සිංහල බෞද්ධ සංස්කෘතික සුවිශේෂත්වය
මෙම ලිපි පෙළ ලිවීමේ අරමුණ මුස්ලිම් ආගම්වාදය (ජාතිවාදය) යනු කුමක් දැයි තේරුම් ගැනීමත් අසත් සාලි වැන්නන්ගේ තර්ජන හා ගර්ජන තේරුම් ගැනීමත්. එහෙත් මෙවැනි ලිපි පෙළකින් එතරම් වැඩක් තියෙනව ද කියන එක ප්‍රශ්නයක්. අද ජනප්‍රිය විනාඩි 15 -– 30 රූහඬ පට ප්‍රචාරය කිරීම හා ඒ නැරඹීම. එය අද ස්වයං රැකියාවක් බවට පත් වෙලා. මා මේ ලිපි ලියන්නේ මූලික ව කාලය වෙබ් අඩවියට. එය මුහුණු පොතේත් පළ කිරීමට කටයුතු යොදා තියෙනවා. චින්තන පර්ෂදය කාලය වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ මුදල් ගෙවීමෙන්.
එය ප්‍රශ්නයක් නොවෙයි. පර්ෂදය ඉතිරි කර ගත්
සුළු මුදලක් තියෙනවා. අප ඒ අතර කාලය මාසික සඟරාවත් පළ කරනවා. එයට නම් වෙළෙඳ
දැන්වීමක් දෙකක් ලැබෙනවා. යම්තම් ගැට ගසා ගෙන යන්න පුළුවන්. එහෙත් ඒ සියල්ල
විසිවැනි සියවසේ මාධ්‍ය කියා යමකුට කියන්න පුළුවන්. විසි එක් වැනි සියවසේ මාධ්‍ය
වී ඇත්තේ අර විනාඩි 15-30 රූහඬ පට. ඒ රූහඬ පටයක අසත් සාලිට ලුණු ඇඹුල් සහිත ව බැන වැදුණොත්
නරඹන්නන් සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්. මේ ලිපිවලට එවැනි ආකර්ෂණයක් නැහැ. ඒත්
දැන් මේ ලිපි ලිවීම මගේ දින චර්යාවේ කොටසක් වෙලා. මේ ලිපි අඩුවෙන් ම කියවන්නේ මහා
සඟ රුවනයි. උන්වහන්සේට මේ ලිපිවල අලුත් දෙයක් නැතිව ඇති.
අප කියා ඇත්තේ වත්මන් මුස්ලිම් ආගමිකවාදය
මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයක් බවත් එය දෙමළ ජාතිවාදයෙන් වෙනස් බවත්. මුස්ලිම්
සංස්කෘතික ව්‍යාප්තවාදය ආරම්භ කෙළේ අෂ්රොෆ් බවත් මුල දී ඔහුට දෙමළ ජාතිවාදය
ආදර්ශයක් වූ බවත් ඔහුත් මුස්ලිම් කලාපයක් වෙනුවෙන් සටන් කළ බවත් කියා ඇති. එහෙත්
වැඩි කල් නොගොස් ම දෙමළ ජාතිවාදීන්ගෙන්
උතුරු හා නැගෙනහිර පළාත්වල මුස්ලිම් කලාපයක් නොලැබෙන බව ඔහුට ප්‍රත්‍යක්‍ෂ වීමත්
සමග ඔහු තම දේශපාලනය මුස්ලිම් සංස්කෘතික ව්‍යාප්තවාදයක් කර ගත්තා.
එහි අරමුණු කිහිපයක් තියෙනවා. මෙරටට මුස්ලිම්
මුහුණුවරක් දීම ඉන් එකක්. එහෙත් ප්‍රධාන අරමුණ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි
විශේෂත්වය නැති කිරීම. එහි දී සිංහල බෞද්ධ විරෝධී සියල්ලන්ගේ සහාය මුස්ලිම්
ආගම්වාදීන්ට ලැබුණා. බටහිරයන්ගේ බහුසංස්කෘතික සංකල්පය මෙරට දී යොදා ගත්තේ හා ගන්නේ
විවිධ සංස්කෘතීන් ඇති ජනතාව වාසය කරන රටක් ලෙස සැලකීමට නො ව මෙරට සියලු සංස්කෘතීන්
සමාන ලෙස සැලකීමට.
