස්ලිම්
ජනයා එකතු වීමට ඇති ඉඩකඩ ඉතා
අඩුයි. මුස්ලිම් ජනයා දිනාගැනීමට කෙරෙන්නේ ඩීල් දේශපාලනය. ඒ කුමක් වුවත් ඉහත සඳහන්
කොටස් පහ ම 2024
ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් කිසිවකුටවත් සියයට පනහ ලැබෙන්නේ නැහැ. අවුල්
ජාලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
නැවතත් මුස්ලිම් ව්‍යාප්තවාදයට. මුස්ලිම්
සංස්කෘතික ව්‍යාප්තවාදය වැඩි වශයෙන් තියෙන්නෙ මුස්ලිම් නොවන රටවල. බංග්ලාදේශයේ හරි
පකිස්ථානයේ හරි මුස්ලිම් කාන්තාවන් අදහන්නේ ඉස්ලාම් ආගම නොවෙයි ද කියල අහන්න
හිතනෙවා. ප්‍රංශය නවසීලන්තය වගේ රටවල ලංකාවෙ තරම් මුස්ලිම් සංස්කෘතියක් දකින්න
නැහැ කියනවා.
ප්‍රංශය බුර්කාව තහනම් කරලා. දැන් කවුරුන්වත් ඒ
තහනමට විරුද්ධ ව අර කෝකටත් යන ජෙනීවා ගියේ නැහැ. අප තහනම් කරන්න හදනවා කිවුව
විතරයි මෙන්න සමහරු ජෙනීවා යන්න හදනවා. බටහිරයන් කියන්නෙ තමන් බුර්කා තහනම් කරන්නෙ
රටේ ආරක්‍ෂාව ගැන හිතල කියල. අප එංගලන්තෙන් ඇතැම් දේ ඉගෙන ගෙන නැහැ. ඉංගිරිසින්ගෙ
අධ්‍යාපනය අප අනුගමනය කළත් ඔවුන්ගෙ උපක්‍රම අප ඉගෙන ගත්තෙ නැහැ. දැන් පඬි නැට්ටකු
කියන්න බැරි නැහැ මට අවශ්‍ය බටහිර අනුගමනය කරන්න කියා.
අෂ්රොෆ්ගෙ මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයට
ඊනියා බහු සංස්කෘතික බහු බූත කතාවත් උඩගෙඩි දුන්නා. වෙන කිසිම රටක නැති විධියෙ බහු
සංස්කෘතික කතාවක් මෙරට පතුරවන්න පඬියන් පඬි නැට්ටන් වගේම විශ්වවිද්‍යාල ඊනියා
පර්යේෂණ ආයතන, සිවල් සාමාජිකයන, ජඩමාධ්‍යවේදීන් කටයුතු කළා. ඔවුන් බහු
සංස්කෘතික කතාව ප්‍රචාරය කෙළෙ රටක සියලු සංස්කෘතීන් සමාන විය යුතු ය යන අරුතින්.
අද වන විට ඕනෑම රටක් පාහේ බහු සංස්කෘතිකයි. ඒ
විවිධ සංස්කෘතීන්ට අයත් ජනයා ඒ ඒ රටවල ඉන්නවා කියන අරුතින්. එංගලන්තයේ බොහෝ
සංස්කෘතීන් දකින්න පුළුවන්. ඉතා සුළුවෙන් වුණත් සිංහල බෞද්ධ සංස්කෘතියත් දැක ගන්න
පුළුවන්. ඒත් කවුරුන්වත් කියනවා ද ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි සංස්කෘතියට තියෙන
තැන සිංහල බෞද්ධ සංස්කෘතියටත් තියෙන්න ඕන කියල. මා මේ කරුණ නොයෙක් වර කියා ඇති.
එහෙත් ජාතික ව්‍යාපාරයවත් ඒ අදහස පිළිගන්නවා ද කියන එක සැකයි.
ඕනෑම රටක විශේෂිත නැත්නම් ප්‍රධාන සංස්කෘතියක්
තියෙනවා. සමහර රටවල විශේෂයෙන් ම බටහිර රටවල ඇත්තෙ අධිපතිවාදී යම් ක්‍රිස්තියානි
සංස්කෘතියක්. කිසිම රටක සංස්කෘතීන් සමාන තත්වයේ ලා සලකන්නේ නැහැ. එංගලන්තය බහු
සංස්කෘතික කියන්නෙ විවිධ සංස්කෘතීන්වලට අයත් ජනයා එහි වාසය කරන බැවින් මිස සියලු
සංස්කෘතීන් සමාන කියන අර්ථයෙන් නො වෙයි. එංගලන්තයේ කැන්ටබරියේ ආච්බිෂොප්ට හිමි තැන
කිසි දා ලන්ඩන් විහාරයේ විහාරාධිපතීන් වහන්සේට හරි අහවල් නිකායේ සංඝනායක
හාමුදුරුවන්ට හරි ලැබෙන්නේ නැහැ.
ඒත් ලංකාවේ බහු සංස්කෘතික කියන්නේ සියලු
සංස්කෘතීන් සමාන කියන අරුතින්. අද වන විට සිංහලයන්ට කිසිම උත්සවයක් පවත්වන්න බැහැ
ඊනියා සර්වාගමික මෙහෙය නැතිව. මියන්මාහි පෙබරවාරි 4 වැනි දා ජාතික දිනය සැමරීමට නම්
වැඩියෙ භික්‍ෂූන් වහන්සේ පමණයි. මා දන්නේ නැහැ දෙමළ හින්දුන් තම උත්සව සර්වාගමික
මෙහෙයවලින් පටන් ගන්නවා ද කියා. මුස්ලිමුන් තම උත්සවවලදී පන්සිල් ගන්නවා ද කියා මා
දන්නේ නැහැ. ලෝකයේ ම ඉන්නා නිවටයන් සිංහල බෞද්ධයන් වෙන්න ඇති. අසත් සාලිගෙ කතා
සිංහල බෞද්ධයන්ගෙ නිවටකම නිසයි. (මතු සම්බන්ධයි)