අසත් සාලි හා තානාපති ප්‍රශ්නය
මගේ මුහුණූ පොතේ තැබූ සටහනක් එක් එක් අය තම තමන්ට සාපේක්‍ෂව කියවා ගනු පෙනෙන්නට තියෙනවා. මා තානාපති තනතුරෙන් අස්වීමට තීරණය කළේ ඇයි ද යන්න වැඩ බැරි තානාපති ලිපියේ පැහැදිලි ව කියා තියෙනවා. එක් හේතුවක් මගේ බැරි කම, තවත් හේතුවක් මහා සංඝ රත්නය මා වැනි හැට පිරුණු අය තානාපති සේවයේ යෙදවීම නුසුදුසු බව ප්‍රකාශ කිරීම හා මියන්මා රටට හා තායිලන්තයට බෞද්ධ දර්ශනය ගැන දැනීමක් ඇති අය පත්කළ යුතු බව ප්‍රකාශ කිරීම. කෙසේ වෙතත් මා ධීවරයන්ගේ ප්‍රශ්නය දෙකෙන් එකක් වන තුරු හා බිම්ස්ටෙක් විදේශ ඇමති අතථ්‍ය (virtual) රැස්වීම අවසන් වන තුරු තානාපති ලෙස රැඳී ඉන්න බව සඳහන් කර ඇති. ධීවරයන්ගේ ප්‍රශ්න ගැනත් කියා ඇති. අප මියන්මාහි අදාළ නිලධාරීන් සමග කටයුතු කරන බවත් ඔවුන්ගේ මාර්ගයෙන් ධීවරයන් සමග සම්බන්ධ වීමට උත්සාහ කරන බවත් එක් වරක් දැනට කතා කර ඇති බවත් සඳහන් කර ඇති. අදාළ නිලධාරීන් අපට පවසා ඇත්තේ මියන්මා නීතිය යටතේ ධීවරයන් මියන්මා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වීම ගැන නඩු පවරන බවත්.
අසත්සාලිගේ ප්‍රකාශය කිහිප අතකින් ම බරපතල එකක්. එය ඩීල් දේශපාලනයේ
ප්‍රතිඵලයක්. අසත්සාලි මොන පක්‍ෂයේ සිටියත් මොන ඉස්ලාම් භක්තිකයකු වුවත් ඔහු
දන්නවා මෙරට මුස්ලිමුන් දරණ දේශපාලන බලය.
ඔහු තමා දවටගහ පල්ලියේ සාම්ප්‍රදායික ඉස්ලාම් භක්තිකයකු ලෙස හඳුන්වනවා ඇති.
ඔහුගෙ මල්ලි ඇතැම් බෞද්ධයනට වහාබ්වාදීන් ගැන තොරතුරු සපයනවා ඇති. ඒ හුදු අභ්‍යන්තර
දේශපාලන ගැටුමක් පමණයි.
බාහිර ව මොන ක්‍රමයකින් ඔවුන් සියල්ලන් ම උත්සාහ කරන්නේ මෙරට
මුස්ලිම් බලය තහවුරු කර ගැනීමට. එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී හෙවත් අශ්රොෆ් ක්‍රමයට
කරනවා වෙන්න පුළුවන්. නැත්නම් සහාරාන් වැන්නන් යොදා ගෙන ත්‍රස්තවාදී ක්‍රමයකට
කරන්නක් වෙන්න පුළුවන්. එහි ජාත්‍යන්තර මෙහෙයවීමක් ද තියෙනවා. මේ සියල්ල පරාජය කළ
යුතුයි. එසේ නොකළොත් සිංහල ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ඇති වන්න පුළුවන්. දැනටමත්
විවිධ කොටස් ඒ සඳහා එකතු වෙමින් සිටින බව පේනවා. සිංහල ත්‍රස්තවාදීන්ගේ අරමුණ කෙසේ
හෝ බලය ලබා ගැනීම පමණයි. ඔවුන් ඒ සඳහා විවිධ අවස්ථාවල සිංහල බෞද්ධ ජාතිකත්වය
විකුණා තියෙනවා. ඉදිරියේත් කරාවි. ඔවුන්ගේ ඇති ජාතිකත්වයක් නැහැ.