නිවට සිංහල බෞද්ධයන් ද තම බටහිර උගත්කමින්
මෝහනයට පත් වී සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂත්වය ඉවත දැමුවේ තමන් විවෘත
මනස් ඇති ප්‍රබුද්ධයන් ලෙස සලකමින්. ඊනියා සර්වාගමික වැඩ සටහන් එහි දී ප්‍රධාන තැනක
ගත්තා. මෙරට ජාතික උත්සව හරි ජාතික වැඩ සටහන් ඇරඹීය යුත්තේ ජාතික සංස්කෘතියට අනුව
මිස ඊනියා බහුසංස්කෘතියක් අනුව නො වෙයි.
මුස්ලිම් විවාහයක් පන්සිල් ගැනීමෙන් ආරම්භ කළ
යුතු යැයි අප කියන්නේ නැහැ. එහෙත් ජාතික උත්සව පන්සිල් ගැනීමෙන් ඇරඹීමේ ඇති වරද
කුමක් ද? එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් දිවුරුම්
දුන්නේ බයිබලයේ අත තබාගෙන. එතන සර්වාගමික කිසි දෙයක් සිදු වුණේ නැහැ. හාමුදුරුනමක්
ඇහැට දැක්කේ නැහැ. වොෂිංටන් අවට හාමුදුරුවරු නැත් ද? සිංහල නිවටයන්ට අවශ්‍ය තමන්ගේ ඊනියා ප්‍රබුද්ධ
මනස විදහා දැක්වීමට පමණයි. ඔවුන්ට ඊනියා ප්‍රබුද්ධ මනස ලැබී ඇත්තේ තකතීරු අධ්‍යාපනයෙන්.
බුදුදහමේ ඇති සහනශීලී බව අප වැරදියට යොදා
ගන්නවා. සහනශීලී කියන්නේ හැමෝටම ඔළුව පහත් කිරීම නො වෙයි. බෞද්ධ සහනශීලී බවත්
තකතීරු අධ්‍යාපනයෙන් ලැබෙන ප්‍රබුද්ධත්වයත් අද එකට එකතු වෙලා. ඒ නිසා තමයි සහනශීලී
බව වැරදි විධියට යොදා ගන්නෙ. මේ රට බුදුහාමුදුරුවන්ට පූජා කරපු රට. එක් වරක්
නොවෙයි කිහිප වාරයක් පූජා කරපු රට. මේ රටේ වෙනත් ආගමික සිද්ධස්ථාන තනන්න ඕන නම්
විශේෂ අවසරයක් ගන්න ඕන කියන එක ඉංගිරිසි
ක්‍රිස්තියානි ආණ්ඩුකාරයාටත් පිළිගන්න වුණා. ඒ 1892
දී. ඒ පිළිබඳ ආඥාපනත ගැන මා කිහිප වතාවක් ම කියා තිබෙනවා. ඒ අතර සැවැත් නුවර
ජෙතවනයේ නිඝන්ඨයන් ආරාමයක් තනන්න ගිය අවස්ථාවේ බුදුදහාමුදුරුවන් ක්‍රියා කළ
ආකාරයත් මා සඳහන් කර ඇති. මේ ගැන යමක් කීමට පළමු පඬි නැට්ටන් එංගලන්තයේ පන්සලක්
හැදීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය විස්තර කරනවා ද?
එහෙම වුණත් ඒ 1892 ආඥා පනත ගැන කිසිම හාමුදුරුනමක්
උනන්දු වන්නේ නැහැ. අද නිරෝධායනය මුවාවෙන් කොවිඩ් 19 ආසාදිතයන් (රෝගීන් යැයි කියමින්)
බටහිර වෙදකම යටතට ගැනීමට 1898 නිරෝධායන ආඥා පනත යොදා ගන්නවා. බටහිර
වෙදකම වෙනුවෙන් ඒ දේ කළාට සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය වෙනුවෙන් 1892
ආඥා පනත ක්‍රියාත්මක කරන්නේ නැහැ. හාමුදුරුවරුනුත් ඒ ක්‍රියාත්මක කරන්න කියා
ඉල්ලන්නේ නැහැ.
අකමැත්තෙන් වුවත් මේ ප්‍රශ්නය අහන්න ඕන. මෙරට
සමාජයීය වශයෙන් වඩා බලවත් හාමුදුරුවරු ද බටහිර වෙද මහත්වරුන් ද? පංච
මහා බලවේගය සඟ වෙද ගුරු ගොවි කම්කරු. මෙහි වෙද කිවුවෙ දේශීය වෙද මහත්වරු කියන එක.
එහෙත් පනස්හයෙන් අවුරුදු හැටපහකට විතර පස්සෙ අපට වෙනත් පංච බල වේගයක් ඇති වී තිබෙන
බවක් පේනවා. (මතු සම්බන්ධයි)