ජාතික චින්තනය හා අප
ඇතැමුන් ප්‍රශ්න කරනවා පසුගිය දා ජනාධිපතිතුමා මාධ්‍ය ගැන සඳහන් කරමින් ජාතික චින්තන කණ්ඩායමක් ගැන කීවේ අප ඉලක්ක කර ගනිමින් ද කියා. ඉතා පැහැදිලිව කියන්න ඕන අප අසත්‍ය ප්‍රචාර නොකරන බවත් අපට කිනම් අර්ථයකින්වත් මහාරාජාලා හෝ චුලරාජාලා හෝ වීමට අනවශ්‍ය බවත්.
එමෙන් ම 2024 ජනාධිපතිවරණයට අපෙන් ඉදිරිපත් වන
අපේක්‍ෂකයකු නැහැ. අප අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒ
අවස්ථාව අනුව අපේක්‍ෂකයන් අතරින්
සුදුස්සකු අප තෝරා ගන්නවා. එහි දී අපේ පදනම වන්නේ කොහොමටවත් කුලය නම් නො වෙයි.
මෙරට ජනගහණ ව්‍යාප්තිය අනුව හා ඉතිහාසය අනුව ගොවිගම කුලයට යම් තැනක් ලැබෙනවා. අපට
එය කොහොමටවත් ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් ඇතැමුනට එය ප්‍රශ්නයක් වී ඇති බව
පැහැදිලියි. සමහරු ඒ හේතුව නිසා ම සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව යනවා.
මේ කුල ප්‍රශ්නය අප පසුව තරමක් දීර්ඝ ව සාකච්ඡා
කරන්න ඕන. එහෙත් එය හිතන තරම් ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් ඇතැම් පුස්වෙඩිලි
විප්ලවවාදීන්ට එය ප්‍රශ්නයක් වී තිබෙනවා. එසේ වුණත් පුස්වෙඩිල්ලත් අවසානයේ දී තෝරා
ගත්තේ කුල අරටවුක් යැයි කියන රනිල් හාමු. රනිල් කුලය ගැන බලනවා ද කියා මා දන්නේ
නැහැ. එහෙත් ඇතැමුන් ඔහුගේ හාමු කම ගැන කියනවා.
පසුගිය ලිපියක මා සඳහන් කළා 2024
ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි අපේක්‍ෂකයන් ගැන. එහි පොදුජන පෙරමුණ ගැන සඳහන්
වුවත් නමින් අපේක්‍ෂකයකු ගැන කිවුවේ නැහැ.
ඒ එවැන්නක ඒ පක්‍ෂයෙන් ඉදිරිපත් කර නැති නිසා. ඒ වන විට මතයක් තිබුණා වත්මන්
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ 2024 ඉදිරිපත් වන්නේ නැහැ කියා. එහෙත්
පසුගිය දා එතුමා කියා සිටියේ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද නැද්ද
යන්න ජනතාව තීරණය කරාවි කියා.
ඉන් කියැවෙන්නේ 2024ට එතුමා ඉදිරිපත් වීමේ හැකියාවක්
තිබෙනවා කියන එක. එමෙන් ම එතුමා කියා තිබුණා තවම තම කාල පරිච්ඡෙදයෙන් මාස 14ක
පමණ කාලයක් පමණයි ගෙවී ඇත්තේ කියා. තව මාස 46ක් තියෙනවා. හුඟක් දේ කරන්න
පුළුවන්. මේ මාස 14
හුඟක් දේ ඉගෙන ගන්නත් ඇති. දැනට ඉන්නා දේශපාලන නායකයන් අතරෙන් වඩාත් ම ජාතිකත්වයක්
ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂටයි.
මා එසේ කී විට බොහෝ දෙනා එකඟ නො වේවි. මා
රාජපක්‍ෂලාට කඩේ යන බවක් කියාවි. තානාපති කම රැක ගැනීමට මා ඕනෑම නිවට වැඩක් කරන බව
කියාවි. මා අවුරුදු තිස්පහක් පමණ කඩේ යනවා. ඒ සිංහල ජාතියට හා සිංහල බෞද්ධ
සංස්කෘතියට. මා ඡන්දය දෙන්නේ මගේ කඩේ යෑමට අඩු තරමෙන් ඉරිච්ච මල්ලක්වත් දෙන අයකුට.