වත්මන් මුස්ලිම් ආගම්වාදයෙහි (ජාතිවාදයෙහි) මූලිකයා අශ්රොෆ්. දෙමළ
ජාතිවාදී ව්‍යාපාර දෙස බලා තමයි ඔහු තම දේශපාලනය සකස් කර ගත්තේ. ඔහුට වෙන ම රාජ්‍යයක්
අවශ්‍ය වුණේ නැහැ. එහෙත් ඔහුට මුස්ලිම් බලය තහවුරු කිරීමට අවශ්‍ය වුණා. එමගින්
මුස්ලිම් සංස්කෘතික බලවේගයක් රටේ නිර්මාණය කිරීම ඔහුගේ අරමුණ වුණා. ඔහුට එහි දී
විදේශීය මුස්ලිම් රටවල සහාය ද ලැබුණා. ඒ සහාය මුලින් මුදලින් කෙරුණා ද කියා කියන්න
බැහැ. එහෙත් හිස්බුල්ලා යුගය වන විට ඇතැම් රටවල් ප්‍රසිද්ධියේ ම මුදල් මළු මෙරටට
ගෙනාවා.
මේ සිංහලයන් හා මුස්ලිමුන් දහහතරවැනි සියවසේ පමණ සිට සහජීවනය පෙරදැරි
කර ගත් රටක්. කතෝලික පෘතුගීසීන්ගෙන් බස්නාහිර වෙරළබඩ පදිංචි මුස්ලිමුන්ට වද හිංසා
ඇති වන විට ඔවුන් වත්මන් නැගෙනහිර පළාතේ, එනම් රුහුණු රටෙන් කොටසක පදිංචි කරනු ලැබුයේ සිංහල බෞද්ධ රජවරුන්
විසින්. ඉංගිරිසින් විවිධ අවස්ථාවල සිංහල බෞද්ධයනට විරුද්ධ ව මුස්ලිමුන් යොදා
ගත්තා. 1817-18 පළමු නිදහස් සටනට ආසන්න හේතුව වුණෙත්
ඉංගිරිසින් 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම කඩකරමින්
සිංහල නීතිය (ඊනියා උඩරට නීතිය ලෙස පසුව හැඳින්වුණු) අනුව රට පාලනය නොකර මුස්ලිම් නිලධාරියකු ඌව වෙල්ලස්සට පත් කිරීම. 1915 ගම්පොළ සිද්ධිය ආදියත් ඉංගිරිසින් දැනුවත් ව
ඇති කළ දේ. 1915 දී අත්අඩංගුවට පත් වුණේ සිංහල බෞද්ධ
නායකයන්!
ඒ සියල්ල තිබියදීත් සිංහල මුස්ලිම් ගැටුමක් වුණේ නැහැ. පනස්හයේ දී
කඩුගන්නාවෙන් සිංහල මරික්කාර් නමින් ප්‍රසිද්ධ සී ඒ එස් මරික්කාර් පාර්ලිමේන්තුවට
තේරුණේ වැඩිපුර ම සිංහල බෞද්ධ ඡන්දවලින්. එහෙත් අෂ්රොෆ් ඒ සියල්ල අවුල් කළා. 1976 දී ඔහු චෙල්වනායගම් කැඳ වූ වඩුකොඩෙයි
සම්මේලනයටත් සහභාගි වුණා. එහෙත් ඔහුට තේරුම් ගියා වෙල්ලාලයන් ප්‍රමුඛ දෙමළ
ජාතිවාදීන් මුස්ලිමුන්ට උතුර හා නැගෙනහිර එක් කළ ප්‍රාන්තයකවත් බලයක් ලබා නො දෙන
බව. අෂ්රොෆ් උතුරු හා නැගෙනහිර පළාත්වල ඊනියා මුස්ලීම් කලාපයක් ඉල්ලා හිටියා.
ඔහුගේ අනුප්‍රාප්තිකයන් තමයි අද විවිධ කොටස්වලට කැඩී ඉන්නේ. (මතු සම්බන්ධයි)