මා එකී ලිපියේ නම් සඳහන් කර ඇති අය ඉරිච්ච මල්ලක්වත් දෙන්නේ නැති බව මා දන්නවා. මේ
තානාපතිකම මට කිසිම වටිනාකමක් නැහැ. මගේ දරුවන් පාසල් යන වියේ දී අවුරුදු දොළහක්
රැකියාවක් නැතිව සිටි මට දැන් දරුවන් රැකියා කරන විට රැකියාවක් මොකට ද? මගේ
අල්පේච්ඡ ජීවිතයේ මා හුඟක් දේ අත්හැර තියෙනවා. අර එකල කොළඹ සුවාදීන සිසුන්ගේ
සාකච්ඡාවට බඳුන් වූ ජපන් කාරයත් දැන් මට
නැහැ.
ජාතික චින්තන කණ්ඩායම කියන්නේ අපට නො වෙයි.
ජාතික චින්තනය කියන්නෙ ගුණදස අමරසේකර බටහිරින් පරිවර්තනය කර ගත් සංකල්පයක්. අප කතා
කෙළේ චින්තනයක් ගැන. එය මගේ ලෝකයේ කියැවෙනවා. සිංහල බෞද්ධ චින්තනය මෙරට ජාතික
චින්තනය ලෙස අවශ්‍ය නම් හඳුනාගන්න පුළුවන්. එපමණයි. එයට එරික් ෆ්‍රොම්ගේ ඊනිය සභ්‍යත්ව
විඥානයවත් ටේරවෝ ලිංගේ ඉන්දියාවේ හා ලංකාවේ බෞද්ධ සභ්‍යත්වයක්වත් මාටින් යක්ගේ
සභ්‍යත්ව රාජ්‍යයක්වත් අවශ්‍ය වන්නේ නැහැ. ජාතික චින්තනයට නම් ඒ සියල්ල අවශ්‍ය
වෙනවා ඇති. ඒ කියන්නේ ජාතික චින්තනයේ යම් විජාතිකත්වයක් තියෙනව කියන එක.
අප ඊනියා බෞද්ධ සමාජවාදයක් ගැන කතා කරන්නේ
නැහැ. බුදුහාමුදුරුවන් ඊනියා සමාජ දර්ශනයක් තියා කිසිම දර්ශනයක් දේශනා කර නැහැ.
දර්ශන කියන්නෙත් දෘෂ්ටි. දිට්ටි. අපේ ගැමියොත් කියනව මළ දිට්ටි ගැන, මේ
මොන දිට්ටයක් ද? කියල අහනවා. දිට්ටි අත්හරින්න දේශනා කරපු
බුදුහාමුදුරුවො අලුත් දිට්ටියක් දේශනා කරාවි ද? සිංහල බෞද්ධ රාජ්‍යය බුදුහාමුදුරුවන්වත් මිහිඳු හාමුදුරුවන්වත්
පිහිටුවපු එකක් නො වෙයි. අශොක රජු අර කන්‍යාවන් සහිත ව අභිෂේකය එවා ඇත්නම් හා
දේවානම්පිය තිස්ස රජු ඒ අභිෂේකය ලබා ගත්තා නම් එහි බෞද්ධකමක් නැති බව නම්
පැහැදිලියි.
සිංහල බෞද්ධ රාජ්‍යය බුදුදහමෙන් පෝෂණය ලැබ මෙරට
ඇති වූ රාජ්‍යයක්. බුදුහාමුදුරුවන් දේශනා කළේ ඒ ඒ පුද්ගලයාට නිවන් සම්මාබෝධ කර
ගැනීමට සුදසු දහමක්. අත්හැරීම එහි දී ප්‍රධානයි. එහෙත් සමාජයේ ජීවත්වන තුරු
අත්හරින්න වෙන්නෙ සීමිත ව. සිංහල බෞද්ධ
රාජ්‍යයක කෙරෙන්නෙ මේ අත්හැරීම හා අත්නොහැරීම අතර යම් තුලනයක් සමතුලිතතාවක්
පවත්වාගෙන යෑම. ඒ සමතුලිතතාව හැමදාමත් එකම ආකාරයෙන් පවතින්නෙ නැහැ. වත්මන්
සමතුලිතතාව අනුරාධපුර සමතුලිතතාවට වෙනස්. රාජ්‍ය පාලනයට වඩා ඇත්තේ රට කරවීම. එහි
දී පාලකයන් භාරකරුවන් වෙනවා. හාමුදුරුවරුන් අරථයෙන් මෙන් ම ධර්මයෙන් ද අනුශාසනා
කරනවා. එයට හාමුදුරුවරු ධර්මය මෙන් ම අර්ථය ද දැනගන්න වෙනවා.
අප ජාතික චින්තකයන් නොවන බව පැහැදිලි කරගන්න
ඕන. කලක් අප ජාතික චින්තනය සමග එකට වැඩ කිරීම නිසා බොහෝ දෙනා අප ද ජාතික චින්තකයන්
ලෙස සලකනවා. ඒ වැරදි වැටහීමක්.